Translate

Thursday, July 14, 2016

මගෙ ආදරේ නුඹ

නිල් අහසෙ තරු ගොමුව පාටින් දිලෙන්නේ
ඔය නෙත් කැලුම් වාගෙමයි
සඳ හාවි අර හැංගි කෝලම් කරන්නේ
නුඹෙ මුව හිනා දැක්කමයි
මද පවනේ හිරිකඩට සීතල දැනෙන්නේ
පෙර මතකයන් සිහිවෙලයි
දුර ඇදෙන සිතුවිල්ල නුඹවම සොයන්නේ
මගෙ ආදරේ නුඹ නිසයි



No comments: