Translate

Wednesday, July 20, 2016

සිහිනයකි දෑස් ලඟ 13





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - දහතුන්වන දිගහැරුම - ¥

"වෙන්ව යන්නට හිතෙන් නෑ මට
නුඹේ ඔය ඇස් මානයෙන්
දිනූ කිසිවක් නැතත් මේ ලොව
වටි ලද සෙනෙහස නුඹෙන්
ජිව්තේ තව දුරක් යන්නට
නිමක් නැති ලෙන්ඟතු කමින්
සදා නුබ ලඟ රැඳි ඉන්නම්
හදේ ගැඹුරින් සෙනෙහසින්"

හිත පුරා වෙලුනු සෙනෙහසත් රැගෙන බලාපොරොත්තු රැසක් රඳවාගෙන රාජිත සිටින අවුකන පංසල වෙත ගියෙමි....රාත්‍රියේ බෝධිපූජා පිංකමද පවත්වා සියලු දෙන නිවෙස කරා පැමිණෙද්දී රාත්‍රී එකොළහ පමන විය...

රාත්‍රි ආහාරය මගින්ම රැගෙන ආ නිසා ගමන් මගන්සිය නිසාම වැඩි කතා බහකින් තොරවම නින්දට වැටුනේය....වැඩි පරිශ්‍රමයකින් තොරවම නිදි කුමරිය යහන් ගැබට වැඩියේ සුන්දරතම වූ සෙනෙහෙබර සිහිනයක්ද රැගෙනය..උදෑසන පටන් සිදු වූ සියල්ල යලි යලි සිහිනයෙන් පෙනෙන්නට විය...ඒ සෑම මොහොතක්ම හදවතින්ම විඳගත්තේ ආදරයෙන් ලද අපමන සතුට තුරුළු කරගනිමිනි....

"ඒයි නැගිටපන්...හීන දැක්කා මදැයි...ඊයෙ නම් අර කෙල්ල මේකට මොනවදෝ කරලා....."

"ම්ම් ඔය ටිකට උදෙත් උනාද බං.."

"නමයයි යකෝ වෙලාව.."

"අම්මට සිරි...කෝල් ආවද බං...."

"ඔව් ඔව්..මං ආන්සර් කරන්න හදලත් නෑනා පොඩ්ඩ අයෙ මුකුත් හිතයි කියලා ආන්සර් කලේ නෑ.."

"අනේ එයා මොනව හිතන්නද බං...
.
හුටා...අද නම් බැණුම් කෝටියයි...මිස් කෝල් විස්සයි..."

"ඉක්මනට කතා කරපන්...හදිස්සියක්ද දන් නැනේ..." විගසින් තරූගෙ දුරකථනයට ඇමතුමක් ගත්තේ මෙපමණ වේලා නිදා ගත්තාට මටම සිතින් බැණගමින්‍ ය...

"අයියා පැටී..,,"

"අනේ දෙයියනේ...ඇයි මගෙ කෙල්ල අඬන්නේ...."

"අයියා පැටී මට ඔයා නැතුව ජීවත් වෙන්න නම් බෑ..."

"ඉතින් මගෙ කෙල්ල අඬන්නේ නැතුව කියන්නකෝ...මොකද උනේ...."

"තාත්ති......ඉහි...ඉහි...."

"ඉතින්....තාත්ති....?"

"මාව බන්දන්න යන්නේ....."

"මොකක්...එක පාරටම..."

"අනේ දන් නෑ අයියා පැටී...හෙට ඒ බෝයි එනවලු මාව බලන්න...මට බෑ අයියා පැටී..."

"හරි නාඩා ඉන්නකෝ දැන්.."

"මං මැරෙයි..ඔයා නැති ලෝකයක් මට නෑ....."

"හරි වස්‍තුවේ එහෙම වෙන් නෑ... කලබල නොවී ඉන්නකෝ....ඒ එන කොල්ලා එන්නේ කැන්දන් යන්න නෙමෙයිනේ..බලන්නනේ...."

"මට බෑ බලන්නවත්...."

"හරි ඉතින්, ඔයා ඒ අවස්තාවට සහභාගි වෙන්නකෝ..."

"ඔයා නම් කියයි...හ්ම්ම්....."

"අනේ ඉතින්....මගෙ හොඳ.......පැංචිනේ....අයියා පැටී කියන දේ අහනවනේ...දැන් නාඩා ඉන්න...මං බලාගන්නම් ඒක..."

"හරි,ඔන්න හෙටට විතරයි... එතනින් එහාට එන්ගේච්මන්ට්,වෙඩින් ගැන කියාගෙන ආවොත් සත්තයි මං මැරෙනවා...."

"මං ඉන්නවනේ මගෙ පැංචිට....කලබල වෙලා මුකුත්ම කරන්න බෑ...මං එන්නම් ඔයාගෙ තාත්තව හම්බ වෙන්න..."

"අනේ මට බයයි අයියා පැටී...."

"බය වෙලා හරි යන්නේ නෑනේ වස්තු....වෙන කරන්න දේකුත් නෑනේ....මං එන්නම්,"

"ඒත්.......?"

"විස්වාස කරන්න...මං ඒක බලාගන්නම්..." ඇය නොමැති ලොවක් මටද සිතා ගත නොහැකිය... ඇයව කෙසේ හෝ ලබා ගනිමි... ඒත් කෙසේද..? අනිවාර්‍යයෙන් තරූගේ පියාගෙ කැමැත්ත හිමි නොවන බව සනාථය...නමුත් එක්වරක් ඔහු හා කතා කිරීමට ලැබුනොත්....

"මොකද බං කල්පනාව...මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

"හ්ම්ම් ඔව් බං...කෙල්ලට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනැත්..."

"අම්මට සිරි....කෙල්ල මොකෝ කියන්නේ...."

"මොනාද බං...අඬන එක විතරමයි...."

"අනේ මන්ද බං....උඹ මොකද හිතන්නේ...."

"මං යනවා හැරී මහත්තයව හම්බ වෙන්න...."

"පිස්සුද බං....ගහලා පන්නයි..."

"මට තරූ නැතුව ඉන්න බෑ බං...කෙල්ලටත් එහෙමයි..වෙන කරන්න දෙයක් තේරෙන් නෑ...හම්බ වෙන්නම වෙනවා...."

"ඒකත් එහෙමද..?එහෙනම් යමන් හෙට.."

"හෙට බෑ අනිද්දා යමන්...හෙටලු කෙල්ලව බලන්න එන්නේ..."

"අනේ මන්ද බං.... මට නම් ෂුවර් එකක් ඇත්තෙම නෑ ඕකෙන් හොඳක් වෙයි කියලා....."

"මටත් නෑ බං....ඒත් යන්නම වෙනවා....."

"හරි දැන් අකමැතියි කිව්වොත් මොනවද කරන්නේ...."

"කෙල්ල හා කිව්වොත් උස්සනවා...."

"උන මහ දරුණු මිනිස්සු බං....කරන දෙයක් මොලෙන් කරහන්..."

"උඹ කියන්නේ කෙල්ලව අමතක කරන්න කියලද....?"

"පිස්සුද බං.... කරන ඕනිම දේකදි මේ රාජිතය ඉන්නවා...මං කිව්වේ මොලෙන් වැඩ කරන්න ඕනි කියලයි...."

"හ්ම්ම් බලමු...."

"හරි හරි දැන් ඔය මූඩ් එකේම ඉන් නැතුව පොඩ්ඩක් නාලා කරලා වරෙන් කන්න...."

"බඩගිනිත් නෑ බං.....නාන්නත් කම්මැලියි....."

"හම්මේ සුවඳට ඉන්න ඇති....ඒකයි නාන්න ලෝබකම...."

"හිහ්...ඒක වචනෙන් විස්තර කරන්න බෑ බං....ඒක නෙමෙයි එහෙ ඉන්නවා පට්ට කෑල්ලක්....මොකෝ කියන්නේ සෙට් කරන්නද...."

"අපිට ඉතින් කෑලි තමයි නේහ්..."

"නෑ නෑ බං..... හරි හොඳ කෙල්ල...හැබැයි කට තමා ටිකක් වැඩි...උඹ වගේමයි..."

"බලමුකො බලමුකෝ එහෙනම් ඒකත්....."

රාජිත සිනා සෙමින් කාමරයෙන් එලියට ඇදුනේ බාහුවට පහරක් ගසමින්මය.... කළබල සිතින් ආරම්භ වූ දිනය කෙසේ නිම කරන්නදැයි සිතා ගත නොහැක...හෙට දිනයද මෙසේ මානසිකව විඳවීමට සිදු විය හැක.... රාජිත කියූ පරිදි තබන හැම පියවරක්ම පරෙස්සමින් හොඳින් සිතා බලා තැබිය යුතුය... කෙසේ හෝ ඇයව අන්සතු වීම වැළක්විය යුතුය.... ආත්මාර්තය ගැබ් උනු සිතුවිලි ආදරයේදී සරල සාමාන්‍ය බව දැන් වැටහේ.....සෑම ප්‍රේමවන්තයින් ලඟම මෙසේ බොලඳ ආත්මාර්ථ කාමී හැඟුම් ඇත.....

කොතෙකුත් අඩු පාඩු කරදර මැද උවද ඇය මා සිටීම ගැන පුංචි ආඩම්බරයක් දැනුනි.... පතන් ආ දෙහද එක්වන දිනය නොඑලඹේ නම් එක්ව මිය යෑම යෙහෙකිය.... හැරී ජයවර්ධන පරදා නැගී සිටීම කලු ගලෙක හිස ගසාගැනීමක් බඳුය...නමුත් එය කල යුතුමය... පරාජිත ප්‍රේමවන්තයෙකු ලෙස ජීවත් වනවාට වඩා අපරාජිත පෙම්වතකු ලෙස මිය යාම අගනේමය...

"බබා...."

"ම්ම්ම්ම්....."

"දෙයක් අහන්නද...?"

"අහන්නකෝ....."

"තාත්ති අකමැති උනොත්, මොකද කරන්නේ...?"

"මට තේරෙන් නෑ අයියා පැටී...මං දන්නේ එකම එක දෙයයි...ඒ ඔයාව මට ඕනි කියලා විතරමයි....."

"අපි බඳිමු......"

"කොහොමද....?"

"ගෙදරට හොරෙන්..."

"අනේ රත්තරන්......."

"වෙන කරන්න දෙයක් නෑනේ වස්තු....."

"මං කොහොමද අම්මිගෙ තාත්තිගෙ මූණ බලන්නේ..."

"ඒ කියන්නේ ඔයා කැමති නැද්ද ඒකට...?"


"අකමැත්තක් නෑ අයියා පැටී...ලුණුයි බතුයි කාලා හරි ඉන්න මං ඔයත් එක්ක එනවා...ඒත්..?"

"ඒත්....?"

"මට බයයි....."

"මං ඔයාව ඇහැක් වගේ බලාගන්නම් මගෙ වස්තු..."

"ඒ ගැන සැකයක් නෑ දෙයියෝ...මට බය අපෙ අයියා ගැන..."

"ඒක ගැන බය වෙන්න එපා....මං ඉන්නවනේ...ඔයා මං ලඟ ඉන්නවා නම් කාටවත් බෑ මට කරදරයක් කරන්න..."

"ආදරෙයි අයියා පැටී..."

"මාත් ආදරෙයි මගෙ මැණික..."

ඒ දිනය උදා වන තුරු බලා උන්නේ ඉවසුමක් නැතුවමය... කෙසේ හෝ හැරී මහතාව කැමති කර ගැනීමට හැකි නම්... මේ ගැන පවුලේ කාට හෝ කියා තැබීම සුභය...ඒත් කාට කියන්නද...? සඳුන්ට කී පමණින් එය අක්කාට පසවනු ඇත..එහෙයින් අක්කාට කියා තැබීම හොඳය...අක්කාට ඇමතුමක් ලබා ගත්තෙමි...

"අක්කේ..."

"ඇයි පැටියෝ මොකක් හරි ප්‍රශ්නයක්ද...?"

"නෑ අක්කේ...මේ...."

"කියනවා ඕනි දෙයක් ඉතින්, සල්ලි එහෙම උවමනාවක් ද..?"

"නෑ එහෙම එකක් නෙමෙයි..."

"එහෙනම්...."

"මේ......."

"මාව නිකන් බය කරන් නැතුව කියනවා..."

"හැබැයි අම්මට එහෙම කියන්න එපා...හරිද...?"

"මොකෝ...හොරෙන්ම කෙල්ලෙක්වත් එක්කන් ආවද..?"

"තවම නැහැ....මේ..."

"ආ ඒ කියන්නේ එක්කන් එන්න වගේ කල්පනාව..."

"හ්ම්ම්...අක්කේ මං යනවා අර ගර්ල්ගේ තාත්තව මුණ ගැහෙන්න..."

"කාගෙද..? අර පොලිසි ගානේ යන්න සිද්ධ උන කෙල්ලද...?"

"හ්ම්ම්...."

"මල්ලිට ඒ ගර්ල්ව අමතක කරන්නම බැරිද...?"

"බෑ අක්කේ...."

"එයා මොකද කියන්නේ..."

"තාත්තත් එක්ක කතා කරලා අකමැති උනොත් මං එක්ක එන්නම් කිව්වා...."

"හ්ම්ම්...අනේ මන්ද මල්ලි...මං අම්මලාට මේ ගැන දැන්ම නොකියා ඉන්නම්...ඒත් පරෙස්සමින් කරන දෙයක්..."

"හරි තෑන්ක්ස් අක්කේ...මං හිතුවෙ ඔයා බනියි කියලා..."

"මං මොකට බනින්නද මල්ලී...ආදරේ කලානේ මමත්... ආදරේ අන්ධයි...ඒ බැඳීම දස මාසයක් කුසේ තියන් ඉඳපු අම්මව, දහදුක් විඳලා කන්න දුන්නු තාත්තව, එක බඩ වැල කඩන් ආව සහෝදරයන්ව අමතක කරවන්න පුලුවන් බැඳීමක්... ඒ තරමට පූජනීය ආදරේකට අකුල් හෙලන්න මට ඕනි නැහැ...ඒත් එකක්.. ඒ එහෙම කැපකිරීමක් කරන කෙල්ලගෙ ඇහැට කවදාවත්ම කඳුළක් දෙන්න එපා...ඒක සහ ගහන අපරාධයක්..."

"මං එයාට මේ ලෝකෙටත් වැඩිය ආදරෙයි අක්කේ...එයා වෙනුවෙන් ඕනිම දෙයක් කලෑකි...."

"දන්නවා...පිස්සා...ඔච්චර ගුටි කාලත් නැත්තන් ඔය කෙල්ල මත්තෙ නැහෙයිද...?"

"දැන් මට ඕනිම දෙයක් කලෑකි....මගෙ අක්කත් මාත් එක්ක ඉන්නවනේ..."

"හ්ම්..හ්ම්ම්..ඒත් ගොඩක් පරෙස්සම් වෙන්න ඕනි හොඳද..මේ අම්මටයි තාත්තටයි අක්කිටයි ඉන්නේ ඔයා විතරමයිනේ..ඒක හොඳට මතක තියාගන්න ඕනි හොඳද...?"

"හරි අක්කේ..එහෙනම් මං තියන්නම්....පරෙස්සමින් ඉන්න..අම්මලා මතක් කලා කියන්න...බුදු සරණයි..."

"ආ මේ ඒක නෙමෙයි..මං අයියට කියලා බෑන්ක් එකට සල්ලි ටිකක් දාන්නම්..මතක් කරලා ඒක අරගන්න...."

"සල්ලි නම්..."

"අනේ පිස්සු නැතුව ගන්නවා...කොච්චර වැඩ තියෙනවද..හරි මං තියන්නම් එහෙනම්..බුදු සරණයි...."

"හ්ම්...බුදු සරණයි..."

සිතට කිසිදා නොමැති ධෛර්‍යයක් පැමිණියේ අක්කා හා කතා බහ කිරීමෙන් පසුවය...ඒ ධෛර්‍යයෙන්ම හැරී හා කතා බහ කලොත් කැමති කරවා ගත හැකි වෙතැයි සිත කීවේය...

පාන්දරින් අවධි වී රාජිත සමගම හැරී මහතාගෙ නිවසට යෑමට තීරණය කලේ උදෑසනම තරූගේ පියා රාජකාරි ආරම්භ කරන බව තරූ කියා තිබීම නිසාය...

"මොනව කිව්වත් කේන්ති නොගෙන හිටපන් හොඳද..." අවධි වූ වේලාවෙ සිටම රාජිතගෙන් උපදෙස් ලැබුනි...

"හරි බං...පොඩ්ඩක් ඕක ඕෆ් කරන් හිටපන්කෝ...එන දේකට මූණ දෙමු.."

"මූණ බැරි නම් අර අහවල් එක හරි දීපන්..ඒත් හැප්පෙන්න යන්නේ දළ ඇතෙක් එක්ක...ඒක මතක තියාගනින්..."

තරූ ආසම පාට වූ ලා නිල් පාට අත්දිග ෂර්ට් එක හැඳ කලු කලිසමට යට කර සපත්තු දමා රාජිතගේ මවට වැඳ නිවසින් පිට වූවෙමි...මෝටර් බයිසිකලය අසල නතර වී රාජිත සිනාසෙමින් මා දෙස බලා සිටියි...

"මොකෝ බං අවුල්ද..."

"නෑ බං උඹ කොහොමත් නලුව වගේ...ඒකට නෙමෙයි හිනා ගියේ..."

"එහෙනම්..."

"උඹ නිකන් interview එකකට යන්න වගේනේ රෙඩි වෙලා තියෙන්නේ..."

"මේකත් එක විදියෙ ඉන්ටව් එකක් තමයි බං....යමන් ඉක්මනට..."

රාජිත හා බයිසිකලයේ නැග හැරී මහතාගෙ නිවස බලා පිටත් වීමු....අතර මග තරූට ඇමතුමක් ගත්තද පිළිතුරක් නොමැති විය.... "තවම නිදි ඇති පිස්සි..ඊයෙ නිදාගද්දි දෙකත් පහු වෙලානේ...." එලෙසින් සිතා කෙටි පණිවුඩයක් පමණක් තැබුවෙමි....

"උඹ බය වෙලාද...?"

"පොඩි බයක් නම් තියෙනවා රාජිතයෝ...."

"අනේ මන්ද බං...අම්මටත් බොරුවක් කියලා ආවේ..."

"අපරාදේ...ඇත්තම කියන්නනේ තිබ්බේ..."

"උඹ දන්නවනේ අම්මගෙ හැටි...අඬන්න දොඩන්න පටන් ගත්තාම මේක කරගන්න වෙන් නෑ..."

"හ්ම්ම්...ඒකත් ඇත්ත..."

ඒ මහා සුවිසල් නිවෙස අසළ බයිසිකලය නැවැත්වීමු... අයිනකින් නවතා තබා ගේට්ටුව දෙසට ඇදුනේ ගැස්සුන මනසකිනි....

"ඇයි මහත්තයලා ඉන්ටව් එක්කටද...?" ගේට්ටුවේ මුරට උන් පුද්ගලයා විමසූවේය...

"අපිට හැරීව බලන්න පුලුවන්ද..."

"Appointment එකක් දාගත්තද මහත්තයලා...."

"අනේ නෑ..අපි මේ පෞද්ගලිකව හම්බ වෙන්න කියලා ආවේ....වැදගත් කාරණාවක් ගැන කතා බහ කරන්න..."

"ආ පොඩ්ඩක් ඉන්න මං අහලා බලන්නම් කෝල් එකක් දීලා...."

"හ්ම්ම්..අහන්නකෝ....." ඔහු යලි මුර කුටිය වෙත ගොස් ඇමතුමක් ගෙන කවුරුන් හෝ සමග කතා කලේය...

"මහත්තයලගේ නම් කියන්නකෝ...."

"නම් වලින් නම් දන් නැතුවත් ඇති.....ඒත් කියන්නකෝ පසිඳු කියලා කෙනෙක් කියලා..." මද වෙලාවක් ගත විය...රාජිත ගේට්ටුවෙන් ඒ සුවිසල් මහළ නරඹමින් සිටියි...

"ආ ඔයගොල්ලොන්ට ඔහොම ඉන්න කිව්වා...මහත්තයා එයි මෙතෙන්න.." යැයි පවසා මුරකරු නැවතත් තම කුටිය වෙත ගියේය...

"ඇයි බං අපිට ඇතුලට එන්න කියන්නෙ නැතුව එයා මෙතෙන්න එන්නම් කිව්වේ...."

"දෙයියෝ තමයි දන්නේ...."


විනාඩි කිහිපයක් ම එතැන රැඳී බලා සිටින්නට සිදු වූයේ හැරී මහතා පැමිණීමට ප්‍රමාද වීම නිසාය...

"බලපන්කෝ....රස්තියාදු කරනවන තරම...."

"බලමු ටිකක්....සල්ලිකාරයෝනේ බං.."

එකෙනෙහිම ගේට්ටුවේ දොර විවෘත විය...එයින් එළියට පැමිණියේ හැරී මහතා නොව එතුමන්ගේ පුත්‍ර රත්නයයි...

"මළකෙළියයි...දුවමු...."

"පිස්සුද හිටහන්..මං කතා කරන්නම්...." දිවීමට සැරසුන රාජිතව අතින් අල්ලා නතර කර තරූගේ සොයුරා වන උදේශ් දෙසට ගමන් කලෙමි....

"උඹලා මොකටද මෙහෙට ආවේ....උඹනේ පසිඳු කියන්නේ..."

"ප්ලීස් උදේශ්, මං ආවේ ප්‍රශ්න දාගන්න නෙමෙයි...හැරී මහත්තය හම්බ වෙන්න.."

"උඹ මොකටද ඩැඩීව හම්බ වෙන්නේ.. පදු හැත්ත... උඹලා එන්න ඕනි පස්ස දොරෙන්.. ඇරත් මං උඹව හොය හොය හිටියේ බල්ලෝ...මරු කටටම ආවා නේද..?"

"මං ආවේ හැරී මහත්තයා හම්බ වෙන්න....අපි දුප්පත් තමයි මහත්තයෝ..ඒත් පදු නෙමෙයි...ඒක දැනගන්න..."

"අම්මද බොල මුගෙ රෙස්පට්...බල්ලෙක් වගේ මැරුම් නොකා පලයන් මෙතනින්..මරලා වලදානවා උඹෙ හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත් හොයාගන්න බැරි වෙන්න..."

"ඔව් ඉතින් මං අත් දෙක බැඳන් හිටියොත්....."

"මොකක්ද බල්ලෝ තෝ කිව්වේ....."

"පසිඳුවෝ යමන්...යමන්...සොරි සර් ආයෙ කරදරයක් වෙන්නේ නෑ..."

"අතෑරපන් රාජිත, මුන් කියලා අලි $&න් ආවැයි...."

"ආ උඹ එහෙමද...? බලාගනින් උඹට ජීවත් වෙන්න තියෙන්නේ පැය 24යි...."

"ඇයි පැය 24ක්...දැන් වරෙන්කෝ......"

"පිස්සුද බං...යමන් යමන්....නංගි ගැන හිතපන්...අනාගතේ ගැන...."

"ආ උඹ නංගිව ඉල්ලන්නද ආවේ...මනමාල මහත්තයෝ ගිහින් මිනීපෙට්ටියක් ලෑස්ති කරගනින් ඔය ලඟ ඉන්න ඇටි කුකුලටත් එක්කම..

"මේ බලපන් උදේශ්...උඹට බයේ මං මූව එක්කන් යනවා නෙමෙයි... උඹත් එක්ක ප්‍රශ්නයක් දාගන්න උවමනාවක් නෑ...පුලුවන් දෙයක් කරපන්....යමන් පසිඳු...." රාජිත දෑතින් ඇදගෙන විත් මෝටර් බයිසිකල පණ ගන්වාගෙන වේගයෙන් එතැනින් ඉවත් වන්නට වූයේ මා ගැන සිතාය....

"අපරාදෙනේ බං..හොම්බට දෙකක් අනින්න තිබ්බා..."

"වීරකම් කරන්න වෙලාවක් නෙමෙයි....කරන දෙයක් ඉක්මනටම කරහන්....දැනටමත් උගෙ චක් ගෝලයෝ ටික රෙඩි කරගන්නවා ඇති....ඌ එහෙට එන්න කලින් අපි මොකක් හරි කරන්න වෙනවා..."

"හරි ඔය අයිනකින් නවත්තපන්..." බයිසිකලය පාරේ අයිනක නැවතත් නතර කොට තරූට ඇමතුමක් ලබා ගතිමි.....

"හෙලෝ තරූ...."

"ඇයි අයියේ මේ සැරෙන්..."

"මං ආවා ඔයාගෙ තාත්තා හම්බ වෙන්න..."

"ඉතින්......"

"ඒක හරියන්නේ නෑ නංගි....අයියා ඇවිත් පොඩි ප්‍රශ්නයක් උනා..."

"දෙයියනේ.....දැන් කොහෙද ඉන්නේ.."

"තවම පාරේ...."

"මං කිව්වනේ දෙයියෝ...අයියා නපුරුයි ගොඩාක්....දැන් මොකද කරන්නේ...."

"ඔයා එන්න...."

"මං........"

"ඔව්...."

"කොහොමද එන්නේ රත්තරන්...."

"එන්න බැරි නම් මාව අමතක කරන්න...."

"අනේ දෙයියනේ ඔහොම සැර වෙන්න එපා රත්තරන්....මට ඇඬෙනවා..."

"වෙන කරන්න දෙයක් නෑ නංගි මට... තේරුන් ගන්නකෝ..."

"ඒත් අයියා පැටී මං එන්නේ කොහොමද..? හතර වටේ සිකුරිටිලා... දෙයියනේ මං හිරකාරියක් වගේ ඉන්නේ..."

"හිතන්න....කොහොම හරි එන්න ක්‍රමයක් ඇති... ප්ලීස් හිතන්න.. වැඩි වෙලාවක් නෑ...
.
.
අඬන්න නෙමෙයි කිව්වේ...හිතන්න කියලා....හිතනවා..."

"ඉතින් ඔහොම සැර කරද්දී කොහොමද කල්පනා කරන්නේ..."

"අයියෝ........සොරි මගෙ නංගි.... පැටියෝ මාව තේරුන් ගන්නකෝ..."

"මං පිටිපස්සෙන් කොහොම හරි පාරට එන්නම්....ඒත් ඇඳුමක්වත් ගන්න වෙන්නේ නෑ...."

"අපෝයි මේ කෙල්ලෝ නම්..... ඇඳුම් ඕනි නෑ...මුකුත්ම ඕනි නෑ...ඔයා එන්නකෝ....."

"හා ඉතින්...ආදරෙන් කියන්නකෝ...."

"ගුටි කන්න හදන්නේ ඔය..."

"ඉතින් බයයිනේ....ආදරෙන් කිව්වම බය අඩු වෙයි....මේ මාව ගැහෙනවා....."

"අනේ මගෙ පිස්සු කෙල්ලේ... පරේස්සමට....හොඳ ලමයා වගේ පාරට එන්න පිටිපස්සෙන්..."

"හොඳ ළමයෙක් නෙමෙයිනේ මං.. හොර වැඩ කරන්නේ නෑ හොඳ ළමයි...."

"අයියෝ මට දැන් පිස්සු හැදෙනවා....."

"හරි ඉක්කන්ට උම්මා එකක් දෙන්නකෝ..."

"අනේ දෙයියනේ....."

"අපෝ ඕනි නෑ නපුරා.....අයියායි තාත්තියි ගිය ගමන් එන්නම් මං හ්ම්....."

"Thats my girl... උම්ම්ම්මා..... කෝල් එකක් දෙන්න ආ.... පරෙස්සමින් බුදු සරණයි...."

"මොකද කියන්නෙ කෙල්ල..." පාර දෙස බල බලම රාජිත අසයි.... ඔහු සිටින්නේද කලබලයෙනි.. කිසිදා නොදුටු ධෛර්‍යක් ඔහුගෙන් දැක ගන්නට ලැබුනි...

"එන්නම් කිව්වා...ඒත් මචන් යන්නේ කොහෙද..?"

"උඹලා ගියා කියන්නේ ඉතින් මටත් මෙහෙ ඉන්න බෑ...යමන් අපෙ නැන්දලාගෙ දිහා...අම්මවත් එක්කන් යමු..."

"කොහෙද පියල්ලගේ ගමටද..."

"හ්ම්ම්...එහෙට තමා...."

"එහෙ දුෂ්කරයිනේ බං...කරන්ට් එකවත් නෑ නේද...?"

"ඒ පැත්ත තමා හොඳම...පරිස්සමින් හිටියෑකි... මං අම්මට උනත් දැන්ම නොකියන්නේ අවට කවුරුත් දැන ගන්ම හොඳ නෑ යන දිහාව...."

"ඒකත් හරි තමයි.... ඒත් යන්න වාහනයක්..."

"කොළඹට යනකන් යමන් වෑන් එකක... ඊට පස්සෙ සිටියක නැගලා හයිවේ එකෙන් මාතරට යමු....එතන ඉඳන් යන්න පුලුවන් ත්‍රීවිල් එක්ක නැගලා......"

"බස් යන් නැද්ද එහෙට්ට...ඔටෝ වල යනවා කියන්නේ ඩේන්ජර්..."

"නෑනේ බං බස් ගමට... මාමගෙ ත්‍රීවිල් එක නම් ඇති..ඒත් පණිවිඩයක් දෙන්න පෝන් තියෙනවා කියලැයි...."

"හරි මං වෑන් එකක් කතා කර ගන්නම්..උඹ අම්මව එක්කන් වරෙන්....මතක ඇතුව දෙන්නගෙම certificate දාගෙන වරෙන්...ඇඳුන් අනම් මනන් මහ ගොඩක් ඕනි නෑ...අහු වෙන එක අරන් වරෙන්..යන ගමන් ගමු..."
රාජිතව පිටත් කර හැර කැකිරාව බස් රියක එල්ලුනේ වාහනයක් කතා කරගැනීමටය.. ලඟ පාතකින් කිසිසේත්ම වාහනයක් කතා කිරීම ණුවනට හුරු නැත....තබන සෑම පියවරක්ම පරෙස්සමින් තැබිය යුතුය...
  
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••


 


No comments: