Translate

Sunday, July 31, 2016

සිහිනයකි දෑස් ලඟ 16

•••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••
¥ - දහසයවන දිගහැරුම - ¥
රාත්‍රීය ගෙවී ගියේය.. නව දිනක උදාව නව අඹු සැමි යුවලක් ලෙස ආරම්භ කොට.. දිවි මාවතේ දෛවය විසින් දායාද කර දී ඇති කාලය තුල යහපත්ව සමගියෙන් හා නොමියෙන ආදරයකින් ජීවිතය ගෙවන්නට ප්‍රාර්ථනා පතා දෙනෙත් හැරියෙමි.. තරූ තවමත් නිදිය.. පහතට වී තිබුනු ඇඳ රෙද්ද ගෙන ඒ නග්න වූ පපුව මතට දමා නැගිටින්නට හැදුවෙමි... එහෙත් නොහැකි වූයේ ඒ සියුමැලි දෑතින් මා අත ලෙහිල් නොවුනු බැවින් ය..
කෙසඟ අවුල් වී මුහුණ රතු පාටට හැරී තවමත් සිනාවක් රැඳී තිබුනු මුහුණ දෙස බලාගෙන ඒ පියවුනු සොඳුරු දෑස් මත මුදු හාදුවක් තැබුවෙමි...තොල් පෙති මෑත් වී සිනාවකින් මුව සැරසිණි...


"හොර කෙල්ල...නිදි වගේ හිටියා නේද...?"
"මාව දාල යයිද බැලුවේ.."
"ඔච්චර ආදරෙන් බදාගෙන ඉදිදී කොහෙ යන්නද...?"
"එහෙනම් ජීවිත කාලෙම මෙහෙම බදාගෙන ඉන්නවා..."
"ඔය අත අතෑරියත්, මේ ඔයා බදාගෙන ඉන්න හිත අතෑරෙන්නෙ නෑ රත්තරං....සත්තයි මේ හිතේ පුංචිම හිස්තැනක්වත් නැති වෙන්න ඔයාම පිරිලා..
"මට තේරෙන් නෑ අයියා... දැන් මං අඬන්න ඕනිද හිනා වෙන්න ඕනිද කියලවත්.... මං දන්නේ මට දැනෙන්නේ මං ඔයාට මාව පූජා කලා කියලා...මට කියාගන්න බැරි දෙයක් දැනෙනවා..ඒත් ඒක කියාගන්න තරම් ජීවිතේ ඉගෙන ගෙන නෑ දෙයියෝ..."
"මෙච්චර දුරක් ඇවිත්, මං නිසා ඔය ඇහෙන් කඳුලක් වැටුනොත්, මට හෙන ගහයි.. ඇත්තමයි වෙලාවකට හිතෙනවා නංගි පැටී...මගෙ ආදරේට වඩා ඔයාගෙ ආදරේ ශ්‍රේෂ්ටයි... උසස්..."
"එහෙම කියන්න එපා අයියා පැටී... මං ඔයාගෙ ආදරේ විඳිනවා විතරයි..ඒ ආදරේ මට හැමදාම දෙන්න ඒ ඇති...ගෑනියෙක් උසස් කියලා ශ්‍රේෂ්ටයි කියලා පිරිමයට වඩා උඩින් තියාගත්තොත් ඒ පව්ල කැඩෙනවා කියලා අපෙ අම්මා කියල දීලා තියෙනවා..මට මේ දෙන ආදරේ දෙන්න අයියා පැටී...මට ආඩම්බර කාරියෙක් වෙන්න බෑ..."
"අම්මෝ මගෙ ගෑනි දැන් පැහිලා..."
"ඔව් ඔව් ඊයේ රෑ.හි හි..."
"හි හි පිස්සු කෙල්ල...උම්ම්ම්ම්මා..."
"ආව්...නෝටියා...තවම මූණ සෝදලත් නෑ...ගුටි දෙනවා ඈ....."
"I love the dirty kisses....

සුසුම අයදින සුවය
හදන් උණුසුම ගෙනෙන
දැනෙන හැඟුමින් තවත්
සෙනෙහසම පතුරන්න
තව ටිකක් ලං වෙන්න..

නුවන් පෙති දිග හැරෙන
ඔය මුවෙන් ගැයෙන ස්වර
විහඟුන්ගේ ගී නදින්
සවන් ලඟ කොඳුරන්න
තව ටිකක් ලං වෙන්න..

නෙත පුරා ඇඳෙන රුව
හිත පුරා දැකගන්න
කප්පරක් සිහින මල්
සුවඳ දී පූදින්න
තව ටිකක් ලං වෙන්න...

                   රාජිත හා පියල් පැමිණෙද්දී උදෑසන තරූ විසින් සාදන ලද තේ කෝප්පයක රස බලමින් උන්නෙමි... අනුරාධපුර කුමක් වෙන්නෙදැයි දැන ගැනීමට පියල් යැවීමට කතිකා කරගෙන සිටිය බැවින් තරූ නිවසට යැවීමට ලිපියක් ලියමින් සිටියාය...
"ආ...වු..ස් අප්පා මනමාලයා පාට වෙලානේ..මූණට හඳයි පැණියි ඔක්කොම වැටිලා ව්හේ දිළිසෙනවා..නැද්ද පියල්..."
"ඒක නම් ඇත්තමයි..."
"සතුටින් හිටියාම ඕනිම කෙනෙක් ලස්සන වෙනවා බං...උඹල වගේ ඉරිසියා කර කර හැම වෙලේම හිටියම මූණ වඳුරෙක්ගෙ වගේ වෙනවා.."
"යකෝ මං උඹට මොකකට ඉරිසියා කරන්නද.. මට දුකක් නම් තියෙනවා පැය විසි හතරම මා එක්ක ඉඳපු එකා දැන්..."
"මං දන් නැද්ද බං උඹ ගැන.. විහිලුවක් කලේ... ඉස්සර දැන් කියල වෙනසක් නෑ බං...ඉක්මනට නැන්දත් එක්ක මෙහෙට වරෙන්... මේ පාළුවේ ඉන්න බෑ..."
"තව දවසක් දෙකක් හිටපල්ලකො..ඒක නෙමේ මූ අදම යවමුද..."
"හ්ම්ම් පියල්ට පුලුවන්ද ගිහින් එන්න..?"
"අපෝ ඕක මොකක්ද අයියේ මං ගිහින් එන්නම්.."
"තරූ ලියුම තාම ලියනවා..ඕක පෝස්ට් කරන්න ඕනි සේරම විස්තර දැනගෙන බස් එකට නගින්න ඔන්න මෙන්න තියලා අනුරාධපුරෙන්ම හොඳද.."
"හරි අයියේ ඒවා ගානට දෙන්නම් එලට..."
"මූ කොළඹ හිටියෙ සති දෙකයි බලපන්කො මුගෙ බාසාව..."
"ඔහොම තමයි බං කොල්ලො උනාම....ඉන්න මල්ලි මං සල්ලි අරන් එන්නම්..."
"එපා පිස්සුද අයියේ මං ලඟ සල්ලි තියෙනවා..."
"හිටහන්කො පැහෙන් නැතුව.." තරූගේ ලියමද රැගෙන බැංකු කාඩ් පත සමගින් මුදල්ද දී නිවසට අවශ්‍ය භාම්ඩ ස්වල්පයක් යලි පැමිණෙද්දී රැගෙන එන්නට කියා දී පියල්ව පිටත් කලේය.. උදෑසන ආහාරයට නැන්දා ආරධනා කර තිබූ බැවින් තිදෙනාම එහි ගියේ නිවසේ සිටීමද තනිකමක් දැනීම නිසාය...
"ආ පුතාලා ආවද...එන්න දුවේ...ගෙට එන්න..."
"පසිඳුවෝ...." රාජිත කඩුල්ල අසලට වී අඬ ගැසුවේය...
"උඹත් කාලා හිටින් පුතේ ඇවදින්..."
"ටික්කින් කන්නම් නැන්දේ..."
"එහෙනම් ඉඳින් මේ ජෝඩුව කනකන්..."
නැන්දාගෙ දැඩි ආරාධනය හමුවේ ගෙතුලට වැදී ආහාර ගන්නා අතරතුර රාජිතද බත් පිගානක් රැගෙන විත් අසල හිඳ ගත්තේය..
"ඇයි බං කතා කලේ..."
"පස්සෙ කියන්නම්..කාපන්කෝ..."
"මේ මේ රස්තියාදුවෙ යන්න ඔට්ටු නෑ...මං හරි සැරයි..."
"අම්මට හුඩු වයිප්ගෙ සැර...." ඇති වූ සිනාවට කටෙහි තිබු බත් පිඩ පිට උගුරෙද ගියේය...ඉක්මනින් වතුර උගුරක් බී...
"ඒකනේ බං බලහන්කෝ ඒකෙත් හැටි..."
"ඇයි නංගි අෂරණ අපෙ හිත් පාරන්නේ...විනාඩි පහකට එවන්ඩකො..."
"ම්ම් ඔන්න ඊට වඩා තප්පරයක් හිටියොත් දඩ ගහනවා ඇ..."
"ඈ...දඩේ කීයද ?"
"තප්පරේට රුපියල් දාහයි..."
"අය මක්කැයි ඉතින් හැරීගේ දුවනේ..." මට ඉබේටම කියවිනි.. තරූ මා දෙස රවා බලද්දී රාජිත කොක් හඬලා සිනා සුනේය...
"කෑ නුගහා ඔය දරුවන්ට කන්න දීපන්කො පුතේ..." රාජිතගේ අම්මා පැමිණ කිව් පසු රාජිත එතැනින් එලියට ඇදුනෙන් මමද ඉක්මනින් කෑම කා එලියට පිවිසුනේ තරූ පියල්ගේ නැගණියන් හා එකතු වුනු මොහොතේමය...
"ආ ආවද.... වරෙන්කො යන්න පාර පැත්තට..."
"මොකද බං..."
"මාර සීන් එකනේ..."
"ඒ මොකක්ද..."
"ලොකු නංගි මට සීන්"
"හි හි තේරෙන්න කියපන්කො හරකෝ..."
"අපෙ ඔය ඉන්නෙ නංගි බං..."
"පියල්ලැ නංගිද..?"
"ඔව්...ලොකූ.."
"ඉතින් ලොකූ මොනව හරි කිව්වද...?"
"නෑ බං ඒත් ඇහැ දෙනවා..."
"උඹට ඒක තේරෙනවා නම් කෙලින්ම අහපන්කෝ... ඇවැස්ස නෑනනෙ..."
"ඒක තමයි උඹට එන්න කිව්වේ..."
"මං අහනවට වඩා හොඳ නැද්ද උඹ අහන එක..."
"මට නිකන් මොකක්ද වගේ බං..උඹ අහපන්කෝ.."
"හ්ම්ම් මං හෙමීට අහල බලන්නම් කැමැත්තක් තියෙනවද කියලා.. ඊට පස්සෙ උඹ කතා කරපන්.."
"හරි එහෙම කරමු..යමන් ගෙට නැන්ද කාරණාවක් කියන්න ඕනි කිව්වා ඒ ගැන අහන්න..."
"මොකක් ගැනද බං.."
"කුඹුරු වගයක් තියෙනවලු බං..ඒවා ගැන කියන්න මගෙ හිතේ..."
"හ්ම් ඒකත් නරකම නෑ..මගෙත් අයිඩියා වගයක් තියෙනවා..බලමුකෝ.."
රාජිතගේ නැන්දා සමග කතා බහ කිරීමට අවශ්‍යම වූයෙන් දෙදෙනාම ඒ සඳහා අවස්තාව එන තුරු බලා සිටියේ මුදල් උපයන මාර්ගයක් පාදා ගැනීම අවශ්‍යයෙන්ම සිදු විය යුත්තක් නිසාය..
"නැන්දේ අර කුඹුරෙ කතාව මං කිව්වා පසිඳුට.."
"ආ පුතේ... ඒ ගැන කියන්න හදිස්සි නෑ..තව ටික දවසක් යන්න ඇරලා අපි ඒ පැත්තෙ යන්කො.."
"නෑ නැන්දෙ මාත් කල්පනා කලේ දවසක් දෙකක් ඇරලා පියල් මල්ලිත් ආවම මොකක් හරි බිස්නස් එකක් කරන්න කියලා..."
"මේ පලාත් වල මොන බිස්නස්දැ පුතේ..මෙව්වල ඉතින් වී කරල පැහෙනවා එලවලුවක් හැදෙනවා එච්චරයි..."
"නැන්දෙ ටවුමෙ ඉඳන් මේ ගමට එද්දි කඩවල් කීයක් තියෙනවද..?"
"කඩවල් නම් පහලොවක් විස්සක් ඇති මයෙ හිතේ..."
"අපිට බැරි වෙයිද පොඩි ලොරි බට්ටෙක් අරන් ඩිලිවරි කරන්න.."
"ඒකත් නරකම නෑ ඒත් ඉතින් මෙව්වල ඒ හැටි වෙලඳාමක් යන්නෙ නෑ ඔය සීනි තේ කොල ටික ඇරුනම.."
"ඒ උනත් ඇති නැන්දෙ මෙයාලා ටවුන් එකට ගිහින් ගේනවට වඩා අපි ලඟට ගෙනත් දෙන එකෙන් ලාභයක් ගන්න පුලුවන් වේවි.."
"හ්ම්ම්...පුතාලට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න පුතේ... මං කල්පනා කලේ මේ පාරවත් මගෙ පුරන් කුඹුරු ටික අස්වද්දගන්න ඇහැක් වෙයි කියලා.."
"ඒකත් කරමු නැන්දෙ..කෝමත් ඉතින් ඩිලිවරි කරන්න වෙන්නෙ සති දෙක්කට සැරයක් වගේනේ.."
මුලින්ම කුඩා ලොරි රථයක් ගත යුතුය.. එය ෆිනෑස් දමා ලබා ගැනීමට සෑහෙන මුදලක් අක්කාගෙන් ඉල්ලා ගත යුතුය.. ඊට අමතරව මෙහි තිබෙන පුරන් කුඹුරු අස්වද්දා මෙහිම කාලයක් රැඳී සිටීමට සිතා ගත්තේ ඉදිරියට කුමන ගැටලු පැන නගීදැයි නොදන්නා බැවිනි..
සතියකට පසු තනා ගත් කුරුළු කූඩුවට රාජිත හා මව පැමිණීම නිසා එහි දැනුනු පාලුවක මැකී ගියෙන් තරූ හා කාලය කලමණාකරනය කර ගත හැකි වින.. රාජිතත් සමග කුඹුරු බැලීමට ගිය පසුද දෙදෙනාටම නව අදහස් කිහිපයක්ද පැමිණියේය..
"ඒ මෙච්චර ඉඩම් තියෙනවා කියලා දැනන් උන් නෑ බං.."
"ඒකනේ අපරාදේ..පියල් පිස්සෙක්නේ..මේව අතෑරල කොළඹ ආවෙ.."
"කම්මැලි වැඩ අයියා ඕවලට යන මහන්සියවත් දැන් කාලෙ හොයාගන්න බෑ.."
"හැමදාම කරපු එක කර කර ඉන් නැතුව අලුත් දෙයක් කරන්න මහන්සි උනා නම් මල්ලි අද ගොඩ..."
"දැන් මොකක්ද අයියලා කරන්නෙ කියන්නකෝ..මං ඕනි හෙල්ප් එකක් දෙන්නම්.."
"රාජිතයෝ.. එහෙ ෆුඩ් සිටියේ වැඩ කලේ කවුද බං සමින්දයා නේද...? උගෙන් විස්තර දැනගෙන අපි හදමු කාබනික ගොවිපොලක්..වස විස නැති එලවලු..."
"ඒක තමා බං..ෆාම් එකකට කියාපු ඉඩම් කෑල්ල.. කරමු එහෙනම්.."
" හ්ම් මුලින් ටවුන් ගිහින් ඩිලිවරි වැඩේ සෙට් කරන්න ඕනි.. ලොරිය පියල්ගෙ නමින් අරන් පියල්ටම වැඩෙත් බාර දෙන්නම්.."
"ඔව් ඒ ගමන් සමින්දයටත් කතා කරලම එමු.."
"හ්ම්ම්.. හෙට ම යන්.."
දින කිහිපයකින් ම කතිකා කර ගත් පරිදි වැඩ් ආරම්භ කෙරිනි.. ෆාම් එකට අවශ්‍ය සියලු කළමණා සූදානම් කෙරෙද්දි නිවස අහල පහල රාජිතගේ නෑදෑයින්ද මේ පිළිබඳ උනන්දුවෙන් අප හා එක් වීම නිසා වැඩ කරගෙන යාම පහසු විය..
යන්තමින් පරිසරයට හුරු වෙමින් සිටියත් හැකි සෑම විටෙකම තරූ හා ආදරයෙන් සිටීමට උත්සුක වූයෙ තවමත් පැමින දෙමසක්වත් නොමැති නිසාමය..එහෙත් ඇයට අවශ්‍ය වූයේ සැම විටම ඇය හා සිටීමමය..කොතෙකුත් එපා කීවද ඇය පියල්ගේ නැගනියන් දෙදෙනාද කැටුව බොහෝ විට අප වැඩ කරන ස්ථානයේම ගැවසී කතා බහ කිරීමට පුරුදු වී සිටියේ එනිසාමය..
"මොකෝ මගෙ කෙල්ල එල්ලගෙන ම්ම්..
ඕන් ඕන් ඉතින් අහක බලන් ඉන්නේ..
කියන්නකෝ රත්තරන්...
මා එක්ක තරහින්ද...?"
"ඔව්..ගොඩාක් තරහින්..."
"අනේ.....ඇයි මගෙ පැංචියෝ..."
"පැංචියෝ තමයි... අද දවසටම වචන දාහතරයි කතා කලේ හ්ම්..."
"අනේ මගෙ පිස්සු කෙල්ල..වචනත් ගනන් කරලා..."
"එන්න එපා බටර් ගාන්න..අද බිම තමයි දොයිකරවන්නේ..."
"අනේ ඉතින්... මං මේ මහන්සි වෙන්නේ අපි දෙන්නගෙ අනාගතේ ලස්සන කරගන්නනේ..."
"අපෙ අනාගතේ ලස්සන වෙන්නේ මේම ඈතට ඈතට ගිහින් නම් ඕන් නෑ මට ඒ ලස්සන ජීවිතේ...ඔයා මගෙ ලඟින් ඉන්නකෝ.. ඒ ඇති.."
"එහෙමයි මයි ඩියර් වයිෆ්... ඈස් යුවර් විෂ්...."
"අන්න එහෙම හ්ම්...."
"මේ මැට්ටියෝ... අර කුසුම් නංගි ඉන්නේ..පියල්ගෙ ලොකු නංගි.."
"ම්ම් ඉතින්..."
"එයාගෙ හිතේ තියෙනවද අපෙ රාජිත ගැන අදහසක්..."
"ඇයි එහෙම ඇහුවේ..."
"රාජිත අහන්න කිව්වා..."
"මට හිතුනා එදා රාජිත අයියා ගැන කියද්දි දෙන්න අතරෙ මොකක් හරි ඇති කියලා හි හි.."
"ඔයා නංගිගෙන් අහන්නකෝ..."
"පියල් අයියගෙන් බැනුම් අහන්න වෙයිද දන් නෑ මට බ්‍රෝකර් වැඩ කරලා..."
"නෑ නෑ..හෙමින් සැරේ අහල බලන්නකො..."
"හා..."
පියල් තනිවම සිය රාජකාරිය කරන අතර තුර ගොවිපලේ කටයුතු වලටද නොමදව සහය දුන්නේය.. මුල් සති කිහිපයේදි ණයට කඩවල් වලට බඩු දමමින් ගොස් අවසාන සතියේදි මුදල් එකතු කර ගැනීම සිදු විය.. ගොවිපල සඳහා සියලු ඔප්පු පියල්ගේ නමින් තිබීම නිසාම ඔහු ලවා බැංකු ණයක් ගැනීමට අදහස් කරගෙන තිබිණි.. ඒ අඩක් නිම උනු ගොවිපලේ ඉතිරිය නිම කර ගැනීමටය.. ඒ සඳහා පියල් සිය මව සමග නගරය වෙත ඇදුනෙන් කුසිම් හා ඇගෙ නැගණියද නිවසට පැමිණියාය..එදින සියල්ලන්ම විවේකීව කාලය ගත කිරීමට සිතා ගෙන නිවසේම රැඳී සිටියේ කල යුතු තරමේ වැදගත් යමක් නොතිබුනු බැවිනි..
"ඒ අන්න කුසුම් තනියම ලිඳ පැත්තට ගියා...දැන් පලයන්..ගිහින් අහපන්..."
"මොනවද බං අහන්නේ..."
"ආ ඒකත් උඹට ලියල දෙන්න ඕනිද..."
"බයකුත් හිතෙනවා බං..අම්මත් ඉන්නවා..."
"නිකන් පලයන් වොෂ් එකක් දාගන්න යනවා වගේ.."
"හ්ම් හ්ම් හිටහන්කො එහෙනම්..."
රාජිත හා කුසුම් එකතු වේ නම් සතුටකි.. කුසුම් ද අහින්සක තරුණියකි.. ඇයට බොහෝ සෙයින් රාජිතව ගැලපේ... නැන්දා හා ඉක්මනින් කතා බහ කර මේ කටයුත්ත පිළිවෙලක් කර දිය යුතුයැයි සිතුනි..
"මොකද අයියා පැටී තනියම..කෝ රාජිත අයියා..."
"ඔන්න ලිඳ පැත්තට ගියා.."
"ආවුස්...ඒකත් ජය සිරි මංගලම් වෙයි එහෙනම්...."
"මැට්ටි...පව් ඌ අහින්සකයා.. උට හරියනවා නම් ගොඩක් ලොකු දෙයක්.."
"ඒක නෙමෙයි මේ...."
"ම්ම් කියන්න..."
"හවස පංසල් යන්ද..?"
"යමු..ඒත් මොකෝ මේ හදිස්සියේම හිතුනේ.."
"නෑ..නිකන් හිතුනා..." තරූ බොරු සිනාවක් මවාගනිමින් කීවාය..
"දැන් මගෙ කෙල්ල මට බොරුත් කියනවද..?"
"අනේ රත්තරන්..එහෙම කියන්න එපා මහත්තයෝ.."
"එහෙනම්...?"
"මං ඊයේ නරක හීනයක් දැක්කා.." ඇය බිම බලාගෙන පැවසුවාය..කෙල්ල දුටු සිහිනය කුමක් උවත් ඇය ඇත්තේ යම් කිසි බියකින් බව තහවුරු විය...
"අයියෝ.. හීන කවුද ගනන් ගන්නේ.. මගෙ මැට්ටි ඕක ගැන වැඩිය හිතන්න එපා..අපි යන්කෝ ඔක්කොලාම එක්කන් හවස පංසල් ඇ...."
"නෑ මං නැන්දට කිව්වා..එයා තමයි කිව්වේ පංසල් ගිහින් එන්න කියලා.." ඇය තවමත් බිම බලාගෙනමය.. සෙමින් ඇය වෙත ගොස් නිකටින් අල්ලා ඒ දෑසට එබුනෙමි..
"ඒ ගැන හිතන්න එපැ වැඩිය.. හිතේ තියෙන දේවල් ඔය පේන්නේ..මගෙ හොඳ කෙල්ලනේ දැන් ඕක අමතක කරන්න..."
"මට බයයි මහත්තයෝ.. මගෙ ඇස් දෙකෙන් ඔයාට කරදරයක් වෙනවා බලන් ඉන්න බෑ..." තරූ වැරෙන් මා බදාගෙන හඬන්නට පටන් ගත්තාය..
"මට මුකුත් ම වෙන්නෙ නෑ මගෙ කෙල්ල මගෙ ලඟින් ඉන්නකන්.. ම්ම් .. කෝ දැන් නාඩා ඉන්න.. මං කිව්වනේ.. මොකූත් වෙන්නේ නෑ.."
"ම්ම්...පංසල් යන්ද..."
"හරි යන් ඉතින්..හෙටත් නිවාඩුවක් දාලා මං මගෙ පැංචි ලඟින්ම ඉන්නම්කෝ.."
"අනේ.... උම්ම්ම්ම්මා..ආදරෙයි මහත්තයෝ..."
"මාත් ආදරෙයිනේ...."

•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••




No comments: