Translate

Monday, July 18, 2016

සිහිනයකි දෑස් ලඟ 07





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - හත්වන දිගහැරුම - ¥

සුන්දරතම මතකයන් දහසක් මැද්දේ දුරකථනය බදාගෙන දෙනෙත් පියා නිදි ලොවට පිවිසුනු වේලාව මතක නැත..හිරු පායා මුහුණ සිප ගනිද්දී රාජිතගේ ආමන්ත්‍රණයෙන් දෙනෙත් හැර බලද්දී වේලාව 9 පසුවීය.. දුරකථනය බලා නැවත නැවත දුරකථන දෙකෙන්ම ඇමතුමක් ලබා ගැනීමට උත්සහා කලද එය ව්‍යර්ථ වී ගියේ සිතේ තිබුනු අවසන් ධෛර්‍යද නෙරපා හරිමිනි...

"මචන් සමහර විට අයියා පෝන් එක අරන් තියාගෙන ඇති.."

"නෑ මචං ඒත් කොහොම හරි කෙල්ල මට කෝල් කරනවා..මොකක් හරිම අවුලක් තියෙනවා.."

"ම්ම් උඹ ගිහින් මූණ ටිකක් හෝදන් වොෂ් එකක් දාගෙන වරෙන්කො..මමත් ටිකක් ට්‍රයි කරන්න..."
සිතට නුහුරු මේ වේදනා සියල්ල එක් දිනකදී ලැබීම නොසිතූ ලෙසින් සිදු උවක් බැවින් මගේ වෙනස මවට හා පියාටද වැටහී ඇති බව රාජිතගෙන් දැනගතිමි..

"මචං... ටවුන් එක පැත්තෙ රවුමක් දාල එමු.මේක ඇතුලෙ ඉන්න එපා වෙනවා.."

"අන්න මචං මගෙ පසිඳුවා..යමන්කො ඕනි අපායකට..හිටහන් මං බයික් එක අරන් එන්නම්.."
නිවස තුල ඇති සැනසීමක් නොමැත..මතකයන් තුලට වැදී හඬා වැටීමෙන්ද පලක් නැත..මෙවන් බැරෑරුම් අවස්ථාවකදී සිතට බොහෝ දේ පැමිණියද ඒවාට ඉඩ දීම කල නොහැකිය..."

"යමන්...නැගපන්...."

"අම්ම මොකද කියන්නේ..."

"උඹත් එක්ක කතා කරන්න බයෙන් ඉන්නේ...කඩාගෙන පනිනවනෙ හරකා වගේ..ඇවිත් මොනා හරි ෂේප්මන්ට් එකක් දාගනින්..පව් බං..."

"හ්ම් යමන්..."

"යමන් කිව්වට මේක දක්කන්නේ කොහෙටද කියලත් කියපන්..."

"කිරිඳිවත්තට හරි අවුකනට හරි කොහෙ හරි පංසලකට යමන්..."

"හරි තෙල් ටිකක් ගහගෙන අවුකන යමන්...නැත්තන් ඩෝ දඹුළු යමන්..."

"හ්ම් යමන්...."

"හිතට නිදහසක් එයි පිලිමෙට මලක් පූජා කරලා ටිකක් ඉඳගෙන ඉඳල දවල්ට කෑමට සකුරා එකට යන්..."

"හ්ම්ම්.."

"මොකෝ බං බස්සෙක් වගේ...අතෑරලා දාපන් බං..හෙට අනිවා කෝල් කරයි ගෙදරින් එලියට ඇවිත්.අද ඉරිදනෙ බං..."

"ඔය ඔන්න ඔතන බූත් එක ගාවින් නතර කරපන්..."

"ඒ පාර මොකද...?"

"සිල්ලර තියේ නම් දියන්..."

"උඹ නම් හැදෙන් නෑ පසිඳුවෝ..."

එතැනින් නැවතී ඇමතුම සම්බන්ධ කර ගැනීමට උත්සහ කලද එය හරහාද "ආවරණ කලාපයෙන් බැහැරව ඇත" යන්න ඇසීමෙන් සිතේ කැටි වී තිබූ දුක් දොම්නස් සියල්ල තරහවක් බවට පත් විය...මහ හඬින් කෑ ගසා දුරකතන කුටියට පයින් ගසා මහ පාර මත හිඳ ගත්තෙමි..දෑසින් කඩා හැලෙන කඳුළු බිඳුවල ලුණු රසයත් දෙතොල් විකාගෙනම සිට දත් වලට හැපුනු යටි තොලෙහි ලෙයත් එක්ව අමුතු රසයක් දිවට දැනුනි....

"ඒ අඩෝ...පසිඳුවෝ..මොකක්ද බං මේ කරන්නේ...යමන් යන්න මෙතනින්..බලපන් දාහක් විතර යන පාරේ පිස්සු නටන්නේ උඹ...යමන්..."

රාජිතගේ ඇවිටිලි කීරිම හමුවේ යලි රථයට නැගුනේ සියල්ල අහිමි වූවකු මෙනි...

"හරවපන් වාහනේ..."

"ඇ..ඇයි බං..."

"රෙස්ටුරන්ට් එක්කට දාපන්..."

"යකෝ දැන් යන්තන් 10යි....බොන්නද ලෑස්තිය..."

"උඹට බැරි නම් මාව ඔය අයිනකින් නවත්තලා පලයන්..."

"පිස්සෙක්නේ උඹ...යමන් ඉතින්..."
මෙම පීඩනයෙන් මිදීමට සිතෙහි ආවේගයට පිලියමක් ලෙස පෙනුනේ මධ්‍යසාරය පමණි....රෙස්ටුරන්ට් එක තුලට පැමින පුටුවක හිඳගත්තේ දෑතින් ඔලුව බදාගෙනය...

"ඒ මල්ලි..."

"මොනවද සර් ඕනි..."

"වෙන මොනවද බං....love sean...ගෙනෙන් බල්ලොන්ට ගහන එව්වා....."

"හි හි....සර් හාෆ්ද? ෆුල්ද...?"

"ම්ම්ම්ම් මේ සිටුවේෂන් එක නම් සීරියස්.... ෆුල් එකක්ම ගෙනෙන්..."

"ඇයි බං මටම වෙන්නේ...රාජිතයො මං හරි පවුකාරයි නේද බං.."

"පිස්සු කියවන්න එපා බං...රත්තරං ටිකක්ට දෙමවුපියො ඉන්දැද්දී, උඹට පණ උනත් දෙන්න මේ මාත් ඉද්දි ඇයි මචං උඹ මේ පව් කතා කියන්නේ."

"උඹ හරි...මං කලබල උනා වැඩියි..අපි මේ බොන එකත් වැරදියි බං..."

"දැන් ගත්ත එක ඔන්න ඔහෙ බොමු බං...උඹ හිටපු ගමන්නේ උපාසක ටෝක් දෙන්නේ...මං හිතුවේ බෝතල් දෙක තුනකට වග කියයි කියල.."

"අපි බේබද්දෝ නෙමෙයිනේ බං..හොඳට හැදිච්ච කොල්ලෝ.."

"අනේ නිකන් පලයන් බං යන්න...උඹට වෙරි දැන්..."

"ඇයි බං මටම වෙන්නේ..තරූට ඇයි මට කෝල් එකක් ගන්න.."

"අනේ දෙයියනේ ඕක නවත්තන් ඔය ටිකත් බීපන්කො...අයෙ පටන් ගත්තා.."

"ඇ බං..."

"ඒ පාර මොකද...?"

"ඇයි බං මටම වෙන්නේ.."

"හම්මේ පසිඳුවෝ...දැන් ඇති යමන්..."

"බොන එක වැරදියි තමයි බං..අම්මා බලන් ඇති අපි යමු.."

"අන්න හොඳ එකා වගේ යමන් දැන්..."

"ඒත් මේ ටික අපරාදෙනේ බං උඹ කිව්වා වගේ...සල්ලිනෙ බං..ඔන්න ඔහෙ ගහලා යමන්..."

"හ්ම් හ්ම් ගහපන්කො.."

"රාජිත මචං..."

"ඇයි බං.."

"මං හෙන පව්කාරයි බං...."

"ඔව් ඔව් උඹ පව්කාරයි,උඹටමයි සේරම වෙන්නේ..මෙන්න මෙහෙ වරෙන් යන්න..."

"තරූ....ඇයි ඔයා කතා කරන් නැත්තේ.."

"අයෙ අඬන්න ගත්තා...යකෝ පිස්සු කියලා හිතයි මේකෙ උන්.." ඒ මල්ලි....වරෙන්කො පොඩ්ඩක්.."

"ඇයි සර්...?"

"මචං තරහ නැතුව එහා පැත්තෙන් වීල් එකක් අරන් වරෙන්..."

"හරි සර් පොඩ්ඩක් ඉන්න..."

"ඇයි බං මටම වෙන්නේ..තව බොමුද බං...තරූ ඇයි මෙහෙම කරන්නේ..."

රාජිතට වත්‍තම් වී පැමිනි රියට ගොඩ වී නිවෙස දක්වා පැමිණ බොහෝ වේලා රාජිත සමග කතා බස් කර කෙටි නින්දකට පිවිසියේ නොදැනීමය..දැඩි හිසරදයකුත් සමග නැවත පිබිදෙන විට බොහෝ සෙයින් හවස් වී තිබුනි..ඇඳේ අනෙක් පස රාජිතද නින්දකට පිවිස තිබුනි..හිසරදය යාමට හොඳ හැටි නාගෙන ආවෙමි....

"අඩෝ නැගිටපන්...හවස් වෙලා...රාජිතයෝ...ඒ...."

"හම්මේ....."

"මොකෝ බං.....?"

"යකෝ යාලුවයි කියල මෙහෙමත් වද දෙන්න එපා බං..."

"හරි හරි මල්ලි මෙහෙම දවස් උඹටත් තියෙනවා හරී..."

"හරි හරි ෂේප් කියමුකෝ...උඹ නාලා....මටත් නාගන්න ඕනි බං...කෑවද..?"

"තවම නෑ බං..නාල වරෙන් කමු..."

"මං කාලා නිදාගත්තේ බං...උඹ කාපන්කෝ...."

දිනය ඔහේ ගෙවී ගියේ තවමත් හරි හැටි තොරතුරක් නොමැතිවය..පසුදා පහන් වී දෙදෙනාම රැකියාව සඳහා පිටත් වූයේ නිවස තුල රැඳී සිටීමෙන් දුක වැඩි වනවා මිස අඩු වීමක් නොමැති බව දන්නා නිසාය....

"ඔන්න ඔහෙ වැඩක් කරන් හිටපන්..අද අනිවා කතා කරයි..."

"හ්ම්....මටත් හිතෙනවා බං...ඒත් හිතට මහම අමුත්තක් දැනෙනවා...පැංචිට කරදරයක් කියලා හිත කියනවා..."

"දෙයියන්ගෙ පිහිටෙන් එහෙම මොකුත් නැතුව ඇති...උඹ බය නොවී හිටපන්..වැඩ ගොඩයි බං..මං ටිකක් ෆ්‍රී උනාම එන්නම්..."

රාජිත ගිය පසු තිබුනාට වඩා පාළුවක් දුකක් දැනෙන්නට විය..දුරකථනය රැගෙන නැවත නැවත උත්සහ කලේ තරූව සම්බන්ධ කර ගැනීමටය...

"Excuse me sir.....may I coming..?"

"ආ බංඩා මාමේ එන්න..."

"සර් ලොකු සර් එන්න කිව්වා මේ දැන්ම.."

"ඒ පාර මොකද...ලොකු වැඩක් දුන්නොත් ලෙඩ නිවාඩු දාලා යනවා යන්න..මේ තත්වෙන් කිසි වැඩක් කරගන්න බෑ...සිතමින් Gmගේ කාමරයට ඇතුල් උනෙමි...

"ආ එන්න පසිඳු..මේ ඉන්නේ පසිඳු තමයි..." කාමරයේ සිටි තිදෙනාට මා හඳුන්වා දෙමින් ඔහු කතා කලේය..

"මේ මිස්ටර් පසිඳු වික්‍රමනායකද...?"

"ඔව් මේ මහත්තුරු කවුද..?"

"අපි පොලීසියෙන්..සොරි සර් අපිට ඔයාව අතඩංගුවට ගන්න සිද්ධ වෙනවා..."


එක වරම මේ සිදු වූ දෙය අදහා ගත නොහැකි විය..මෙයට කෙසේ ප්‍රතිචාර දක්වන්නේද යන්න පවා අමතක විනි...

"Please excuse me officers" බොස් ඉතා පහත් හඬින් මිමිණුවේය...
"මෙතන රාජකාරි කරන දහක් දෙනා යන එන තැනක්...you know මෙතන financial ගණුදෙනු වෙන්නේ...so please වැඩි සද්දයක් නැතුව කාටත් නොදැනෙන්න රාජකාරිය කරන්න බැරිද..? Its a request gentlemens..."

"Its OK mister Fernando...we will take care of this...ඉහලින් දැනටමත් ගොඩක් ප්‍රෙෂර්...කොහොමත් මේක මෙතනින් ලීක් නොවී තියෙන්නත් මිස්ටර් ෆනෑන්ඩු වග බලා ගන්න ඕනි..."

"I'll take care of the office..."

"හරි එහෙනම් පසිඳු, අපි යන්...කලබල නොකලොත් ඔයාට පරෙස්සමට යන්න පුලුවන් මෙතනින්...."

"ඒත් සර් මං මොකක්ද කරපු වරද...? ඇයි මාව අත් අඩංගුවට ගන්නේ...හේතුවක් නොදැන කොහොමද මං එන්නේ.."

"ඒයි....කිව්වනේ හොඳින් කීකරුව වරෙන්.., නැත්තන් උඹව ඇදගෙන යන්නේ.."

"Cool officers cool... පසිඳු,
..මෙයාලත් එක්ක යන්න ලමයෝ.. මං ඩී අයි ජී එක්ක කතා කරන්නම්.. රාජිතත් ඉන්නවනේ බය නොවී යන්න..මෙතන ඇවිස්සුනොත් දන්නවනේ..."

"හ්ම්..රාජිතට කියන්න සර් ගෙදරට දැන්ම කියන්න ඕනි නෑ..අපි යමු.."

"කලබල කරන්නෙ නැතුව යන් මහත්තයෝ එහෙනම්..."

කාර්යාලයෙන් පිටතට පැමිණි ඔවුන්, මා කලු පැහැති ඩිෆෙන්ඩර් රථයක නග්ගවාගත්තේය...එක වැරම පසු පසින් හිසට වැදුනි.... "අම්මේහ්..." එපමණකි..තදබල වේදනාවක් දැනී දෑස පියවිනි...විටින් විට වාහනයේ ශබ්ධයද, කම්පනයද, පොලිස් වෝකි ටෝකියේ බීප් හඬඳ හිස විකාර කරමින් ඇසුනි...

"එකයි දුන්නේ, මෑන් ඩවුන්... මූ ඒක කරන්න ඇති කියලා හිතෙන් නෑ.. බලහන්කො මූනේ තියෙන අහිංසකකම.."

"අද කාලෙ ඔය මූණ තියන් ඉන්න උන් තමා අම්මා තාත්තලත් මරන්නේ.."

"ඔන්න් ඇස් අරිනවා, තව එකක් ඇනහන්..."

"ඕනි නෑ අපි ස්පොට් එකට ලඟයි..අයෙ ඌට දකින්න දෙයක් නෑ.."

"සාජන් මහත්තයා වාහනේ වත්ත ඇතුලට දාලා වාහනේ ගරාජ් එකේම දාලා ලොක් කරන්න..අපිට අයෙ කවදා යන්න වෙයිද මන්දා.."

එතැනින් කතාව අහවර කල ඔවුහු, රිය නවත්වා ඉන් බැස කවුරුන් හෝ සමග කතා කලේය.. තවමත් වේදනා දෙන හිස අත ගාමින්ම හිස ඔසවා ඇර තිබුනු දොරෙන් එලිය බැලීමි.. "පොලීසිය නෙමෙයිනෙ මේ..පරන බංගලාවක් වගේ..මොකටද මෙහෙට එක්කන් ආවේ.."

"අන්න අරූව ඇදගෙන වරෙන් ඇතුලට...එස් අයි මහත්තයා මග එනවලු..එතකන් ගන්න පුලුවන් දෙයක් ගමු.."

දෙදෙනකු පැමිණ මා වත්තන් කරගනිමින් බංගලාව තුලට රැගෙන ගියේය...ඇතුලත ඌ මදක් අඳුරු කාමරයක මේසයක් හා පුටුවක් විනි.. මැදි විය ඉක්ම වූ අයෙක් පැමින හිස පරික්ෂා කර බැලුවේ තුවාල වී ඇද්දැයි බැලීමටය....

"විමලසේන මොනවද අයිසේ බල බල ඉන්නේ, අරහෙ සර් එනවලු..ඉක්මන් කරලා ඕකගෙ ඇඳුම් ගලවලා පුටුවෙ ඉන්දවනවා.."

ඒ සැර පරුෂ ගෝරණාඩුවට අවනත වූ "විමලසේන" නම් දැරූ පුද්ගලයා මා ඇඳ සිටි ඇඳුම් ගැලවීමට අණ කලේය..සිදුවන කිසි දෙයක් වටහා ගත නොහැකිව කිසිදු ආකාරයෙන් හෝ බලාපොරොත්තු නොවූ සිද්ධාන්තය ගැන විමසීමටවත් අවස්තාවක් නොතබා මෙසේ හිරිහැර කිරීම ගැන පොලිස් නිළධාරීන් හට යටි සිතින් දෙස් දෙවොල් තබමින් යට කලිසම පමණක් ඉතිරි වන්නට අනෙක් ඇඳුම් සියල්ල උනා තැබුවෙමි...

"හා දැන් අර පුටුවෙන් වාඩි වෙනවා..."

"ඒ...ඒත් සර් ඇයි මට මෙහෙම කරන්නේ...මං මොකක්ද කරපු වැරැද්ද..." එසැණින් කලින් කියූ සැර පරුෂ නිලධාරියා ලඟට පැමින....

"මොකක්ද කිව්වේ..."

"ම....මං කරපු වැරැද්ද මොකක්ද සර්...?"
"චටාස්" යන හඬ දෙසවන පුරා දෝංකාර දෙන සෙයක් හැඟුනි...පුටුවත් සමග ඇදවැටුනු පසුත් පපුවට පය තබා.....,

"මෙතන ප්‍රශ්න අහන්නේ උඹ නෙමෙයි..අපි... අහන දේකට ඇත්ත නොකිව්වොත් උඹව මෙතනම වලලනවා දැනගනින් පරයා..."

"සර්, ලොකු මහත්තයා එනවා..."

"අර එන මහත්තයට ඇත්ත නොකිව්වොත් උඹෙ අහවල් එක නැති වෙයි බලාගනින්...මෙන්න මේකව කෙලින් කරපන්..."

අපහසුවෙන් යලි පුටුවට බර දී හිසේ කැරකිල්ල මකා ගැනීමට මේසය මත හිස තබා ගත්තෙමි... බූට් සපත්තුවෙන් වැරෙන් පිය නගන හඬක් ඇසුනි...හිස හෙමිහිට ඔසවා එදෙස බැලීමි....ඒ කලින් නිලධාරියා කියූ උප පරීක්ෂකවරාය විය යුතුය..කෙලින්ම මා දෙස බලාන පැමිණ මේසය උඩ තිබූ වතුර වීදුරුව මුහුණ මතට දැම්මේය.....හඬ නැගෙන පරිදි මේසයට දෙඅත් තබා,

"කෝ අයිසේ කෙල්ල..?"

 
 
(සියලු නම් ගම් මනක්කල්පිතයි)
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••
 


No comments: