Translate

Saturday, July 23, 2016

සිඟන්නා


සිඟන්නා


මහ මග ඇවිද සිඟනෙමි කුස රැකගන්න
යහ මග මෙයම හැර නැහැ වෙන කිසි දන්න
දහ අග සොයමි පිලි සරණක් ලැබගන්න
මහ මග දිගට දෛවයෙ රඟ ඇති වෙන්න


පුපුරා නැගෙන ගිනිදැල් හද පපුව සිඳ
ඉඳුරා රිදෙයි දුටුවොත් එය සැනෙක විඳ
මතුරා කියමි කිසිවෙකුටත් මෙවන් කඳ
උතුරා යනෙන දුක් ගින්දර නොවෙන් බිඳ

ඉල්ලා සතය අරගෙන කුස පිරෙන විට
පල්ලා අම්මා පින් දෙයි හිත විටෙන් විට
අල්ලා වැටෙන් එබිලා හඬ නැගුව විට
බල්ලා උසි කියත් දිනයක ඇසුනි මට

හඬනා අහස යට ඇඳිවත සේදෙනවා
ගෙනෙනා හිරුගෙ රැස් දහරින් වේලෙනවා
බිඳෙනා සුසුම් හඬ තැවෙමින් ලතැවෙනවා
ලැබෙනා දෙයින් තුටු වී ජීවත් වෙනවා

ඇස් යට වැදී කුණු කබ මතු වෙයි කිලිටූ
කෙස් ටික අවුල් වී හිස්සොරි නැත සිලිටූ
මස් දලු නැගී නාසය ඇත වී වකුටූ
බස් මේ අසා පිලිකුල් නොකරන් පවිටූ

සැනසුම කියා ලොව කොහිවත් තියෙනවද
උණුහුම තියා නොඉඳුල් බත් ලැබෙනවද
ඉවසුම නොදෙන පැන හද තුල නොනැගෙයිද
විමසුම මිනිසුනේ මේ දුක නොදැනෙයි



No comments: