Translate

Friday, July 22, 2016

සිහිනයකි දෑස් ලඟ 14





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - තිස් එක්වන දිගහැරුම - ¥

කැකිරාවට ගොස් වෑන් රියත් රැගෙන අනුරාධපුර නගරය වෙත එද්දී රාජිතද පැමින තිබුනි... රාජිත අම්මාට සියල්ල පවසා තිබුනද ඇයගේ මුහුණ දෙස කෙලින් බැලීමට නොහැකි පැකිලීමක්, තිබුනෙන් වැඩි කතා බහකට නොගියෙමි....



"සේරම හරිනේ...නංගි කතා කලාද..?"

"නෑ...හිටහන් මං කෝල් එකක් දීලා බලන්නම්....." සියල්ල සාර්ථකව සිදු වෙද්දී තරූගේ වැඩ පිලිවෙල කෙසේආ යන්න දැන ගැනීමට ඇයට ඇමතුමක් දුන්නෙමි...

"අයියා පැටී......"

"දැන් ලෑස්තිද...?"

"මැට්ටෝ....."

"මොකද මැට්ටියේ....."

"ම්ම්ම්..මේ ඒක නෙමේ...."

"ඒ පාර මොකද....?"

"මට තඩි ටෙඩියෙක් අලම් දෙනුවද....?"

"අයියෝ....අරන් දෙන්නම්කෝ...."

"අලන් එන්න බෑනේ මගෙ ටෙඩී පව්ල...පව් එයාලා..."

"අපි අයෙත් හදමු ටෙඩී පවුලක්...."

"හී....හුඳ අයියා පැටී...මං ඒනම් පාරට එන්නද...?"

"පරෙස්සමින් එන්න මගෙ මැණික..."
.
.
රාජිත..යමන්...."

එදින උදේෂ්ගෙන කරදරයක් නොවූවේ නම් මෙම ක්‍රියාව සිදු කිරීමේ අවශ්‍යතාවයක් වන්නේ නැත...කෙසේ වෙතත් ඒ අයුරින්ම හැරී මහතාත් කලේ නම් මෙය මෙලෙසම සිදු වන්නේ නොවේදැයි සිතා තරූගේ නිවෙස පසුපස අතුරු පාරට පැමිණියෙමු...

ලා නිල් පාට ඩෙනිම් කලිසමකින් සහ සුදු පාට ටී ෂර්ට් එකකින් සැරසීගෙන අප යන විටත් තරූ පාරට පැමිණ තිබුනි...එහෙයින් යුහුසුවම ඇයව වාහනයේ නංගාගෙන රිය කොළඹට ඇදුනේය...
තරූගෙ හද ගැස්ම වේගයෙන් සැලෙන්නට විය..එහෙයින් ඇයගේ සුරත අල්ලා ගෙන ඇයව ලඟට කර ගත්තේ ඇයගේ බිය තුරන් කිරීමටය...

"බයද......"

"ම්ම් ගොඩාක්......"

"මං ඉන්නවනේ.....බය වෙන්න එපා මගෙ පැංචි...."

"අපි කොහෙද යන්නේ...."

"අපි යන් අනන්තයටම...."

"අතරමං උනොත්...."

"ඒත් ඔයා මාත් එක්ක ඉන්නවනේ...ඒ නිසා කමක් නෑ..."
තරූ සිනාවක් පා පපුවට තුරුළු වූවේ කිසිදා තනි නොකරන බව හැඟවීමට මෙන් ය.. ඇයගේ හිස අත ගාමින්ම රාජිත දෙස බැලීමි.. ඔහු ඇත්තේ සිතේ වූ අති මහත් කලබලයකින් බව හැඟුනෙන් ඔහු හා කතා කල යුතු යැයි සිතුනි....එහෙත් තරූ මෙලෙස සිටියදී ඔහු හා කතා කල නොහැකි නිසා වාහනය මද දුරක් යන විට ඔහුට සංඥා කලේ කෑමට කුමක් හෝ ගැනීමේද අරමුණිනි....

"උඹලා බහින්න එපා,අං අරන් එන්නම්..."

"හිටපන් මාත් එනවා.... නංගි පැටී...චුට්ටක් ඉන්න...." ඇය මා අත අල්වාගෙනම හිඳියි...තරූගෙ නලලට හාදුවක්ද තබා අත ලෙහිල් කර ගනිමින් වාහනයෙන් බැස ගත්තෙමි...

"මොනාද ගන්නේ බං...බඩගිනිද...?"

"නෑ...මට කියපන් උඹ බය වෙලාද ඉන්නේ..."

"පිස්සුද බං...අම්මත් ඉන්න නිසා ටිකක්...."

"මටත් එහෙමයි බං...අම්මා මොනා හිතනවද මංදා.....මං උඹලට කරදර දෙනවා වැඩියි නේද...?"

"උඹ කරදර නොදී අපිට වෙන කවුරු කරදර දෙන්නද බං...උඹ මගේ එක් කුසේ නූපන් සහෝදරය...අපෙ අම්මා නොවදාපු අම්මගෙම පුතා...පිස්සු නොකියා මොනා හරි අරන් ඉක්මනට මාරු වෙමු..."

ජීවිතය පුදුමය, පවුලේ කෙනෙකු මෙන් සෑම අවස්ථාවකම ලඟින් හිඳිනා රාජිත ගැන දැඩි සෙනෙහසක් දැනිනි....

"පැංචි......"

"ම්ම්ම්...."

"ඉඳි ආප්ප ගෙනාවා කමුද...?"

"ම්ම්හ්.....අනේ මට මුකුත් කන්න බෑ...."

"ඒම කියලා බෑ...මං කවන්නද...?"

"අනේ අයියා පැටී....මගෙ බංඩිය සිදෙනවා...."

"අනේ.....බේත් ගමුද..?"

"ඕනි නෑ....මේකට බේත් නෑ...."

"ඒ කිව්වේ...."

"මෙන්සස් මැට්ටො....."

"අපොයි....ඕක අදම හදාගන්න ඕනිද ඉතින්...."

"ඉතින් මං හිතලා හදාගත්තැයි.... අඬනුවා ඕන් ඇ...."

"ම්ම්ම්...මගෙ පැංචිට ඉඳි ආප්පයක් කවලා....බංඩිය අත ගගා ඉන්නම්කු අඩු වෙනකන්....."
ඇය අත දරුවෙකු මෙන් ආරක්ෂා කර බලා ගැනීම හිතේ වූ පරම අධිෂ්ටානය විය... ආදරයේ නමයෙන් එක් වන අද දින සිට ඇය මාගේ ශරීරයේ කොටසක් මෙන් බලා ගැනීම කල යුතුමය...

කෙමෙන් කෙමෙන් වාහනය කොළඹට ලඟා වද්දී මද අඳුරක් ද අහසේ දක්නට විය.... තරූට දුරකථනය දී නිවෙසට ඇමතුමක් ගැනීමට කීවේය.. ඇය බියෙන් ආරම්භ කල කතාව අවසන් කලේ කඳුළු සැලීමෙනි.... එම නිසා රාජිතගේ මව ඇයගේ හිස අතගා දුරකථනය රාජිතට දුන්නේ බලා සිටීමට නොහැකි මව් සෙනේ ඉස්මතු වීම නිසාය....

"පෝන් එක ඕෆ් කරමු....ට්‍රප් කලොත්...."

"ඕෆ් කරන්න එපා.... ඕක අන්න අර හිඟුරක්ගොඩ බස් එකෙ පිටිපස්සෙ සීට් එක යටින් තියලා වරෙන්...."

"ඒකත් මරු අයිඩියා එක...ෆිල්ම් එකකත් දැක්කා මේ වගේ සීන් එකක්...."

"ආ මතක් කරලා ඕක රීසෙට් කරපන්....පෝන් නම්බර්ස් ඔක්කොම ඩිලීට් කරපන්..,,"

"හම්මේ...උඹ නම්....."

වැඩි රස්තියාදුවක් නොමැතිව ඇඳුම් කිහිපයක්ද කඩයකින් රැගෙන විගසින්ම මාතර් ඉන්ටර් සිටියක නැගුනේ කාගෙ හෝ වපර ඇහැට හසු වේ යැයි බියෙනි...

"ඇයි මේ තලා වෙලා වගේ..."

"තලායි තමා...."

"ඇයි කියලා දැනගන්න පුළුවන්ද උත්තමාවියෙනි......"

"මට ටෙඩියෙක් අලන් දුන්නෙවත් නෑ...."

"ඔන්න දැක්කද නංගි මුගේ වැඩ..."

"ඔයත් එක්කත් තරහයි..."

"ඈ.....සපෝට් එකට කතා කලාමත් අපිටමයි කෙක්ක ආ....."

"හරි මගෙ නෝනේ....මේ ලේමන්ට් එකේ ජරා ටෙඩියොන්ට වඩා සෝයි ටෙඩියො ඉස්සරහට යද්දී ඉන්නවා...අරන් දෙන්නම් ඉතින්...."

"එතකන් කතා කලන් නෑ....."

ඇය සැබවින්ම පොඩි දරුවකු මෙන් විය... ඇයව මෙලෙස රැගෙන යාම වරදක් ලෙස හැඟුනි.. එහෙත් ඇයව අහිමි කරගෙන ජීවත් වීමද ලල නොහැකිය.... ඉවත බලමින් කල්පනාවක නිමග්න වී සිටි ඇය මද දුරක් ඇදෙද්දී දෑස් පියාගෙන උරහිසට බර විය....

"ඔය දරුවා නිදිද පුතේ...

"හ්ම්ම්.....නින්ද ගියා අම්මේ..."

"අහිංසක දරුවෙක් පුතේ... තවම හරි හමන් දැනුමක් කාරිය නෑ වගේ... සෙල්ලම් වයසේ පුංචි දැරිවියක් වගේ...ගොඩාක් පරිස්සම් කරන්න වෙයි.... මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා පුතේ...මගෙ පුතා කලත් කියන්නේ මේකමයි... මේ නොදරුවා වගේ ඉන්න අහිංසක කෙල්ලව ගෙදරින් පිටමන් කරගෙන අරන් යන එක ගොඩාක් වැරදියි...."

"ඒක දන්නවා අම්මේ...ඒත්...?"

"අනේ අම්මා කරබාන ඉන්නකෝ...මුන් දෙන්න අද ඊයේ නෙමෙයි ආත්ම ගානක ඉඳන් පතන් ආපු දෙන්නෙක්..ඒක මං දන්නවා..මට දැනෙනවා... මූ වැරදි ඇති....ඒත් ආදරේදි මේවා සාමාන්‍යයි අම්මේ...."

සිදු වන සියල්ල සිහිනයක් මෙන් ය... තරූගෙ මව හා පියා දැන් කලබල වී ඇයව සොයන්නට වෙහෙසෙනවා විය යුතුය.. ආත්මාර්ථය උදෙසා දෙමාපියන්ගේ සිත රිදවීම කෙතරම් දුරට සාධාරන දැයි සිතුවෙමි...

"මට මේක කරන්න බෑ රාජිත... අම්මා කිව්වා හරි.. දෙමවුපියන්ට දුක දීලා අපි දෙන්නගේ ජීවිතේ ලස්සන කරගන්න බැරිවෙයි කවදාවත්... ආත්මාර්ථකාමි වෙන්න බැ මට..."

"අම්මා කියපු එක ගනන් ගන්න එපා බං.. මෙච්චර දුරක් ඇවිල්ලත්.."

"නෑ..බලපන් මේ කෙල්ලව පොඩ්ඩක්.. අත දරුවෙක් වගේ බං.. මං කිව්වට ආවා... ජීවිතේ හරි හමන් තේරුමක් දන්නේ නෑ මේ කෙල්ල තවම.. කවදා හරි තේරුන දවසක මට කෙල්ල සාප කරයි... අම්මා තාත්තා අයියා ඔක්කොමලාම දාලා එන්නේ ආදරේ හින්දා.. ඒත් කවදම හරි කිව්වොත්..අයියා පැටී ඔයා නිසයි මගෙ අම්මා තාත්තා මට නැති උනේ කියලා..."

"අනේ මන්දා බං... උඹලගෙ ලෝකේ උඹලා හදාගන්න ඕනි... ඒකට ආත්මාර්ථකාමි උනා කියලා වරදක් නෑ.. මං දන් නෑ උඹට උපදෙස් දෙන්න... උඹ හිතට එකඟව ඕනිම දෙයක් කරපන්... මං උඹ එක්ක ඉන්නවා.. එච්චරයි..."

"මං කෙල්ලව ආපහු ඇරලනවා...."

"උඹ සදහටම කෙල්ලව අමතක කරන්නද හදන්නේ..."

"මේකිව අමතක කරන්න තව ආත්ම ගානක් මැරිලා ඉපදෙන්න වෙයි..."

"කෙල්ලව බාර දෙනවා කියන්නේ, උඹට කෙල්ලව නැති වෙනවා කියන එක..."

"ආදරේ වෙනසක් වෙන් නෑ මගෙ...ඈතින් ඉඳන් හරි බලන් ඉන්න පුලුවන්...ආදරේ කියන්නේ ලබා ගැනීමම නෙමෙයි බං..ඒක පරිත්‍යාගයක්..."

"හරි උඹ මොනවා හරි පිස්සුවක් කෙලලා හරි ඈතින් ඉඳී..ඒත් මේ කෙල්ල..."

"එයා තේරුම් ගනී....එයාට මං තේරුම් කරන්නම්..."

"මෙච්චර දුරක් ආවට පස්සේ ම ඇයි බං ඔහොම හිතන්නේ...කලින් ම කියලා කෙල්ලට තේරුම් කරලා තිබ්බා නම් හරිනේ..."

"බොලඳ වෙලා තීරණය ගත්තා මිසක..මේකෙ තියෙන බරපතලකම තේරුනේ නෑ බං..."

"ඒත් මේ ගත්ත තීරණේ වෙනස් කරන්න එපා බං....පව් මේ කෙල්ල..."
දෙලොවක් අතර මංමුලා වී ඇති සිත ඉදිරියට කුමක් කරන්නේද යන්න ප්‍රශ්නාර්තයෙන් ඇලලී තිබූ මොහොතේ තරූ එක වරම ඉකි බිඳින හඬ ඇසිනි...

"තරූ..... ඇයි මගෙ කෙල්ල අඬන්නේ...ඔයා දොයි නැද්ද....?"

"මට ආපහු යන්න බෑ... ඔයා හිතන්නේ මං මේක හදිසියේ ගත්ත තීරණයක් කියලද..? මං මෙහෙම වෙනවා කියලා දැනගෙනයි ඔයාට ආදරෙයි කිව්වේ අයියා පැටී... මගෙ හැමදේම දැනෙන ඔයාට ඇයි මේක නොදැනුනේ...මට බෑ ආපහු යන්න, මට ඔයාව නැති කරන් ජීවත් වෙන්න බෑ රත්තරන්.."

"තරූ ඔයාට තේරෙන් නෑ මං කියන දේ...ඔයාගෙ අම්මා තාත්තා ගැනයි මම කියන්නේ..."

"දන්නවා රත්තරන් දන්නවා...එයාල ගැන මමත් දුක් වෙනවා...ඒත් මට ඔයාව ඕනි...එයාලා ටික කාලෙකින් හොඳ වෙයි.....අපෙ අම්මි මාත් එක්ක කතා කරයි මගෙ අයියේ...ප්ලීස් මට ඔයාව දාලා නම් යන්න බෑ...."

"පසිඳුවො...සමවෙයන් මෙහෙම කියනවට...ඒත් මචං අයෙ මෙතනින් හැරෙන්න එපා...එන දේකට මූණ දෙමු... බලන්නකෝ අම්මා..."

"දැන් මේ දරුවව තනි කරන්න එපා පුතේ...අපි මේ යන ගමන් යන්...දෛවය වෙනස් කරන්න බෑ කාටවත්...ඉරණමේ තියෙන විදියට හැමදේම වෙන්නේ..." රාජිතගේ මව කියාගෙන ගියාය...තරූ දෙස බැලුවෙමි...ඇය අසරණව මා දෙස බලා සිටියි... ඇයගේ කඳුළු පිස නලලත මුදු හාදුවක් තියා හිස අත ගෑවේ ඇයව කිසිදා තනි නොකරන බව සිතාය..

සියල්ල සිදු වන්නේ හොඳටය සිතා තරූ හා එක්ව අපේ ලෝකයක් තනා ගැනීමේ අරමුණින් මාතර නගරය බලා පැමිණියේ සියලු සැප සම්පත් අතැරය.. අනුරාධපුරය මේ වන විට එකම ගිණි ජාලක්ව මා සහ තරූව සොයනවා විය යුතුය...ටික දිනකින් තරූගේ නැතත් මාගෙ හෝ චායා රූපයක් මාධ්‍යයේද පලවෙනු ඇත..එහෙයින් විදුලිය පවා නොමැති මේ ග්‍රාමය ජීවත් වීමට යහපත් ය...එහෙත් රජ බොජුන් සැප සම්පත් විඳ රාජ කුමාරියක ලෙස ජීවත් වුනු තරූ...... අනුකම්පාවටම දෑසට කඳුලක් ඉනුවේය....

"මචං මෙතනින් බහින්න තියෙන්නේ යමු ඉස්සරහට"

බොහෝ රාත්‍රී වී තිබුනද තරූගේ දෑතින් අල්වාගෙන මාතර නගරයෙන් බැස ගත්තේ අනුරාධපුරයට සදහටම ආයුබෝවන් කියාගෙනය.... තරූගෙ දෙමාපියන් කිසිදා අපව පිලිගනී යැයි විස්වාශයක් නොතිබුනේය... බසයෙන් බැස පලමුව කලේ බැංකුවට ගොස් පෙට් කාඩ් එක හරහා මුදල් ගැනීමය... ඉන් පසු නගරයේ තිබුනු රාත්‍රී සුපිරි වෙලඳ සැලකට ගොඩ වී උවමනා බඩු භාම්ඩ සියල්ල මිලයට ගෙන තරූගෙ සිත සතුටු කිරීමට ටෙඩි බෙයාර් එකකුද මිල ගත්තේය..

"අයියා පැටී...."

"ම්ම්ම්ම්..."

"උම්මා එකක් දෙන්න හිතෙනවා...ඒත් කට්ටියනේ...."

"උම්ම එකක් නෙමෙයි දැන් හනිමූන් එකේදි උම්ම ගොඩක් දෙන්න වෙයි....."

"ඒකට තව කල් තියෙනානේ....."

"ආ ඒ මොකෝ...."

"ඒම තමා...."

"අනේ පව් මං..."

"හී......හදිස්සිය තියෙන නෝටියගෙ..."

"මාව නෝටි කලේ ඔයානේ...."

"අනේ ඉතිම්....."

"මැටි කෙල්ල...තව රෑ වෙන්න කලින් අපි යන්...."

අවන් හලකින් රාත්‍රී ආහරයද ගෙන කුලී රථයකින් රාජිතගේ නැන්දාගෙ නිවස වෙත ලං වන විට රාත්‍රී දොලහ පසු වී තිබින... වාහනයේ ශබ්දයට නිවසේ දොර හැර බැලූ නැන්ද කඩුල්ල ඉදිරිපිටට ආවාය..ඉතා සරල ආකරයෙන් ඉදිවී තිබුනු නිවෙස ඉදිරිපිට බැස ගත් අප සියලු දෙනාවම ඉතා කුළුපගු ආකාරයෙන් පිළිගත් ඕ ඉක්මනින්ම නිවෙස තුලට කැඳවාගෙන ගියාය....

අප පත්ව සිටි තත්වය ගැන සියලු විස්තර රාජිතගේ මව විසින් කීමෙන් අනතුරුව ඇය කිසිවක් නොකියාම නිදා ගැනීමට තැන් පිලියෙල කර දුන්නාය..නිදා ගැනීමට එතරම් ම පහසුකම් නොතිබුනු නිවසේ එක් කාමරයක තරූ හා රාජිතගේ මව නිදා ගත් අතර රාජිත සමගින් මම සාලයේ නිදා ගත්තේ ගමන් විඩාව ද තදින් දැනෙන්නට වූ නිසාමය....බියකරු අඳුරු රැයේ බියකරු බව තවත් වැඩි කරමින් විවිධ ආකාරයේ ශබ්ද අවටින් ඇසුනද දෙනෙත් පියා ගත් පසු එය කෙමෙන් කෙමෙන් තුනී වී ගියේය...

•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
••••••••••••••••••••••••••••••••••••••
 


No comments: