Translate

Thursday, July 14, 2016

මා එපා වූ නුඹට....

මා එපා වූ නුඹට....

අහස පුරාවට නුඹ සෙව්වේ මං
ඉගිළී නුඹ වෙත එන්න නොවෙයි
දිගත වසාගෙන අඳුරේ වෙලුනට
දෑස් සොයා නිම නොවුනා නොවෙයි..


පිපුණත් දුරකින් සසර අනන්තේ
දිගුනෙත් අහිමිව ගියා නොවෙයි
පැතුමත් සියැසින් හෙලා හඬන්නේ
සමුදුරු ක්ෂිතෙට වෙලා නොවෙයි..

ගිණිගත් අරණේ නටඹුන් මතකෙන්
සොවින් තැවෙන්නෙත් කියා නොවෙයි
මට හිමි මගෙ සඳ ඈත දිගන්තෙන්
තව දුර යන්නෙත් කියා නොවෙයි..



No comments: