Translate

Wednesday, July 13, 2016

අදත් නුඹ නැති නිසා


නිමක් නැති අහස් කුස
විඩාබර දෙනයනින්
තවත් රැය දිගු වේවි
අදත් නුඹ නැති නිසා...

හෙටත් හිරු පායාවි
එයින් එළියක් දේවි
එහෙත් මම අඳුරේම
අදත් නුඹ නැති නිසා...

හිරි වැටුන නෙතු පියන්
ඇහැරවන් කඳුළකින්
දෙකම්මුල් දොවාලයි
අදත් නුඹ නැති නිසා...

-සුසන්ත අබේවික්‍රම-


No comments: