Translate

Thursday, July 14, 2016

සිහිනයකි දෑස් ලඟ 02

•••••••••••••••••••••••••••

•••••••••••••••••••••••••••

සිහිනයකි දෑස් ලඟ

¥ - දෙවන දිගහැරුම - ¥

"ම්ම් අම්මට හුඩු..එච්චර වෙලා ගිහින්ද බං.." කඩි මුඩියේ නැගිට දත් බුරුසුව රැගෙන ලිඳ ලඟට දිව ගියෙමි.."
"හිරු එළිය යාන්තමින් දෑස රිදවමින් නැගෙන අතර තුරේ බාදියද හඬවමින් ඉක්මන්කර නාගත්තෙමි..තුවාය පිටින් කාමරයට එන මා දෙස බලා සිනා සෙන රාජිතට පෙනෙන්නටම තුවාය ගලවා දමා ඩෙනිමක් හා ටී ෂර්ට් එකක් දමා ගත්තෙමි...
"ආ මේ තේ එක බීපන්.."
"ඕක බිබී ඉන්න බෑ බං වෙලා ගියා..තරූ භය වෙයි.."
"අනේ ඇට්ටිම්බෝ තවම වෙලාව හතයි..ඔක්කොටෝම කලින් යටට ඇඳපන්.."
"හුටා හදිස්සියට ඒකත් අමතක වෙලා.....නෑ පල ඩෝ යන්න මට එහෙම අමතක වෙන් නෑ.." සෝදිසි කර බලමින් කීවෙමි... "ඇයි මෙහෙම ගොන් පාට් දාන්නෙ උදේ පාන්දරම...බලපන් හරියට නෑවෙත් නෑ.."
"ආ උඹගෙ රූප සුන්දරී එන්න කිව්වෙ ඉස් ඉස්සෙල්ලාම උඹව ඉඹින්නද..?"
"ඇයි ? ඉඹින්න තමයි..උඹට ජෙල නේද..?"
"අනේ නිකා හිටහන් උඹෙ රූප සුන්දරී කොහෙද අර ඉතියෝපියන් ඉස්ටයිල් එකේ උනොත් නම් ඉඹී.."
"හා හා උඹට අදාල නෑනේ.."
"ඇ බං..සිරාවටම අහන්නේ.ඒ කෙල්ල ඉතියෝපියාවෙ කෑල්ලක් වගේ උනොත් මොකද කරන්නෙ.."
"අනේ මන්ද බං..මොනව උනත් මං තරූට ආදරෙයි.එයා කොහොම උනත් කොහොම හිටියත් මට කමක් නෑ..ඒත් බය තියෙන්නේ මේ වඳුරු රූපෙට එයා අකමැති වෙයිද කියල.."
"පිස්සුද බොට..උඹෙ ඇති අඩුව මොකක්ද..ඔය ඇස් දෙකෙන් කෙලින් බලපන්..ඔය ඇස් දෙකට ඕනිම කෙල්ලෙක් වැටෙනවා..ඒත් එකක් කියන්නම් හොඳට අහගනින් ඔය එෆ්බී කෙල්ලො විස්වාස කරන්න බෑ.මං දන් නෑ උඹෙ කෙල්ල කොහොමද කියල ඒත් උඹේ අම්මටයි තාත්තටයි අවනම්බු වෙන කෑල්ලක් නම් ඇඟේ ගහගන්න එපා.."
"නෑ බං එයා හොඳ කෙල්ලෙක්..මං දන්නවා..ඒත්..?
"ඇයි..?"
"මට පේන විදියට සල්ලි කාරයෙක්ද කොහෙද බං.."
"අනේ මන්ද..ඕනි ගේමකට මේ රාජිතයා ඉන්නවා..ගිහින් වරෙන් ෂේප් එකේ..ඔය හැඩ උනා මදැයි..පරෙස්සමින්..බුදු සරණයි.."
"මං යන්නම් බං..වෙලා යනවා..අම්මට මොකක් හරි කියපන්..කෑම කාපන් එලියෙ එහෙම යනවා නම් තාත්තට පත්තරේ ගෙනැත් දීපන්.මං එන වෙලාවක් කියන්න බෑනේ.."
"හරි හරි උඹ ගිහින් වරෙන්.ආ මෙන්න මේක තියාගනින්.." රාජිත මා අත තැබුවේ රුපියල් දෙදහසේ නෝට්ටුවකි..
"පිස්සුද බං එපා එපා මං ලඟ තියෙනවා.."
"කෙහෙම්මල මෙන්න මේක තියාගනින්..කෙල්ල සල්ලි කාරයෙක් උනාට කමක් නෑ first meeting එකේදී කොල්ලා වියදම කරන්න ඕනි...වැඩි වියදම් නොවුනොත් ඕක මට ගෙනැත් දියන්.."
"තෑන්ක්ස් බං.."
"අනේ උඹේ අහවල් එක..
කොහෙටද දැන් එන්න කිව්වේ.."
"උදේට කියන්නම් කිව්වේ..මං කෝකටත් ටවුන් එකටම ගිහින් කෝල් එකක් ගන්නවා..පට ගාලා ගියෑකිනේ.."
"හ්ම් හරි පරෙස්සමින් ගිහින් වරෙන්.බස් එකේ ටවුන් එකට යන්නෙපා බං දැන් සෙනග වැඩි...රුපියල් සීයනේ ඔන්න ඔහෙ වීල් එහෙක පලයන්.."
"හරි මං ගිහින් එන්නම් බං.."
"රාජිතගෙන් සමුගෙන පාරට පැමිණ ත්‍රී රෝද රථයකට ගොඩවෙමින් දුරකථනය අතට ගත්තෙමි.....


•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••

For Previous Part : http://sapugeadawiya.blogspot.com/2016/07/01.html
For Next Part : http://sapugeadawiya.blogspot.com/2016/07/03.html


No comments: