Translate

Thursday, July 14, 2016

සිහිනයකි දෑස් ලඟ 03

•••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••

¥ - තෙවන දිගහැරුම - ¥

අපමණ හැඟුමන් හද මත දරාන අවිවේකි සිතින් තරූට ඇමතුමක් ගත්තෙමි...
"ආ...ගුඩ් මෝනින් අයියා පැටී..." හුරතල් හඬ එහා කොනින් ඇසේ..
"ගුඩ් මෝනින් තරූ පැටියෝ...මං හිතුවෙ තවම දොයි කියලා.."
"මොන දොයිද අයියේ නින්ද ගියෙම නෑනේ.." මගෙ සලිත හිත සේම ඇයගෙ හිතද සලිත වූ බව දැන් පැහැදිලිය..දෙදෙනම නිදි නොමැතිව අවිවේකිව ගත කර ඇත්තේ අද හමුවීම පිලිබඳ ඇති කරගත් ප්‍රේමණීය හැඟීමද..? නැති නම් චකිතයද..? "හෙලෝ..අයියා පැටී ඇහෙන් නෑ.."
"ආහ්..මං දැන් මේ එන ගමන් මගෙ පැටියව බලන්න..."
"අනේ...."
"ම්ම්..."
"මොකක්ද වගේ අයියා...ගොලු වෙන්න හදනවා වගේ..හිතට එන දේ කියාගන්න බෑ.."
"මටත් පැංචියෝ..මං කොහෙටද එන්න ඕනි.?"
"ඔයා අලුත් බස් හෝල්ට් එකට ඇවිත් ඉන්න..ලං උනාම කියන්න..මං සුටුස් ගාලා එන්නම්.."
"හ්ම්...එහෙනම් තියන්නම්...මූණ හෝදන් කෑම කන්න.."
"ඔයාට එන්න පැය දෙකක්වත් යයිද අයියා පැටී.."
"නෑ පැය එක හමාරෙන් ආවැකි.."
"අනේ මොනා හරි කාලා බස් එකට නගින්න හොඳද.."
"බලන්නම්..."
"බලන්නම් නෙමෙයි..ෂෝටීස් එකක් කාලා ප්ලේන්ටියක් බීලා එන්න.."
"හි හි එහෙමයි මැඩම්.."
"අන්න ඒම...උම්ම්ම්ම්මා..මං තියන්නම් පරෙස්සමට එන්න..බුදු සරණයි..ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පිහිටයි.."
"හ්ම් බුදු සරණයි..කෑම කන්න ඔයත්..මං ඇවිත් කෝල් එකක් ගන්නම්.."
දුරකථනය විසන්දි විය.."ෂෝටීස් එකක් කාලා ප්ලේන්ටියක් බීලා එන්න" සල්ලිකාර පවුලක පොෂ් කෙල්ලෙක්ගෙන් ඇහෙන වචනයක්ද ඒක..තනිවම සිනා පහල විය..
"මොකෝ මහත්තයා..කතා කලේ girlfriend ද..?"
ත්‍රිරෝද රථ රියදුරු ඇසූ දෙයට සිනා පිරිණු මුහුණෙන්ම ඔලුව වැනුවා මිසක මුවින් පිලිතුරු දීමට ගියේ නැත..ඔහු මොනවාදෝ කියාගෙන යයි..හ්ම් හඬ පමණක් නගමින් මටම අවනත නොවූ දැහැන් ගත සිතට වී තනි සුවයක් වින්දනයක් ලබමින් බස් නැවතුම් පලට පැමිණුනි..
රියදුරුට ස්තූති කර නැවතුම්පල අභියස වූ කුඩා අවන්හලකට ගොඩ වැදුනේ "ෂෝටීස් එකක් කා ප්ලේන්ටියක් බීමටය" ප්ලේන්ටිය හුරු අතට ගත්තත් අනෙත් අතෙට කිසියම් අඩුවක් දැනුනේ සිගරට් එකක් බව සිහි උවත් එය මවිසින්ම ප්‍රතික්ෂේප කර දැමුවේ කුමකටදැයි සිතා ගත නොහැකි විය..මක් නිසාදැයි යන්න පිලිතුරු අතර දෝලනය වූ සිතින් නැවතුම්පළ දෙසට ඇදුනේ බස් රථයක් ගාල් කර තිබෙනු දැකය..
එතරම් සෙනග නොවූ අනුරාධපුර පුවරුව රැගත් බස් රථයට ගොඩ වුනේ දිනයද වාසනාවන්ත යැයි සිතාමය..වෙනදා නම් සෙනසුරාදා දිනයෙහි මෙවන් වෙලාවට අමතර පංති යන සිසුහු බොහෝමය...මැද පෙල අසුනක වාඩි වී hand-free ගසාගෙන දුරකථනයෙහි ගීතයක් දමාගනිමින් දෑස් පියාගතිමි..
කෙතරම් වේලාවක් ගත වුනිදැයි නොදනිමි..කොන්දොස්‍තර වරයාගේ කට හඬින් පිබිදී වට පිට බැලු පසෙ ගමනාන්තයට පැමිණ ඇති බවට පසක් වුනි..ඇඟ මැලි කඩා ඇස් පියන් තටු පිස දමමින් බසයෙන් බැස ගත්තේ අද ආරම්භ වන නව දිවියක හැඟුම් හද දරාගෙනමය...

•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••

For Previous Part : http://sapugeadawiya.blogspot.com/2016/07/02.html
For Next Part : 



No comments: