Translate

Monday, July 18, 2016

සිහිනයකි දෑස් ලඟ 10






••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - දහවන දිගහැරුම - ¥

"පුළුවන්ද මගෙ කෙල්ලට තරහ වෙන්න"

"හීනෙන්වත් බෑ මහත්තයෝ.."

"ඒකනේ ඉතිම්...."

"මට බයයි අයියා පැටී...."

"මොනාටද..? "

"අපෙ ගෙදර අය ගැන..."

"හ්ම්....මට කොහොමත් දැන් කැමති වෙන එකක් නෑ..."

"අනේ අයියා පැටී...."

"එහෙම උනොත්....?"

"මං මැරෙයි මහත්තයෝ පපුව පැලිලා..."

"ෂ් ෂ්...මැරෙන කතා කියන්න එපා.."

"ඒත් කොහොමද මගෙ මහත්තයෝ ඔයා නැතුව මං ජීවත් වෙන්නේ..."

"මටත් බෑ...."

"එන විදියකට මූණ දෙමු...ඒත් වෙන් වෙන්න නම් බෑ....එකටම මැරෙමු..."

"දැන් දුක හිතෙන කතා නවත්තමු...."

"ඔව් අයියා පැටී...කෑවද..?"

"ම්ම් ඔව්....කාලා හොඳ ඇලට් එකක් දාන් හිටියේ..."

"අනේ....මේ මැට්ටි නින්ද කෑවාද...?"

"නෑ කෝල් එකක් ගත්ත එක මහමෙරක් වගේ...මගෙ කෙල්ල කෑම කෑවද...?"

"ඕ මහත්තයෝ...."
පැය දෙක තුනකට ආසන්න වන තුරු දුරකථනයේ ඇලී කතා කරමිනි සිටියෙමු....කතාව අවන් වූයේ තරූට කතා කරමින්ම නින්ද යාම නිසාය...ඇමතුම ක්‍රියා විරහිත කරමින්ම නිදි දෙව්දුව වැළඳගත්තේ තරූගේ ඇමතුමෙන් ලද අපරිමිත සතුටින්මය....
උදෑසන අවධිවන විට දහය පසු වී තිබින....නිදි කැට කඩමින්ම දුරකථනය ගෙන තරූට අමතා සාලයට එන විට රාජිත සඳුන් සමග බැරෑරුම් කතාවක නියැලී සිටියේය...

"ආ උඹ නැගිට්ටද...?"

"හ්ම් ඇවිත් ගොඩක් වෙලාද?"

"ටිකක් වෙලා...මං ඇහැරෙව්වෙ නෑ ඉතින්..."

"වරෙන් ලිඳ පැත්තට...."

"දැන් කොහොමද ඇඟට.?"

"අවුලක් නෑ බං....තැලුම් තමයි..."

"මූනෙ නම් පෙම් පාට බේරෙනවා...මොකක්ද රහස..."

"කෙල්ල කතා කරා බං..."

"නෑහ්....ඒක තමා එහෙනම් මේ.... ඉතින් ඉතින්..."
තරූ හා ඇමතුමේ විස්තර සියල්ලම රාජිත හා පවසා සිත නිදහස් කරගනිමින් ඔහුගේ උදව්වෙන්ම මුහුණ අත පය සෝදා ගෙන ගෙට ගොඩ උනෙමු...

"පව් බං උඹලා දෙන්නා..."

"අනේ මන්දා බං...මට කෙල්ල නැතුව නම් ඉන්න බෑ...."

"තේරෙනවා බං...ඒත් උඹලෑ තාත්තා කියනවා වගේ කලු ගලේ ඔලුව ගහගත්තැකීද බං.."

"මගෙ කෙල්ල වෙනුවෙන් ඕනි ගින්දරක් උහුලන්න පුලුවනි බං මට...හරි හරි ඒක අතෑරපන්කෝ...මොනාද අරූ එක්ක කුටු කුටු ගෑවේ..."

"ඒ ගැන තමයි බං...උගෙ පුංචි අම්මා ඕස්ට්‍රේලියාවෙලු...දැන් කස්ටියගෙම කතාව උඹ එහෙ යවන්නලු..."

"පිස්සුද...මට බෑ කොහෙවත් යන්න.."

"මෙහෙ ඉන්න එක උඹට භයානකයි...මං කියන්නෙත් ටික කාලෙකට හරි කමක් නෑ පලයන් කියලා..අම්මලා තාත්තලා මෙව්වා විකුණලා එහෙ යන්න කැමති කරන්ලු අක්කා..."

"එයා මේ ගෙට විදින්න ප්ලෑන් ගහන්නේ..."

"පිස්සුද බං...ඔක්කොම කරන්නේ උඹෙ හොඳට..."

"අම්මටයි තාත්තටයි ඕනි නම් යන්න කියනවා...මං කොහෙවත් යන්නෙ නෑ..එච්චරයි..."

"උඹ විතරක් ඉඳලා කොහොමද... කාත් කවුරුත් නැතුව.."

"ඇයි මට උඹ ඉන්නේ...ඒ මදැයි..."

"අනේ මන්ද බං...ඒත් අක්කා නම් කිව්වේ කොහොම හරි එක්කන් යනවා කියලා..."

"අනේ බම්බු ගහගන්න කියපන්...."

"උඹ හැදෙන එකෙක් නම් නෙමෙයි පසිඳුවෝ..."

"උඹ ගිහින් කියපන් මං කිව්ව දේ..හිටහන් මලක් කඩලා එන්නම්..."

"කෝකටත් කෙල්ල්ගෙනුත් අහලා බලපන්...."

කෙසේ වෙතත් මෙවන් ප්‍රශ්න රාශියක් මැද තරූව තනිකර දමා යාමට සිතක් නොවීය...එපමණ දුරක් ගොස් දෙතැනකට වී සිටීමටද නොහැක..

"අයියා පැටී...."

"ආ....මොකද කරන්නේ...බයෙන් ගත්තේ..."

"ම්ම් අම්මිට අයෙ මේක දෙන් නෑ..."

"ඉල්ලුවොත්...."

"ම්ම් නෑ නෑ..."

"එහෙනම් සෝයිනේ..."

"හී....මේ....මහත්තයෝ....."

"ම්ම් කියන්නකෝ...."

"බඩ්ඩක් දෙන්නකෝ....."

"මොනාද....?"

"අනේ...."

"මොනාද පැංචියෝ....."

"බඩ්ඩක්...."

"ඉතින්...."

"අඬනවෑ....."

"හි හි උම්ම්ම්ම්ම්ම්මා......"

"හොර ගෙඩියා....දන් නෑ වගේ අහනවා....."

"ආ ආ ණයට දෙන් නෑ ඔන්න...."

"නෝටි වෙන්න හොඳ නෑ කොල්ලෝ....."

"පරක්කු වෙන්න පරක්කු වෙන්න පොලිය වැඩි වෙයි ඔන්න....."

"අප්පෝ නපුරා....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්මා......."

"අන්න ඕමනේ ඉන්න ඕනි හොඳ වයිප්ලා....."

"බලන්න ඕනි වගේ....."

"එන්නද...?"

"අම්මෝ....මට අයෙ එලියට එන්න දෙන්නේ නෑ...."

"මටත් බලන්න ඕනිනේ....."

"අනේ ඉතින්...."
 
"මල්ලී...බිසීද ?" අසමින් එතැනට පැමිනියේ අක්කාය...

"ඔව්...පේන් නැද්ද..? කෝල් එකක..."

"කවුද අයියා පැටී..."

"අක්කා...
ඉතින් දැන් කිව්වනේ කෝල් එකක කියලා...." අක්කා දෙස රවා බැලුවේ එසේ සිතාය...එහෙත් ඇය සෙලවූයේවත් නැත...

"අනේ නපුරු වෙන්න එපා අයියා පැටී..මොකද කියලා අහන්නකෝ...මං පස්සේ ගන්නම්..උම්ම්ම්ම්ම්මා....හොඳ අයියා පැටීනේ...තියන්නම්..."

"හ්ම්ම්.....
මොකද....?"

"පාස්පෝර්ට් එක දෙනවා..."

"මං කිව්වානේ රාජිතට...කිව්වේ නැද්ද..මට බෑ කොහෙවත් යන්න..."

"අපි බලන්නේ තමුසෙට හොඳක් කරන්නනේ මල්ලී...බලනවකෝ අර අම්මයි තාත්තයි දිහා...මේ වෙන එව්වා දරාගන්න පුලුවන්ද ඒදෙන්නට...මගෙත් එක්ක තරහ උනාට කමක් නෑ මල්ලි..ප්ලීස් ඒ දෙන්න ගැනවත් හිතන්න..."

"ඇයි ඔයා ඒ දෙන්නා ගැන හිතුවද...?" එසේ කියමින් ඇය දෙස හැරී බැලුවෙමි...ඒ දෑස් වල කඳුළුය..පුංචි කල සිටම අප දෙදෙනා රණ්ඩු වීම සාමාන්‍ය උවද කිසි විටෙක ඇය කඳුළු සැලීම දරා ගත නොහැක...

"මං තව පොඩ්ඩක් හිතලා කියන්නම් අක්කා...."

"හරි...මං යනවා ගෙදර..අම්මවයි තාත්තවයි එක්කන් යන්නේ...සඳුන් ඉඳීවි මල්ලිගෙ තනියට..."

"හ්ම්ම්...පරෙස්සමින්..."

"පුතාව එක පාරක්වත් බැලුවේ නෑ නේද..? අක්කා එක්ක ඒ තරමටම තරහයිද මල්ලී..."
ඒ මුහුණ බැලීමට තව දුරටත් ශක්තියක් නොවිනි..ඒ නිහඬතාවය අතරතුර ඇය ඉවත ගියේ මා හොඳ හැටි දන්නා නිසාය... මව පියාටද වඩා මා වැඩියෙන්ම තේරුම් ගත්තේ අක්කාමය..ඇය ගත් තීරණය පිළිබඳ වඩාත්ම කෝප වූයේ එනිසාමය...කෙසේ වෙතත් අම්මාගෙ කාමරයට ඇදුනේ පොඩි පුතු බැලීමටය...
අක්කාගෙ පැහැය, එලෙසෙම පැවති පුංචි දඟයා අම්මාගෙ අති දෝතටම ගෙන නලලතට හාදුවක් දුන්නෙමි...

"ඕ....මේ මොකද කලේ..."

"මාමට ආදරේටනේ.." අක්කා විත් පුතුව වඩා ගත්තාය... පුතුගේ මූත්‍රා වලින් නැහැවුනු ඇඳුම ගසමින් කාමරය වෙත එද්දී රාජිත සිනා සෙමින් මදෙස බලා උන්නේය...

" මොකද ගෙම්බෝ..බක බක ගාන්නේ..."

"අනේ උඹේ තරහා..."

"කොච්චර උනත් ඇහේ කඳුලක් බලන්න බෑ බං..."

"උඹ අයෙ මල් කඩනවා නම් කියපන්..මම ගෙදරම යන්නම්.තනි රකින්න එස් අයි කෙනෙක්ම ඉන්නවනේ..."

"අනේ පිස්සු කෙලින් නැතුව හිටහන් මෙහෙට්ට වෙලා...අම්මලා ගියාම සෙට් වෙමු...රිදෙනවා බං තුවාල..."

"ආවු ආවු මස්සිනාට සළකන්න වගේ අද ලෑස්තිය..."

"ම්ම් උගෙන් ගමු අද පාටිය...."

අම්මලා නිවසින් පිට වෙද්දී හවස තුන පමණ විය...ඉන් අනතුරුව රාජිත හා සඳුන් සමග කාමරයේම මධුවිතක් තොල ගෑවේ සඳුන් හා මිත්‍ර වීමටද උවමනාවක් තිබූ හෙයිනි....

"තෑන්ක්ස් මල්ලි...මං හිතුවේ නෑ මල්ලි මා එක්ක කතා කරයි කියලා.."

"හැමදේම වෙන්නෙ හොඳටයි කියනවනේ...නැද්ද පසිඳුවෝ...."

"හ්ම්ම් මේ පාර නම් හොඳටම උනා....ඉන්න බෑ කැක්කුම් බං රෑට..."

"ඩ්‍රින්ක්ස් ගන්න හොඳ නැහැ....තුවාල වේලෙන්න කල් යනවා..."

"ඔන්න ඔහෙ අද විතරනේ....ඒක නෙමෙයි සඳුන් මට දෙයක් දැනගන්න ඕනි..."

"මොකක්ද මල්ලි...."

"ඔයාට විස්තර හොයලා දෙන්න පුලුවන්ද තරූගෙ කේස් එක ගැන..."

"තරූ කිව්වේ...ආ මල්ලිගෙ අර ගර්ල්ද....? ඒ ගැන දැන් හාරා අවුස්සලා වැඩක් නෑ...සල්ලි දුන්නා ඉවරයි...."

"එතකොට නීතියක් කියලා එකක් නැද්ද...අහිංසකයොන්ට තලන එකද නීතිය..."

"මේකනේ රාජිත මල්ලී...සල්ලි ඇති තැන පොලීසිය අසරණයි...අනික හොඳටම දන්නවනේ කැබිනට් ඇමති කෙනෙක් ඔය කෙල්ලගෙ මාමා...

තරමක් උස් හඬින්ද පහත් හඬින්ද, විටෙක කෝපයෙන්ද යුතුව තිදෙනා අතර කතා බහ ඉවර වන විට බොහෝ රෑ බෝ වී තිබුනි....ඒ අතරතුර සඳුන්ටද තරමක වෙරි සොභාවයක් දක්නට වීම නිසා එය එතැනින් අවසන් කර දැමීමට යෝජනා විය....

"මල්ලිට ඕන් නම් හෙටම ඒ කේෂ් එකේ ෆයිල් එක ගෙනැත් දෙන්නම්.... Oh yes...i can do that..... Believe me...."

"හරි ඒක පස්සෙ බලමු...සඳුන් දන්නවද හැරී ජයවර්ධනගේ මහ ගෙදර...."

"ඒ පාර උඹ මොකාටද එන්න හදන්නේ..."

"හිටපන්කො ටිකක්...සඳුන් දන්නවද...?"

"ඕ යෙස්....."

"යමුද...?"

"ඕ.........කේ...."

"උඹට පිස්සුද බං...මේ යකා වෙරි මතේ කියෙව්වට වැඩ්ඩො වගේ එහෙ යන්න...මැරෙන්න ආසද...."

"මට කෙල්ලව බලන්න ඕනි බං...."

"ඒත් දැන් කොහොමද යන්නේ කියපන්කො..."

"මේ ඉන්නේ එස් අයි මහත්තයා....පොලිස් කේස් නෑනේ...කාර් එකේ යමන්..."

"ඈ ගවයෝ....ගිහින් මාමේ මාමේ කියලා දොරට තට්ටු කරන්නද...?"

"ගේ ලඟට හරි යමන්කෝ ඉතින් බං...."

"ඔය ඉතින්..අඬනවනේ උඹල...."

"අයෑම් රෙඩි....ලෙට්ස් ගෝ....." කියමින් සැමටත් කලින් නැගිට්ටේ සඳුන්‍ ය.....කෙසේ කොහොම වූවත් ඇයව දැක ගැනීමේ ආශාව පෙරදැඩිව රාජිතද කෙසේ හෝ කැමති කරවා ගත්තෙමි......

"හරි යමන්කො එහෙනම්....චාටර් වෙන වැඩ බෑ හරී....."

"අම්මේ මේන් වැන්දා......යමන්කෝ...."

"අරූගෙන් යතුර ඉල්ලලා දියන්..ඌ drive කලොත් නතර වෙන්නේ ජයරත්න එකේ...."


කිසිදු අවහිරතාවයක් නොපැමිණි නිසා වාහනය ඉක්මනින්ම හැරී ජයවර්ධනගේ නිවස අසළට සේන්දු වන්නට හැකි විය....සඳුන් පිටුපසට වී හොඳ නින්දකය...

"අම්මාහ්...බලහන්කො ගේ..තට්ටු දෙකයි, වටේම තාප්පේ, ගේට්ටුවේ ලොකු බලහන්කෝ...සිරාම උඹ නම් හෙනම ලකී...මේ වගේ ගෙවල් කීයක් නම් ඇද්ද...දැන් උඹ මොකද කරන්න යන්නේ.....මචන් මාට්ටු උනොත් නම් ඉවරයි ඇ..."

"ඕවයෙ ආසාවක් නෑ බං මට....ඔක්කොටෝම කලින් කෙල්ලට කෝල් එකක් ගන්න ඕනි...බැල්කනියට ආවත් දකින්න හරි පුළුවන්නේ..."

"හ්ම්ම්....කතා කරගන්න දෙයක් කතා කරගනින්..මං කා(ර්) එක එවරෙඩි වගේ තියන් ඉන්නම්....."

දුරකථනයෙන් තරූව ඇමතීමට උත්සහ කලේ සැබවින්ම ඒ රුව ඈත සිට හෝ දැකගන්නට හැකි වෙතැයි සිතමිනි...

"මොකද අයියා පැටී මැසේජ් එකක්වත් දැම්මේ නැත්තේ....මං බය වෙලා හිටියේ..."

"ඕහ් අනේ සොරි පැටියෝ.....මං පොඩි කතාවක හිටියේ රාජිත එහෙම එක්ක...ඒක නෙමෙයි දැන් මං කොහෙද ඉන්නේ කියලා කියන්න පුලුවන් නම්..."

"ෂුවර් එකටම ගෙදර නම් නෙමෙයි...."

"ම්ම් හරි....."

"එහෙනම්......ම්ම්ම්....... අනේ මගෙ සුදු, රත්තරං මැනිකනේ...කියන්නකෝ අගේ නැතුව..."

"ආ ආ...කෙල්ල බටර් ගාන්නත් දන්නවා නේහ්..."

"අනේ ඉතිම්...."

"මං ඉන්නේ මගෙ අනාගත මාමණ්ඩියගෙ ගෙදර ලඟ.....පාරේ..."

"අනේ....ඔය ඇත්තමද අයියා පැටී....."

"ම්ම් ඔව්...බැල්කණියට ආවොත් සමහර විට මාව පෙනෙයි...."

"ඕම ඉන්න..."
ක්ෂණයකින් ඇය බැලකණියට පැමිණියාය...උඩු මහලේ ඇයගේ කාමරය තිබෙන්නට ඇති වග සිතුනි.....

"මට ඔයාව පේනවා....."

"අනේ මං තාම දැක්කේ නෑනේ...."

"ඉන්න මං පාරෙන් එහා පැත්තා යන්නම්....
දැන් පේනවද....?"

"පේනවා අයියා පැටී....තැන්කිව්...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා......මොකේද ආවේ ආ.."

"මස්සිනාගෙ කා(ර්) එකේ....ඇතුලට එන්නද...?"

"අම්මෝ.....මාව මරයි..."

"මෙහෙම බලලා මදිනේ...."

"ඒත් අයියා පැටී....watchman ලා දහතුන් දෙනෙක් ඉන්නවා..ඉස්සර හිටියෙ තුන් දෙනයි....මොකටද කරදර දාගන්නේ අයියා පැටී.....පස්සෙ බලමුකෝ...."

"ඒත්...මෙච්චර ලඟට ඇවිල්ලත්...."

"තේරෙනවා මගෙ දෙයියෝ....ඒත් situation එක වෙනස්නෙ දැන්...."

"ආදරෙයි මැණික....පුළුවන්කමක් තිබුන නම් දැන්ම ඔයාව අරගෙන යනවා.."

"මාත් ආදරෙයි අයියා පැටී....මේ මුලු ලෝකෙටත් වැඩිය....ඔයාව ඕනි මට....ඒකයි...."

"හරි......ප්ලීස් අඬන්න එපා රත්තරන්...මටත් අඬෙයි...ප්ලීස්...."

"ඇඬෙනවනෙ ඉතින්....මං මොනවා කරන්නද..? ඇස් පියන් රිදුනත් මං ඔයා දිහා බලන් ඉන්නේ..."

"මං දන්නවා පිස්සියේ....දැන් නාඬා ඉන්නකෝ..."

"බඩ්ඩක් කියන්නද...."

"ම්ම්ම් කියන්නකෝ......"

"ඔයා සරමට හරි ලස්සනයි...."
හුටා....සරමක්ද ඇඳන් ඇවිත් තියෙන්නේ....නොදකින් ඒකවත් මීටර් නෑනේ...

"මොකෝ.....කොල්ලට ලැජ්ජ හිතුනද..."

"නෑ ඒක නෙමෙයි......"

"ඒනම්....."

"මමත් කියන්න ගියේ....ඔය පිජාමා එකට ඔයත් හරි හැඩයි කියලා..."

"ඔන්න ඔන්න බොරුත් කියනවා අයියා පැටී....ආවා කියලා කිව්වම ඇඳන් ඉන්න එක ගැනවත් මතක් උනේ නෑ...ඒමම දුවන් ආවා හ්ම්...."

අම්මෝ ඇති යන්තන්....වෙරිත් හිඳුනා...ෂිට් අයෙ නම් බොන් නෑ...

"මොකෝ ගොළු වෙලා....අනේ ඇත්තමටම කිව්වේ මගෙ කොල්ලා ගොඩාක් ලස්සනයි..."

"කාටද ආඩම්බරේ ඉතින්...."

"හි හි මේ පිස්සිටනේ....."

"මේම කතා කර කර ඉන්න තියේ නම් හැමදාම...."

"අනේ අයියා පැටී...මං ආසා නෑ ඔයාට වද දෙන්න...අනික මේ අහන්නකෝ...කවුරු හරි දැක්කොත්...ඒක දෙන්නටමනේ පාඩු...."

"කතාව ඇත්ත....ඒත් නොබලා ඉන්නේ කොහොමද දෙයියනේ..."

"තේරෙනවා මගෙ අයියේ....බලමු අපි විදියක් ඒකට....දැන් යන්න ගෙදර....."

"ඉතින් ඔහොම දුකින් කිව්වාම යන්නේ කෝමද...."

"අනේ.....යන්න දැන් රත්තරන්..... උම්ම්ම්ම්ම්මා....ආදරෙයි මැටි අයියා පැටීට..."

"ම්ම් මමත් ආදරෙයි...උම්ම්ම්මා...යන්නම්..."

"යන්නම් නෙමෙයි....ගීන් එන්නම් කියන්න..."

"ගිහින් එන්නම් පණ..."

"ගියපු ගමන් කෝල් එකක් දෙන්න හරිද....? අමතක නොකර...පරෙස්සමින් යන්න..."

"හ්ම්ම්....පරෙස්සමින් මගෙ පැංචිත්...බායි......"

වට පිට හොඳින් බලා ඇයට අත වනා නැවතත් වාහනයට පැමිණියෙමි....

"ඒ ඇහැරපන් බං...එවරෙඩි වගේ කිව්ව එකා මෙහෙම දොරත් ඇරන්ම නිදි..."

"අම්මට සිරි....පොඩ්ඩක් නින්ද ගියා බං....කිසි අවුලක් නෑනේ.."

"ම්ම් අවුලක් උනා නම් ජයරත්න එකේ තමයි ඉන්න වෙන්නේ.....උඹ ජොලියෙ නිදි...."

"යකෝ හරි වැඩක්නේ උඹලා මල් කඩයි...අපි පොල් කඩන්නද පාන්දර දෙකයි බස්සෝ වෙලාව..."

"හරි හරි යාලුවෝ උනාම ඕම කට්ට කන්න ඕනි හොඳට...යමන් යමන් ඉක්මනට..."

 
(සියලු නම් ගම් මනක්කල්පිතයි)
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••
 


No comments: