Translate

Monday, July 25, 2016

සිහිනයකි දෑස් ලඟ 15

•••••••••••••••••••••••••••
       සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••

¥ - පහලොස්වන දිගහැරුම - ¥


නුපුරුදු පරිසරයක උණුසුමත් සමග කුරුල්ලන්ගේ ගීත හඬ මැද පිබිදී හොඳ නින්දක සිටි රාජිතවද කෙණිත්තුවේය.....

"ඌයි යකෝ....නිදා ගනින්කෝ වද නොදී..."
"උදේ වෙලා බං...මාර ලස්සනයි එලිය....." ජනේලයෙන් හිරු උදාව දැක ගනිමින් කීවෙමි...
"තව ටිකක් නිදියමු බං....."
"අපෝ කුම්භකරණයෝ නැගිටපන්කෝ...." ඔහු පොරවාගෙන සිටි ශීට් එක ඇද දමමින් නැගිට ගතිමි..
"අනේ බං....." ඈනුමක් අරිමින් මුහුණ පොඩි කරමින් නැගිටගත් රාජිතවද ඇදගෙනම එලියට පිවිසියෙමි....
සිසිල් පිණි කැටත් සමගින් ඇදී එන මද සුළඟේ පහස ගත පුරා වෙලෙන්නට විය.. කඳු අතරින් හොරෙන් එබී බලමින් මෙන් සිටින හිරුගේ කිරණින් ලැබෙන සුවය නගරබදව ලබා ගත නොහැකිය...
"පට්ටයි නේද...?"
"හ්ම්ම්ම්.........නිදිමතයි යකෝඕ...."
රාජිත ඈලි මෑලි ගතියකින් එසේ කියද්දිම රාජිතගේ නැන්දා පැමිණියාය..
"ආ පුතාලා නැගිට්ටද...?"
"ඔව් නැන්දෙ...ඇහැරුනා උදෙන්ම.."
"පුංචි කාලෙ දැක්කට පස්සෙ මේ තමයි දකින්නේ...ඒ ටිකට කොල්ලා ඉළංදාරියෙක් වෙලානේ....."
"හි හි...."
"අර දරුව නම් තවම නිදි වෙන්ටැ මයෙ හිතේ..."
"ඔහෙ නිදාගත්තාවෙ නැන්දේ.... අපි ආව එක කරදරයක්ද දන් නෑ නැන්දලට...."
"මොන කරදරයක්ද පුතේ..පුතාලට ඕනි කාලයක් මෙහෙ හිටියැකි...මගෙ අකමැත්තක් නෑ..මේකෙ එකෙක්වත් මොකුත් කියන්න එන්නෙත් නෑ...අහිංසක පවුල් ටිකක් මේකෙ ඉන්නේ...මහ මනුස්සයා නැති උනාට පස්සේ මෙව්වා නිකන්ම කැලෑ වෙලා යනවා....කෙල්ලො දෙන්නව දීග දෙන්න පනම් හත අටක් හොයාගන්න තිබ්බ කුඹුරු කෑලි ටික අඳේට දීලා ලොකු එකා ගියා කොළඹ රටේ....මෙව්වා තනියම බලා ගන්න මට බෑ පුතේ..."
"ඒ ගැන බය වෙන්නෙපා නැන්දේ...මං ආවනේ....මං බලාගන්නම්...." රාජිත කීවේය...
"අනේ උඹලට දැන්වත් අපිව මතක් උනානේ....උබලෑ අම්මට එන්න අමාරුයි කියපල්ලකෝ... උඹට මෙහෙ එන්න අමතක වෙච්චි එකනේ වැඩේ..."
"අනේ නැන්දේ රස්සාවෙ වැඩත් එක්ක හිර වෙලා හිටියේ...." ඔලුව කසමින් රාජිත ඇඹරෙයි...ඔහුව ගලවා ගැනීමට ප්‍රශ්නය වෙනතකට හැරවීමට,
"නැන්දෙ ලිඳක් නැද්ද..? මූණ ටිකක් හෝදගන්න...."
"ආන් පුතේ එහා පැත්තෙ අපෙ ලිඳ තියෙනවා... එහෙම නැත්තන් ඕන් ඔය පාරෙ අඩියක් දෙකක් ඉස්සරහට යන්ටකෝ... වතුර පාරක් යනවා ඇලේ..."
"ෂා මරුනේ....එහෙනම් නාගෙනම එමුද බං...."
රාජිත මා දෙස ඔරවා බලා "හ්ම්ම්" හඬ තැබුවේ සිය නැන්දනියගෙ චෝදනාවෙන් මග හැරීමටය...
එද්දී රැගෙන ආ බඩු අතර සනීපරක්ෂක භාණ්ඩ තිබීම නිසා පහසු විය...බුරුසුව හා දත් බෙහෙත් එකද රැගෙන ඇඳුම් ද ගෙන ඇල කරා ගමන් කලේ රාජිතගේ බැණුම් වලින් දෙසවන් පුරවා ගනිමින් ය..
"මේ උදේ පාන්දර නාන්නෙ මොක්කුද බං...බලපන් සීතල.."
"කොහෙද, අවුරුද්දට එක පාරක් නාන එකෙක්ට තේරෙන් නෑ කියල දුන්නට..."
"අනේ අර නැන්දා හිටියෙ නැත්තම් මං මිරිකනවා බොගෙ බෙල්ල... මං මූණ හෝදන් යනවා...උඹ නාපම්.."
"ඊයා යකෝ බස් එකේ ඇවිත් ඇඟේ ජරාව.."
"දවල්ම නානවා බං... අර තියෙන්නේ බං......"
"අඩෝ හිතුවට වඩා වතුර තියෙනවනේ...ගහගෙන යයිද දන් නෑ..."
"උඹම නාපන්...මේක දැක්කා කියනේ නෑවා වගේ තමයි...වරෙන් දුමක් ගහලම නාමු..."
"උඹ එව්වා මේටත් ගෙනාවද....ඔවු බං...මෙහෙ තියෙන්නේ බීඩී..."
"ආහ්...උඹ කොහොමද දන්නේ...."
"මාමගෙ මලගමට ආවනේ බං...තියෙන්නෙත් එක කඩයයි ගමටම...දැන් නම් කොහොමද දන් නෑ...."
"හ්ම්ම්....ටිකක් දුෂ්කර උනාට මරු පැත්ත බං..."
"හරි හරි බණ නවත්තලා වරෙන්...."
"මට එපා බං...උඹ ගහපන්...."
"අම්මට සිරි....මේක හැදිලා..."
"පොරොන්දු උනානේ බං...."
"ඕන් ඕන් චීත්ත වල බලේ...."
"අනේ නිකා හිටපන්...."
"උඹට එපා නම් මටත් එපා...."
"ඒ විසික්කන්න එපා බං... ඔය බොන කාට හරි දෙමු..."
"ඕවා පව් වැඩ...උඹට ඕනි වෙයි කියල ගෙනාවෙ...උඹට එපා නම් මටත් එපා...."
"එහෙනම් දැන් නාගමු...."
"අපෝ මට බෑ....." කියමින් රාජිත අනෙක් පස හැරෙද්දී ඔහුවද ඇදගෙනම වතුරට පැන්නෙමි....
දෙදෙනාම ඇති වන තුරු නාගෙන නිවෙස වෙත ඇදෙද්දී දෙදෙනාම සීතලෙන් වෙව්ලන්නට වූවේය...ගේට්ටුවෙන් ඇතුල් වද්දීම තරූ සින්හවක් පාමින් ඉදිරියට ආවේ කුඩා දරුවකුගේ මෙන් සැලෙන ඇයගේ සිනාවද පාමින්මය...
"මෙයාලා උදෙන්ම නාලා..."
"මෙන්න මේ දියකාවත් එක්ක බෑනෙ..හොඳට නිදාගෙන හිටිය මාව ඇදන් ගියානේ..." මට දෝස් මුරය පවරමින් රාජිත ඉවතට ඇදී ගියේ අප දෙදෙනාට ඉඩ දීය...
"මැට්ටෝ තවම ඔලුවෙ වතුර.... කෝ එන්න පිහදන්න...."
"මෙහෙ හොඳයිද පැංචියෝ...."
"අයියා පැටී ඉන්නවා නම් අපායෙ උනත් හිනා වෙලා ඉන්නවා..."
"ඒ කියන්නෙ කෙල්ලට අල්ලලා නෑ වගේ..."
"අනේ නෑ මැට්ටො....අර ඇන්ටියි නංගිලයි ගොඩක් හොඳයි..."
"ෂ්ෂ්....මේවා ගම්නේ....නැන්දි කියන්න....."
"ම්ම්ම් සොලි..... මේ ඒක නෙමෙයි අයියා පැටී.... අරයලා ඉස්සරහා ඔයාට අයියා පැටී කියන්න ලැජ්ජයිනේ...."
"හි හි.....අනේ මැට්ටි...කියද්දිත් මූන තක්කාලි ගෙඩියක් වගේ වෙලා...."
"ඉතිම් හ්ම්....."
"ඔයා කැමති විදියකට කතා කරන්න..මෙයාල මොකුත් කියන්නේ නෑ..."
"අප්පච්චී කියන්නද..?"
"එච්චර හදිස්සිද..."
"ගහනෝ නෝටියට ඇ.... වල් වෙලා මෙයා...."
"ඉතිම් ඉවසන්නේ කෝමද මෙච්චර ලං වෙලත් ආ.."
"හූ හු ඉවසන්න වෙනා....."
"ඔව් ඉතිම්...ඉන්න හිටින්න තැනක් එපැයි.... ඔක්කොටෝම කලින් කසාද බඳින්නත් එපැයි..."
"ඇත්තට අපි ඉන්නේ කොහෙද අයියා පැටී....මෙහෙ ඉඩ නෑනේ..."
"බලමුකෝ..නැන්දත් එක්ක කතා කරලා බලන්න ඕනි...."
"ම්ම්... මං තේකක් අරන් එන්නද...?"
"ඔයා යන්න ඕනි නෑ නැන්දා ගෙනැත් දෙයි...."
"බෑ බෑ මගෙ හස්බන්ඩ්ට මමයි ගෙනැත් දෙන්නේ...." කියමින් ඇය එතැනින් කුස්සිය වෙත පිය නැගුවාය...
"මොකෝ කියන්නේ බං නංගි..."
"හිහ්... මොනා කියන්නද..? හොඳට රඟ පානවා... පව් බං...."
"ඒ කිව්වේ..."
"දුක හංගන් හිනා වෙලාසතුටින් ඉන්නවා කියලා පෙන්නන්න කතා කරනවා....ඒ ඇස් වලට මට බොරු කරන්න බෑ..."
"ඔහොම තමයි බං කෙල්ලෝ...ටිකක් එයත් එක්කම හිටපන්...මේ වෙලාවෙ කෙල්ලව තනි කරන්න එපා.."
"හ්ම්ම්...ඒක තමා මාත් හිතුවේ...."
"අනිත් වැඩ සේරම මං බලාගන්නම්.. උඹ ඒ ගැන කරදර වෙන්න ඕනි නෑ...කෙල්ල ලඟින් ඉඳපන්කෝ..."
"හ්ම්ම්... මගෙ බෑග් එකේ සල්ලි ඇති...ඒවා අරන් වියදම් කරපන්.. තව ඕන් නම් ටවුන් එකට ගිහින් අරන් එමු...."
"සල්ලි ටිකක් නම් ඕනි වෙයි... නැන්ද කිව්වෙත් ගේයි ඉඩම් කෑල්ලයි කුලියට අරන් දෙන්නම් කියලා.."
"කුළියට එපා...සල්ලි වලටම් ගන්න අහපන්...."
"උඹ මෙහෙම ඉන්නද බං කල්පනාව..."
"දිගටම නැතත්....ටිකක් කල් ඉන්න වෙයි...."
"හ්ම්ම්....මං අහන්නම්..අන්න තේ එනවා... කෙල්ල එක්කම ඉඳපන්... කෙල්ල දුකෙන් කියලා දන්න බව අඟවන්න එපා...පව්...."
නුහුරු ලෙසින් තේ කෝප්පය අල්ලාගෙන එන තරූ දෙස බලා සිනා පහල විය... ඉහල පැලැන්තියේ සුරූපිණියක්ව ඉපදී මෙලෙස දුක් විඳීමට පැමිණියේ මා වෙනුවෙන් බව හැඟුනයින් සිනහව එතැනදීම සැඟවුනි......
"අයියා පැටී මන්මයි හැදුවේ... සසයිද බලන්නකෝ......." තරූ තේ කෝප්පය රැගෙන විත් දෑතින් තබා කීවාය...
"ම්ම්ම් පැංචි හැදුවා නම් සසට ඇති...."
"හී...බලම්නකු..."
"ම්ම්ම් සසයි සසයි....."
"ඉන්න උදේට එයාලා මොනවදෝ උයනවා...මං ගිහින් හෙල්ප් එකක් දීලා එන්නම්..."
"කොහෙද යන්නේ, මෙන්න මෙහෙ එනවා මැට්ටි..."
"අනේ.....අරයලා දකී..."
"දැකපුදෙන්....."
"ඔන්න නෝටියෝ ගහනවා එකක් ඇ...."
"හා..."
"අනේ......."
"ම්ම් මේ තේ ටිකත් බීලම යන්න...."
"ඔයාට මදි වෙයිනේ..."
"නෑ බොන්න....."
"ම්ම්ම්ම්.... අයියා පැටී..."
"කියන්නකෝ..."
"මට ආසයි පොලොස් කන්න..."
"ඈ..... මං තවම මුකුත් කලෙත් නෑ..."
"අනේ මැට්ටෝ....ගුටි දෙනවා ඕන් ඈ...නෝටියා..."
"හලි හලි මං නැන්දට කියන්නම්කො..."
"මං ගිහින් එයාලට උදව් වෙන්නද.... නැත්තන් එයාලා හිතයි..."
"ෂ්ෂ්....ෂ් එයාලා මුකූත් හිතන් නෑ... ඒත් කමක් නෑ ඔයාට කැමති නම් යන්න..."
"මාත් ආසයි උයන දිහා බලන් ඉන්න... මගෙ මහත්තයට එක එක කෑම උයලා දෙන්න එපැයි... යන්නම් අයියා පැටී..."
හිස වනා ඇයට යාමට ඉඩ දී, ඒ අහින්සක සිත ගැන සිතුවෙමි... විඳීමට හැකි සෑම සැප සම්පතක්ම විඳ ඇති ඇය මෙවන් පරිසරකට ඉක්මනින් හුරු වූ අයුරු... දෛවයේ ලියවී ඇති පරිච්ඡේදයන් මතුවට සිදු වන අයුරු මනෝමයෙන් කල්පනා කිරීමට සිත් විය.. එහෙත් ඒවා ඒ අයුරින්ම ඉටු නොවුනහොත් දැඩි තැවුලක් හට ගත හැකි නිසා අත හැර දැමීය...
රාජිත සිය නැන්දණියගේ දූ වරුන් දෙදෙනා හා ඉක්මනින්ම කුලුපගු වින.. එහෙත් ඔවුන් දෙදෙනා මා සිනා සුනා හැර වැඩි කතා බහකට නොපැමිණියේ ලැජ්ජාවට විය යුතුය.. නැන්දාගේ උපදෙස් අනුව ඉඩමක් මිලදී ගැනීමට ඉක්මනින් වැඩ කටයුතු සැලසිනි... ඒ සඳහා ඇති පමණින් මුදල් අක්කාට කියා ගෙන්වා ගත්තේ නගරය වෙත කීප වරක්ම ගොස්‍ ය..
කැලෑව වැදී තිබුන ඉඩමේ අබලන්ව තිබුනු නිවෙස ඉක්මනින්ම පිළිසකර කොට ගෙන පදිංචියට යෑමට රාජිතගේ සහ ඒ වන විටත් කුළුපගව සිටි ගමේ යහලුවන් කීප දෙනෙක්ම උදව් විය... කිහිප දිනකින්ම පියල්ද ගමට පැමිණියේ අප කල ඉල්ලීම හමුවේය.. ඔහු පැමිණි පසු ගෙට ගෙවිදීම හා තරූ හා විවාහය එක වර සිදු වින.. උත්සවාකාරයෙන් නොවුනද අත්සන් කිරීමෙන් අනතුරුව ගමේ පන්සලට ගොස් ස්වාමීන් වහන්සේගෙ ආශිර්වාදය ගෙන පිරිත් නූල් ගැට ගසා ගත්තෙමු...
"දැන් මොකක්ද අයියලා කරන්න හිතන් ඉන්නේ ඉස්සරහට..." පියල් ඇසුවේ පංසලෙන් නික්මී නව නිවෙසට පැමිණියායින් පසුවය..
"පොඩ්ඩක් හිටපන් ඉතින්, මුන් දෙන්නගෙ හනිමූන් එකවත් තවම ඉවර නෑ.. පසිඳුවෝ අපි මේ දවස් දෙකට නැන්දලාගෙ දිහා ඉන්නම්... ඒකට කමක් නෑ.. උඹල දෙන්න සතුටින් ඉඳපල්ලා... උයන්න එහෙම
එපා...කෑම එවන්නම්.."
සුභ පැතීමට පැමිණි සියල්ලෝම නික්ම ගිය පසු ගෙදර වත්තේ කොනෙක තිබූ අප විසින් පිලිසකර කර ගත් ලිඳෙන් දෙදෙනාම නා ගැනීමට පැමිණියේ ඒ වන විටත් ඉර අවරට හැරී තිබුනු නිසාය..
"අනේ.....ෂිට්..."
"ම්ම් ඇයි පැංචි...."
"මේ චීත්තෙ අඳින්න බෑනේ තවම..."
"හි හි...කෝ එන්න අන්දවන්න..."
"ඔන්න හැබැයි ඇස් පියාගෙන අන්දන්න..."
"හරි හරි මැට්ටි...කෝ එනවා මෙහාට...."
"ඔන්න ඇස් අරින්න ඔට්ටු නෑ ආ...."
තරූව පිටු පසින් බදාගෙන චීත්තයට ගැටයක් ගසා එලෙසම උන්නේ සිතට දැනුනු මිහිරි හැඟීම නිසාමය.. තරූද නිසොල්මන්ව ඒ හැඟීමට ඉඩ දුන්නේය..
"අයියා පැටී...."
"ම්ම්ම්..."
"නාන්නෙ නැද්ද අද?.."
"ම්ම්හ්හ්.... මේම ඉමු..."
"එලි වෙනකන්...."
"හ්ම්ම්ම්...."
"නාමුකො දැන්...."
මද වේලාවක් ඒ පහස විඳ ගැනීමෙන් අනතුරුව ලෙඳේ වූ සීතල දිය දහරාවෙන් දෙදෙනාම ගත දොවාගෙන නිවසට පැමිණ චිමිනි ලාම්පු එලියෙන් රාත්‍රී ආහාරය ගත්තෙමු... රූපවාහිණියක් රේඩියෝවක්වත් නොවූ නිවෙස තුල තද නිහැඬියාවක් පැවතීම සිතට යම් සසල වීමක් දැනෙන්නට විය... ඒ නිහැඬියාව තුලම තරූගේ දෑතින් අල්ලාගෙන ඇයව අස්වැසීය..
"මේම ඉන්න බෑ තනියම.. රාජිත අයියලාටත් ඉන්න තිබ්බේ අද..."
"හ්ම්ම්... පාලුයි මේම ඉන්න..."
"ඔවු අයියා පැටී.... සද්දයක්වත් ඇහෙන්නෙ නෑ...."
"සද්ද බද්ද දාගෙන ඉන්න පොඩි පැංචෙක්ව හදමුද අපි...."
"එක්කෙනෙක් මදි...එයාටත් පාලු හිතෙයි...."
"දෙන්නෙක්ම හදමු ඉතිම්....."
"ඉස්සෙල්ලාම ඕනි ඔයා වගේ දඟ නෝටි පැංචෙක්ව...."
"ම්ම්ම් ඊට පස්සෙ..."
"ඊට පස්සෙ දූ පැටියෙක්..."
"ම්ම්ම්ම් ඊට පස්සෙ..."
"ඒ ඇති....එච්චර හැදුවොත් මගෙ මහත්තයාව බලාගන්න වෙන්නෙ නෑනේ...."
"ම්ම්ම්....ලඟට එන්නකෝ..."
"ආදරෙයිද..?"
"ගොඩාක්....."
"කොච්චරක්....."
"වචනෙන් කියාගන්න බැරි තරම්...."
"සත්තයිද.."
"හිහ්...... සත්තම සත්තයි... කෝ එනවා ඉක්කමට ටීචර් වගේ ප්‍රශ්න අහන්නේ මැට්ටී..."
"ඉතිම් හ්ම්....."
"මං ආදලෙයිනේ මගෙ මැණිකට..."
"මැරෙණකන් මේ වගේ ආදරෙන් ඉන්න රත්තරන්.... පුන්චිම දුකක්වත් මේ ඇස් දෙකට දෙන්න එපා මහත්තයෝ...."
ඒ ආදරෙන් පිරුණ දෑස්.... සඳවත පරදන ඒ හැඟීම්බර වුනු මුහුණ, ආදරයෙන් බදාගෙන සිතේ වූ අපරිමිත ස්නේහයකින් සිප ගත්තෙමි.. මොහොතකට විලිබර වුනු සිනාව මැකී යන පරිද්දෙන් මුව මතට හාදු වර්ෂා වැස්සුවේ කිටි කිටියේ ගැහෙන හද මටම හිමි මගෙම වූ දිව්‍යාන්ගමාවියගේ හදට ලං කරගනිමිනි....
සිසිල ගෙනෙන රාත්‍රියේ ගැඟුම් පමණක් උනුසුම්ව, දෙහදක් යා කෙරෙන නග්න සිතුවිලි ප්‍රේමණීය වූ ගණ අඳුරෙහි තවරාන.. ඇය මගේම වන පැයේ, මුව ගොලු වී ඇති හැඩ...... තත්පරයෙන් තත්පරයට අලුත් වන හැඟීම් අතිනත වෙලෙමින් සිරුර ගැටෙන අතරේ නෙත කඳුලකින් නැහැවුනේ සිතේ ඇති වුනු අප්‍රමාණ සංතුෂ්ටියටය....
නිම් නැති සයුරක
නිම් නැති අහසක
තරමට සෙනෙහස
පුරවාලා..
සිහිනෙක අරුතට
පැතුමක අරුමෙට
දෙනතඟ සෙනෙහස
දැල්වීලා..
පියුමක සුවඳට
පවනක සිසිලට
හැඟුමන් සෙනෙහස
පටලාලා..
හැම හැම භවයක
ලඟ හිඳි පැතුමට
නොමියෙයි සෙනෙහස
වියැකීලා..
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••



No comments: