Translate

Thursday, July 14, 2016

සිහිනයකි දෑස් ලඟ 01

•••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••
¥ - පළමුවන දිගහැරුම - ¥


දෑස් අඩවන්ව තිබුනත් නිදි වර්ජිත රාත්‍රිය අහවර කරමින් නැවුම් ප්‍රබෝධයකින් දෑස් පෙති විවර කර බැලිමි..වෙලාව 4.30ය..
"ෂිට් මේ වෙලාව යන්නැති හැටි..." සිතින් මුමුනාගත්තෙමි..නිදි වර්ජිතව රාත්‍රිය ගෙවූවත් කිසිදු තෙහෙට්ටුවක් නොදැනින..ඒ සිතේ ඇති වී තිබූ අශාවන් හා නිර්මල හැඟුම් නිසාමය..පහන් බුබුල දල්වා සාලය හරහා සෙමින් මුළුතැන්ගෙයට වැදී ශීතකරණයෙන් වතුර බෝතලය රැගෙන නැවත කාමරයට වැදුනි..
"රාජිත තවමත් නිදිය..තවම එලි වීමට වෙලා තිබේ..පොරවාගෙන සිටි bed sheet එක පය පාමුලය.. රාජිත මා සමග එකට වැඩ කරන පාසල් අඹ මිතුරාය..දෙදෙනම එකම පාසැලේ එකම විශය හදාරා එකම ආයතනයක වැඩ කරන බැවින් බොහෝ දින වල නවාතැන් ගන්නේ අප නිවසේමය..
අභ්‍යන්තර ඉන්ද්‍රියන් කුල්මත් කරමින් මුවින් ඇතුල් උනු ජලය කුසට යනතුරු දැනුනි...බෝතලයෙ වතුර ටිකක් ගෙන මුහුණේ තවරාගනිමින් ජංගම දුරකථනය අතට ගතිමි.. "තවම නිදි ඇති මැටි කෙල්ල.. දුරකථනයෙහි තිරය නිවා දමා නැවත සයනයෙහි වැතිර ගතිමි.. "හ්ම් අද මගෙ හීනේ සැබෑ වෙනවා..පලවෙනි වතාවට ඔයාව දකින්න එනව මම තරු පැටියෝ...නිදි නැතුවම මේ හීනේ ඇස් දෙක ඇරගෙන බලන්න මං එනවා..
"තරුෂි..සිතේ, හදවතේ දෝන්කාර දෙන නාමය..මින් මාස තුනකට පෙර මුහුණු පොතෙන් හඳුනා ගත් ඇය, තවමත් දෙදෙනාට දෙදෙනා දැක නොතිබුනද දෙමසකට පෙර අප හදවත් යා වූ අයුරු.. ""ඔයා මගෙ හදවතේ ඇඳිලා ඉන්නව රත්තරන් අයියේ..මගෙ හිතේ තිබුනු රූපේ ඔයාම වෙනවා ඔන්න බලන්නකෝ..""
"එහෙම කොහොමද තරූ පැටියො ඔයා කියන්නේ.."
""මං හිතන පතන විදිය,මගෙ husband වෙන්න ඕනි හැම ගතිගුණයක්ම මට ඔයාගෙන් දැනෙනවා පසිඳු අයියේ.."
"අනේ මංදා තරූ පැටියෝ මටත් ඒකම දැනෙනවා..වෙලාවකට මට ඔයා නැතුව ඉන්නම බැරි වෙයි කියල හිතෙනවා..තව වෙලාවක ගොඩක් ලොකු බයක් දැනෙනවා.."
"ඇයි බය..?"
"මං එච්චර ලස්සන නෑනේ නංගෝ..? මට සල්ලිත් නෑ.."
"මට භාහිර ලෝකයෙන්වත් භාහිර පෙනුමෙන්වත් වැඩක් නෑ අයියේ.ඔයාට මාව දැනෙනව නම් ඒක තේරෙන්න ඕනිනේ..මට සල්ලි ඕනිම නෑ.ඔයා විතරක් උන්නම ඇති..බඩගිනි උනොත් කන්න තියෙන්නේ ඔය.."
"ආහ් කෙල්ල මාව කන්නද හදන්නේ..නැන්දම්මා ගහයි කොස්සෙන්.."
"ම්ම් මේ අයියේ.."
"ම්ම්ම්ම්ම්"
"මං ඔයාලගෙ අම්මි ගාව නිදාගන්නෙ ඇ.."
"එහෙනම් අපෙ අම්මව බඳින්න.."
"අනේ මැට්ටෝ...තරහයි මං.."
"තරූ පැටියෝ..."
"මොකද..?"
"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.."
"කපටියා...කපටිම කපටියා.."
"අපි හම්බ වෙන්න කාලෙ හරි කියල හිතෙන් නැද්ද පැංචියෝ.."
"ම්ම්.......
"ඒයි හාල් පෙන්දෝ...යකෝ....බූරුවෝ....නැගිටපන්....එලි වෙලා යකෝ..දහයයි වෙලාව &$&)#....


•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••

For Next Part :  http://sapugeadawiya.blogspot.com/2016/07/02.html



No comments: