Translate

Saturday, July 16, 2016

සිහිනයකි දෑස් ලඟ 04





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - සිව්වන දිගහැරුම - ¥

බස් රියෙන් බැස ගත් වහාම අසල පිහිටි අවන්හලේ පිටුපසට ගොස් මුහුණ සෝදා ගත්තේ නිදිබර මුහුණ නැවුම් කර ගැනීමටය..ඉන් එලියට අවුත් දුරකතනය ගෙන ඇයට ඇමතුමක් ගත්තෙමි...

"අයියා පැටී..."

"මං ආවා බබා.."

"අයියෝ ලන් වෙද්දි කියන්න කිව්වනේ.."

"ම්ම් ඒකට කමක් නැහැ දැන් ඔයා එන්නකෝ.."

"හරි මං විනාඩි පහෙන් අයියා පැටී ලඟ.."

"හරි පරෙස්සමින් හෙමීට එන්න.."

"නෑ ඉක්මනට එන්නම්කෝ..." සිනා හඬකින් පිළිතුරු දුන් තරූ දුරකථනය විසන්ධි කලාය..
නැවතත් දුරකථනයේ ඉදිරිපස කැමරාව on කර මුහුණ දෙස බැලුවේ පෙනුම කෙසේද කියාය.."මේ වඳුරු මූණ දැකල දුවයිද මන්ද කෙල්ල.." සිතමින් නැවත අවන්හල පසුපස ඇති ටැප් එකෙන් මුහුණ සෝදා ලේන්සුවෙන් මුහුණ පිස දමා අසළ ඇති සැලුන් එක තුලට රින්ගා ගත්තේ අවුල් වී ඇති කොණ්ඩය සකසා ගැනීමටය..
අවට පරිසරය කාර්‍ය බහුලය..පිරිසක් තම වෙළඳාම් කටයුතු කරයි..පිරිසක් ගමන් යාමට බස් රිය එනතුරු බලා සිටියි..ඝෝෂා කාරි ස්වරූපයෙන් වාහන එහා මෙහා යයි..මේ සැවොම මා දෙස බලා ඉන්නා මෙන් මට හැඟෙයි..බිම බලා හොරෙන් ඒ සැම දෙස බලා සැක හැර ගැනීමට ගත් වෑයම එක වරකදී මා දෙස බලා සිනාසෙන පාසැල් වයසේ තරුණියන්ගේ නෙතට හසු විය..ඒ සිදු වූ ලැජ්ජාවෙන්ම පාර දෙසට හැරුනි..
සියල්ල එක තැන නැවතී හැඩය..සීත සුළඟක් හැමුවා මෙන් ගත කිළිපොලා ගියේය..ඈතින් පෙනෙන ගස් සියල්ලෙන්ම කොල එකින් එක හැලී පාවෙයි..ඒ අතරින් ඉදිරියට එන hero pleasure වර්ගයේ රෝස පැහැති ස්කූටරයක පසුපසට විහිදෙන කොන්ඩයද රැඳි දිව්‍යාංගනාවක්ය..මා දෙනෙත එතැනින් මුදා ගැනීමට අවශ්‍ය නොවුනි..මා කෙසේ බලා සිටියේද යන්න සිතීමට පවා අමතක විනි..සෙමෙන් බස් නැවතුම්පලට ස්කූටරය හරවා නැවතුම්පල බිමේ කෙලවරේ එය නවතා පැලඳ ආ හෙල්මටය ගැලවූ ඇය කොණ්ඩය ගස්සා එක වර නැවතුම්පල දෙස හැරුණි...දෑස අදහා ගත නොහැකි දසුනක් මෙනි..එවන් ලස්සනක් මා පෙර දැක නොමැති බව ස්තීරය.. නිල් පැහැති ඩෙනිමකින් හා සුදු පැහැති චාම් බ්ලවුසයකින් හැඩ වුන ඇය දුරකථනය අතට ගෙන නැවතුම්පල දෙස බලා කාට හෝ ඇමතුමක් ගත්තාය....
වරක් දෙවරක් නොව කීප වතාවක් ඇය දුරකථනයට ඇමතුම ගැනීමට උත්සහ කරන්නීය..අනෙක් පසින් ඇමතුම හා සම්බන්ධ වන බවක් පෙනෙන්නට නැත..විටෙක ඇය නොසන්සුන්ව සිටියාය..එවිට ඇය හිසේ කෙස් රොද එහා මෙහා කලාය..

"අයියේ..මේ...හලෝ ඔයාට තමා.."

පොඩි කොලු ගැටයෙක්ගේ හඬින් මා කුල්මත් දැහැන බිඳී ගියේය..හිතේ ඇති වූයේ අමනාපයකි..ඒ අමනාපයෙන් ම කාරණය වටහා ගත නොහැකිව අතින් සංඥා කොට කිමද යන්න විමසුවේය..

"දැන් ගොඩක් වෙලා හලෝ ඔය පෝන් එක රින්ග් වෙනවා..මොන ලෝකෙද ඉන්නෙ හලෝ.."

"ඕහ් ෂිට්, ආපු කාරණෙත් අමතක උනා"..මිස් කෝල් 6කි..."කෙල්ල බය වෙලාද මන්ද.."

"හෙලෝ අයියා පැටී කොහෙද ඉන්නේ..මං කොච්චර වෙලාද ට්‍රයි කරන්නේ.."

"සොරි බබා..ඔයා කොහෙද මං දැන් හෝල්ට් එකේ main road side එකේ ඉන්නේ.."

"කෝ ඉතින්..මාත් ඒ පැත්තෙ බයික් එක පාක් කලේ..".
"අහ්...දෙයියනේ මේ ඇත්තක්ද..එක විගසම නැවතත් ස්කූටර් තරුණිය දෙස බැලුවෙමි..

"හෙලෝ අයියා පැටී මාව පේනවද...?" ඇය අත වනා කීවාය....මට උන් හිටි තැන අමතක විය..එසේම බලාපොරොත්තුද සුන් විය..මෙතරම් ලස්සන සුරංගනාවියක් මට කැමති වෙයිද..?

"ඔ..ඕව් තරූ...මං ඔය ඉස්සරහම ඉන්නේ මේ..." මමද එදෙසට අත වැනීමි..

"හොර ගෙඩියා..ඉන්නකො මං එනකන්.."
එය නම් සිතට සැනසුමක් විය..බලා සිටි සිහිනයෙන් මා අවධි කල පොඩි කොලු ගැටයා පණ්ඩිත එකෙකි..එහෙත් ඔහුට ස්තූති කිරීමට එදෙස හැරුණි..

"ඌයි..මොකෝ අයියේ වෙලා තියෙන්නේ.."

"කෙල පිහද ගනින්.."

"හී ලස්සන කෑල්ල නේහ්.."

"කෑල්ල.., දෙනව මං උඹට.. ඒ මගෙ කෙල්ල යකෝ.."

"හම්මට.., සොරි සොරි bro ඉතින්.."

"මේකා නම් සිඟිති පාතාලෙ එකෙක්..බුකියෙ වැහි වැහැල..මුන් ඒ ගට්ස් පාරටත් ගේනවා..රාජිතයා හිටියා නම් මේකා නහයෙන් ලේ දානවා...යලිත් කතා කලහොත් පොඩි එකකු හා රණ්ඩුවට යාමට වන වග දැන තරූ එන ඉදියට මමද ගියෙමි...


"හායි..." සුහද සුපුරුදු හඬින් ඇය ඈත සිටම කියූවත් කතා කර ගත නොහැකි ලෙස ගොළු වී ඇත... "එක එකාට ටෝක් දෙන්නෙ නම් ජෝන් සීනා වගේ...දැන්..? නොදකින් පසිඳුවෝ,ගට් එක ගනින්.."

"හායි.." සිනහවකින් එලෙස හඬ පිට කිරීමට සමත් වුවද එය නිසැක වශයෙන්ම චිත්‍රපටයක එන විහිළු චරිතයක හඬක් මෙන් නිකුත් වූ බව මටම දැනුනි..

"කෝ අයියා පැටී චන්ඩියා ගෙදර තියලා ආවද.."

මුහුණට මුහුණ සමීප වෙද්දී ඇය ඇසූ දෙයට නතරවී හිස කැසුවා මිසක පිළිතුරු දෙන්නට නොගියෙමි..මොහොතකි,ඇය විත් මගේ අත අල්වා ගත්තාය..

"I Love You.." කෙසේ පිටවූවාදැයි පවා නොදැනුනි..එහෙත් එය එක වර මගේ මුවින් පිටවුනි..ඇයගෙ කම්මුල රෝසපැහැ ගැන්වී ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.. "එල එල පසිඳුවෝ උඹෙ පුරුෂ ශක්තිය පෙන්නුවා එහෙනම්..." අහින්ංසක සතුටක් දැනුනි..බිය, චකිතය පහව ගොසින් සුපුරුදු සෙනෙහස මතුවුනි...

"කොහෙටද යන්නේ..."

"ගොඩාරියක් කතා කරන්න ඕනි.."

"මටත්..."

"මේ ලඟ පාත බෑ අයියා පැටී...දැන්ම ගෙදර අය දැනගත්තොත් ප්‍රශ්නයක්..? මුහුණ ඇඹුල් කරගෙන ඈ එය කියූ විදියට මට සිනා පහල විය...

"ම්ම්...මොකෝ හ්ම්...." මුහුණ ඇද කරගනිමි අසයි..සිනිදු සුමුදු දෑත අල්ලාගෙන කිසිවක් නොකියාම බස් නැවතුම්පල තුලට ඇවිද ගියෙමි..

"අයියා පැටී..." කනට කර රහසින් මෙන් ඇය කොඳුරයි...

"ම්ම්ම්...."

"කොහෙටද යන්නේ.."

"කලා වැවට යන්.."

"හා.."

"කොහෙ යමුයි කීවත් හා කියනවද.."

"නෑ.."

"ඒ ඇයි..බයද..?"

"නෑ.."

"එහෙනම්.."

"මගෙ හිතේ ඔයා ගැන තියෙන ගෞරවය මං නිසා නැතිකරගන්න අකමැති නිසා..."
පපුවට කිසිදා නොදැනුනු හැඟීමක් ඈ කෙරෙන් දැනුනි..මා ඇයව තවත් තරයේ අල්වා ගත්තේ එකට මිය ගියත් කිසි භවයක මේ අත නම් අත් නොහරින බව සිතට ධාරණය කර ගනිමින්‍ ය..
යලිත් ගොළුව ඇති හදවත සිතත් සමග පිළිසඳරේ යෙදෙන මොහොතේ ඇය පෙන්වූ A/c බස් රථයට ගොඩ වීමු....

"මහත්තයා කොහෙටද..?"

"කලා වැව ලඟට.."

"එහෙනම් මේ ලඟ සීට් එකක ඉඳගන්න..පස්සට යන්න එපා..."
හොම්බට දෙකක් අනින්නට සිතුනි..ඒ අන් කිසිවක් නිසා නොව කෙල්ල ඉදිරිපිට දුන් ගොන් ටෝක් එක නිසාය...දෙමාපියන්වත් ඕඩර්ස් දෙන එක ඉවසා ගත නොහැකි සිත අසතුටෙන් දමනය වූවේ සුරංගනාවිය මා ලඟ නිසාය...

"අයියා පැටී මෙතන ඉඳගමු.."

"හ්ම්..ඉඳගන්න.."

"වඩේ කමුද..?"

"ඉන්න මං අරන් එන්නම්..."

"ඕනි නැහැ දැන් එයි අරගෙන.."

"ඔයා බස් වල ගමන් ගිහින් තියෙනවද..?"

"ආ හිතුවද අපෙ දිහා ෆ්ලයිට් අරන් දීලා තියෙනව කියල.."

"නෑ මං කිව්වේ..""

"හා හා දන්නෝ...බය උනා නේද..."

"මොකට බය වෙන්නද.."

"එහෙනම් එහෙම ඇහුවේ.."

"ඔයාලට සල්ලි තියෙනවා...අනික ඔයා ලස්සනයි ගොඩාක්...පොෂ් කෙල්ලෙක් වඩේ ගැනයි ප්ලේන්ටි ෂෝටිස් ගැනයි කියද්දී ඒක අසාමාන්‍ය නිසා ඇහුවේ..."

"අපෙ තාත්‍තිලාට ගොඩක් සල්ලි තියෙනවා...ඒත් අම්මිලාගෙ අයට එච්චරම නෑ....මං ගොඩක් වෙලාවට ආශ්‍රය කරන්නේ ගමන් බිමන් යන්නේ ඉස්කෝලෙ ගියේ ක්ලාස් ගියේ අම්මිගෙ පැත්තෙ අයත් එක්ක..."

"ආ ඒක තමයි නෝටි පොෂ් වෙලා තියෙන්නේ.." ආන්න වඩේ එනවා.."

සුවඳ වෑහෙන මිරිස් කරල්, ළූණු, ඇතුලුව පරිප්පු වඩේ දහයක් රැගෙන වතුර බෝතලයක් සමග ඇයට දුන්නෙමි..ඇය දෝතින් රැගෙන වඩයක් හා මිරිස් කරලක් රටාවකට මෙන් විකයි...මෙලෙස වඩේ පහක් විතර මහත් අභිරුචියෙන් යුතුව කෑවාය..එක වැරම යමක් මතක් වූ ලෙස ඈ මදෙස බලා....

"ඕනිද...? "

•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••


No comments: