Translate

Friday, July 22, 2016

ඉස්කෝලේ මහත්තයට....





ඉස්කෝලේ මහත්තයට....

කැලෑ මලක් වෙලා පිපුන
ගමේම කටකාරි මංලු
හැමතැනකම කතා උනත්
අහිංසකී මං ගෙදෙට්ට..


ගමට ආව මහත්තයට
ඉස්කෝලේ අකුරු කිව්ව
අනේ මංදා හිත ගිහිල්ලා
චූටි හීනයක් දැක්කද..

සුදු ගව්මේ කහට මකලා
ඇඳන් ආවෙ දුක හිතුනද
ලොකු ලොකු තැන් අපිට එපා
අම්ම කිව්වේ සැක හිතිලද..

හේන් කොටන තාත්තාට
බැරි වෙයි හිත හදාගන්න
එයාගෙ දඟ දූ පොඩිත්ත
රැවැට්ටුවොත් එහෙම ඔන්න..

අහස පොලොව අපි දෙන්නම
ඒ දුක බැහැ වාවගන්න
මහත්තයෝ මගෙ තනිකම
මටම දීලා කොළඹ යන්න..


No comments: