Translate

Thursday, July 14, 2016

අනාරාධිත අමුත්තා....

අනාරාධිත අමුත්තා....

ලෙහුනු සළුපට බඹර තුඩ'ගින්
පිබිදි දෙනුවන සොයන සෙනෙහෙන්
වැතිර සයනෙක නග්න රැඟුමෙන්
උමතු වෙස් ගෙන ලබැඳි බැඳුමන්...


අදහමින් පිරුමන් කතා පෙම්
නිතිව පතමින් හදෙහි සුරැකුම්
මං මුලා වන සිත'ඟ කිසියම්
මියෙද හැඟුමන් නොවුන කැටයම්...

අන්ධකාරය ලබන මසුරන්
විහඟ පියපත් සුන්ව හැඟුමින්
හුදෙකලාවෙම ගැබෙ'ට බට වන්
අනාරාධිත නුඹයි පුත දැන්...

නොරැක පතිදම් ලබන ගැරහුම්
වලට බිය ඇති ලොවම මොන යම්
කටොළු නිරුධක කඳුළු සිතුවම්
හෙලා පල නැත නොරැක ගුණ දම්..



No comments: