Translate

Wednesday, July 20, 2016

වර්ෂා

සමීර එක් වඩු කාර්මිකයෙක් විය.. ඔහු ක්‍රියාශීලී තරුණයකු නිසාම හොඳ වැටුපක් ගෙවා තමා ලඟම තබාගෙන වැඩ ගැනීමට ලී මෝල් හිමියා කටයුතු කලේ දෙවරක් නොසිතාමය...සමහර දිනෙක රෑ බෝ වුනත් සිය රාජකාරියට සමීර බෙහෙවින්ම ආදරය කලේය... එම නිසාම ඔහු කරන වැඩ සඳහා නිතරම පාහේ ගුණ වරුනා ඇසීමටටද, මුදලාලිට දිනෙන් දින ගැණුම් කරුවන් ඉහල යාම නිසා දෙන සංතෝෂම් මුදලක්ද ලැබිනි... කාලයත් සමගම ඔහු දිනෙන් දින ඉතිරි කල මුදල් යොදවා වැඩපලට යමා ඒම පහසු කර ගැනීමටත් ආම්පන්න ආදිය පහසුවෙන් රැගෙන යාමටත් ත්‍රී රෝද රතයක් ඔහු මිලදී ගත්තේ ක්‍රියාශීලිකමෙන් උපයා ගත් ධනයෙන්මය.....

එදිනද සමීරට වැඩ බහුල දිනයක් විනි..දැන් දැන් වේලාවක් නොබලන තරම් ය..ඒ ඔහුට පහසුවෙන් හා ලේසියෙන් යාමට ඒමට හැකි නිසාය... කෙසේ හෝ සමීර එදිම දැඩි ලෙස වෙහෙස මහන්සි වූ දිනයේ නිමාව සටහන් වූයේ රාත්‍රී 10.15ටය... වැඩ අවසන් කරමින් ලී මඩුව වසා දැමු සමීර කිලෝ මීටර් දහයකින් එහා තිබුනු තමාගෙ නිවසට යෑමට වාහනය පැදවිය...
රාත්‍රී කාලය නිසාම වාහන කිසිවක් නොතිබුන පාරේ ඈතින් රුවක් අත දමනු සමීරට පෙනෙන්නට විය... කවුරුන් හෝ උදව්වක් ඉල්ලනවා වන්නට ඇතැයි ඔහු සිතුවේය....එම නිසා ඒ අතවනන රුව දෙසට තම රිය පැදෙව්වේ සැම විටම පාහේ අයෙකුට උදව් කිරීමට නොපැකිලිව සමීර ඉදිරිපත් වන නිසාමය....
"අනේ අයියේ උදව්වක් කරන්න පුලුවන්ද..."
දෙයියන්ට ඔප්පු වෙච්චාවේ...මේ කෙල්ලෙක්නේ...සුදු පැහැති ඇඳුමකින් සැරසී සිටිය ඉතා රූමත් කාන්තාව දුටු සමීර යුහුසුලුව උපකාර කිරීමට ඉදිරිපත් වූවේය...
"ඇයි නංගි...මොකක්ද ප්‍රශ්නේ.."
"අනේ අයියේ අපෙ අම්මට සනීප නෑ...ඉක්මනට ඉස්පිරිතාලේ එක්කන් යන්න ඕනි..වාහනයක් එනකන් මග බලන් හිටියේ..."
"ගොඩක් අමාරුද...? කොයි හරියෙද ගෙදර...?" වටපිට බලමින් සමීර ඇසුවේ අවට ගෙවල් කිසිවක් නොතිබුනු බැවිනි...
"අනේ අයියේ මේකෙ නම් ගේ ලඟට යන්න බැරි වෙයි...මේ ලඟ තියෙන්නේ..පොඩ්ඩක් ගිහින් එමුද..?"
"ම්ම් හරි යන්කෝ එහෙනම් ඉක්මනට...." කෙසේ වෙතත් අවධානමට පෙර සූදානම හොඳ යැයි සිතා ත්‍රී රෝද රතය මාර්ගයේ අයිනකට කර එතුල තිබුනු දිගු කිණිස්සද ඉණේ ගසා ගත්තේය...
ඉතා පටු මාර්ගයක් ඔස්සේ කැළයක් මැදින් යාමට තිබූ පාරේ ඉදිරියෙන් යන ස්ත්‍රීය දෙස බලාගෙන සමීර ගමන් කරන්නට විණි..මද දුරක් යන විට කිසිදු එලියක් නැති කුඩා පැල්පතක් දුටුවේ සඳ එලිය එතැනට වැටී තිබුන නිසාය...මෙතෙක් වෙලා නිශ්ෂබ්ධව ආ තරුණිය මේ මොහොතේ සිය මුව විවෘත කලාය...
"අයියේ මේක තමයි ගේ...අම්මා ඇතුලේ ඉන්නේ..." යුහුසුව ඒ කුඩා පැල්පතට ඇදුනු සමීර දුටුවේ චීත්ත රෙද්දක් එලා නිදා සිටින වයසක ගැහැණු කෙනෙකි.. තරුණිය කඳුළු සලමින් එදෙස බලා සිටි හෙයින් සමීර එම වයසක ගැහැණිය සිය දෝතට වඩාගෙන දිවගෙන ත්‍රී රෝද රථය වෙත ගමන් කලේය...තරුණියද පසු පසින් පැමිණ තම මවගේ සහයට ත්‍රී රෝද රථයට නැංගාය.....
"අනේ අයියේ ඉක්මනට යමු..."
"හරි නංගි මහ ඉස්පිරිතාලෙටම අරන් යමු...."
"හා අයියේ...."
"මොකක්ද ලෙඩේ නංගි...."
"දන් නෑ අයියේ...වයසයිනේ...."
"නංගි මොනවද කරන්නේ..."
"මං වැඩ කරන්නෙත් හොස්පිටල් එකේම තමයි අයියේ...නර්සින්..."
"ආ එහෙමද...?" කෙල්ල හැඩය...මේ වන විට අනිවාර්‍යයෙන්ම ආදර සම්බන්ධයක් නම් තිබිය යුතුමය..මන්ද මෙවැනි ලස්සන තරුණියකට ආදරවන්තයෙක් නැති නම් එය පුදුමයක් ය...සමීර එලෙස සිතුවේය.... රෝහලට තව මද දුරක් ඇති හෙයින් එයද අසා දැන ගනිමි යැයි සිතා,
"නංගි මැරි කරලද..?"
"මට බඳින්න බැරි උනා අයියේ.."
"බඳින්න බැරි උනා කිව්වේ.... පිරිමි ලමයෙක් ඉන්නවද ආදරේ කරන.."
"හිටියා....ඒත් දැන් එයා බැඳලා.." ඇය පැවසූ හතර බීරි කතාව සමීරගේ හිතට අමුත්තක් ගෙන ආවේය... නමුදු යටි සිතින් සතුටු වූයේ දැනට ඇයට කිසිදු සම්බන්ධයක් නොමැති බව සිතාය...
"නංගිගේ නම මොකක්ද..?"
"මම වර්ෂා..."
"වර්ෂා....මම කැමතියි ඔයාව කසාද බඳින්න..." මෙය ආදරය ප්‍රකාශ කිරීමට වේලාවක් නොවුනද, ඔහු එය කියා දැමුවේ ඇය වැනි අති රූමත් ස්ත්‍රියක් අහිමි කර ගැනීමට සිත ඉඩ නොදුන් නිසාය....
"නංගි මොකද කියන්නේ..."
"අනේ මන්දා අයියේ...ඔයා කියන්නේ ඔය ඇත්තමද..?"
"ඔව්...සත්තයි...මං කරන්නේ වඩු වැඩ...මාසෙට සෑහෙන්න ගානක් හොයනවා මං..ඔයා ජොබ් එකට යන ඕනිත් නෑ...." සමීර තමාගෙ සියළු විස්තර නොවලහා පවසන අතරතුරේ වාහනය රජයේ මහ රෝහල වෙත ලඟා වී තිබින...
වහ වහා රියෙන් බැසගත් සමීර තම අනාගත නැන්දම්මායැයි සිතාගෙනම පෙරට වඩා වැඩි සෙනෙහසකින් දෝත දරා රෝහල් වාට්ටුව තුලට රැගෙන ගියේය... රෝහලේ හෙදියන්ට බාර දී අත්සන් කිරීමට වර්ෂා අහලක නොසිටීම නිසා සමීරම එම ලියකියවිලි වලට අත්සන් තැබුවේය..
සියළු වැඩ හමාරකොට වර්ෂාව සොයා සමීර එලියට පැමිණියේය...පුදුමෙකි...ඇය තවමත් ත්‍රී රෝද රියේය...
"ඔයා මෙතනද.., ඇයි ඇතුලට නාවේ..." ඇය දෙස බලා ඔහු ඇසුවේය... සමීරට ඒ ඇස් ඉවතට ගනු බැරි විය..කඳුළු සලා රත් පැහැ ගැන් වී තිබුනු නෙත්... සඳ එලියෙන් දිලිසෙමින් ආදරණීයව තිබුනි... සමීර ඒ දෑස් දෙස බලාම ත්‍රී රෝද රියට ගොඩ විය..
"මට බලන්න බෑ..."
වල ගැසුනු කම්මුල් සමීරගේ සිත මන්මත් කලේය..ඇයව දමා යෑමට සමීරට සිත් නොවීය..එහෙයින් ත්‍රී රෝද රියේම ඔහු රැය පහන් කලේය....
වාහන නලා හඬින්ද මිනිසුන්ගේ ඝෝෂාව මැදින්ද පිබිදුනු සමීර දෑස් පියන් පොඩි ලර වර්ෂා සෙවූ නමුත් ඇය ත්‍රී රෝද රියේ නොසිටියේය..රෝහල තුලට ඇය යන්නට ඇතැයි සිතා ත්‍රීරෝද රියේම තිබූ වතුර බෝතලයෙන් මුහුණ යන්තම් සෝදා සමීර රෝහල තුලට ඇදුනේය...
යම්තම් සුවයක් ලබමින් සිටි වර්ෂාගෙ මව ඒ වන විට වාට්ටුව දමා තිබුනි...එහි සිටි හෙදිය ඇයට සමීරව පෙන්නා "මේ මහත්තයා තමා ඊයේ අම්මව ඉස්පිරිතාලෙට අරගෙන ආවේ..." යැයි කීවාය.. කෘතඤපූර්වකව සමීර දෙස ඇය බලා පින් දුන්නාය...
"අම්මේ කෝ වර්ෂා..මොනව හරි ගේන්න ගියාද...?" වර්ෂාගෙ මව බීරාන්ත සමීර දෙස බැලුවාය...
"ඇයි අම්මේ..."
"මහත්තයා කවදද මගෙ දුවව දැක්කේ..."
"ඇයි ඊයේ එයානේ මගෙ වාහනේට අත දාලා අම්මව එක්කන් එන්න ආවේ.."
"මොනවා...." වර්ෂාගෙ මව පැවසූ දෙයින් සමීරට ඉසින් කනින් දාඩිය දමන්නට විය.. ඇය පැවසූ අන්දමට වර්ෂා මිය ගොස් වසර එක හමාරක් ගත වී ඇත... සමීරට කිසිවක් කතා කර ගත නොහැකි විය... ඒ මහළු කාන්තාව හඬමින් වර්ෂාට පින් දෙන අතර තුර සමීර නිහඬවම රෝහලෙන් එලියට ආවේය...
ඉන් පසු ඔහු කෙලින්ම නිවසට ගියේය...කිසිවකු හා කතා නොකර සතියක් පමණ නිවසේ ම කාලය ගත කලේය... ඒ සිදු වීමෙන් මිදී එන්නට ඔහුගේ සිතුවිලි වලට කාලය අවශ්‍ය විය... සමීර ආදරය කර තිබුනේ වර්ෂාගේ ආත්මයටය..එම කම්පනයෙන් මිදීමට ඔහුට එක වැර නොහැකි වින..එහෙයින් සතියක්ම විවේක ගද්දී නිවැසියන් විමසිලිමත්ව තොලි බයිල් කර සමීරට නූලක් පවා දැම්මේ ඔහුගේ මේ නිහඬ බව නිසාමය....
ඉන් දවස් තුනකට පසු උදෑනම අවධි වුනු සමීර සුපුරුදු ආම්පන්නද රැගෙන ත්‍රී රෝද රියේ නැග වැඩපල වෙත ගමන් කලේය...එය නිවැසියන් හා වැඩපොලේ පිරිස සමීරව දුටු අවසන් දිනය විය.... එදිනද රෑ බෝ වන තුරු වැඩ කල ඔහු රාත්‍රියේ නිවසට පිටත්ව ගොස් ඇත..පසු දින උදයේ දී දැනගන්නට ලැබුනේ.. සමීර තරුණිය හමු වූ ස්තානයේදීම රිය අනතුරකට භාජනය වී එතැනම අවසන් සුසුම් හෙලා තිබුනු බවය...

Written by : Susantha Abeyvickrama



No comments: