Translate

Saturday, July 16, 2016

සිහිනයකි දෑස් ලඟ 06



••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - හයවන දිගහැරුම - ¥

කෙල්ල හොඳටම බිය වී ඇති හැඩය..ඇකයේ ඔලුව හොවාන මොනවාදෝ කොඳුරයි...සිනිදු අත පය වෙව්ලන අයුරින් ඇය අයියාට කෙතරම් බියදැයි සිතා ගත හැක...

"දැන් මොකද පැංචි කරන්නේ.."

".......ත...තව ටිකක් ඉස්සරහින් බහින්නම් අයියා..." කෙසේ උවත් කෙල්ලගේ අයියාට නම් පින් දීමට අමතක නොකලෙමි..මන්ද තව කෙටි දුරක් හෝ ඇය හා ගමන් කල හැකි බැවිනි...කෙසේ හෝ බස් හෝල්ට් දෙකකින් පමණ පසු ඇය බැසීමට උවමනා බව කියනු ඇත...

"අයියා පැටී මං ඉස්සරහින් බහින්නම්...පරෙස්සමින් යන්න මහත්තයෝ..බුදු සරණයි...."

"මගෙ පැටියත් පරෙස්සමින් යන්න...ගිහින් පුලුවන් උන ගමන් කෝල් එකක් ගන්න..ප්‍රශ්නයක් උනොත් අනිවාර්‍යෙන්ම කියන්න ඕනි හොඳද..."

"හරි මහත්තයෝ...මං බහින්නම්..."
ඇය බස් රියේ දොර අසලට යන තෙක් ම පුන පුනා කීවේ පරෙස්සමින්, බුදු සරණයි යනාදියයි...පුංචි බස් හෝල්ට් එක ලඟින් බැස හීනි දෑස් ලොකු කර මා නොපෙනී යන තුරුම බලා සිටියාය..සිහින් පිණි බිඳුවක් දෑස කෙලවරේ විය...නැවත පැමිණ අසුනේ හිඳගෙන දුරකථනය අතට ගත්තෙමි...
"කෙල්ලට ප්‍රශ්නයක් වෙයිද අයියගෙන්..කොහොමත් බලන් ඉන්න වෙනවා කෝල් එකක් එනකන්..ගත්තොත් ප්‍රශ්නයක් වෙයි තව...ඒත් මැසේජ් එකක් දාලා බලමු....ෂිට් ඒකත් ප්‍රශ්නයක් උනොත්..

දුරකථනය දෙස බලාගත්වනම බලාගෙන බසයේ බොහෝ දුර පැමිණියෙමි..ඉවසාගත නොහැකිම තැන කෙටි පණිවුඩයක් හෝ යැවීමට තීරණය කලේ ඇයගේ බිය වූ දෙනෙත මතක් වීම නිසාමය...

"Where are you? "

කෙටි පණිවුඩයේ වැඩි යමක් දැමීමට නොගියේ දුර දිග සිතා බලාය..පණිවුඩය ගියමුත් තවම ප්‍රතිචාරයක් නම් නොමැත.." සමහර විට අයියා බැන්නද මන්දා..කමක් නෑ ගෙදර ගිහින් හරි මැසේජ් එකක් දායි.."

රථය වේගයෙන් ඇදී යයි..නැවත හිතට සැනසීමක් එනුයේ ඇගෙන් ලැබෙන ප්‍රතිචාරයෙන් පසුවය..කෙසේ වෙතත් ගමනාන්තය දක්වා පැමිණියද කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම හිතට බියක් ගෙම දෙන්නක් විය..බසයේ ගමන හේතුවෙන් ගතේ විඩාවද වෙනදාට වඩා බොහෝ සෙයින් දැනුනි..නැවතුම්පලෙන් බැස කුලී රථයක නැගී නිවෙස බලා ගමන් ගනිමින් ඉවසා ගනු නොහැකි තැනම දුරකථනයට ඇමතුමක් ගත්තෙමි..

"හෙලෝ..." ඉතාමත් සිහින්ව රහසේ මෙන් ඒ හඬ ඇසුනි...

"අනේ මොකද නංගි පැටී රිප්ලයි එකක්වත් නැත්තේ..ගෙදර ආවද..? "
එපමණකි..දුරකථනය ක්‍රියා විරහිත විය.."බැට්‍රි බැස්සවත්ද...බලමු ආයෙ අරන්..." නැවත ඇමතුම හා සම්බන්ධ වීමට ගත් උත්සහයන් ව්‍යර්ථ විය...

"ඔබ ඇමතූ දුරකථනය ආවරණ කලාපයෙන් බැහැරව ඇත.."

"ෂිට්...බැටරි බැහැලා තියෙන්න ඇත්තේ..මං ගත්තම ඕෆ් වෙන්න ඇති...කමක් නෑ පස්සෙ ගනී..."

"අයියේ ඔය ඉස්සරහා ගෙදර..." ත්‍රීවීලරයෙන් බැසගෙන ඔහුට මුදල් දී සියලු විඩා නිවෙන නිවෙස්නය වෙත ඇතුළු උනෙමි...

"ආ ආ මනමාල කුරුල්ලා....ගොඩාක් මහන්සී වගේ ආ...අම්මේ පෙම් අමා දියේ ගිලිලා පෙම් රස වැඩි වෙලා තියෙන පාරට මේකට සීනි අමාරුව හැදිලද..."

"කෑ ගහන්න එපා යකෝ අම්මලාට ඇහෙයි..."

"නැන්දයි මාමයි ගියා බං උඹලගෙ අක්කලා දිහා...පොලිස් බෑණා එන්න කියලා.."

"මොකටද බං උන්ට එන්න බැරිද මෙහෙට..හිටහන්කො අක්කට දෙකක් අමතලාම ඉන්න.."

"පිස්සුද බං, ඔන්න ඔහෙ ගිහින් ආපුවාවේ...දැන් එනවත් ඇති...ඒ දෙන්නත් ආස ඇතිනේ මුණුබුරාවයි පොලිස් බෑණයි පොඩ්ඩක් බලන්න..."
කෙසේ වෙතත් එකම සහෝදරිය වූ අක්කා පොලිස් නිළධාරියෙක් හා සම්බන්ධය ආරංචි වූ වහාම මමත් තාත්තාත් එකෙනෙහිම විරුද්ධ විය..නමුත් ඇය ඇයගේ නිදහස සොයා අපටත් නොකියාම ගොස් දැනට වසර එක හමාරකි..දෙදෙනාගෙන් එක් අයකු හෝ කිසි දිනෙක නිවසට පැමිණියේ නැත..අම්මා නම් ඉඳ හිට යන බව ආරංචි විය..එහෙත් කිසිදු විස්තරයක් මා හා කතා කිරීමට නොපැමිණියේ මා අක්කා සමග කේන්තියෙන් සිටි බැවිනි..

"අපෙ තාත්තටත් ඉතින් මුණුබුරෙක් කිව්වම පොලිස් බෑණලත් ඕනි උනා.."

"ඔහොම තමයි බං ඕනි දෙමවුපියෙක්...ඔන්න බලපන් ටික කාලයක් යද්දී උඹට ඔය පොඩි එකා මාමේ කිව්වම උඹෙ හිත උණු වෙන් නැද්ද කියලා..."

"හ්ම්..."

"ඒක නෙමෙයි කොහොමද උඹේ වස්තුව.....අම්මේ ඉතින් අහනකොටම මූනෙ නරි හිනාව දැක්කම හිතාගත්තැකි..."

"අනේ නිකා හිටහන්...සිරාමයි බං...පට්ට ලස්සනයි..ඇතුලිනුත් පිටිනුත් දෙකෙන්ම ලස්සනයි.."

"අම්ම්පා කියපන්..උඹ ඇතුලත් බැලුවද...? පලවෙනි දවසෙම...ඇ..."

"අනේ මගෙන් කුණු හබ්බ නාහ ඉඳින්...මං කිව්වේ හිත ගැන...ඊයා හලෝ උඹෙ හිතේ කැත.."

"අම්මේ ඉතින්.., කියහන්කො විස්තර ටිකක්.."

" එව්වා උඹට අදාල නෑනේ... උඹට අදාල එකක් කියන්නම්... තරූට ඉන්නවා අඩි හයක් විතර උස පපුව 36කට නොඅඩු රෝමන් රේන්ජ් වගේ අයියා කෙනෙක්..."

"හුටා පලවෙනි දවසෙම බාල්දියක් පෙරලගත්තද..."

"නෑ නෑ බං...බස් එකේ එද්දී පෙන්නුවේ...ඒත් දන් නෑ බං ප්‍රශ්නයක් උනාද කියල නංගට..තවම කෝල් එකක් ගත්තෙ නෑ ගිහින්..."

" එහෙම මොනා වෙන්නද බං...කෝල් එකක් ගනියි පුලුවන් වෙලාවට...උඹ වොෂ් එක දාන වරෙන්..මං ප්ලේන්ටියක් දාන්නම්..."


"මචන්..."

"මොකෝ බං..."

"පෝන් එක දීපන්කෝ.."

"අනේ බං දැන් කී පාරක් ගත්තද...? කොච්චර ගත්තත් වැඩ කරන් නෑනේ..ආ ඉඳා උඹ ලඟම තියාගනින්.."

"අනේ නෑ බං, සමහරවිට අයියට ආරංචි වෙලා ෆෝන් එක අරන් ඇති..ඌ ඔන් කරොත් මගෙ නම සේව් කරලනෙ ඇත්තේ...."

"ආ උඹම තියාගනින්..අපිට කවුරු කෝල් ගන්නද..? අම්මා ගත්තොත් ඇරෙන්න...අන්න පහලට එන්න කිව්වා අම්මා...උඹෙ ඔය ප්‍රශ්න අම්මලට පෙන්නන්න එපා..වරෙන් කෑම එක අත ගාලා හරි එන්න.."

"උඹ යමන්, මං එන්නම් ටිකක් ට්‍රයි කරලා.."
සිත අසරණ වී ඇත...කුමක් කරන්නදැයි නොවැටහේ..දුරකථනයෙන් ඇසෙන්නේ එකම හඬය..එනම් "ආවරණ කලාපයෙන් බැහැරව ඇත" යන්නයි...ආවේගයෙන් යුතුව දුරකථනය ඇඳට දමා කෑම කාමරය වෙත ගියේ අම්මා තාත්තාට මේ සිදු වන දෑ ඇඟවිය නොහැකි නිසාය....

"මොකද පුතේ, ගිය රාජකාරිය හරි ගියේ නැතැයි.."

"අනේ නෑ අම්මා ටිකක් මහන්සියි, නෑවට හරි ගියෙ නෑ.."

"ඔය බත් ඩින්ග කාලා අන්න අර තාත්තට ලිපේ තිබ්බ කසාය එකෙන් ටිකක් බීපන් පුතේ..මං යනවා තාත්තගෙ කකුලෙ තෙල් ටිකක් ගාන්න.."

"ඇයි අම්මා තාත්තගෙ කකුලට මොකද.."

"අද පයින් ඇවිදලා දණිස් කැක්කුම කිව්වේ.."

"ඔය ඕනි නැති ගමන් යන් නැතුව හිටිය නම් ඉවරනේ.." දැන් අම්මගෙ රිදෙන් නැද්ද කකුල්.."

"ඔහෙ මාත් තෙල් ටිකක් ගාලා අත ගාගන්නව පස්සේ" පොඩි එකා දැක්කම සේරම ගිණි නිමුනා පුතේ..."
සිතේ ඇති මානසික ආතතිය වැඩි කමටම පිගාන මේසයේම තබා නැගිට ආවෙමි..අම්මා මා දෙස බලා සිටියේ බොඳ උන නෙතින්‍ ය...

"ඇයි හරකෝ අර විදියට නැගිටලා ආවෙ.."

"තව හිටියා නම් අර පොලිස් බෑණගෙ වර්ණනාව කරනවා..මොනවත් පිට වෙන්න කලින් ආවේ.."

"අඩෝ බං ඒත් අම්මා පව් බං.."

"අනේ ප්ලීස් බං ටිකක් නිදහසේ ඉන්න දියන්..."

"අනේ මන්දා..වරෙන් දුමක්වත් අදින්න.."
තත්පර විනාඩි ගත විය..විනාඩි පැය ගත විය..මද සුලඟේ හඬද දැන් දැන් කරදයක් මෙන් ය..නිහඬ සුසුම් සමග දුම්වැටි කිහිපයක දුමාරය අහස් කුසට මුදා හැරීය...රාජිතට නින්ද ගොසින් ය.. වේලාව බැලුවෙමි, පාන්දර 1 පසුවී ඇත..තවත් පැයක් පමණ බලා නිදාගන්නවා යැයි සිත සනසා සිමෙන්තියේම ඇලවූයේ තවත් දුම්වැටියක් දල්වාගෙනමය...

හමා එන මද සුළඟ
ඈත සිට සිසිළ ගෙන
සසලවයි මගේ හිත
කඳුළ එන නෙතඟ පිස..

ආදරෙන් පිරුන හිත
නුඹේ ලඟ දැවටෙන්න
සිහින ගෙන ආ රැයෙම
සිත අරන් ගිය අරුම..

මතකයන් වද දෙන්න
දුක් ගීය ගයයි හද
බොඳ කරන් මගෙ දෙනෙත
ඇද හැලෙයි කඳුළු නෙක..

"අයියා පැටී"

"ම්ම්ම්"

"ඔයා හරි ලස්සනයිනේ..මීට කලින් මං වගේ කෙනෙක් හිටියෙ නැද්ද.."
.
.
.
ආ මොකද හිනා වෙන්නේ..කියන්න ඉතින්, දැන ගන්න ආසයිනේ.."

"ම්ම් කොහොම කියන්නද...හිටියා පුංචි කාලෙ ඉඳලම..ගොඩක් හැඟීම්බර ගොඩාක් අහිංසක ගොඩාක් ආදරේ දෙන.."
.
.
ඒයි මේ මොකද අඬන්නේ.."

"ඉතින් එච්චර ආදරෙයි නම් ඇයි නැවතුනේ affaire එක.." කඳුළු පිස පිස ඉවත බලාගෙන ඇය ඇසූ දෙයට පිළිතුරු දීමට ඉක්මන් ඌයේම ඇය හඬනා දෑස බලා සිටිය නොහැකි නිසාමය..එහෙත් සිත යට සියුම් ආඩම්බරයක් දැනුනේ මගේ තේරිම ඉතා සාර්ථක බව දැනුනු නිසාය..

"කවුද කිව්වේ affaire එකක් තිබ්බා කියලා...මට කතාව ඉවර කරන්න දුන් නෑනේ පැංචි..."

"එහෙනම්.."

"ඒ වගේ ගොඩාරියක් දේවල් බලාපොරොත්තු වෙන කෙල්ලෙක් මගෙ හිතේ ඇඳිලා හිටියා..ආශ්‍රය කරන ලමයිගෙන් පාරෙ යන එන ලමයින්ගෙන් යාලුවොන්ගෙන් ඒ ආදරේ ඒ බලාපොරොත්තු උන හැමදේම තියෙනවද කියලා ගොඩක් කල් හෙව්වා...ඒත් හම්බ උනේ නෑ...ඒත් ඔයත් එක්ක චැට් කරද්දි ඒ අදහස් ගැලපෙද්දි හොරෙන් හොරෙන් මගෙ හිත මේ මැට්ටි ගාව නැවතුනා..."

"කිව්වට විස්වාස කරයිද මන්දයියේ.. මමත් ආදරේ ගොඩක් අර පරිස්සමට හෙව්වේ...මොකද අම්මි තාත්තිගෙ බලාපොරොත්තු බොඳ කරල රැවටෙන්න මේ කෙල්ල ලෑස්ති නැහැ..ඒත් අද මේ මගෙ ඉස්සරහ ඉන්න අයියා පැටී, ඔයා මාව පලවෙනි බැල්මෙන්ම ඔයාගෙ කරගත්තා..ආයෙ උපදින හැම ආත්මෙකම අයියා පැටී මගෙ වෙන්න ඕනි කියලා ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඉල්ලුවා අයියා පැටී..."

"අනේ මගෙ රත්තරන්..."

"සත්තමයි අයියා පැටී.."
 
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••
 


No comments: