Translate

Saturday, July 23, 2016

මට අමතක වෙන්නෙම නෑ ඔයා දුර ගියත්

දසත හමන මුදු සුළඟට පවා නොදැනුනත්
නුඹගෙ සුවඳ මා සමගයි සදා තනිවුනත්
සුසුම දවන නෙත් කඳුලැලි පවා හිනැහුනත්
නොමැත මතක හැර යන්නේ ඔයා හැරගියත්



කොණක කැලැල් නෙත අබියස තියා වැළපුනත්
අහිතක් නෑ සංසාරෙක සදා තනිකලත්
වියරු වැටුන දෛවය දෙදෙ..නාව වෙන්කලත්
නවතින් නෑ මතු සසරෙත් සොයා එමි යලිත්

නුහුරු හැඟුම් අවපස සඳ සේම බැස ගියත්
උදා ගිරේ හිරු අවරට නොබැසලා ගියත්
අහස පොලොව ක්ෂිජ ඉමේ සේදිලා ගියත්
මට අමතක වෙන්නෙම නෑ ඔයා දුර ගියත්..




No comments: