Translate

Monday, July 18, 2016

සිහිනයකි දෑස් ලඟ 09





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - නවවන දිගහැරුම - ¥

පසුදාට පහන් වූයේද අහස ගෝරනාඩු දිදීය...හිරු මඩල පායා නැතත් අහස් තලයේ මද එළියක් ඇත්තේය..පරිසරයම සීතලය..පෙරවීමට රෙදි කඩනයක් තබා ගොස් ඇත්තේ විමලසේන මහතා විය යුතුය.."ඒ මනුස්සයා නම් දෙයියෙක්." එතුමන්ට පින් දුනිමි.

දෑස් ඉදිමී ඇත්තා සේය...නැගිට ගැනීමට වාරුවක්ද නැත..කොන්ද හා දෙකකුල් හොඳටම ඉදිමී ඇත..මුහුණ ඇල්ලීමට පවා නොහැක..කෙසේ වෙතත් විමලසේන මහතා අහලක ඇතුවාවත්දැයි හැකි වෙර දොරින් බැලුවෙමි..කිසි කෙනෙකු නැතුවා සේය... "සද්දයක්දත් ඇහෙන් නෑ මේ වැස්ස හින්ද..අනේ දෙවියනේ මුන්ගෙන් නිදහස් කරන්න බෑ නම් මාව මරලා දාන් නැත්තෙ ඇයි..."

සෙමින් සෙමින් වාරු තියා බඩ ගාගෙන ඉදිරියට ඇදුනේ දොරෙන් එබිකම් කර බැලිය හැකි වෙත්දැයි සිතුන නිසාය..
"අහ් මේ මොකක්ද...? පාර්සයක්..." අඩ අඳුරේ හමු වූ දෙය කුමක්දැයි බැලුවෙමි..එහි කෑම පාර්සලයක්, වතුර බෝතලයක් හා පෙනඩෝල් පෙති කිහිපයක් තිබිනි.. කුසගින්නක් වැඩියෙන් නොදැනුනද ශරීර ශක්තිය උදෙසා අනුභව කල යුතු බව සිහියට නැගිනි..නැවතත් බිත්තිය මුල්ලටම බඩ ගාගෙන ගොස අපහසුවෙන් පුපුරු ගැසී ඇති පිටකොන්ද කෙලින් කරගෙන බිත්තියට හේත්තු වූයේ කෙසේ හෝ බත් කටක් කෑමටය...

"විමලසේන මහත්තයා ගෙනත් තියන්න ඇත්තේ..අරුන් තවම නිදි ඇති..එන්න කලින් කාලා පෙනඩෝල් දෙකක් බීලා ඉන්නවා.." නොයෙකුත් දේ සිතමින් බත් පත දිග හැරියෙමි.. එහි කුකුල් මස් සමග එලවලු කිහිපයකින් සමන්විත පරිපූර්ණ කෑම වේලක් විය. බත් කටක් කටවල් දෙකක් කෑම ගනිද්දී උගුරේ සිර වීම සොබාවික විය..කෙල පිඩක්වත් නොමැතිව මුව වියලී ඇත..මෙවන් මොහොතක හොද්දක් නොමැතිව කෑම ආහාරයට ගැනීම අපහසුය..වතුර බෝතලයෙන් වතුර ටිකක් බත් පතට දමා අනාගෙන බලෙන්ම කුස වෙත යැව්වේ ඇඟේ ශක්තිය තත්පරයෙන් තත්පරයට හීන වන බව දැනුනු නිසාමය...

තවමත් වැස්ස පායා නොමැත..අකුණු සැරයද අඩුවක් නැත.. ආලෝකයෙහි ඇති මද බව නිසාම වේලාව කීයදැයිවත් සිතා ගත නොහැක..නමුත් වේලාව අට පසු වී ඇති බව සිතට පැමිනියේ ආහාරයට ගත් උණු බත් පත කඩයකින් ගත්තා යැයි නිගමනයකට එලැඹිමෙනි...

"අටත් පහු වෙලා නම් මුන් නැත්තෙ මොකද තවම..සීතලට නිදිද? ඒත් විමලසේන මහත්තයා නැත්තේ..." පැන රාශියක් හිසේ වෙලෙන්නට විය.."කමක් නෑ බලමු...දොර ගාවට බඩ ගාගෙනම යනවා.." තුවාල වී ඇති දෙදන පෙරවීමට තිබූ රෙදි කඩනයෙන් වෙලා ගත්තෙමි... දෙඅතේ වැලමිටද රෙදි කඩින් වෙලාගෙන සෙමින් දොර අසලට ඇදුනේ වට පිටාව සහ සිටි පිරිස පිලිබඳ සොයා බැලීමටය...

"අම්මේහ්.....රිදෙනවා..ම්ම් කවුරුත් නෑනේ පේන්න..එලියට ගියොත්, මුන් දැක්කොත් අනිවා නෙලනවා අම්බානෙකට..ඒත් පේන්න නෑනේ...ගිහින් බලමු.." දොරද පසු කරමින් ඉදිරියට ඇදුනෙමි..එය කුඩා "සාලයක්" යැයි නිගමනය කලේ ප්‍රධාන දොරටුව ඉදිරි පසිනි පෙනෙනට වූ නිසාය.. ප්‍රධාන දොරටුවෙන් සිටි ස්ථානයේ එලිය බැලුවත් එහි කිසිදු පොලිස් වාහනයක්වත් නිළධාරියෙක්වත් නොවිනි..සතර අග පෙනෙන්නේ මහා වනාන්තරයකි..එහෙත් මෙහි සිටියවුන් කොහිදැයි විශාල පැණයකි..උළුවස්සෙන් අල්ලා ගනිමින් වාරු ගෙන නැගී සිට ගත්තේ තවද එලියට යාමට පඩි පෙලක් තිබුනු බැවිනි...රිදුම් ඉවසා ගනිමින් ස්වෝත්සහයෙන්ම නැගිට එලියට බැස වට පිට බැලීමි...සතර දිග පෙනෙන්නේ ගස් කොලන් ය..කටු පඳුරුය..

"එක්කෝ කන්දක් නැත්තන් අභය භූමියක්..මතක නෑ මං කොච්චර දුරක් ආවද කියලා..කොහොමත් පැය දෙකකට වඩා එන්න ඇති..ම්ම් පැය දෙකක ගමනාන්තෙක තියෙන කැළයක්...ම්ම්හ් මීටර් වෙන් නෑ..ඒ මොන මලදානෙක උනත් මේකෙ හිටපු උන් කෝ..තව කාමර තියනවානෙ...ඒවගෙ බලනවද..? නැත්තන් මෙහෙමම පැනලා යනවද....?" ඕනි එකක් පැනල ගියත් බේරුමක් නෑනෙ...බලමු කාමර වල.." එහි මා දමා සිටි කාමරය හැර කාමර දෙකක් තිබිනි..එක් කාමරයක අගුලුලාය...අනෙක් කාමරයට එබී බැලුවෙමි...එහි අඩකට වැඩියෙන් හමාර වී තිබුනු විස්කි බෝතලයක්ද, බයිට් තිබී යැයි සැක සිතෙන බඳුනක් සහ වීදුරක් කුඩා මේසයක විය..තව කුමක් තිබේදැයි බැලීමට කාමරයට ඇතුල් උනෙමි.....එහි බිම වැතිර සිටියේ පොලිස් නිලධාරියෙකි... "ම්ම් පොරට නම් බඩු වැඩි වෙලා වගේ..." එකෙනෙහිම ඔහු කෙඳිරි ගාමින් අනෙක් අතට හැරුනි...

"දෙයියෝ සාක්කි මේ සමරසිංහනේ..මේකව විතරද මාව බලාගන්න තියලා ගියේ..අනේ දෙයියනේ එහෙම වෙලා තිබ්බ නම් මං මේකට හොඳ වැඩක් කරනවා..."
එක වැරම ඉදිරි දොරටුව අසළින් ශබ්ධයක් ආවේය..

"ඕහ්...විමලසේන මහත්තයා..."

"ආ නැගිට්ටද? කෝ සමරෙ මහත්තයා.."
ඔහුව දැක ගැනීමට මම දොර අසලින් මෑත් වී ඉඩ ලබා දුන්නේ ඔහුගේ බිය සැක තුරන් කිරීමටය..

"නියමයි...පොලීසියෙ නම කන්නේ මේ වගේ නැහැදිච්ච උන් එකෙක් දෙන්නෙක් හින්දා.."

"කෝ සර් අනිත් අය.."

"ඒ ගොල්ලො ගිහින් පරීක්ෂන වාර්ථා ටික දෙන්න..මොබයිල් එකයි ඉන්ටනෙටුයි එක්ක වැඩ කරන්න බෑනේ මෙහෙම හෙන ගගහා වහිද්දි.."

"මගෙ කෙල්ල ගැන ආරංචියක් නැද්ද සර්..."

"ආවහම තමයි ඒකත් දැනගන්න වෙන්නේ..ඇත්තට එදා මොකද උනේ.."

"මං කියපුවම තමයි සර් ඇත්තටන උනෙත්..බස් එකෙන් බැහැල පේන්නෙ නැති වෙනකන් මං කෙල්ල දිහා කෙල්ල මං දිහා බලාගෙනයි ආවේ සර්..අනේ මගෙ රත්තරං දැන් කොහෙ දුකක් විඳිනවද දන් නෑ දෙයියනේ..."

"මං කියන්නම් දෙයක් අහනවද..?"

"මොකක්ද සර්..."

"මෙතනින් පැනලා යන්න.."

"බෑ සර්..එතකොට මං වැරදි කාරයෙක් වෙනවා..."

"ඔයාගෙ ආදරේ දැකලා මෙහෙම නොකිය ඉන්න බෑ ලමයො.. මට ලැබුන ආරංචිය අනුව අද උදේ ඒ ගෑනු දරුව ගැන ආරංචියක් ඇවිත්.."

"අනේ බුදු සර් මගෙ කෙල්ලට කරදරයක් නෑ නේද? අනේ කියන්න බුදු සර්...."

"ඕකනේ කියන්නේ කළබල වෙන්න එපා...ආව වෙලේ ඉඳන් අඬපු එකනේ කලේ..."

"අනේ සර් කියන්න මගෙ සර්...මගෙ කෙල්ල කෝ.." නෙතෙන් ඇද හැලෙන කඳුළු පිසලමින් දණින් වැටී ඇසුවෙමි..

"කිඩ්නැප් කේස් එකක් කියලා තමයි ආරංචිය..."

"අනේ දෙයියනේ කරදරයක් නැතුව ඇති නේද සර්.."

"ඔය ළමය දන්නවද ඒ ගෑනු ළමයගෙ තාත්තා.....?"

"නෑ සර්..."

"ඒ දරුවට කරදරයක් වෙන් නැති එක සහතිකයි ළමයෝ....ඒ වෙන කවුරුත් නෙමෙයි හැරී ජයවර්ධනගෙ දුව..."

"හැරී ජයවර්ධන ?"

"හ්ම් ඔව් ලංකාවෙ තුන්වෙනි ලොකුම සල්ලි කාරයා...ඒ මදිවට මස්සිනා දැන් ඇමති..."

"ඒ හයිය වෙන්න ඇති මේ පෙන්නව්වේ.."

"හෙන ගහන අපරාධ පුතේ මෙහෙම දුක් දෙන්නේ අසරණ මනුස්සයොන්ට..."

"එපා සර් එපා...හෙන ඉල්ලන්න එපා ඒ මනුස්සයින්ට..මගෙ කෙල්ලව කිසිම කරදරයක් නැතුව බේරගන්න පුලුවන් නම් මගෙ පණ ටික අර ගත්තත් කමක් නෑ සර්...මගෙ කෙල්ලව රැක ගන්න මට ඕනි දෙයක් කරන්න පුලුවන්..."

"මෙච්චර දෙයක් කරලත් මෙච්චර දෙයක් වෙලත් ඒ මනුස්සයා ගැන දැනගෙනත් තවමත් ආදරේ කරනවද...? මට පුතා ගැන ආඩම්බරයි.. පුතාලා වගේ හිතන අය ගොඩක් අඩුයි පුතේ..."

"දැන් මං අඩියක්වක් හෙලවෙන්නේ නෑ මෙතනින්...මට ඒ විස්තරේ ඇති සර්...දැන් මැරුනත් කමක් නෑ....තැන්කිව් සර් කරපු හැම දේටම..."

"දෙයියන්නෙ පිහිටෙන් හවස් වෙද්දී පුතාටත් ගෙදර යන්න පුලුවන් වෙයි.."

"දැන් මට කොතනත් එකයි සර්... සර් මුළු ලෝකෙටම හොරෙන් දෙව් ලෝකෙක සුරංගනාවියක් හම්බුනා.. කතා කලා.. හිනා වුනා.. අතින් ඇල්ලුවා.. ආදරේ හිතුනා.. දෙවියොන්ට මේකට තරහ ගිහින් මාව ගෙනැත් මේ අපායෙ දැම්මා.. හිහ් ඒත් ඒ දෙයියන්ට අමතක වෙලා ඇස් දෙක මානෙ ඉන්න ඕනිම නෑ ආදරේ කරන්න කියලා.. මාව මේ වගේ අපායවල් දාහක දැම්මත් ඒ සුරංගනාවි මේ පපුවෙන් මකලා දාන්න කාටවත් බෑ.. මං මගෙ රංකඳ ගැන හිතන එක වලක්වන්න මොන නීතියටවත් බෑ... දන්නව සර් දන්නවා හොඳටම එයාව ආයෙ අල්ලන්නවත් මට බැරි වෙයි..එයා අහස නම් මං පොලොව සර්.. අපිදෙන්නට දෙන්න ආදරේ කලත් මේක රේල් පීලි දෙකක් වගේ කවදාවත්ම එකතු වෙන් නැතිවෙයි...ඒත් ආදරෙයි මම...මැරෙන තුරාවටම...කවදාවත් කාටවත් ඒ තැන ගන්න දෙන් නෑ.. මේක පාරමිතාවක් සර්...පාරමිතාවක්..."



සමරසිංහ තවමත් නින්දේය.. වර්ෂාව ටිකෙන් ටික තුරල්වී යන පාටය..වේලාව මධ්‍යහන දොලහට ආසන්න වන තුරුම නිළධාරින් කිසිවකුත් නොපැමිණෙන තැන විමලසේන මහතා දුරකතනය මගින් ඉහල නිළධාරියෙක් ඇමතුවේය..

" හෙලෝ සර්, මං විමලසේන...
ඔව් සර්
හරි සර්
ප්‍රශ්නයක් නෑ සර්..
සමරසිංහ මහත්තයා නම්.... මගෙ
හිතේ එලි පහලියට ගිහින් වගේ..
හරි සර් මං කියන්නම්..
ඕකේ සර් එහෙනම් මං තියන්නම්.."

"මොකද සර්..මගෙ කෙල්ලව හම්බෙලාද..? සමරසිංහ මහතා සතුටු මුහුණින් එන ආකාරය දැක ඉබේම නැගිට්ටුනි..

"ඒ ගැන නම් දන් නෑ ළමයෝ.."

"එහෙනම් සර් සතුටින් ආවේ.."

"ඔය ළමයගෙන් කට උත්තරයක් අරන් යවන්න කිව්වා..අම්මේ ඇති යන්තන් හිතට සැනසීමක් ආවා.."

"අනේ සර් මට යන්න ඕනි නෑ..ආපහු සැරයක් කතා කරලා අහන්නකෝ සර් මගෙ කෙල්ලට මොකද කියලා.."

"පිස්සුද..? මේ අපායෙන් ගැලවිලා යනවා යන්න දෙමවුපියෝ ළඟට.. තව හිටියොත් මොනව වෙයිද කියන්න දන් නෑ... තමුසෙ එනකන් අර අම්මයි තාත්තයි කොච්චර දුකෙන්ද ඇත්තේ.." විමලසේන මහතා කෝපයෙන් කතා කරනු දුටුවාමය...හිස පහත් කොට ගෙන සියල්ල අසා සිටියා හැර කිසිත් දෙඩීමට නොගියෙමි...

"සමරසිංහ සර්...සර්...සර්...."

"මොකද අයිසේ.."

"සර් වෙලාව දොලහ හමාරයි.."

"ලොකු මහත්තයා ආවද..?"

"තවම නෑ සර්..."

"ආවම කතා කරනවා.."

"නෑ ලොකු මහත්තයට මං කතා කලා.."

"තමුසෙත් පණ්ඩිත වැඩමනේ කරන්නේ...මොනවද කිව්වේ...?"

"මේ ළමයව station එකට අරන් ගිහින් කට උත්තරයක් ලියාගෙන යවන්න කිව්වා.."

"හ්ම්ම් ඕකව ලෑස්ති කරනවා...මං ජීප් එකට එන්න කියන්න.."

"හරි සර්.."

මොහොතකින් වාහනයක් පැමිණුනේය..එහි නැග පළමුව ගියේ ඉස්පිරිතාලයටය..එහි දී තුවාල සියල්ලම සෝදා බෙහෙත් හා බැන්ඩේජ් දමාගෙන දුන් බෙහෙත් තුන්ඩුවද ගෙන පොලිස් ස්ථානයට පැමිණිනුනේය...

පොලිස් ස්ථානයට ඇතුල් වද්දීම හුරු පුරුදු මුහුණකි.. "මේ යකා මොකද මෙහෙ.." ඒ අන් කවරකුවත් නොව උප පොලිස් නිළධාරියෙක් වූ මස්සිනාය..අක්කාගෙ සැමියාය..ඔහු ඉදිරියට පැමින අතින් ඇල්ලීමට හැදුවත් මම අත ඉවතට ගැනීම නිසා ඔහු නැවත උත්සහ නොකර පසු පසින් පැමිණියේය.. දන්නා සියල්ල පැවසූවද මෙහිදීද ඒ සියල්ලම පවසන්න සිදු වූවේ කලින් සිදු වූ විමර්ෂනය නීතියට පටහැනිව සිදු කර තිබීම නිසාය..

"හරි ළමයෝ එහෙනම් දැන් ගිහින් හොඳ ඉස්පිරිතාලෙක නවතින්න..මෙව්වා ලොකු කරන්න යන්න එපා, කලු ගල් වල ඔලුව ගහගන්න අපිට බෑනේ..තේරෙනවනේ සඳුන්.." සඳුන් යැයි පැවසුවේ අක්කාගෙ සැමියාටය..

"හරි මහත්තයා ගොඩක් ස්තූතියි මල්ලිට කරපු උදව් වලට..එහෙනම් අපි ගිහින් එන්නම්.."

"හොඳ හිතක්, හදවතක් තියෙන කොල්ලෙක් සඳුන් ඔය..පරෙස්සමින් එක්කන් යන්න..ප්‍රශ්න දාගන්න එපා පුතේ හොඳද.." කුඩා දරුවෙකු මෙන් විමලසේන මහතා කියූ දෙයට හිස නමා සඳුන් පැමිණ තිබූ කාරයට අකමැත්තෙන්ම නැග ගමන් ආරම්භ කෙරුනි...

"මල්ලිට අමාරුද..?"

"මල්ලි මල්ලි කියන්න ඕනි නෑ සඳුන්...මගෙ නම පසිඳු..."

"හ්ම්ම්..පසිඳුට ඕනි නම් හොස්පිටල් ඇඩ්මිඩ් වෙන්න පුලුවන්.."

"මුකුත්ම ඕනි නෑ ඔයා ගෙදරට කා එක දාන්න..බැහැ නම් මාව ඔය ත්‍රී විල් එකක් ලඟින් දාන්න.."

"අක්කත් ඔයා වගේම තරහ කාරයෙක්..පෙනුමෙන් කියන්නම බෑ තරහ යනවද කියලවත්..අම්මෝ ඒත් කොච්චි කරලක් වගේ..."

සඳුන් පැවසූ කිසිම දෙයක් නෑසුනු ගානට සිටීම නිසා ඔහු කතාව නවතා නිහඬවම drive කිරීමට පටන් ගත්තේය..පොලිස් ස්ථානයෙන් නැවත ලබා දුන් දුරකථනය සාක්කුවෙන් ගෙන බැලුවෙමි....

"ඕකෙ නම් batry dead වෙන්න ඇති.."

"හ්ම්ම්.."

"කෝ බලන්න පින් එක..ආ ඔය පින් එකේ චාජරේ ඇති ඔය ලොබි එකේ.."

"ඕනි නෑ..."

"හරි මා එක්කනෙ තරහා චාජරෙත් එක්ක නෙමෙයිනේ ගන්න පසිඳු..."

"සඳුන් ප්ලීස්.."
කෙමෙන් කෙමෙන් නිවෙස වෙත ලඟා වද්දී අම්මාගේ හා තාත්තාගේ මුහුණ බැලීමට නොහැකි චකිතයකින් සිත පෙලී ගියේය.. නිවෙසට යන පාර දෙපස බොහෝ දෙනා නෙත් දල්වාගෙන මදෙස බලා සිටිනු පෙනිණි...වාහනයද එතරම් වේගයකින් ධාවනය නොවේ...මම සඳුන් දෙස බලා වාහනයේ විදුරුව ඉහලට වසා ගත්තෙමි.. එය තේරුම් ගෙනම සඳුන් පටු පාරෙ උවද මදක් වේගයෙන් ධාවනයෙහි නිරත වන්නට විය..

"අනේ මගෙ පුතේ..." අම්මා පැවසුවේ එපමණකි....මා දෑත් අතරම ඇය සිහිසුන් වී ඇද වැටුනාය.. අක්කා හා මස්සිනා ඇයව වාරු කරගනිමින් ගෙතුලට රැගෙන ගියේය...

"මොකක්ද පුතේ මේ උඹට උනේ...මෙව්වා බලන්නද අපි උඹව ලොකු මහත් කලේ.."

"හරි තාත්තේ අපි මූට ටිකක් විවේක ගන්න දෙමු...යමන් මචන්...." ඒ රාජිතය...ඔහුත් සමග කාමරයට ගොස් දොර වසා ගත්තේ එකිනෙකාගෙ අදෝනාව ඇසීමට සිත් නොදුන් නිසාමය..ඇඳ සිටි ඇඳුම් ගලවා සරමක් ඇඳගෙන ඇඳෙහි වාඩි වූවේ දුන් බෙහෙත් බී නිදාගෙන විවේකයක් ගැනීමටය..

"ගොඩක් ගැහුවද පසිඳුවෝ...." ඒ ඇස් වල කඳුළුය..

"පිස්සුද ගෙම්බො අඬන්නේ..මෙව්වා හොඳ ෆිට් ඇඟවල්.. හය අවුරුද්දක් මව් කිරි බීපු ඇඟවල් ලේසියෙන් රිද්දන්න බෑ.."

"අනේ බං..." ඔහු මා බදා හඬන්නට විනි..මේ කළණ මිතුදමේ සෙනෙහසයි..ඒ ඇසේ පමණක් නොව සිදු වූ සියළු දෑ මතක් කර සිත නිදහස් වන තුරු මමද හැඬුවෙමි...

"උන් බල්ලෙක්ට වගේ බං සැලකුවේ...හොඳටම ගැහුව රාජිතයෝ..ජීවත් උනේ මගෙ කෙල්ල ගැන ආරංචියක් දැන ගන්නකන් ඉන්න ඕනි හින්ද..රිදෙනවා රිදෙනව දෙයියනේ ගහන්න එපා මං මොකුත් දන් නෑ කියද්දිත් උන් මට ගැහුවා බං.."

"අපි ඔය කෙල්ලව ඇත්තටම උස්සමු මචං...."

"මං ආදරෙයි බං..මට බෑ එහෙම කරන්න.."

"ඒත් පසිඳුවෝ..මතක තියාගනින් මේකෙ පලිය මං උන්ගෙන් ගන්නවා..."

"ඒ මිනිස්සු වැරදි නෑ බං...ප්‍රශ්න කරපු විදියයි වැරදි...ගනන් ගන්න එපා...දැන් මම ආවනේ..."

"උඹ තවත් බෝසත් වෙලා ඉඳපන්..මට බෑ එහෙම ඉන්න.."

"මට බඩගිනියි බං..."

"කියපන් මොනවද ඕනි.. උඹට ඕනි දෙයක් ගෙනත් දෙනවා...."

"අම්මා උයලා තියෙන සම්බෝලයි බතුයි හරි කමක් නෑ ටිකක් බෙදන් වරෙන්..."


රාජිත කුස්සියට ගොස් ඉක්මනින්ම බත් පිඟානක් රැගෙන ආවේය...පිගාන අතට ගත්තද දකුණු අත වෙලුම් පටි වලින් වෙලා තිබීම නිසා,

"හිටපන් මං උඹට කවන්නම්..වැඩිය උයලා නෑ බං..සම්බෝලේයි පරිප්පුවකුයි තියෙන්නේ...ආ සූඩියෙක් පුච්චන් ආවා අක්කට කියලා...."

"අරූ බලෙන් කතාවට ආවේ..."

"ෂ් ෂ් හෙමින්..අන්න ඩෑල් ටික එනවා.."
රාජිත බත් පත අනමින් කවන්නට වූවේය...අම්මා විත් හිස අත ගාමින් කඳුලු සලමින් බලා සිටී....අක්කා හා තාත්තා මාරුවෙන් මාරුවට එල්ල කරන දෝසාරෝපණ කිසිවක් නැසුන සේ රාජිත අනා කවන බත් කට රස කරමින් කන්නට උනෙමි...

"පේනවද තාත්තෙ මෙයාට ගානවක්වත් නෑ...කවුද කින්ද මන්ද හොයලා තරා තීරම හොයලා බලලා හොයා ගන්න එකියක් හොයා ගන්න බැරිද..? මොකද පොඩි බබෙක් නෙමෙයිනේ.. මල්ලි තමුසෙට මොකුත් උනා නම් මේ දෙන්නව බලාගන්නේ කවුද..ඒකි නම් ඔහෙ ඉඳීවි..සල්ලිකාර උන්ගෙ මහන්තත්වෙ විතරයි..."

"අනේ අක්කේ මේ...ඒ කෙල්ල ගැන වචනයක්වත් කතා කරන්න එපා.. තමුසෙ මං නැති අතරේ ගෙට පැනලා එන්න එපා මගෙ අම්මා වෙන්න.. තමුසෙ හැදිලා ඉන්නවා අනුන් හදන්න.." හිතට ආ ආවේගය එලෙස පිට කර දැමුවේ තරූ ගැන කියවීමට ආ නිසාය..රාජිතගේ බත් කටද ප්‍රතික්ෂේප කර එතැනින් ඉවතට ඇදුනේ තවත් එහි රැඳී සිටියහොත් සිදු වන්නේ විනාසයක් පමණක් බව දැනුනු නිසාය....

"පොඩි එකාට මොකුත් කියන්න එපල්ලා..ඌගෙ තිබ්බ අපලයක් ඉවර උනා කියලා හිතාගමු...නාහෙට අහන් නැති කොල්ලා..ඉස්සරහට කරන්න ඉන්න දේ ගැන කල්පනා කරපල්ලා.."
ඉවත්ව යන අතරතුර අම්මා එසේ පවසනු ඇසුනි...කුස්සියට ගොස් වතුර බී මා පසු පසම පැමිණි රාජිතද සමග නැවත කාමරයටම ඇදුනේ එහි සිටි පිරිස නැවතත් සාලය දෙසට එන බැව් දුටු නිසාය...අක්කා ගස්සාගෙන ගියාය...තාත්තා කිසිවක් නොකියාම දැඩි කල්පනාරූපීව එලියට ඇදුනේය...

"දැන් ඩින්ගක් නිදාගනින් මගෙ පුතේ..බෙහෙත් දුන්නද බොන්න.."

"ඔව් අම්මා...ටික්කින් බොන්නම්."

"අනේ රාජිත් පුතේ මතක් කරලා දීහන් එහෙනන්..." අම්මා එසේ පවසා යන්නට ගියාය...අක්කාට බියවීදෝ අක්කා පසු පසම ඇදෙන සඳුන්ව දැක දෙදෙනාම සිනා සී ගෙන කාමරයට ඇතුලු වූවෙමු....

"මචන් පෝන් එක චාජ් එකට ගැහුවද..?"

"ඔව් බං...හිටහන් බලන්න..."

"ඔන් කරපන්කො බලන්න..."

"ඔන් වෙනව බං... කෝ බං බෙහෙත් ටික..ආ මේ තියෙන්නේ...පොඩ්ඩක් විවේක ගනින් දැන් මේක බීලා..."

"ඕවා බීවම නින්ද යයි බං...දැන් රිදෙන්නෙත් නෑ.."

"අනේ මේ මගෙන් මුකුත් නාහා මේ බේත් ටික බීපන්...මට අදවත් ගෙදර පැත්තෙ ගිහින් එන්න ඕනි.."

"හ්ම් එහෙනම් ගිහින් වරෙන්..අදම එනවද..?

"ට්‍රයි එකක් දෙන්නම් බං...අම්මගෙන් බැනුම් කෝටියක් අහන්න වෙනවා...ඒක අහලා එන්නම අද දවස ඇති වෙයිද මන්දා..."

"හරි එහෙනම් ගිහින් වරෙන්...මං ටිකක් නිදාගන්නම් බං....."

ඔහු යන්නට ගියේය...දුරකථනය අතට ගෙන ඇලට් කිසිවක් ඇවිත්දැයි බැලුවෙමි...කෙටි පණිවුඩ කිහිපයක් ඇවිත් තිබුනද උවමනා කිසිත් නොමැති බැවින් නැවත දුරකථනය චාජ් වීමට තබා ඇඳේ ඇලවුනෙමි....දෑස් පියවීගෙන යද්දී වරින් වර අම්මා,අක්කා,තාත්තා හා සඳුන් මොන මොනවාදෝ කියා ගියේය...ඒ කිසිත් නෑසුනේ බෙහෙත් සැර නිසා නිදි ලොවට පිවිසෙමින් තිබූ නිසාමය..

ඔබ මා හමු වුනු දා
දෑත් දරා...
පෙර භවයක බැඳුනා
මෙන් දැනුනා..
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා...
මට ආදරෙයි කියා....
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා...
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා...
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා...
මගෙ දෑස් දිහා.......
මා ඇස් පිය නොහෙලා බැලුවා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...
ඔබෙ දෑස් දිහා......

සංසුන් සිතින් සිතමී...
මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විඳිමී...
සිහිනේ සරා..
දිගු රැය දිගේ....

ශෂිකා නිසංසලා මහත්මියගේ ගීතය වරක් දෙවරක් සිහිනයෙන් මෙන් ඇසෙන්නට විය...එක වැරම ඇඳ මත හිඳගත්තේ එය දුරකතනයේ ringtoneය බැව් මතක් වූ නිසාමය...ඇඳෙන් බැස දුරකථනය අතට ගත්තෙමි.... Unknown number ලෙසින් දුරකථනයට ඇමතුම පැමිණෙමින් තිබුනි...

"හෙ...හෙලෝ...."

"අයියා පැටී...." හැඬුම් ස්වරයෙන් අනෙක් පසින් ඇසෙන්නට විය...මුලු ලොවම ලැබුනත් නොදැනෙන සතුටකින් නෙත් ඉවුරු සේදී ගියේ ක්ෂණයකිනි...කතා කරගැනීමට මුව විවර වන්නේද නැත...

"තරහද මගෙ දෙයියෝ...අයියා පැටී............කතා කරන්නකෝ...."

"ම්ම්....."

"අඬනව නේද..."

"න්න්....නෑ...."

"අනේ අයියා පැටී....."

" මොකක්ද මගෙ කෙල්ලට උනේ..."

"මං දන් නෑ දෙයියෝ...ඒ ඒක හීනයක් වගේ....මට කරදරයක් නෑ මගෙ අයියේ...ඔයාව විතරමයි මගෙ ඇස් වලට පෙනුනේ...ඔයාව විතරමයි මගෙ මතකෙ තිබුනේ...ඒත් දෙවියනේ මේ පවුකාර කෙල්ල හිම්දා මගෙ අයියා පැටීට විඳවන්න උනා නේද...?" හැඬුම උත්සන්න විණි...ඉකි ගසා හඬනු ඉවසිය නොහැකිය...දුරකථනය මොහොතකට බිමින් තැබුවේ ඇගෙ කඳුල හදවත සිසාරා ගිගුම් දෙන බැවිනි..

"මට ලොකු ප්‍රශ්නයක් නෑ පැංචියෝ...මගෙ කෙල්ල කරදරයක් නැතුව ආවනේ...ඒ ඇති රත්තරන්.... මට කරදරයක් කියලා කොහොමද නංගි පැටී දන්නේ..."

"මට දැනුනා දෙයියෝ...පිච්චි පිච්චි මේ නංගි පැටී හිටියෙම ගෙට ගොඩ වෙනකන්..ඒත් කවදාවත් නැති විදියට තාත්ති නපුරු වෙලා ඉන්නවා දැක්කම ගොඩාක් බය හිතුනා.."

"මොකද කිව්වේ....සැර උනාද මගෙ කෙල්ලට..."

"හ්ම්ම්..ඔවු..........ඉහිහ්.... ගෙදරින් එලියට යන්න එපා කිව්වා..."

"ඒ ඉතින් ආදරේටනේ...ඔය නම්බර් එක කාගෙද..."

"මගෙ පෝන් එක නැහැනේ...අර නපුරු මිනිස්සු ඒක තියාගෙන... මේක අම්මිගෙන් හොලෙන් අලන් ආවේ..."

"හොර පූසි....."

"ඔන්න නම් වානම් කිව්වොත් අඬනවෑ..."

"අනේ මගෙ කෙල්ල... උම්ම්ම්ම්ම්ම්මා....."

"කපටියා.......
අයියා පැටී...."

"කියන්න වස්තුවේ...."

"රිදෙනවද, ගොඩක් කරදර කලාද...?"

"ඔය ඉතින් ආයෙත් අඬනවා...මට මොකුත්ම කරදරයක් උනේ නැහැනේ..දැන් සතුටු වෙන්නනේ ඕනි පැංචියේ..."

"නෑ මගෙ හිත මට බොරු කරන් නෑ....කොහොම උනත් මීට පස්සෙ අයියා පැටී ගොඩක් පරෙස්සමින් ඉන්න..."

"ඇයි තාත්ති සැර කලේ මං ගැන කියලද..."

"එහෙම මොකුත් කිව්වේ නෑ...ඒත් දැන් දන්නවා ඇති ඔක්කොම...අයියා දිහා බැලුවෙවත් නෑ...බයයි...."

"හ්ම්ම්..අපි ඉස්සරහට බලමුකෝ..."

"අයියා පැටී ඔයා කරාටි පංතියකට යන්න..."

"හිහ් කරාටි පන්තියකට....ඒ මොකද...?"

"අර දිල්වාලේ දුලහානියා ෆිල්ම් එකේ වගේ ඩිෂුම් ඩිෂුම් ගාලා ගහලා මාව අරන් යන්න..."
සිනාව නවතා ගත නොහැකි විය...වියැලී යමින් තිබූ කඳුළු නැවුම් වන තුරු සිනා සුනෙමි...

"තරහයි...."

"ආ......"

"හිනා වෙන්න නෙමෙයි කිව්වේ හ්ම්.."

"ඉතින් මගෙ මැටි කෙල්ලේ කරාටි පංති.....හි හි......."

"ඔය ඉතින්.....තප්පර දහයක් තරහයි...."

(සියලු නම් ගම් මනක්කල්පිතයි)
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••
 


No comments: