Translate

Thursday, July 14, 2016

ප්‍රාර්ථනා

ලස්සන තරු දිහා බලන්
                               ඔයාට කවි ලියන්නද
මුළු ලෝකෙට වඩා වැඩිය
                       ඔයාට සෙනෙහෙ දෙන්නද
පිණි මුතු කැට වැටෙන වෙලේ
                             ඔයාට සෙත් පතන්නද
සංසාරෙක පතන් ඇවිත්
                                ඔයාට පණ පුදන්නද


පුර හඳ ඇති නිල් අහසක
                             ඔයාගේ නම ලියන්නද
නොමැකෙන නොමියෙන සෙනෙහස
                              ඔයාගෙ බව කියන්නද
කැලැතෙන මද පවන් දිගේ
                               ඔයාගෙ ලඟට එන්නද
සිසිළස දෙන රෑ පුරාම
                               ඔයාගෙ ලඟින් ඉන්නද

සිරි මහ බෝධිය වැඳලා
                                    ඔයාව මං පතන්නද
සමන් දෙවිඳු කරුණා කර
                                  ඔයාව මතු රකින්නද
පින් සිත් මහිමයෙ සරණින්
                               ඔයාව මට ලැබෙන්නද
මණාලි ලෙස කැන්දාගෙන
                                  ඔයාව එක්ක යන්නද




No comments: