Translate

Wednesday, July 20, 2016

උඹවම පපුවෙ තියාගෙන මං විඳින කරුමයක්





කණාමැදිරියන් ගෙයි වහල බදාගෙන
කන්දොස්කිරියාවෙන් දුවන ටිකි ටිකිය
දෑස වැහෙන්න නොදෙන කඳුළු ගඟත් එක්කම
උඹවම පපුවෙ තියාගෙන මං විඳින කරුමයක්

කොයි වෙලෙත් ඇතුලෙන්ම හොයද්දි හේතුවක්
මියෙන්නට පවා හිතෙයි නෝක්කාඩු කෝටියක්
පිටතින්ම විතරක් පහුරු ගගා හොයන්නේ ඕපයක්
පපුවෙනුත් අහලා බලාපන් නැද්ද කියලා ස්නේහයක්

වීදි පුරාම කරක් ගහගෙන ඉන්න හිටිය නම්
පහයක් හයක් දපනේ දාගෙන රහ බැලුව නම්
මුනින් අතට නොනිදා සෘංගාරේ වින්දා නම්
උඹටත් වටියි මං නේද එහෙම හිටියා නම්

හුස්ම පොදක් හෙලද්දි එන වේදනා කෝටියක්
නහර පුරාම ඇදෙන්නේ මට උඹව ඕනිකමක්
නොදැනෙන්න මං කරන්න ඇති පව් මහ මෙහරක්
මැරෙන්නද කියන්නේ ඔච්චරම ඇයි වෛරයක්


No comments: