Translate

Sunday, October 23, 2016

නුඹ එනතුරු


දේදුන්නෙන් පාට අරන්
ඈත අහසෙ සත් පාටට
මුතු අකුරින් ඔයාගෙ නම.
අකුරු කරන්නම්....
එහා මෙහා නිතර දුවන
සුළං කෝඩෙ යාලු කරන්
දුහුල් වලා ඈතට කර
රැකගෙන ඉන්නම්...
දෑස් පියන් මාව සෙව්ව
හදේ කොනින් මං ඇහැව්ව
දිනයක් ලඟදිම ඒවිද
ඇඟිලි ගනින්නම්..
හීන අහුරු පොදි ගහගෙන
තරු පාරට එබිකම් කර
නුඹ එන තනි මගට වෙලා
බලාන ඉන්නම්...

Read More ->>


Monday, August 29, 2016

සිහිනයකි දෑස් ලඟ

•••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••

¥ - විසිදෙවන දිගහැරුම - ¥


Read More ->>


Friday, August 26, 2016

මංගල රාත්‍රිය..

මංගල රාත්‍රිය..

Read More ->>


සිහිනයකි දෑස් ලඟ

•••••••••••••••••••••••••••
      සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••
¥ - විසි එක්වන දිගහැරුම - ¥


Read More ->>


Friday, August 19, 2016

සිහිනයකි දෑස් ලඟ 20

•••••••••••••••••••••••••••
    සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••
¥ - විසිවන දිගහැරුම - ¥

Read More ->>


Saturday, August 13, 2016

My Dream



සයුරු තෙර.. රැළි නගයි වෙරළ සිඹ නිදැල්ලේ
සිහින නෙක.. රැය පෙලයි නිදි වරන් ඇසිල්ලේ
නුඹම එන.. මතකයයි ආදරෙන් නෙත් සඳැල්ලේ
මගෙම පන.. නුඹ තමයි තුරුළු වෙමු කැදැල්ලේ

Read More ->>


Wednesday, August 10, 2016

සිහිනයකි දෑස් ලඟ 19




••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - දහනවවන දිගහැරුම - ¥

අහස් වියන ම කළුවරයි
නුඹගෙ මතකය සිත දුවයි
පාළු ඝනඳුර මකා තනියට
එන්නේ කවදාදෝ සිතෙයි..

මිරිගුවක්දෝ සිත කියයි
සිහිනයක් හිරි හැර කරයි
මේ තරම් පව් පිරී දෙතැනක
ආයේ හමු වේදෝ සැකයි..

එක්ව වෙන් වූයේ ගතයි
තවම වෙන් වී නැති සිතයි
කොහේ හෝ හිඳ මාව සිහිකර
නුඹත් හඬනවා මට දැනෙයි..

සුසුම තනි රකිනා සැබැයි
තනිය නුඹ නොයනා හැඩයි
ඇගෙන් තොර වූ ලොව දකින්නට
වේද හැඬුමන් සිත දවයි..

තරූ... සිත් අහස හැඩ කල පහන් තරුව.. රැය පුරාවට නින්ද සොරකම් කල දිව්‍යාන්ගනාව.. මා මෙතරම් පව්කාර වී මන්ද.. ඉකි ගසා හඬන්නටවත් ඉඩක් නොමැති ව ඔහේ ගලනා කඳුළට ඉඩදී නිහඬව රාජිත හුන් සයනයේ මෙට්ටය මත හිස හොවාන රාත්‍රිය ගත කලෙමි.. පපුවට වාවාගත නොහැකි දුකක් මා මෙන්ම ඇයත් දරනවා නොඅනු මානය.. කෙසේ හෝ ඇය මා එන තුරු මග බලා සිටිනවා ඇත.. එහෙත් කෙසේ නම් ඔබ සොයා එන්නද..?

"ඒ පසිඳුවෝ..... උඹට නින්ද ගියෙ නැද්ද..?"

"ම්ම්ම්.... නිදිමතක් නෑ බං..."

"වෙලාව කීයද..? බෙහෙත් සැරටද මන්ද නින්ද ගියා අම්බානෙකට...
ඒ උඹ ඇඬුවා නේද...? කියපන්.. අඬ අඬා ඉඳල හරියනවද බං ගිහින් එක්කන් වරෙන්...කසාද සහතිකෙ තියෙනවනේ..පොලීසියත් එක්කම පලයන්..."

"මොන පිස්සුද බං..ඒවා කරන්න හම්බ වෙන්නේ නෑ.. ගේනව නම් ගේන්න වෙන්නේ ආයෙමත් හොරෙන්....ඊට පස්සෙ ආයෙම හොයා ගනියි.. ඇයි කිව්වේ මහ ලොකු තාත්තා.. අයෙ හම්බෙලා තිබ්බොත් දුවවත් මරනවා කියලා... නම්බුව ලොකුයිලු උන්ට.. මහ ලොකු බම්බුව..."

"ෂිට්... බලපන්කො මේ ඇඳ.. කවුරු හරි දැක්කොත් හිතන්නේ මට මූත්‍රා ගියා කියලා.. මුලින් ගිහින් මූණ සෝදන් වරෙන්.. උඹෙ මූන දිහා බලන්නත් බයයි..."

වේදනා දෙන දෑස පොඩිකර ගනිමින් කාමරයෙන් එලියට ආවද එක වැර පෙනෙනා ආලෝක ධාරා දෙස බැලිය නොහැකි විය.... දෑස් පොඩි කර ගනිමින් කොරිඩෝවේ ඇවිද ගොස් මුහුණ සෝදා ගනිමින් රාජිතගේ උදෑසන ආහාරය ගැනීමට රෝහල් භූමියෙන් පිටතට පැමිණියෙමි...

මද වේලාවක් නගරයේ රැඳී සිටීමට සිදුවූයේ මීට දෙමසකුත් දින විස්සකට පෙරදී අත් හැර දැමූ පුරුද්දක් යලි සියතට ගනිමිනි.. කුඩාවට තිබූ තේ කඩයකට ගොඩ වී කහට කෝප්පයක් පානය කරමින් දුම් වැටියක්ද දල්වා ගත්තේ සිතේ වූ මානසික පීඩනය දරා ගත නොහැකි වීම නිසාමය... උන් තැනම හිඳගෙන පැය භාගයකින් දුම්වැටි හතරක් හමාර කොට යලි රෝහල වෙත පිය නැගුවෙමි...

"සර් ඒ ලෙඩා වාට්ටුවට මාරු කලා..."

රෝහල් කාමරය තුලට ඇතුල් වීමට සැරසෙද්දීම හෙදියගෙ දැනුවත් කිරීමෙන් ආපසු හැරී ඇයගෙන්ම විස්තර අසා දැනගෙන එම වාට්ටුවට පැමිණියෙමි..

"මොකෝ බං මෙච්චර වෙලා...කොහෙද ගියේ..."

"ඉඳි ආප්ප එකක් ගෙනාව බං..."

"බඩත්ගිනී... කමු එහෙනම්... ගනින්කෝ....
පොඩ්ඩන් ඉඳපන්... උඹ සිගරට් බිව්වද.."

"හ්ම්ම්.... මෙන්න ආ...කාපන්කෝ.."

"මට උඹේ දුක තේරෙනව බං.. ඒත් ඔහොම පිස්සෙක් වගේ ඉන්න එපා..."

"හරි හරි කාපන්කෝ..." රාජිතව වාට්ටුවට ගෙනවිත් තිබුනේ ඔහු හට මුහුණ අත පය සෝදා ගැනීමටද ඉඩ සලසාය..එහෙයින් ගෙන ආ කෑම පාර්සකය උණු උණුවේම කෑමට හැකි විය... කෙසේ වෙතත් ඊයේ පිටත් කර හැරි තවමත් නොපැමිනි හේතුව සිත කලබලයට තුඩු දුනි..
උදෑසන ආහාරයෙන් පසුව විවිධ පර්‍යේෂණ සඳහා රාජිතව කැඳවාගෙන යාමටද සිදු වීම නිසා උදෑසන කාර්‍ය බහුල විය.. හඳුනන වෛද්‍යවරයකු සිටීම නිසා හෙද හෙදියන්ගේ සැළකිල්ලද ඉතා හොඳින් සිදු විනි.. නැන්දා ඇතුලු පවුලේ සැම දෙනම දහවල් රෝගීන් බැලීමෙ වේලාවට පියල් සමග පැමිණි නිසා ඔවුන්ගෙ හැඬුම් තවත් සිත දවන නිසා ඔවුන්ගෙන් මිදී රෝහල් පරිසරය විඳිමින් එලියේම රැඳී සිටියෙමි..

"අයියේ..."

"ම්ම් ඇයි..."

"මං අයියගෙ පෝන් එකත් අරන් ආවා..සිම් එක නම් තිබුන් නෑ කාමරේ...මේකෙ චාජ් එක නම් නෑ.. චාජරේ ගෙනාවා.."

"ඕක රාජිත ඉන්න වෝර්ඩ් එකේ ගහන්න බැරිද මල්ලි..."

"හරි බලන්නම් අයියේ...."

"ගිහින් බලලා එන්නකො පුලුවන් නම්.. සිම් එක පර්ස් එකේ තියෙනවා.." පියල්ව පිටත් කර හරිනවාත් සමගම හෙද සේවකයෙක් පැමිණියේ වෛද්‍ය නාලක මහතාගෙ පණිවුඩයක් සමගමය... එය දැන ගැනීමට හෙද නිළධාරියා සමගම වෛද්‍යවරයාගේ පෞද්ගලික කාමරය දෙසට පියමැන්නෙමි...ප්‍රධාන වෛද්‍ය නිළධාරියා සහ පොලිස් නිළධාරියෙක් නාලක මහතාට අමතරව එම කාමරයේ මා යන විටත් රැඳී සිටියේය..

"ආ එන්න පසිඳු... මේ ඔෆිසර් තමා ඔයාලගෙ කේස් එක බාරව ඉන්නේ..."

"ඔව් කියන්න සර්..."

"පසිඳු නේද..?"

"ඔවු සර්..."

"Ok gentlemens.. Thanks.. පසිඳු අපි යන් පොඩ්ඩක් එලියට.." වෛද්‍යවරුන්ට ස්තූති කරමින් පැමිණි සිටි පොලිස් නිලධාරියා මා කැටුව රෝහල් භූමියෙන් පිටතට ආවේය..

"ම්ම් අපි මොනවා හරි බොන ගමන්ම කතා කරමු පසිඳු..."

"හරි සර්... සර්ගෙ කැමැත්තක්..."

"සර් කෑලි ඕන් නෑ මල්ලි.. මං සඳුන්ගෙ යාලුවෙක්.. සඳුන් මට යද්දි කියලා ගියේ හැමදේම.."

"ආහ්... එහෙමද..?"

"හ්ම්ම්... කේස් එක පොඩ්ඩක් දරුණුයි බං.. අහ් අර අතන හෝටලේට යන්..."

"දරුණුයි කිව්වේ අයියේ...." කුකුස දනවන හඬකින් ඔහු පැවසූ දෙයහි අරුත දැන ගැනීමට පෙරලා පැණය විමසුවත් ඔහු සංසුන් ලෙස හෝටලයට පිවිස බීම බෝතල් දෙකක් ඇණවුම් කලේය.. නිහඬව ඔහු දෙස බලා සිටියේ ඔහුගෙ මුහුණෙන් පෙනෙන ඉරියව් තරමක් බැරෑරුම් බව පෙනුනු නිසාමය.. බීම බෝතලෙයෙහි බටය ඉවත දමා බෝතලයට කට තනා උගුරක් බී යලි ඔහු කතාව පටන් ගත්තේය..

"කේස් එක ටිකක් දරුණුයි.. අපිට මොනවත්ම කරන්න බෑ.. ඉහලින් ඕඩර් ඇවිත් තියෙන්නේ මේක දැක්කේ නෑ වගේ ඉන්න කියලයි.. එහෙම තත්තවයක් උඩ මං මල්ලිව හම්බ වෙන්න ආවේ සඳුන් එක්ක තියෙන්නේ අතාරින්න බැරි සම්බන්ධයක් හින්දා.. සඳුන් මට ගොඩක් උදව් කරලා තියෙනවා.."

"හරි දැන් මොකක්ද හැරී කියන්නේ.. මාව ඇරෙස්‍ට් කරන්න කියලද..?"

"හිහ් එහෙම දෙයක් නම් මං එන් නෑ බං.. උන් කියන්නේ උඹට මොනා කලත් ඒක නොදැක්කා වගේ ඉන්න කියන එක..."

"දැන් අයියා කියන්න හදන්නේ මොකක්ද..?"

"අයෙ ඒ කෙල්ලට ලං වෙනවා කියන්නේ උඹ හිතා මතාම ගින්නකට පයිනවා කියන එකයි.. ඒ කෙල්ලට උවමනාවක් තිබ්බත් ආයෙ උඹව හම්බෙන්න ආවොත් ඒ කෙල්ලගෙත් අවසානෙ ඒක තමයි.. නම්බුව වෙනුවෙන් ඕනිම දෙයක් කරයි.."

"ඒක දන්නවා අයියේ..ඒත් මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්නවට වැඩිය එකට මැරෙන එක සැපයි.."

"එතකොට උඹේ නෑදෑයින්, උඹෙ යාලුවෝ, එතකොට අම්මා තාත්තා... කල්පනා කරපන්.. උඹට ගේම දීලා සාක්කි ඉතුරු කරයි කියලා හිතනවද..? මුලු පරම්පරාවටම කෙලවයි එක රැයෙන්.."

"මං මොනවද දැන් කරන්න ඕනි.."

"ඇත්තටම මල්ලි දැන් තියෙන තත්වෙත් එක්ක උන් මේ එන්නත් බැරි නෑ.. පරෙස්සම් වෙයන්.. රාජිත ගැන නම් දුකයි.. ඌ ඔහොම බේරිලා ඉන්නවා කියන්නේ උගෙ වාසනාව.. තවත් එහෙම දෙයක් නොවෙන්න නම් උඹ අතුරුදහන් වෙන්න ඕනි.."

"අතුරුදහන්...?"

"හ්ම්ම්... ඔවු..."

"ඒ කිව්වේ..."

"කාටවත් නොකියා මේ රටෙන් පිට වෙයන්.. අක්කා ගාවට පලයන්.. දවස් දෙකකින් හැමදේම හදලා දෙන්නම් මම.. එතකන් කාටවත් නොකියා යන්න විනාඩියක් තියලා ඔක්කොටෝම කියපන්.. රාජිතටත් එහෙම්මමයි හරිද..? වටේ පිටේ උන්ට දැනගන්න ඉඩ නොතියා ඒ අය අතරේ විතරක් මේක රහසක් විදියට තියාගනින්... ගිහිල්ලත් මෙහෙට කන්ටෑක්ස් තියාගන්න එපා..උබව හොයලා නැති වෙද්දි සේරම හරි යයි.. මේක තමා උඹට ආදරේ කරන අය බේර ගන්න තියෙන එකම ක්‍රමේ..."

"වෙන කරන්න දෙයක් නැද්ද අයියේ... මං මැරුනොත් සේරම හරියන් නැති වෙයිද..?"

"පිස්සු කතා කරන්න එපා බං... උඹ මැරුනොත් ඒ කෙල්ලට හැමෝම සාප කරයි.. ඒකට උඹ කැමතිද..? මමත් බැන්දෙ ලවු කරලා බං... දැන් දරුවො දෙන්නෙක් ඉන්නවා... ආදරේ ගැන මමත් දන්නවා මල්ලි..ඒත් දෛවයට ඕනි විදියටයි හැම දේම වෙන්නේ..."

"මං යන්නම් අයියේ.. මං යන්නම්.."

"ඒක තමයි කරන්න තියෙන හොඳම දේ... සල්ලි ගැන වද වෙන්න එපා.. සේරම මමම ඇරේන්ජ් කරන්නම්.. දවස් දෙකකින් මං එන්නම්.. මෙන්න මගෙ කාඩ් එක.. මතක ඇතිව කතා කරන්න.. හා අයෙ මතක් කරලම රාජිතව අදම ඩිස්චාජ් කරගන්න..."

"තවම හොඳ නෑනේ අයියේ..."

"හරි බං ප්‍රයිවට් එහෙක නවත්තපන්..."

"ආ හරි එහෙම කරන්නම්..."

"සල්ලි ඕනිද..? මම දෙන්නම්.."

"නෑ නෑ අයියේ මං ලඟ තියෙනවා.. තෑන්ක්ස් අයියේ මේ කරන උදව් වලට.."

"ඕක මොකක්ද බං.. මං අද සඳුන්ට කෝල් එකක් දෙන්නම්... බය වෙන්න එපා මේ කරදර ගැන කියන්නෙ නෑ උඹ යනකන්..."

"හරි අයියේ..තෑන්ක්ස්..."

"හරි එහෙනම් මම යනවා.. පරිස්සමින් ඉන්න.. කිව්ව විදියට වැඩ කරන්න..."

•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••
Read More ->>


Saturday, August 6, 2016

~~~සාංකාව~~~

~~~සාංකාව~~~

රන්වන් කරල් සඳ දියවර සිඹින වෙලේ
සිහිනෙන් රැයක මට තනිකම දැනුනි පැලේ
සුවඳින් නගේ නුඹෙ උණුහුම සොයන කලේ
නුඹ නිදි නැතුව මග බලමින් ඇද්ද පිලේ..

හැමදා උදේ මම ගෙදරට එන ගානේ
කාටත් හොරෙන් නළලත සිඹිනා ගානේ
පපුවට තුරුළු කර නිදිගත් විට යහනේ
හේනේ වෙහෙස මම නිව්වා නුඹ සෙවනේ...

පාළු රැයට නුඹ හට තනිකම් සෝකයි
හේනට වඩා වැඩියෙන් දුක මට ඒකයි
සංකාවකට ගෙට එන බඹරුන් බෝමයි
මගෙ හිත කිළිටි කර ගන්නට මට ලෝභයි..

Susantha Abeyvickrama


Read More ->>


Thursday, August 4, 2016

සිහිනයකි දෑස් ලඟ 18





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - දහ අටවන දිගහැරුම - ¥

"දැන් අපි මොකද කරන්නේ අයියේ...."

"මොනවා කරන්නද.. ඇයි අපිටම වෙන්නේ..."

Read More ->>


සිහිනයකි දෑස් ලඟ 17

•••••••••••••••••••••••••••

     සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - තිස් හත්වන දිගහැරුම - ¥

ජීවිතයේ සිදු වුනු ක්ෂණික වෙනස්කම් මධ්‍යයේ මෙතරම් දුරක් ඒමට හැකියාව ලැබී ඇත්තේ මේ ආදරයෙන් දුන් ධෛර්‍ය බවට කිසිදු සැකයක් නොමැත.. ඒ සුසුම් සර, ගත දැවටෙන වාරයක් වාරයක් පාසා සිරුරේ දුවන රුහිරු බිඳු හා මුසුව හදවත තුලට දැනෙන්නේ ආදරයේ මිහිරයි.. සැබැවින්ම ආදරයද එක මත් වීමකි.. එය ඇබ්බැහි වීමකි..

Read More ->>


Wednesday, August 3, 2016

මං අයිති වෙන කාට

පාරෙ බස් ‍රියේ ගමන් ගන්නා තරුණියෙකි..
එම බසයේම ගමන් ගන්නා තරුණයෙකි..
තරුණිය දෙස ඉතා ඕනෑකමින් බලාසිටි
එම තරුණයා ඉතා තැම්පත් විලාසයෙන්
තරුණියට කතා බහ කර පුංචි කොළයක
මෙසේ ලියා දුන්නේය..

ගමනින් නුඹේ හැඩ වැඩ නම් හරිම අගෙයි
වදනින් නුඹේ කට හඬ මා සවන් පිනයි
හිතනම් මගේ ඔය හදවත ඉල්ලන්නයි
හැකි නම් නගේ මගෙ පන ටික නුඹ නමටයි..
            (071???????)

තම දුරකථන අංකයද ලියා තැබූ ඔහු මීළඟ නැවතුමෙන් බැස ගියේය..
ඊට පසු දින එම බස් ‍රථයටම නැගි ඔහු
ඇගෙන් ප්‍රතිචාරයක් නොලැබීම පිළිබඳ
කනස්සල්ල පල කලේය..එවිට ඈ බස් ‍රථයෙන් බැසීමට සූදානම් වූ ඔහු අත
කොල කැබැල්ලක් තැබීය..
යුහුසුලුව නිවසට පැමිණි ඔහු එය කියවා
බැලීය.එහි තිබුනේ මෙසේයි..

යන ගමන් වල කාට
සිනා මල් පිදු වාට
මං අයිති වෙන කාට
නුඹ ඔහොම බැලුවාට..

හැඩ හිතක් කවි කාර
මගෙ වෙලා හැඩ කාර
මං ඉතිං කට කාර
බැන්දනේ කර කාර..

සිහිනයෙන් දුටු වාම
දුක දැනෙයි නැතු වාම
සඳ මගේමයි තාම
ආදරෙයි හැම දාම..

මගෙ අතින් හැඟු නාද
නුඹෙ වරද පෙනු නාද
දුකක් හෙම දැනු නාද
සමාවක් දෙන වාද..

අනේ ඉතිං ඌ මක් කියන්නද.. 😂 😂 😂 😂

( සුසන්ත අබේවික්‍රම )
 -don't copy...its my style-

Read More ->>


Sunday, July 31, 2016

නොහදුනන සෙනෙහස

කුමුදු කෝමල පිරුණු ලැම හස
නග්න දෑසින් බැඳුනු මදහස
t"> පියාපත් සිඳලන්න හද ගොස
රඟති රති කෙලි බෙදන් පෙම් රස

උදා වන ගිර සුළඟ මග හැර
දෙගුරු මංසල බිඳියි සියවර
දිනූ අභිමන නගන්නට වැර
පායි ලොව වෙත නග්න රුවබර

කලල් දිය මඩ ගොහොරු සිපගෙන
පිපිත් මානෙල් බුදු පුදට යන
නිගාගත් ගොහොරුවක කිමිදුන
බැඳුම් වැලලුනු කොතකි අවසන


Read More ->>


සිහිනයකි දෑස් ලඟ 16

•••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••
¥ - දහසයවන දිගහැරුම - ¥
රාත්‍රීය ගෙවී ගියේය.. නව දිනක උදාව නව අඹු සැමි යුවලක් ලෙස ආරම්භ කොට.. දිවි මාවතේ දෛවය විසින් දායාද කර දී ඇති කාලය තුල යහපත්ව සමගියෙන් හා නොමියෙන ආදරයකින් ජීවිතය ගෙවන්නට ප්‍රාර්ථනා පතා දෙනෙත් හැරියෙමි.. තරූ තවමත් නිදිය.. පහතට වී තිබුනු ඇඳ රෙද්ද ගෙන ඒ නග්න වූ පපුව මතට දමා නැගිටින්නට හැදුවෙමි... එහෙත් නොහැකි වූයේ ඒ සියුමැලි දෑතින් මා අත ලෙහිල් නොවුනු බැවින් ය..
කෙසඟ අවුල් වී මුහුණ රතු පාටට හැරී තවමත් සිනාවක් රැඳී තිබුනු මුහුණ දෙස බලාගෙන ඒ පියවුනු සොඳුරු දෑස් මත මුදු හාදුවක් තැබුවෙමි...තොල් පෙති මෑත් වී සිනාවකින් මුව සැරසිණි...

Read More ->>


සුනිල්ගේ පාපොච්චාරණය...

සුනිල්ගේ පාපොච්චාරණය...
( a horror story)
මේක මාරම කතාවක් අයිසේ... තමුසෙ විස්වාස කරන් නැති වෙයි..ඒත් අහ ගන්නවකෝ..එදා මහ හයියෙන් වැස්ස.. වෙලාව හවස හතට විතර ඇති..ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න ඉතිරි උනේ මමයි අජිතුයි විතරයි.. එක පාරටම අකුණු ගහලා පලාතම අඳුරු උනා..මේ හොඳට තිබ්බ කරන්ට් එක ඇහි පිය ගහන සැනින් ගියේ ට්‍රාන්ෆෝමරේට අකුණක් වැදිල කියලයි හිතුනේ..
Read More ->>


Monday, July 25, 2016

සිහිනයකි දෑස් ලඟ 15

•••••••••••••••••••••••••••
       සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••

¥ - පහලොස්වන දිගහැරුම - ¥


නුපුරුදු පරිසරයක උණුසුමත් සමග කුරුල්ලන්ගේ ගීත හඬ මැද පිබිදී හොඳ නින්දක සිටි රාජිතවද කෙණිත්තුවේය.....
Read More ->>


Saturday, July 23, 2016

සිඟන්නා


සිඟන්නා


මහ මග ඇවිද සිඟනෙමි කුස රැකගන්න
යහ මග මෙයම හැර නැහැ වෙන කිසි දන්න
දහ අග සොයමි පිලි සරණක් ලැබගන්න
මහ මග දිගට දෛවයෙ රඟ ඇති වෙන්න
Read More ->>


මට අමතක වෙන්නෙම නෑ ඔයා දුර ගියත්

දසත හමන මුදු සුළඟට පවා නොදැනුනත්
නුඹගෙ සුවඳ මා සමගයි සදා තනිවුනත්
සුසුම දවන නෙත් කඳුලැලි පවා හිනැහුනත්
නොමැත මතක හැර යන්නේ ඔයා හැරගියත්

Read More ->>


Friday, July 22, 2016

ඉස්කෝලේ මහත්තයට....





ඉස්කෝලේ මහත්තයට....

කැලෑ මලක් වෙලා පිපුන
ගමේම කටකාරි මංලු
හැමතැනකම කතා උනත්
අහිංසකී මං ගෙදෙට්ට..

Read More ->>


සිහිනයකි දෑස් ලඟ 14





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - තිස් එක්වන දිගහැරුම - ¥

කැකිරාවට ගොස් වෑන් රියත් රැගෙන අනුරාධපුර නගරය වෙත එද්දී රාජිතද පැමින තිබුනි... රාජිත අම්මාට සියල්ල පවසා තිබුනද ඇයගේ මුහුණ දෙස කෙලින් බැලීමට නොහැකි පැකිලීමක්, තිබුනෙන් වැඩි කතා බහකට නොගියෙමි....

Read More ->>


Wednesday, July 20, 2016

වර්ෂා

සමීර එක් වඩු කාර්මිකයෙක් විය.. ඔහු ක්‍රියාශීලී තරුණයකු නිසාම හොඳ වැටුපක් ගෙවා තමා ලඟම තබාගෙන වැඩ ගැනීමට ලී මෝල් හිමියා කටයුතු කලේ දෙවරක් නොසිතාමය...සමහර දිනෙක රෑ බෝ වුනත් සිය රාජකාරියට සමීර බෙහෙවින්ම ආදරය කලේය... එම නිසාම ඔහු කරන වැඩ සඳහා නිතරම පාහේ ගුණ වරුනා ඇසීමටටද, මුදලාලිට දිනෙන් දින ගැණුම් කරුවන් ඉහල යාම නිසා දෙන සංතෝෂම් මුදලක්ද ලැබිනි... කාලයත් සමගම ඔහු දිනෙන් දින ඉතිරි කල මුදල් යොදවා වැඩපලට යමා ඒම පහසු කර ගැනීමටත් ආම්පන්න ආදිය පහසුවෙන් රැගෙන යාමටත් ත්‍රී රෝද රතයක් ඔහු මිලදී ගත්තේ ක්‍රියාශීලිකමෙන් උපයා ගත් ධනයෙන්මය.....
Read More ->>


උඹවම පපුවෙ තියාගෙන මං විඳින කරුමයක්





කණාමැදිරියන් ගෙයි වහල බදාගෙන
කන්දොස්කිරියාවෙන් දුවන ටිකි ටිකිය
දෑස වැහෙන්න නොදෙන කඳුළු ගඟත් එක්කම
උඹවම පපුවෙ තියාගෙන මං විඳින කරුමයක්

කොයි වෙලෙත් ඇතුලෙන්ම හොයද්දි හේතුවක්
මියෙන්නට පවා හිතෙයි නෝක්කාඩු කෝටියක්
පිටතින්ම විතරක් පහුරු ගගා හොයන්නේ ඕපයක්
පපුවෙනුත් අහලා බලාපන් නැද්ද කියලා ස්නේහයක්

වීදි පුරාම කරක් ගහගෙන ඉන්න හිටිය නම්
පහයක් හයක් දපනේ දාගෙන රහ බැලුව නම්
මුනින් අතට නොනිදා සෘංගාරේ වින්දා නම්
උඹටත් වටියි මං නේද එහෙම හිටියා නම්

හුස්ම පොදක් හෙලද්දි එන වේදනා කෝටියක්
නහර පුරාම ඇදෙන්නේ මට උඹව ඕනිකමක්
නොදැනෙන්න මං කරන්න ඇති පව් මහ මෙහරක්
මැරෙන්නද කියන්නේ ඔච්චරම ඇයි වෛරයක්
Read More ->>


සිහිනයකි දෑස් ලඟ 13





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - දහතුන්වන දිගහැරුම - ¥

"වෙන්ව යන්නට හිතෙන් නෑ මට
නුඹේ ඔය ඇස් මානයෙන්
දිනූ කිසිවක් නැතත් මේ ලොව
වටි ලද සෙනෙහස නුඹෙන්
ජිව්තේ තව දුරක් යන්නට
නිමක් නැති ලෙන්ඟතු කමින්
සදා නුබ ලඟ රැඳි ඉන්නම්
හදේ ගැඹුරින් සෙනෙහසින්"

හිත පුරා වෙලුනු සෙනෙහසත් රැගෙන බලාපොරොත්තු රැසක් රඳවාගෙන රාජිත සිටින අවුකන පංසල වෙත ගියෙමි....රාත්‍රියේ බෝධිපූජා පිංකමද පවත්වා සියලු දෙන නිවෙස කරා පැමිණෙද්දී රාත්‍රී එකොළහ පමන විය...

රාත්‍රි ආහාරය මගින්ම රැගෙන ආ නිසා ගමන් මගන්සිය නිසාම වැඩි කතා බහකින් තොරවම නින්දට වැටුනේය....වැඩි පරිශ්‍රමයකින් තොරවම නිදි කුමරිය යහන් ගැබට වැඩියේ සුන්දරතම වූ සෙනෙහෙබර සිහිනයක්ද රැගෙනය..උදෑසන පටන් සිදු වූ සියල්ල යලි යලි සිහිනයෙන් පෙනෙන්නට විය...ඒ සෑම මොහොතක්ම හදවතින්ම විඳගත්තේ ආදරයෙන් ලද අපමන සතුට තුරුළු කරගනිමිනි....

"ඒයි නැගිටපන්...හීන දැක්කා මදැයි...ඊයෙ නම් අර කෙල්ල මේකට මොනවදෝ කරලා....."

"ම්ම් ඔය ටිකට උදෙත් උනාද බං.."

"නමයයි යකෝ වෙලාව.."

"අම්මට සිරි...කෝල් ආවද බං...."

"ඔව් ඔව්..මං ආන්සර් කරන්න හදලත් නෑනා පොඩ්ඩ අයෙ මුකුත් හිතයි කියලා ආන්සර් කලේ නෑ.."

"අනේ එයා මොනව හිතන්නද බං...
.
හුටා...අද නම් බැණුම් කෝටියයි...මිස් කෝල් විස්සයි..."

"ඉක්මනට කතා කරපන්...හදිස්සියක්ද දන් නැනේ..." විගසින් තරූගෙ දුරකථනයට ඇමතුමක් ගත්තේ මෙපමණ වේලා නිදා ගත්තාට මටම සිතින් බැණගමින්‍ ය...

"අයියා පැටී..,,"

"අනේ දෙයියනේ...ඇයි මගෙ කෙල්ල අඬන්නේ...."

"අයියා පැටී මට ඔයා නැතුව ජීවත් වෙන්න නම් බෑ..."

"ඉතින් මගෙ කෙල්ල අඬන්නේ නැතුව කියන්නකෝ...මොකද උනේ...."

"තාත්ති......ඉහි...ඉහි...."

"ඉතින්....තාත්ති....?"

"මාව බන්දන්න යන්නේ....."

"මොකක්...එක පාරටම..."

"අනේ දන් නෑ අයියා පැටී...හෙට ඒ බෝයි එනවලු මාව බලන්න...මට බෑ අයියා පැටී..."

"හරි නාඩා ඉන්නකෝ දැන්.."

"මං මැරෙයි..ඔයා නැති ලෝකයක් මට නෑ....."

"හරි වස්‍තුවේ එහෙම වෙන් නෑ... කලබල නොවී ඉන්නකෝ....ඒ එන කොල්ලා එන්නේ කැන්දන් යන්න නෙමෙයිනේ..බලන්නනේ...."

"මට බෑ බලන්නවත්...."

"හරි ඉතින්, ඔයා ඒ අවස්තාවට සහභාගි වෙන්නකෝ..."

"ඔයා නම් කියයි...හ්ම්ම්....."

"අනේ ඉතින්....මගෙ හොඳ.......පැංචිනේ....අයියා පැටී කියන දේ අහනවනේ...දැන් නාඩා ඉන්න...මං බලාගන්නම් ඒක..."

"හරි,ඔන්න හෙටට විතරයි... එතනින් එහාට එන්ගේච්මන්ට්,වෙඩින් ගැන කියාගෙන ආවොත් සත්තයි මං මැරෙනවා...."

"මං ඉන්නවනේ මගෙ පැංචිට....කලබල වෙලා මුකුත්ම කරන්න බෑ...මං එන්නම් ඔයාගෙ තාත්තව හම්බ වෙන්න..."

"අනේ මට බයයි අයියා පැටී...."

"බය වෙලා හරි යන්නේ නෑනේ වස්තු....වෙන කරන්න දේකුත් නෑනේ....මං එන්නම්,"

"ඒත්.......?"

"විස්වාස කරන්න...මං ඒක බලාගන්නම්..." ඇය නොමැති ලොවක් මටද සිතා ගත නොහැකිය... ඇයව කෙසේ හෝ ලබා ගනිමි... ඒත් කෙසේද..? අනිවාර්‍යයෙන් තරූගේ පියාගෙ කැමැත්ත හිමි නොවන බව සනාථය...නමුත් එක්වරක් ඔහු හා කතා කිරීමට ලැබුනොත්....

"මොකද බං කල්පනාව...මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

"හ්ම්ම් ඔව් බං...කෙල්ලට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනැත්..."

"අම්මට සිරි....කෙල්ල මොකෝ කියන්නේ...."

"මොනාද බං...අඬන එක විතරමයි...."

"අනේ මන්ද බං....උඹ මොකද හිතන්නේ...."

"මං යනවා හැරී මහත්තයව හම්බ වෙන්න...."

"පිස්සුද බං....ගහලා පන්නයි..."

"මට තරූ නැතුව ඉන්න බෑ බං...කෙල්ලටත් එහෙමයි..වෙන කරන්න දෙයක් තේරෙන් නෑ...හම්බ වෙන්නම වෙනවා...."

"ඒකත් එහෙමද..?එහෙනම් යමන් හෙට.."

"හෙට බෑ අනිද්දා යමන්...හෙටලු කෙල්ලව බලන්න එන්නේ..."

"අනේ මන්ද බං.... මට නම් ෂුවර් එකක් ඇත්තෙම නෑ ඕකෙන් හොඳක් වෙයි කියලා....."

"මටත් නෑ බං....ඒත් යන්නම වෙනවා....."

"හරි දැන් අකමැතියි කිව්වොත් මොනවද කරන්නේ...."

"කෙල්ල හා කිව්වොත් උස්සනවා...."

"උන මහ දරුණු මිනිස්සු බං....කරන දෙයක් මොලෙන් කරහන්..."

"උඹ කියන්නේ කෙල්ලව අමතක කරන්න කියලද....?"

"පිස්සුද බං.... කරන ඕනිම දේකදි මේ රාජිතය ඉන්නවා...මං කිව්වේ මොලෙන් වැඩ කරන්න ඕනි කියලයි...."

"හ්ම්ම් බලමු...."

"හරි හරි දැන් ඔය මූඩ් එකේම ඉන් නැතුව පොඩ්ඩක් නාලා කරලා වරෙන් කන්න...."

"බඩගිනිත් නෑ බං.....නාන්නත් කම්මැලියි....."

"හම්මේ සුවඳට ඉන්න ඇති....ඒකයි නාන්න ලෝබකම...."

"හිහ්...ඒක වචනෙන් විස්තර කරන්න බෑ බං....ඒක නෙමෙයි එහෙ ඉන්නවා පට්ට කෑල්ලක්....මොකෝ කියන්නේ සෙට් කරන්නද...."

"අපිට ඉතින් කෑලි තමයි නේහ්..."

"නෑ නෑ බං..... හරි හොඳ කෙල්ල...හැබැයි කට තමා ටිකක් වැඩි...උඹ වගේමයි..."

"බලමුකො බලමුකෝ එහෙනම් ඒකත්....."

රාජිත සිනා සෙමින් කාමරයෙන් එලියට ඇදුනේ බාහුවට පහරක් ගසමින්මය.... කළබල සිතින් ආරම්භ වූ දිනය කෙසේ නිම කරන්නදැයි සිතා ගත නොහැක...හෙට දිනයද මෙසේ මානසිකව විඳවීමට සිදු විය හැක.... රාජිත කියූ පරිදි තබන හැම පියවරක්ම පරෙස්සමින් හොඳින් සිතා බලා තැබිය යුතුය... කෙසේ හෝ ඇයව අන්සතු වීම වැළක්විය යුතුය.... ආත්මාර්තය ගැබ් උනු සිතුවිලි ආදරයේදී සරල සාමාන්‍ය බව දැන් වැටහේ.....සෑම ප්‍රේමවන්තයින් ලඟම මෙසේ බොලඳ ආත්මාර්ථ කාමී හැඟුම් ඇත.....

කොතෙකුත් අඩු පාඩු කරදර මැද උවද ඇය මා සිටීම ගැන පුංචි ආඩම්බරයක් දැනුනි.... පතන් ආ දෙහද එක්වන දිනය නොඑලඹේ නම් එක්ව මිය යෑම යෙහෙකිය.... හැරී ජයවර්ධන පරදා නැගී සිටීම කලු ගලෙක හිස ගසාගැනීමක් බඳුය...නමුත් එය කල යුතුමය... පරාජිත ප්‍රේමවන්තයෙකු ලෙස ජීවත් වනවාට වඩා අපරාජිත පෙම්වතකු ලෙස මිය යාම අගනේමය...

"බබා...."

"ම්ම්ම්ම්....."

"දෙයක් අහන්නද...?"

"අහන්නකෝ....."

"තාත්ති අකමැති උනොත්, මොකද කරන්නේ...?"

"මට තේරෙන් නෑ අයියා පැටී...මං දන්නේ එකම එක දෙයයි...ඒ ඔයාව මට ඕනි කියලා විතරමයි....."

"අපි බඳිමු......"

"කොහොමද....?"

"ගෙදරට හොරෙන්..."

"අනේ රත්තරන්......."

"වෙන කරන්න දෙයක් නෑනේ වස්තු....."

"මං කොහොමද අම්මිගෙ තාත්තිගෙ මූණ බලන්නේ..."

"ඒ කියන්නේ ඔයා කැමති නැද්ද ඒකට...?"


"අකමැත්තක් නෑ අයියා පැටී...ලුණුයි බතුයි කාලා හරි ඉන්න මං ඔයත් එක්ක එනවා...ඒත්..?"

"ඒත්....?"

"මට බයයි....."

"මං ඔයාව ඇහැක් වගේ බලාගන්නම් මගෙ වස්තු..."

"ඒ ගැන සැකයක් නෑ දෙයියෝ...මට බය අපෙ අයියා ගැන..."

"ඒක ගැන බය වෙන්න එපා....මං ඉන්නවනේ...ඔයා මං ලඟ ඉන්නවා නම් කාටවත් බෑ මට කරදරයක් කරන්න..."

"ආදරෙයි අයියා පැටී..."

"මාත් ආදරෙයි මගෙ මැණික..."

ඒ දිනය උදා වන තුරු බලා උන්නේ ඉවසුමක් නැතුවමය... කෙසේ හෝ හැරී මහතාව කැමති කර ගැනීමට හැකි නම්... මේ ගැන පවුලේ කාට හෝ කියා තැබීම සුභය...ඒත් කාට කියන්නද...? සඳුන්ට කී පමණින් එය අක්කාට පසවනු ඇත..එහෙයින් අක්කාට කියා තැබීම හොඳය...අක්කාට ඇමතුමක් ලබා ගත්තෙමි...

"අක්කේ..."

"ඇයි පැටියෝ මොකක් හරි ප්‍රශ්නයක්ද...?"

"නෑ අක්කේ...මේ...."

"කියනවා ඕනි දෙයක් ඉතින්, සල්ලි එහෙම උවමනාවක් ද..?"

"නෑ එහෙම එකක් නෙමෙයි..."

"එහෙනම්...."

"මේ......."

"මාව නිකන් බය කරන් නැතුව කියනවා..."

"හැබැයි අම්මට එහෙම කියන්න එපා...හරිද...?"

"මොකෝ...හොරෙන්ම කෙල්ලෙක්වත් එක්කන් ආවද..?"

"තවම නැහැ....මේ..."

"ආ ඒ කියන්නේ එක්කන් එන්න වගේ කල්පනාව..."

"හ්ම්ම්...අක්කේ මං යනවා අර ගර්ල්ගේ තාත්තව මුණ ගැහෙන්න..."

"කාගෙද..? අර පොලිසි ගානේ යන්න සිද්ධ උන කෙල්ලද...?"

"හ්ම්ම්...."

"මල්ලිට ඒ ගර්ල්ව අමතක කරන්නම බැරිද...?"

"බෑ අක්කේ...."

"එයා මොකද කියන්නේ..."

"තාත්තත් එක්ක කතා කරලා අකමැති උනොත් මං එක්ක එන්නම් කිව්වා...."

"හ්ම්ම්...අනේ මන්ද මල්ලි...මං අම්මලාට මේ ගැන දැන්ම නොකියා ඉන්නම්...ඒත් පරෙස්සමින් කරන දෙයක්..."

"හරි තෑන්ක්ස් අක්කේ...මං හිතුවෙ ඔයා බනියි කියලා..."

"මං මොකට බනින්නද මල්ලී...ආදරේ කලානේ මමත්... ආදරේ අන්ධයි...ඒ බැඳීම දස මාසයක් කුසේ තියන් ඉඳපු අම්මව, දහදුක් විඳලා කන්න දුන්නු තාත්තව, එක බඩ වැල කඩන් ආව සහෝදරයන්ව අමතක කරවන්න පුලුවන් බැඳීමක්... ඒ තරමට පූජනීය ආදරේකට අකුල් හෙලන්න මට ඕනි නැහැ...ඒත් එකක්.. ඒ එහෙම කැපකිරීමක් කරන කෙල්ලගෙ ඇහැට කවදාවත්ම කඳුළක් දෙන්න එපා...ඒක සහ ගහන අපරාධයක්..."

"මං එයාට මේ ලෝකෙටත් වැඩිය ආදරෙයි අක්කේ...එයා වෙනුවෙන් ඕනිම දෙයක් කලෑකි...."

"දන්නවා...පිස්සා...ඔච්චර ගුටි කාලත් නැත්තන් ඔය කෙල්ල මත්තෙ නැහෙයිද...?"

"දැන් මට ඕනිම දෙයක් කලෑකි....මගෙ අක්කත් මාත් එක්ක ඉන්නවනේ..."

"හ්ම්..හ්ම්ම්..ඒත් ගොඩක් පරෙස්සම් වෙන්න ඕනි හොඳද..මේ අම්මටයි තාත්තටයි අක්කිටයි ඉන්නේ ඔයා විතරමයිනේ..ඒක හොඳට මතක තියාගන්න ඕනි හොඳද...?"

"හරි අක්කේ..එහෙනම් මං තියන්නම්....පරෙස්සමින් ඉන්න..අම්මලා මතක් කලා කියන්න...බුදු සරණයි..."

"ආ මේ ඒක නෙමෙයි..මං අයියට කියලා බෑන්ක් එකට සල්ලි ටිකක් දාන්නම්..මතක් කරලා ඒක අරගන්න...."

"සල්ලි නම්..."

"අනේ පිස්සු නැතුව ගන්නවා...කොච්චර වැඩ තියෙනවද..හරි මං තියන්නම් එහෙනම්..බුදු සරණයි...."

"හ්ම්...බුදු සරණයි..."

සිතට කිසිදා නොමැති ධෛර්‍යයක් පැමිණියේ අක්කා හා කතා බහ කිරීමෙන් පසුවය...ඒ ධෛර්‍යයෙන්ම හැරී හා කතා බහ කලොත් කැමති කරවා ගත හැකි වෙතැයි සිත කීවේය...

පාන්දරින් අවධි වී රාජිත සමගම හැරී මහතාගෙ නිවසට යෑමට තීරණය කලේ උදෑසනම තරූගේ පියා රාජකාරි ආරම්භ කරන බව තරූ කියා තිබීම නිසාය...

"මොනව කිව්වත් කේන්ති නොගෙන හිටපන් හොඳද..." අවධි වූ වේලාවෙ සිටම රාජිතගෙන් උපදෙස් ලැබුනි...

"හරි බං...පොඩ්ඩක් ඕක ඕෆ් කරන් හිටපන්කෝ...එන දේකට මූණ දෙමු.."

"මූණ බැරි නම් අර අහවල් එක හරි දීපන්..ඒත් හැප්පෙන්න යන්නේ දළ ඇතෙක් එක්ක...ඒක මතක තියාගනින්..."

තරූ ආසම පාට වූ ලා නිල් පාට අත්දිග ෂර්ට් එක හැඳ කලු කලිසමට යට කර සපත්තු දමා රාජිතගේ මවට වැඳ නිවසින් පිට වූවෙමි...මෝටර් බයිසිකලය අසල නතර වී රාජිත සිනාසෙමින් මා දෙස බලා සිටියි...

"මොකෝ බං අවුල්ද..."

"නෑ බං උඹ කොහොමත් නලුව වගේ...ඒකට නෙමෙයි හිනා ගියේ..."

"එහෙනම්..."

"උඹ නිකන් interview එකකට යන්න වගේනේ රෙඩි වෙලා තියෙන්නේ..."

"මේකත් එක විදියෙ ඉන්ටව් එකක් තමයි බං....යමන් ඉක්මනට..."

රාජිත හා බයිසිකලයේ නැග හැරී මහතාගෙ නිවස බලා පිටත් වීමු....අතර මග තරූට ඇමතුමක් ගත්තද පිළිතුරක් නොමැති විය.... "තවම නිදි ඇති පිස්සි..ඊයෙ නිදාගද්දි දෙකත් පහු වෙලානේ...." එලෙසින් සිතා කෙටි පණිවුඩයක් පමණක් තැබුවෙමි....

"උඹ බය වෙලාද...?"

"පොඩි බයක් නම් තියෙනවා රාජිතයෝ...."

"අනේ මන්ද බං...අම්මටත් බොරුවක් කියලා ආවේ..."

"අපරාදේ...ඇත්තම කියන්නනේ තිබ්බේ..."

"උඹ දන්නවනේ අම්මගෙ හැටි...අඬන්න දොඩන්න පටන් ගත්තාම මේක කරගන්න වෙන් නෑ..."

"හ්ම්ම්...ඒකත් ඇත්ත..."

ඒ මහා සුවිසල් නිවෙස අසළ බයිසිකලය නැවැත්වීමු... අයිනකින් නවතා තබා ගේට්ටුව දෙසට ඇදුනේ ගැස්සුන මනසකිනි....

"ඇයි මහත්තයලා ඉන්ටව් එක්කටද...?" ගේට්ටුවේ මුරට උන් පුද්ගලයා විමසූවේය...

"අපිට හැරීව බලන්න පුලුවන්ද..."

"Appointment එකක් දාගත්තද මහත්තයලා...."

"අනේ නෑ..අපි මේ පෞද්ගලිකව හම්බ වෙන්න කියලා ආවේ....වැදගත් කාරණාවක් ගැන කතා බහ කරන්න..."

"ආ පොඩ්ඩක් ඉන්න මං අහලා බලන්නම් කෝල් එකක් දීලා...."

"හ්ම්ම්..අහන්නකෝ....." ඔහු යලි මුර කුටිය වෙත ගොස් ඇමතුමක් ගෙන කවුරුන් හෝ සමග කතා කලේය...

"මහත්තයලගේ නම් කියන්නකෝ...."

"නම් වලින් නම් දන් නැතුවත් ඇති.....ඒත් කියන්නකෝ පසිඳු කියලා කෙනෙක් කියලා..." මද වෙලාවක් ගත විය...රාජිත ගේට්ටුවෙන් ඒ සුවිසල් මහළ නරඹමින් සිටියි...

"ආ ඔයගොල්ලොන්ට ඔහොම ඉන්න කිව්වා...මහත්තයා එයි මෙතෙන්න.." යැයි පවසා මුරකරු නැවතත් තම කුටිය වෙත ගියේය...

"ඇයි බං අපිට ඇතුලට එන්න කියන්නෙ නැතුව එයා මෙතෙන්න එන්නම් කිව්වේ...."

"දෙයියෝ තමයි දන්නේ...."


විනාඩි කිහිපයක් ම එතැන රැඳී බලා සිටින්නට සිදු වූයේ හැරී මහතා පැමිණීමට ප්‍රමාද වීම නිසාය...

"බලපන්කෝ....රස්තියාදු කරනවන තරම...."

"බලමු ටිකක්....සල්ලිකාරයෝනේ බං.."

එකෙනෙහිම ගේට්ටුවේ දොර විවෘත විය...එයින් එළියට පැමිණියේ හැරී මහතා නොව එතුමන්ගේ පුත්‍ර රත්නයයි...

"මළකෙළියයි...දුවමු...."

"පිස්සුද හිටහන්..මං කතා කරන්නම්...." දිවීමට සැරසුන රාජිතව අතින් අල්ලා නතර කර තරූගේ සොයුරා වන උදේශ් දෙසට ගමන් කලෙමි....

"උඹලා මොකටද මෙහෙට ආවේ....උඹනේ පසිඳු කියන්නේ..."

"ප්ලීස් උදේශ්, මං ආවේ ප්‍රශ්න දාගන්න නෙමෙයි...හැරී මහත්තය හම්බ වෙන්න.."

"උඹ මොකටද ඩැඩීව හම්බ වෙන්නේ.. පදු හැත්ත... උඹලා එන්න ඕනි පස්ස දොරෙන්.. ඇරත් මං උඹව හොය හොය හිටියේ බල්ලෝ...මරු කටටම ආවා නේද..?"

"මං ආවේ හැරී මහත්තයා හම්බ වෙන්න....අපි දුප්පත් තමයි මහත්තයෝ..ඒත් පදු නෙමෙයි...ඒක දැනගන්න..."

"අම්මද බොල මුගෙ රෙස්පට්...බල්ලෙක් වගේ මැරුම් නොකා පලයන් මෙතනින්..මරලා වලදානවා උඹෙ හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත් හොයාගන්න බැරි වෙන්න..."

"ඔව් ඉතින් මං අත් දෙක බැඳන් හිටියොත්....."

"මොකක්ද බල්ලෝ තෝ කිව්වේ....."

"පසිඳුවෝ යමන්...යමන්...සොරි සර් ආයෙ කරදරයක් වෙන්නේ නෑ..."

"අතෑරපන් රාජිත, මුන් කියලා අලි $&න් ආවැයි...."

"ආ උඹ එහෙමද...? බලාගනින් උඹට ජීවත් වෙන්න තියෙන්නේ පැය 24යි...."

"ඇයි පැය 24ක්...දැන් වරෙන්කෝ......"

"පිස්සුද බං...යමන් යමන්....නංගි ගැන හිතපන්...අනාගතේ ගැන...."

"ආ උඹ නංගිව ඉල්ලන්නද ආවේ...මනමාල මහත්තයෝ ගිහින් මිනීපෙට්ටියක් ලෑස්ති කරගනින් ඔය ලඟ ඉන්න ඇටි කුකුලටත් එක්කම..

"මේ බලපන් උදේශ්...උඹට බයේ මං මූව එක්කන් යනවා නෙමෙයි... උඹත් එක්ක ප්‍රශ්නයක් දාගන්න උවමනාවක් නෑ...පුලුවන් දෙයක් කරපන්....යමන් පසිඳු...." රාජිත දෑතින් ඇදගෙන විත් මෝටර් බයිසිකල පණ ගන්වාගෙන වේගයෙන් එතැනින් ඉවත් වන්නට වූයේ මා ගැන සිතාය....

"අපරාදෙනේ බං..හොම්බට දෙකක් අනින්න තිබ්බා..."

"වීරකම් කරන්න වෙලාවක් නෙමෙයි....කරන දෙයක් ඉක්මනටම කරහන්....දැනටමත් උගෙ චක් ගෝලයෝ ටික රෙඩි කරගන්නවා ඇති....ඌ එහෙට එන්න කලින් අපි මොකක් හරි කරන්න වෙනවා..."

"හරි ඔය අයිනකින් නවත්තපන්..." බයිසිකලය පාරේ අයිනක නැවතත් නතර කොට තරූට ඇමතුමක් ලබා ගතිමි.....

"හෙලෝ තරූ...."

"ඇයි අයියේ මේ සැරෙන්..."

"මං ආවා ඔයාගෙ තාත්තා හම්බ වෙන්න..."

"ඉතින්......"

"ඒක හරියන්නේ නෑ නංගි....අයියා ඇවිත් පොඩි ප්‍රශ්නයක් උනා..."

"දෙයියනේ.....දැන් කොහෙද ඉන්නේ.."

"තවම පාරේ...."

"මං කිව්වනේ දෙයියෝ...අයියා නපුරුයි ගොඩාක්....දැන් මොකද කරන්නේ...."

"ඔයා එන්න...."

"මං........"

"ඔව්...."

"කොහොමද එන්නේ රත්තරන්...."

"එන්න බැරි නම් මාව අමතක කරන්න...."

"අනේ දෙයියනේ ඔහොම සැර වෙන්න එපා රත්තරන්....මට ඇඬෙනවා..."

"වෙන කරන්න දෙයක් නෑ නංගි මට... තේරුන් ගන්නකෝ..."

"ඒත් අයියා පැටී මං එන්නේ කොහොමද..? හතර වටේ සිකුරිටිලා... දෙයියනේ මං හිරකාරියක් වගේ ඉන්නේ..."

"හිතන්න....කොහොම හරි එන්න ක්‍රමයක් ඇති... ප්ලීස් හිතන්න.. වැඩි වෙලාවක් නෑ...
.
.
අඬන්න නෙමෙයි කිව්වේ...හිතන්න කියලා....හිතනවා..."

"ඉතින් ඔහොම සැර කරද්දී කොහොමද කල්පනා කරන්නේ..."

"අයියෝ........සොරි මගෙ නංගි.... පැටියෝ මාව තේරුන් ගන්නකෝ..."

"මං පිටිපස්සෙන් කොහොම හරි පාරට එන්නම්....ඒත් ඇඳුමක්වත් ගන්න වෙන්නේ නෑ...."

"අපෝයි මේ කෙල්ලෝ නම්..... ඇඳුම් ඕනි නෑ...මුකුත්ම ඕනි නෑ...ඔයා එන්නකෝ....."

"හා ඉතින්...ආදරෙන් කියන්නකෝ...."

"ගුටි කන්න හදන්නේ ඔය..."

"ඉතින් බයයිනේ....ආදරෙන් කිව්වම බය අඩු වෙයි....මේ මාව ගැහෙනවා....."

"අනේ මගෙ පිස්සු කෙල්ලේ... පරේස්සමට....හොඳ ලමයා වගේ පාරට එන්න පිටිපස්සෙන්..."

"හොඳ ළමයෙක් නෙමෙයිනේ මං.. හොර වැඩ කරන්නේ නෑ හොඳ ළමයි...."

"අයියෝ මට දැන් පිස්සු හැදෙනවා....."

"හරි ඉක්කන්ට උම්මා එකක් දෙන්නකෝ..."

"අනේ දෙයියනේ....."

"අපෝ ඕනි නෑ නපුරා.....අයියායි තාත්තියි ගිය ගමන් එන්නම් මං හ්ම්....."

"Thats my girl... උම්ම්ම්මා..... කෝල් එකක් දෙන්න ආ.... පරෙස්සමින් බුදු සරණයි...."

"මොකද කියන්නෙ කෙල්ල..." පාර දෙස බල බලම රාජිත අසයි.... ඔහු සිටින්නේද කලබලයෙනි.. කිසිදා නොදුටු ධෛර්‍යක් ඔහුගෙන් දැක ගන්නට ලැබුනි...

"එන්නම් කිව්වා...ඒත් මචන් යන්නේ කොහෙද..?"

"උඹලා ගියා කියන්නේ ඉතින් මටත් මෙහෙ ඉන්න බෑ...යමන් අපෙ නැන්දලාගෙ දිහා...අම්මවත් එක්කන් යමු..."

"කොහෙද පියල්ලගේ ගමටද..."

"හ්ම්ම්...එහෙට තමා...."

"එහෙ දුෂ්කරයිනේ බං...කරන්ට් එකවත් නෑ නේද...?"

"ඒ පැත්ත තමා හොඳම...පරිස්සමින් හිටියෑකි... මං අම්මට උනත් දැන්ම නොකියන්නේ අවට කවුරුත් දැන ගන්ම හොඳ නෑ යන දිහාව...."

"ඒකත් හරි තමයි.... ඒත් යන්න වාහනයක්..."

"කොළඹට යනකන් යමන් වෑන් එකක... ඊට පස්සෙ සිටියක නැගලා හයිවේ එකෙන් මාතරට යමු....එතන ඉඳන් යන්න පුලුවන් ත්‍රීවිල් එක්ක නැගලා......"

"බස් යන් නැද්ද එහෙට්ට...ඔටෝ වල යනවා කියන්නේ ඩේන්ජර්..."

"නෑනේ බං බස් ගමට... මාමගෙ ත්‍රීවිල් එක නම් ඇති..ඒත් පණිවිඩයක් දෙන්න පෝන් තියෙනවා කියලැයි...."

"හරි මං වෑන් එකක් කතා කර ගන්නම්..උඹ අම්මව එක්කන් වරෙන්....මතක ඇතුව දෙන්නගෙම certificate දාගෙන වරෙන්...ඇඳුන් අනම් මනන් මහ ගොඩක් ඕනි නෑ...අහු වෙන එක අරන් වරෙන්..යන ගමන් ගමු..."
රාජිතව පිටත් කර හැර කැකිරාව බස් රියක එල්ලුනේ වාහනයක් කතා කරගැනීමටය.. ලඟ පාතකින් කිසිසේත්ම වාහනයක් කතා කිරීම ණුවනට හුරු නැත....තබන සෑම පියවරක්ම පරෙස්සමින් තැබිය යුතුය...
  
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••


 
Read More ->>


Tuesday, July 19, 2016

සිහිනයකි දෑස් ලඟ 12





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - දොලොස්වන දිගහැරුම - ¥

රැකියාවක් සොයා ගැනීම දුෂ්කර නොවුනත් සොයන නිදහස හා පහසුව තිබෙනා රැකියාවක් සොයා ගැනීම අති දුෂ්කරය..හිත සතුටින් කල රැකියාව නැති වීම පිළිබඳව ඇත්තේද දැඩි දුකකි...රාජිත සමග එක්ව කුඩා ව්‍යාපාරයක් කිරීමට අදහස් කලද ඒ සඳහා මූල්‍ය දායකත්වය දීමට කෙනෙකු නැති විය..නිවෙස ඇපයට තබා බැංකු ණයක් ලබා ගැනීමට හැකි වුවත් ඒ මුදල ප්‍රමාණවත් නොවීම නිසා ඒ අදහස අතැර දැමීය...

"අපරාදෙ බං, උඹට රට යන්න තිබ්බේ.."

"පිස්සුද බං...උඹව දාලා යන්නෙ නෑ කොහෙවත්...."

"කොළඹවත් යන්ද...?"

"තේරුමක් නෑ බං.... එක දවසක දෙන පඩියකට දවස් 30ක් මැරිලා වැඩ කරල ඔච්චර ඈතක නාදුනන මිනිස්සු එක්ක කෝම ඉන්නද බං...."

"ඒකත් ඇත්ත තමයි බං...ඒත් බැරි වෙන එකක් නෑ හොඳ එකක් සෙට් කරගන්න...."

"හ්ම්ම් ඒකත් බලමු..."

රැකියා ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් කොළඹ පිහිටි ආයතනයක රාජකාරි කිරීමට ලැබුනේ උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් ය...කෙසේ වෙතත් නුහුරු නුපුරුදු පරිසරයට හුරු වීමට ඉතා වෙහෙසකර වෑයමක් ගැනීමට සිදු විය..රාජිත නම් ඉක්මනින්ම හුරි වූයේ පිටත මිනිසුන් හා කතා බහ කිරීමෙනි...තරූ කතා බහ කිරීම අවශ්‍යයෙන්ම සිදු කල යුතු නිසා පිටතට යෑම සීමිත විය...
අම්මා හා අක්කා දිනකට වරක් කතා බහ කර තතු විමසීම පුරුද්දක් කරගෙන සිටියේය... කාර්‍යාලයේ බොහෝ දෙනා මැදිවියේ වූ අතර ප්‍රිය මනාපශීලී කළමණාකාරවරයෙක් විය.... දිනය ගතවනවා නොදැනෙන්නේ කාර්‍යාලයේ බොහෝ විට වැඩ අධික බැව් නිසාමය....එහෙත් අවශ්‍ය නිදහස තිබිනි... කෙසේ වෙතත් ගමේදි වඩා නගරයේදී දුම් පානය නම් වැඩි විය... ඒ ගැන රාජිත බෙහෙවින්ම බැන වදින්නට විය...

"මොකක්ද බං ඔය හැටි ඕකම උරන්නේ...උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් කියපන්.."

"නෑ බං විශේෂයක් නෑ.." ගමේදි වඩා නගරයේදි දැනෙන තනිකම වැඩියෙන් දැනෙන්නට වීම එයට හේතුව විය...කෙසේ වෙතත් වැඩි දිනක් නොගොස්ම කාමරයට තවත් අමුත්තකු ලෙස ග්‍රාමයකින් පැමිණි තරුණයෙක් සම්බන්ධ විය...ඒ රාජිතගේ නැන්දෙකුගේ පුතෙක්‍ ය...

"අවුලක් නෑ..උඹේ තනිකම යයි..මූ හොඳට කියවනවා..."

"මතකයි මතකයි ඉස්කෝල නිවාඩුවකට සෙට් උනානේ.."

"අම්මේ මං හිතුවෙ අයියලට මාව මතකවත් නෑ කියලා..."

"මොකෝ බං අමතක උඹෙ නමත් මතකයි...පියල්නෙ..."

"ඔවු.." ඔහු ප්‍රියමනාප වූ නමුත් පැමිණි දින දෙක තුන තුල මදක් ලැජ්ජාශීලි ගතියක් පෙන්වීය..

"නිවාඩුවට පියලුත් යන් එහෙ.."

"මට නිවාඩු ලැබෙන් නැතිවෙයිනේ අයියේ...මං ආවා විතරනේ..."

"උඹට තනියම තමා මල්ලි ඉන්න වෙන්නේ..පසිඳුවයි මායි ගිහින් අම්මව බලලා එන්නම්...."

"කවදද අයියේ යන්නේ..."

"25නේ පඩි බං...පඩිත් අරන් එහෙමම යනවා.."
මාස එක හමාරකට පසු පළමු නිවාඩුව පැමිණෙන බව තරූටද දැන්වීය...

"සෝයිනේ...එද්දි මට මුනාද ගේන්නේ..."

"පරිප්පු වඩේ ටිකක් අරන් එන්නම්කෝ...."

"අනේ....හරි හොඳ නෑ...තවම ඒක මතකෙ තියාගෙන..."

"අම්මේ ඒක අමතක කරන්න පුලුවන්ද.."

"මැටි අයියා...."

"මේ දෙයක් කියන්න හිනා වෙන්න බැහැ ඔන්න..."

"ම්ම් කියන්නකෝ..."

"මං ඔයාට ආදරෙයි..."

"හිහ්...මාත් ආදලෙයි මහත්තයෝ...." රහසින් මෙන් කියූ වදන නහරක් නහරක් පාසා දැනුනි....

"මේ.....මහත්තයෝ..."

"ම්ම්ම්....."

"ඔයා මොනාද මේ මට කලේ..."

"මං.......? "

"ඔව්....." යන්තම් හැඬුම් ස්වරය පිරී හැඟුමකින් කියන්නට යන්නේ කුමක්දැයි ඇසීමට,

"මොනාද...?"

"යසට නිදාගත්ත මේ ඇස් වලට...කොහේදෝ ඉඳන් ඔයා ඇවිත්..රෑ පුරා කෙල්ලගේ නින්ද නැති කරලා දාලා...."

"අනේ..."

"යසට හිනාවෙලා හිටිය හිතට කොහේදෝ ඉඳලා ඔයා ඇවිත්...හිත කලබලයකින් පුරවලා දාලා..."

"අනේ මන්දා..ඔයාට වදයක් නම් මම යන්නම්....?"

"එපා...එතකොට මම කොහේ යන්නද..? ඔයාගෙ උණුහුම හොයාගෙන ඇවිත්..ඔය තුරුලෙ මියැදෙනවා ඇරෙන්න...මං වෙන මොනවා කරන්නද...?"

"කපටි කෙල්ල..."

"ඇයි...?"

"බලන්න ඕනි එන්න කියලනේ ඔය කිව්වේ...?"

"හිහ්......ඔයා ලඟට වෙලා, ඔයාගෙම වෙලා, ඔයාගෙ තුරුලට වෙලා, තප්පරයක් ඉන්න පුළුවන් නම්...."

"ඕන් ඕන් ඉතින් දැන් අඬන්න යන්නේ...මේ පාර නම් මාමණ්ඩි වෙඩි තිව්වත් එනවා බලන්න..."

"අනේ පව් පිරෙන කතා කියන්න එපා..එහෙම වෙන් නෑ...ඔයා හරි නෝටි වෙලා..නපුරු කතා කියනවා හ්ම්....."

"අනේ නෑ මගෙ පිස්සියේ...මං එනවා කෝම හරි..."

"ගෙදරින් පිටට තව එක අඩියක් තිබ්බේ නෑ...ඒ නිසා පර්මිෂන් ගත්තැකිවෙයි...."
තරූට මෙන්ම මටද විශාල වශයෙන් හමුවීමට කතා කිරීමට අවශ්‍යතාවය දැනී අවසන් ය... ඒ හැඟුම වචනයෙන් විස්තර කීරිමට නොහැක...එහෙත් සිතේ තබාගෙනද සිටිය නොහැක...

"ඒ කියන්නේ ආයෙම ගේමක් දාගන්න යන්නේ..."

"ගේම් කොහෙද බං....කෙල්ලත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ...පරෙස්සම් උනා නම් එච්චරනේ..."

"හරි බං...ඒත් මමත් එනවා මේ පාර..."

"පිස්සුද බං...එහෙම ඕනි නෑ..මොකුත් ප්‍රශ්නයක් ඇති නොවෙන්න මං බලාගන්නම්...."

"අන්තෝ ජටා බහි ජටා...ඒ අස්සෙ උඹලා ලව්....ඕනි එකක් කරගනිල්ලකෝ...."

"ආව් ආව්...කොල්ලට මල පැනලා..."

"අනේ මගෙ කට අවුස්සගන්නෙ නැතුව හිටපන්..."

"හිටින්කෝ...කෙල්ලට කියලා සෝයි කෙලිපොඩිත්තක් සෙට් කරලා දෙන්න.."

"ආන් පින් අතේ වැඩ ඇ..."

"අනේ අම්මේ කුකුළගේ පෙම් පාට..."
පැමිණ මාස එක හමාරකට පසු ලැබුනු පළමු නිවාඩුව ලබාගෙන රාජිතගේ නිවසට පැමිණියේ තරූව හමු වීමට සියළු කටයුතු සූදානම් කරගනිමින් ය....හෙට දිනයේ දී තරූගේ යහළුවකුගේ නිවසේ දී හමු වීමට සියලු කතිකාවත් හමාරකරගෙනය...

"ඒ බං උඹත් යමන්කෝ..."

"ඇයි උඹලට ලාම්පු අල්ලන්නද...? මං හෙට යනවා අම්මා එක්ක අවුකන.."

"ආහ් දානයක් තියෙනවා නේද.? ෂිට් අපරාදේ බං....මට අමතක උනානේ..නැත්තන් මේක කල් දාගන්න තිබුනා..."

"උඹට තියා මටත් අමතක උනා බං..ආවාම අම්මා කිව්වේ..අවුලක් නෑ ප්‍රශ්න දාගන් නැතුව උඹ උඹේ වැඩේ කරගනින්කෝ..."

"ඒ ටවුන් යමන්කෝ.."

"හිටහන් ඇඳුමක් දාගන්නකන්..." ඒ ඔහුගේ හැටිය..කොහේ කුමකට යන්නේ දැයි නොවිමසයි..ඒ මා පිළිබඳ ඇති විශ්වාසය නොවේද..? එක් කුස ඉපදුනේ නැතත්, ඔහු මට සහෝදරයෙක් විය..
කොළඹින් එන විට තරූට මතක සමරුවක් ලෙස කුඩා teddy bear ජෝඩුවක් ගත්තද, තවත් කුමක් හෝ ගත යුතුය යන්න සිතෙහි විය.. හෙට දානයට කුමක් හෝ පිරිකරක් ලබා ගෙන දීමටද උවමනාව විය..ඒ අනුව දෙදෙනාම නගරය කරා ඇදුනේ රාජිතගේ බයික් එකේමය...

"ඔන්න ඔය පිරිකර බඩු කඩේ ගාව නතර කරහන් බං..."

"ඕකට දැන්ම එන්න ඕනිද බං..හෙට ගත්තා නම් ඇතිනේ.."

"හෙට උදෙන්ම යන්න වෙනවා බං...කෙල්ල එන්න කලින් මට එහෙ ඉන්න වෙනවා..."

ඒ අනුව අටපිරක්ම පූජා කිරීම සඳහා මිලට ගෙන තරූටද දෙදෙනාගෙම නම් යෙදූ කුඩා මාලයක් ත්‍යාගයක් ලෙස ගෙන නිවෙස බලා යන්නට සැරසුනෙමු...

"ඒ ඒ මෙහෙට වරෙන්..." කඩ පේලිය අතර සැඟවී රාජිත බියෙන් මෙන් කතා කලේය...

"මොකද බං...."

"හෙමීට බලපන් අර කලු ඩිෆෙන්ඩර් එක අඳුරනවද කියලා...."

"කෝ....ආ ඔව් ඉතින්, ඒකට මොකද..?"

"ඕකෙ තමයි එදා උඹෙ මස්සිනා කාරයා ආවෙ සෙට් එකත් එක්ක..."

"ඉතින්, උඹට බයද.? හැංගෙන්නේ..."

"කෙහෙම්මල..උඹ වෙනුවෙන් පණ උනත් දෙනවා...ඒත් බං මුන් එක්ක පැටලුනොත් උඹලගෙ ලව් එකට තවත් ප්‍රශ්න එන එක විතරයි වෙන්නේ..."

"එහෙමයි කියලා හැමදාම හැංගිලා හිටියෑකිද බං...මෙහෙ වරෙන් යන්න..."

"ඒ අඩෝ එපා බං...පසිඳු...හිටපන් බං....". ඩිෆෙන්ඩරය දෙසට පැමිණියේ ඕනෑම දෙයකට මුහුණ දෙන බව සිතාගෙනය...එහෙත් පාර මාරු වීමට ප්‍රථම ඩිෆෙන්ඩරය ඉදිරියට ඇදුනෙන්, එතුල සිටියේ කවුරුන්දැයි හඳුනා ගැනීමට නොහැකි විය....

"අම්මේ ඇති යන්තන්..උඹට නම් පිස්සු බං....මෝඩයෙක් උඹ...හිතපන් දැක්කා නම් එහෙම.."

"මටත් අත් දෙකක් තියෙනවා බං..." සිනා සී රාජිත දෙස බලා කීවෙමි..

"අත් තිබිලා මොකටද බං.. ගල් කටස් එක්කින් එකයි තියන්නෙ.. එහෙම ජාතියන් උන්...." රාජිතගේ වදනෙහි බරපතලකම තේරුනේ දැන් ය...කෙසේ වෙතත් පූරුවේ වාසනාවකට මගෙ මෝඩකමේ ප්‍රතිපල අත් නොවින්දේය..

"මං නම් කියන්නේ උඹ හෙට නංගිව හම්බෙන්න යන්න එපා...මේක අසුභ පෙර නිමිත්තක්..."

"උඹ මොන කාලෙද ඉන්නේ බං...මේක 21වෙනි ශතවර්ෂෙ...මෙන්න මෙහෙ වරෙන් යන්න..."
අට පිරිකර රැගෙන විත් රාජිතගේ මවට දී හෙට දානයට සහභාගි වීමට නොහැකි වීම පිලිබඳව සමාව අයැද සිටියෙමි..

"හවස් උනාට කමක් නෑ පුතාගෙ වැඩේ ඉවර කරන් එන්න...බෝධි පූජාවටවත් ඉන්න බැරැයැ..."

"හරි අම්මේ මං එහෙම කරන්නම්.."

රාජිතගේ මවගෙන් සමුගෙන සයනය මත වැතිරුනේ හෙට ගමන ගැන සිහින මවමිනි... "කිසිම ප්‍රශ්නයක් වෙන්න නම් එපා දෙවියනේ.." හෙට යා යුතු වෙලාව විස්තර සියල්ල යලි තරූ හට කතා කර ලබා ගත්තේ කිසිදු හෝ අත්වැරද්දක් නොවීමටය....

"තව පොඩ්ඩක් හිතපන්.."

"මොනවද..?"

"ඔය යන ගමන ටිකක් ඩේන්ජර්..."

"දන්නවා බං...ඒ risk එකට මං ලෑස්තියි.. දැන් මං ගැන නෙමෙයි දානෙ ගැන හිතපන්..."

"ඒක නම් මොකක්ද බං..හැම අවුරුද්දෙම දෙනවානේ..උඹ හෙට ගිහින් පැයෙන් පැයට මැසේජ් එකක් දාපන්..නැත්තන් පැයෙන් පැයට මං කෝල් ගන්නවා.."

"හි හි හරි හරි බං...මං දාන්නම්... Data on කරන් ඉඳපන්.. Couple selfieයක්ම whatsapp එවන්නම්..."

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

පහන් හිරු නැගෙනහිරින් එබී බලද්දී සාමාන්‍ය ලෙස සැරසී රාජිතගෙන් සමුගෙන තරූගෙ යෙහෙලියගේ නිවසට පැමිණියෙමි....මුලින් දන්වා තිබීම නිසා ඉතා කුළුපග පිලිගැනීමක් විය...

"අයියා හරි handsomeනේ...කෝමත් තරුෂිගේ selection හැමදාම best...."

"අපි දෙන්නා ආදරේ කලේ දෙන්නට දෙන්නා දකින්නෙවත් නැතුව නංගි...හම්බ උනේ මාස තුනකට පස්සේ...එදා තිබ්බ ආදරේ දැක්කයි කියලා දෙන්නෙගෙම හිත් වල වෙනසක් වෙලා නෑ...වෙන්නෙත් නෑ..."

"තේරෙනවා අයියා කියන්න යන දේ..ලස්සන වෙන්න ඕනි හිත්...ඒත් ඔය දෙන්නා made for a each other.. ඉරිසියත් හිතෙනවා..."

"Is it...?"

"Yeh...."

"මට පේන්නේ නංගි හොඳ boot එකක් නම් කාලා තියෙනවා...."

"අපෝ නෑ...මට තාම අයියා වගේ පිස්සෙක් හම්බෙලා නෑනේ...."

"ආහ්...මං පිස්සෙක් කියලා කවුද කිව්වේ.?"

"අයියෝ...තරූ වචන දහයක් කිව්වොත් ඒකෙන් නමයක්ම කියන්නේ ඔයාගෙ වැඩ ගැන..."

"හුටා...එහෙනම් කට පියාගෙන ඉන්න ඕනි..මොන මොනවා කියලද දන් නෑනේ...අයියෝ මගෙ ගෑනිටත් කට පියාගෙන ඉන්න බෑනේ..."

"අයියෝ ඔහොම ඉන්න එපා...කවදාවත් වැරදි මොකුත් කියලා නෑ...ඔයාලගෙ ආදරේ ගැන මිසක්..."

"නංගි වතුර ටිකක් දෙනවද...? " ඇය සිනා සිසීම ගෙතුලට ඇදුනාය.. "මං මෙතන පොර ටෝක් දීලා කිච උනාවත්ද මන්දා..හිටපන්කො උඹව සෙට් කරනවා ඇත්තටම පිස්සෙක්ට.."

"ආ අයියේ....ආ අන්න තරූ එනවා... ඔයා උඩ floor එකට යන්න...මං එක්කන් එන්නම්...."

"Ok...පරෙස්සමින්.." තරූට ගෙනා ත්‍යාගද රැගෙනම ඒ දෙමහල් නිවසේ උඩ තට්ටුවට පැමිණිනු... මෙලෙස හොරෙන් මුණ ගැසීම වරදක් ය..එහෙත් දෙමාපියන් දෙදෙනාගෙ හැඟීම් වලට ඉඩ නොදෙයි නම් කුමක් කරන්නද...?


ඩක් ඩක් හඬින් හදවත ගැහෙයි...එලියෙන් ඇසෙනා කටහඬ තුනී වෙත්ම තරප්පු පෙලින් කිසිවකු හෝ උඩට එන සද්දය ඇසුනි...ඒ තරූ හැර අන් කිසිවකුගේ හෝ නොවේවා යැයි ප්‍රාර්ථනා කලෙමි...

"අයියා......අයියා පැටී..." ඒ හඬ තරූගේය...එම හඬ ඇසීමෙන් නව පණක් ලද්දාක් මෙන් කාමරයෙන් එලියට පැමිණියෙමි....

"ගොඩක් වෙලාද ඇවිත්..."

"නෑ ඇවිත් පැය භාගයක් විතර ඇති..."

"මොකෝ චන්ඩි පැංචා බය වෙලා..."

"හොර වැඩ කරද්දී බය වෙන්න වෙනවනේ..."

"අනේ......" තරූ දිව ඇවිදින් මා බදාගත්තාය...අනතුරුව සාලයේ දිගු සෝෆාව මත හිඳ ගත්තේ දෙඅත් අල්ලාගෙනමය...

"ගෙදරින් ප්‍රශ්නයක් උන් නෑ නේද බබා..."

"ම්ම්හ්...." ඇය මා අත් අත හැර පොඩි ළදරුවෙකු මෙන් උකුලට හිස තබා දිගු සෝෆාවේ කකුල් දිගු කර ඇලවෙමින් දෑස් පියාගත්තාය.... රන්වන් පැහැ ඔප ගැන්වුනු කම්මුල් මත කෙස් රැලි දඟ කරද්දී සෙමින් කෙස් රැළි සකස් කරමින් ඇයගේ හිස අත ගෑවේ ඉදිරිය කෙසේ වේ දැයි සිතමිනි....

"මොනාද කල්පනා කරන්නේ බබා..."

"මං කල්පනා කලේ මං ගැන..."

"ඔයා ගැන...."

"හ්ම්ම් ඔයා මගෙ ලගට එන්න කලින් මං ගැන.."

"ඉස්සර ඔයා බය ගුල්ලියක්....."

"ඔව් ඉස්සර මං ආස නැ අහස කලුපාට වෙනවට.. අහසේ කොච්චර පුංචි පුංචි තරු පායලා තිබ්බත් ඒ කළුවරට මං බයයි...ඒත් දැන් මේ අහසම කළුවර වෙලා තියෙනවා දකින්න ආසයි අයියා පැටී..."

"ඔය නොකිය කියන්නෙ මං ඔයාගෙ ලෝකේ...ඔයාගෙ අහසෙ හඳ කියලද..."

"හඳ පායන්නෙ ඉඳල හිටලනෙ...ඔයා මගෙ ලෝකේ ඉන්නේ ඊටත් වඩා තැනක...ඒ තැන වෙන කවුරුවත්ම නෑ..."

"ම්ම්ම් බඩ්ඩක් කියන්නද...?"

"කියන්නකෝ....."

"මට හිතෙනවා ඉස්සරට වඩා මගෙ කෙල්ල දැන් පැහිලා කියලා..."

"හි හි.... තවම ඉදිලා නැද්ද..?"

"අනේ මැට්ටි..."

"ඌයි..."

"රිදුනද..."

"ඔව් ඔව්...මේ බලන්නකෝ කම්මුල රතුත් වෙලාද කොහෙද.?..ඔන්න දැන් බේත් දෙන්න වෙයි...." කියමින් තරු බොරු වේදනාවක් මවාගනිමින් කම්මුල ඇල්ලූ තැන පෙන්වයි... ඒ මුහුණ දෝතට ම ගෙන ඒ රෝස කම්මුල් අතර මුදු ස්වරයෙන් ලවන් පෙති තබා උණුසුම් හාද්දක් තැබුවේ ඇයගේ ආයාචනය තේරුන් ගනිමින් ය.... ඇය දෑස් පෙති අඩවන් කරගනිමින් සිය දෑතින්ම වම් ඇකය බදාගෙන මා හට තුරුළු වූයේ පුංචි දැරියක විලසිනි... ඒ උණුසුම් වුනු හදවත් එකට වුනු මොහොතේ වෙව්ලන දෙතොල් එකිනෙක වෙලෙන්නට පටන් ගත්තේ දෑත් ග්‍රහණයද දැඩි කරමින් ය...

එය ආදරයේ සුන්දරතම තත්පර කිහිපයක් විය... කිසිදා නොදැනුනු නොහැඟුනු හැඟුම් රාශියකින් සිත කිති කවද්දී තව තවත් උණුසුමම සොයන වත දැඩි ග්‍රහණයෙකින් වෙලීගෙබ මොහොතකදී නතරව එම සුවය විඳ ගනිමින් නිසංසළව සිටියි... එය රාගය නොව දෙදෙනාගෙ හැඟුම් එකට කැටි වුනු හදවත් තවත් තදින් බැඳුනු ප්‍රේමණීය අවස්තාවක් විය....

"බබා....අපි වැරදි කරනවා..."

"මේක වැරැද්දක් නම්...මං මේ වැරද්ද තව තවත් කරනවා...."

"අනේ මගෙ පිස්සු කෙල්ල..."

"ඔයානේ මාව පිස්සියක් කලෙත්.."

"ඒ ඔයාගෙ පිස්සට ආදරේ ඕනි හින්දනේ.."

"මට මුකුත් එපා.....මෙහෙම තුරුලෙ ඉන්න දෙනවද...? අපි බැඳලා..., ඔයා වැඩ ඇරිලා ආව ගමන්.., මෙහෙම තුරුලු වෙලා හිත පුරා ඔයාගෙ සුවඳ විඳින්න දෙනවද මේ පිස්සිට... මෙහෙමම තුරුලෙ තියාගෙන, මුළු රෑ පුරාවටම, ඔය පපුව බදාගෙන දොයිය ගන්න ඉඩ දෙනවද, ජීවිතේ පුරාවට..."

"පොරොන්දු වෙනවා...මේ පපුවේ මේ පිස්සගෙ හුස්ම පොද තියෙනකන්, මගෙ රත්තරන්ව මේ වගේ ආදරයෙන් බලා ගන්නවා කියලා...මේ වගේ සදහටම මගෙ කෙල්ල ලඟ මේ විදියට ම ඉන්නවා කියලා..."

"සත්තයිද....."

"සත්තයි.......... ඔය ඉතින්...මගෙ කෙල්ල අඬනවද...?"

"මට බයයි අයියා පැටී... මට බෑ ඔයාගෙන් එක තප්පරයක්වත් ඈතින් ඉන්න... මට ඔයාව ඕනිමයි... නැත්තන් මේ කෙල්ල මැරෙයි..."

"ෂ්ෂ්ෂ්......මං ඉන්නවනේ මගෙ කෙල්ල එක්ක... මං පොරොන්දු උනානේ..."

"අනේ මාව එක්ක යන්නකෝ කොහෙ හරි...."

"හි හි එහෙම ඉක්මන් වෙලයි emotional වෙලයි තීරණ ගන්න හොඳ නෑ පැංචියෝ... හොඳින් හිතලා වැඩ කලොත් අපිට වරදින් නෑ..."

"මට වැරදුනොත් ඔයා ඉන්නවනේ...ඒ හිනද මට ඒවා වැඩක් නෑ...මට ඔයාව ඕනිමයි...එච්චරයි..."

"මුරණ්ඩු කෙල්ල..."
දැහැන් ගත වුනු ප්‍රේම හැඟුමට මද පවනින් ලද ආශිර්වාදය බිඳගෙන තරප්පු පෙල දිගේ තරූගෙ යෙහෙළිය පැමිණියෙන් තරූ සෝෆාවේ හිඳ ගත්තාය...මා දෑත සුරතට ගෙන කොණිත්තමින් ලැජ්ජාවෙන් මෙන් බිම බලා හුන් ඇයව බලා යෙහෙලිය සිනා සී ගෙනම තේ බන්දේසිය කුඩා මේසය උඩ තැබුවාය....

"කුරුළු ජෝඩුවට disturb කලාද මන්දා...? ආ මෙන්න වැඩක්... එක්කෙනෙක්ගෙ කට වැහිලා අද..."

"හි හි....නෑ ඔච්චර වෙලා කියවලා දැන් කට රිදෙනවා ඇති..."

"හරි හරි ඔය තේක බොන්නලාකෝ....මං යනවා පහලට..."

"පැංචි......"

"ම්ම්ම්ම්....."

"මොකද ගොළුවෙලා....."

"අර මැට්ටි ආවනේ...."

"ඒ තේ අරන්නේ....තේකක් බොමු...."

"ම්ම්ම් එකක් බොමු....ඔයා බීලා දෙන්නකෝ...." එවිටම වාගෙ දුරකථනයට ඇමතුමක් ආවේය..ඒ රාජිතගෙන් ය....

"කවුද අයියා පැටී....ගෙදරින්ද..?"

"නෑ ඊටත් ඉහලින්..ආ answer කරන්නකෝ...."

"අම්මියෝ බෑ...කවුද..?"

"වෙන කවුද ඉතින් රාජිත මේ ගන්නේ...මග දිගට කිව්වා ගිහින් පරෙස්සමින් පැයෙන් පැයා මැසේජ් දාන්න කියලා...ඌ බය වෙලා...පව්...."

"අනේ....කෝ දෙන්නකෝ..."

හෙලෝ...
ම්ම්....එයාගෙ වෙන්න වයිෆ් කතා කරන්නේ....
හී හී එයා මේ වෙලාවෙ ගොඩාක් පරෙස්සමට තේ බොනවා....
හරි අයියේ..අයියට පින් මගෙ පණව මෙහෙම බලාගන්නවට...
ම්ම්...බුදු සරණයි අයියේ...

"මොකද කියන්නේ...."

"ඔන්න පැයෙන් පැයට මැසේජ් යවන්නලු....හි හි...එයා හරි ෂෝක්.. ඔහොම යාලුවෝ හරි අඩුයි අයියා පැටී..."

"හ්ම්ම්...ඒක දන්නවා... ගිය ආත්මෙක සහෝදරයෙක්ද කොහෙද...?"

"එතකොට මං කවුද ගිය ආත්මෙ..."

"ඔයාද..? ඔයා මගෙ ආච්චි වෙන්නැති...."

"ඊ........යා.....ආච්චි උනා නම් පතන් එනවද මැට්ටො ආදරේ කරන්න..."

දිවියට කිසිදා අමතක නොවන මතක සමරු ශිලා ලේඛනයක සටහන් කලා මෙන් හදවත පතුලේම පරෙස්සමින් තබා අහේතුකවම ආ කඳුළින් නැවත හමු වෙමු යැයි කියා ඇයගෙන් වෙන්ව ආවේ සිත ඇය ලඟ තබාමය....
 
  •••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••

Read More ->>


සිහිනයකි දෑස් ලඟ 11


••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - ඒකොලාෙස්වන දිගහැරුම - ¥

වාහනය ආවාටත් වඩා ඉක්මනින් නිවෙස වෙත සේන්දු වූයේ පාරේ වාහන කිසිවක් ඒ වන විට නොතිබුනු බැවිනි...ඒ වන විට සඳුන්ද අවධි වී තිබුනු නිසා වැඩි යමක් කතා නොකරම ඉක්මනින් නින්දට වැටුනේ තරූට කෙටි පණිවුඩයක්ද තබාමය....

උදෑසන අවධි වූයේ රාජිත හා සඳුන්ගේ කට හඬ ඇසීමෙනි...රාජිත ලහි ලහියේ ඇඳුම් ඇඳීම ප්‍රශ්නාර්ථයක් කරගනිමින්ම එදෙසට ඇදුනෙමි...

"කොහෙ යන්නද බං මේ..."

"උඹලෑ ගෙදර හිටියම පඩි දෙනවැයි..."

"හිටහන් ඉතින් මාත් එන්නම්..."

"නෑ නෑ උඹ දැන්ම එන්න ඕනි නෑ සතියකින් විතර බොසාට කෝල් එකක් දියන්..."

"හ්ම්ම්..ඒ කියන්නේ මගෙ රස්සාව ඉවරද....?"

"මල්ලි කොහොමත් අයෙ රස්සාවට යන්න ඕනි නෑනේ.."

"ඒ මොකද....රස්සාවක් නොකර කොහොමද..?"

"නෑ මං කිව්වේ මල්ලි ඕස්ට්‍රේලියා යනව නම්..."

"අනේ මේ සඳුන්, මං අක්කව අඬවන්න බැරි නිසා එවෙලේ මොකුත් කීවේ නැහැ...ඒ අදහස අතාරින්න කියලා අක්කට හෙමින් පාඩුවෙ කියන්න ප්ලීස්..."

"හරි ඉතින්....මං කියලා බලන්නම්..."

"අනේ මේ මට පරක්කු උනා...මං යනවා....බායි සඳුන් අයියේ....පසිඳුවෝ පරෙස්සමින් හිටහන්..."

"සල්ලි තියෙනවද ලඟ...."

"අම්මේ කෝටිපති බෑණෝ...තියෙනවා.....අන්න අර පහල කඩේට කියාගෙන යන්නම් කෑම දෙකක් එවන්න කියලා...ආවාම සල්ලි දීපන්..."

"හරි හරි..පරෙස්සමින් පලයන්...."

කියූ පරිදිම කඩේ කොලුවා අත කෑම දෙකක් එවා තිබුණි....ඒ වන විට දෙදෙනාම නා කියාගෙන සිටි බැවින් උදෑසන ආහාරයට ලෑස්ති උනෙමු...දුරකථනයද අතින් ගෙන තරූ හට ගුඩ් මෝනින් පණිවුඩය තබා ආහාර ගතිමු...

"මල්ලි..."

"ම්ම්ම්ම්..."

"මායි අක්කයි ලබන මාසෙම යන්න හිතන් ඉන්නේ ඕස්ට්‍රේලියා...."

"එතකොට ජොබ් එක..."

"මං ඒකෙන් අයින් වුනේ මාසෙකට කලින්..."

"හ්ම්ම්...ඒක නම් ගොඩක් හොඳයි..."

"අක්කගෙ කල්පනාව අම්මයි තාත්තවයි දෙන්නත් එක්කන් යන්න.."

"ආ ඒ කියන්නේ මේක අද ඊයේ ප්ලෑනක් නෙමෙයි...."

"නෑ නෑ අපි දෙන්නා විතරයි යන්න හිටියේ..."

"ආ ඒ කියන්නේ මට අම්මවයි තාත්තවයි බලාගන්න බෑ, ඒ නිසා එක්කන් යනවා කියලද කියන්න හදන්නේ...."

"අනෙ නෑ මල්ලි...එහෙම අදහසක් නෙමෙයි...අපි ඔක්කොම යන්නනේ ප්ලෑන් කලේ..ඒත් මල්ලිට යන්න බෑ නම්...."

"මගෙන් අහන්න එපා....අම්මයි තාත්තයි කැමති නම් එක්කන් යන්න...මට පොඩි කාලයක් දෙන්න...මමත් එන්නම්....."

"Ok then....මං අක්කිට කියන්නම්..."

"හ්ම්ම්....."

කෑම කා අවසන ලහි ලහියේ ඔහු නගරය වෙත ගොස් එන්නම් කියා යාමට පිටත් විය... "ඒ නම් ගියේ වයිෆට ඔත්තුව දෙන්න..." තනිවම මුමුණාගෙන නැවතත් සයනයේ වැති ගත්තෙමි....

දුරකථනය නාද විනි...ඒ තරූගෙන් බවට සැකයක් නැත....

"ම්ම් ගුඩ් මෝනින් කෙල්ල...දැන්ද නැගිට්ටේ...."

"ම්ම්ම්ම්ම් ගුඩ් මෝනින්...තවම දොයිමතයිනේ..."

"ආ අපි ගෙදරට එන්නත් කලින් දොයියලා තවම දොයිමතද..? "

"AC එක full දාලා....නින්ද ගියා ඉතිම්...තලාද..."
මට ඔය සැප නම් දෙන්න බැරි වෙයි රත්තරනේ...ඔයා පව්.... කොච්චර සැප සම්පත් මැදද හැදෙන්නේ..ඒත් ඔයාව නැතුවත් බෑ කෙල්ලේ...

"ම්ම් තලායි වගේ...ඒකනේ සද්දයක් නැත්තේ...අඬනවා ඕන් ඇ..."

"නෑ නෑ පැංචියෝ...මගෙ කෙල්ල එක්ක තරහ වෙන්න බෑ මට..."

"ම්ම් අපරාදේ....සොරි...."

"ඒ මොකද සොරි ආ..."

"පණ්ඩිත posh කතාවක් කිව්වට..."

"අනේ මැට්ටි...."

"මට ඔයාගෙ උණුහුමේ ඉන්න තිබ්බා නම් ඇති අයියා පැටී....කන්න ඕනිත් නා..."

"ඒක දන්නවා මගෙ රත්තරන්..ඒත් ඔයා පව්..."

"ෂ්ෂ්..අයෙ ඔය කතාව කිව්වොත් අඬනවා සත්තයි...."

"සොරි බබා...ආයෙ කියන්නෙම නෑ...."

"අනේ..මගෙ හොඳ අයියා පැටී....."

"කෝ කෝ dirty උම්මා එකක් දෙන්නකෝ..."

"මහත්තයෝ........ නෝටි වෙනවා වැඩියි ආ..."

"මං නෝටි නොවී කවුරු නෝටි වෙන්නද...?"

"අන්න හොලා...මගෙ වචන හොරකම් කරලා..."

"කෝ කෝ ඉතිම්...."

"ම්ම් මූණ හපලා හපලා දානවා මං.... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...."

"ඉතින් ආදරේටනේ..."

"ආදලේට කිස් කලාම ආපහු එකක් දෙන්න ඕනි කියලා දන් නැද්ද මැට්ටො..."

"දන්නෝ... උම්ම්ම්ම්ම්මා උම්ම්මා උම්ම්ම්මා......"

"ඔයා නෝටියි...."

"පොලියත් එක්ක දුන්නම නෝටිද.."

"නෑ මාව අවුස්සනවනේ..."

"හි හි....."

"හිනා වෙනවා ඉතිම්..... ඔය විදියට හිනා වෙලා ඉන්න මගෙ මහත්තයෝ... මට ඒ ඇති.... ඒ හිනාවයි ඔය උණුහුමයි තිබ්බා නම් හොඳටම ඇති..."

"ඒකමයි මටත් ඕනි රත්තරන්...."

"කෑවද උදේට දැන් නෝටි කොල්ලා...."

"ම්ම් කෑවා...මගෙ පැංචිත් දැන් කන්නකෝ නැගිටලා..."

"අනේ තව ටිකක් මේම ඉමු...."

"කම්මැලි කෙල්ල.....
.
.
නංගි පැටී පොඩ්ඩක් ඉන්න රාජිත ගන්නවා..."

"ම්ම් ඉක්මනට ආ....."

"මොකෝ බං...."

"හරි වැඩේනේ බං උනේ..."

"ඇ.ඈයි බං...."

"මං ඇවිත් විස්තරේ කියන්නම්..උඹ දොරවල් වහගනින් ඔක්කොම..සඳුන් ඉන්නවනේ නේද..."

"නෑ බං පොර ටවුන් ගියා...මොකක්ද කේස් එක කියපන්...."

"මං එන ගමන්...කියපු විදියට දොරවල් වහගනින්...මං ඇවිත් කෝල් එකක් දෙනකන් දොර අරින්න එපා..."

"මොකක්ද කියලා ඉඳින්කෝ....හෙලෝ....හෙලෝ....

ෂිට්.. මේ යකා කට් කලානේ....ඒ පාර මොනවද වෙන්න යන්නේ..."
 
රාජිත ඇමතුම දුන් පසු දොර විවෘත කලෙමි...ඔහු ගෙතුලට වැදී වේගයෙන් දොර වසා හති අරින්නට විය..මුහුණේ තැලීම් තුවාලද දැකගන්නට වුනු නිසා,

"මොකද බං මේ..මොකද උනේ..ආහ්..."

"මචන්...."

"කෝ වරෙන් කාමරේට යන්න....මොකද බං උනේ කවුද ගැහුවේ කියපන්...."

"අරූ ආවා බං..."

"කවුද බං..."

"නදුන්..."

"මොකාද බං ඒ....ඌ මොකටද උඹට ගැහුවේ...."

"උඹ ගැන අහලා.."

"මං ගැන මොකටද..?"

"උඹෙ මස්සිනා පොඩ්ඩ බං..."

"තරූගෙ අයියද....?"

"ඔවු බං ඔවු..."

"ඒකා මොන $&@ද මං ගැන හොයන්න ආවේ..."

"අයියනේ බං....උඹලගෙ එෆෙයාර් එක දන්නවා ඇති...."

"මොකද කිව්වේ...."

"වෙලාවට උඹලෑ ගෙවල් දන් නෑ...කෙලින්ම ඔෆිස් ආවේ...බොසා මාව පෙන්නලා බං..."

"ඉතින් උඹට අත තියනකන් උඹ පොල් ගෑවද..."

"උඹ මගුලක් කියවනවා.....පට්ට සෙට් එකක් බැහැලා හිටියේ...15ක් විතර හිටියා..."

"මේක හරි යන් නෑ...මං යනව හැරීව මීට් වෙන්න...."

"අනේ බං පිස්සු නටන්න එපා.."

"උඹට අතක් තිබ්බටත් පස්සෙ බලන් ඉන්නද කියන්නේ..."

"නෑ නෑ බං...මමත් ඌව අතාරින්නෙ නෑ...ඒත් මේක වෙලාව නෙමෙයි...වෙලාව එනකන් ඉවසලා හිටපන්..."

"උඹ බම්බු ගහගනින් වෙලාවත් එක්ක..මං ඕකව අතාරින් නෑ...ගේමට එනවා නම් එන්න කියාපන්..මං භය නෑ..." සිතේ තිබූ කේන්තියටම වසා තිබූ දොරවල් සහ ජනේල සියල්ලම යලි විවෘත කලේ ඔවුන් එනවා නම් ඕනෑම දෙයකට මුහුණ දීමට සිතාගෙනමය....

"අනේ ඕවා වහපන් පසිඳුවෝ...ප්ලීස් මං කියන දේ අහපන්..."

"මට බෑ තවත් ගෑනියෙක් වගේ ගුටි කන්න....සල්ලි තිබ්බා කියලා මෙහෙම ලොකු සීන් දානවා නම් අපිත් කවුද කියලා උන්ට පෙන්නන්න ඕනි..."

"හිතපන්..ඉවසපන්...උඹට කෙල්ලව ඕනිනේ....ඒ නිසාවත් ඉවසපන්...වෙලාව බලලා මොලෙන් ගහන්න ඕනි ගේමක් මේක...නැතුව කලබල වෙලා මරාගත්තොත් වෙන්නේ උඹලා දෙන්නට තවත් ඈත් වෙන්න...තේරුන් ගනින්...."

"ඒත් බං උඹට අත තිබ්බනේ..."

"හරි ඉවසපන්....මේවා නම් මොනවද..මං ඉන්නවනේ..."

"බේත් ටිකක් ගන්න යමන්..."

"පිස්සුද බං..මට අමාරුවක් නෑ...අර ඒඩ් බොක්ස් එක ගනින්....සර්ජිකල් ටිකක් දාගත්තම ඇති...."

රාජිතට ප්‍රථමාධාර කරන අතරතුර සඳුන් කෑම මධ්‍යහන ආහාරයද රැගෙන පැමිණියේය...ඔහුටද සිදු වූ සියල්ල පැවසුවේ රාජිතමය...

"මල්ලි මෙහෙ ඉන්න ඕන් නෑ...අපි ඔක්කොම යන් අපෙ දිහා..."

"පිස්සුද සඳුන්..මං බය නෑ...මට උලත් එකයි පිලත් එකයි..."

"ගහගන්න එක නෙමෙයි වීරකම...අනාගතය ගැන හිතලා ඔයාගෙ ගෑනු ලමයා ගැන හිතලා දෙමවුපියෝ ගැන හිතලා වැඩ කරන්න ඕනි..."

"අන්න....අහගනින්...කියලා දෙන්න සඳුන් අයියේ මූට..."

"අපි යන් එහෙ..."

"ඕනි නෑ සඳුන්...මං මෙහෙම තමයි ඉන්නේ..."

"හරි එහෙමනම් මමත් ඉන්නවා...බඩගිනිත් ඇතිනෙ දැන්..කාලා ඉමු..ඒත් කෑම දෙකයිනේ ගෙනාවේ..කමක් නෑ ෂෙයාර් කරගම්මු.."

"ඕනි නැ සඳුන් අයියේ...මගෙ කෑම එක ඇති බෑග් එකේ..."

"අනේ මංද බං...ඇයි මටම වෙන්නේ..."

"හරි හරි දැන් ඕක හිතින් අයින් කරලා ඕක කාලා ඉඳින්..."

"නෑ බං...ඔන්න බලපන් උගෙ කටින්ම උඹගෙන් සමාව නොඉල්ලුවොත් මගෙ නම පසිඳු නෙමෙයි..."

"ඕකට බයේ තමයි මල්ලි අපි ඔයාවත් ඕස්ට්‍රේලියා එක්කන් යන්න හදන්නේ...."

"මං බයගුල්ලෙක් නෙමෙයි...මං එනවා නම් එන්නේ කෙල්ලත් අරන්...."

"කෙල්ල එයිද...? එහෙම නම්..."

"නෑ නෑ බයේ යන් නෑ එහෙම..."

"අනේ බං දැන් ඕක නවත්තපල්ලා...කට වහන් ඕක කාපන් පසිඳුවෝ..."

කෑම කා හමාර කර තරූට ඇමතුමක් ගත්තේ පැනිවුඩය දීමටය..එමෙන්ම කේන්තියෙනි..

"අයියා පැටී...." ලයාන්විත වූ දයාබර ඇමතුමෙන් සිතේ ඇති වූ කෝපය එලෙසම නිවී ගියේය..

"හෙලෝ............"

"ම්ම් මොකූ කරන්නේ පැංචියෝ..."

"මැට්ටෙක් ගැන මතක් කල කල හිටියේ..."

"මැට්ටි....මේ ඒක නෙමේ අයියා ඉන්නවද ගෙදර..."

"මං හිතන්නේ දැන්ද කොහෙද ගෙදර ආවේ....තාත්තිත් බැන්නා..."

"එයා ඇවිත් මාව හොයාගෙන.."

"අනේ දෙවියනේ...අයියා පැටී..."

"මාව නම් හම්බ වුනේ නෑ ඒත් ඔෆිස් එකට ගිහින් රාජිතව හම්බ වෙලා...."

"එහෙනම් ඒක ගැන වෙන්නැති තාත්ති බැන්නේ...අපෙ තාත්ති ඕවට කැමති නෑ...රාජිත අයියට මොකද කියලා තියෙන්නේ..."

"මං ගැන අහලා...ඒක නෙමේ ප්‍රශ්නේ...රාජිතට අත උස්සලා... අයෙ නම් ඉවසන්නේ නෑ රන්...තරහ වෙන්න එපා..."

"අනේ එපා අයියා පැටී...රණ්ඩු කලාම අපි තවත් ඈත් වෙයි..."

"ඔයා කියන්නෙත් මට අත් දෙක බැඳන් ගෑනියෙක් වගේ ඉන්න කියලද.."

"අනේ තරහා ගන්න එපා රත්තරන්...."

"හ්ම්ම්...ඉවසන්නම්....ඒත් අමතක කරන්නේ නෑ.."

"අප්පෝ නපුරා....අනේ ඔය මූණ ඕමම වට්ස් ඇප් දාන්නකු බලන්න.."

"කේන්තියෙන් ඉම්නේ ආ...තවත් අවුස්සන්න එපා..."

"හි හී.....අනේ ඉතිම් උම්ම්මා උම්මා උම්ම්ම්ම්ම්මා....මගෙ හොඳ අයියා පැටීනේ..."

"ම්ම්...කපටි කෙල්ල.."

"කෑවද සංකඳ..."

"හ්ම්ම්....මගෙ පැංචි කෑවද..."

"ඕ ගුඩක් කෑවා....බංඩි පුල්..මේ..."

"ආ පුල්නේන්නම්...මැට්ටි..... මේ දෙයක් කියන්න තියෙනවා..."

"ම්ම්ම් කියන්න බලම්න..."

සඳුන් පැවසූ දෙය සහ අක්කාගෙ කැමැත්ත පරිදි ඕස්ට්‍රේලියා යෑම පිලිබඳව සියලු විස්තර ඇයට පැවසුවෙමි.....

"සෝයිනේ අයියා පැටී...ඉතිම් යන්නකෝ..."

"පිස්සුද....මට ඔයාව දාලා කොහෙවත් යන්න බෑ...අම්මලා යාවි...මං ඉන්නවා.."

"ඉතිම් තනියම ඉන්නේ කෝමද..."

"මට කොහෙන්ද තනි...ඔයා ඉන්නා..රාජිත ඉන්නවා ඒ ඇති..."

"ම්ම් ඔයාගෙ කැමැත්තක් කලන්න.. කොහෙ හිටියත් මං මගෙ සංකඳ එක්ක ඉන්නානේ...."

"ඒක දන්න නිසයි කිව්වේ..."

"පැංචෝ...බඩ්ඩක් කීන්නද...."

"ම්ම් කියන්න බලන්න.."

"මං මගෙ අයියා පැටීට ආදලෙයි..."

"ඉතින් දන්නවනේ මං...මාත් ආදරෙයිනේ..."

"අනේ ඉතින්..ඕක කියල ඉවර කරන්න මේ ජීවිත කාලෙත් මදි..."

"තව ඉපදෙනවනේ...බුදුන් කෙනෙක් පහල වෙලා නිවන් දැකලා සසරෙන් මිදෙනකන් මගෙ වයිප් ඔයාම තමා කෙල්ලේ..."

"මේ වගේ ආදරයක් අහිමි කරන් නිවන් දකින්නත් ලෝබයි අයියා පැටී....ඒ තරම් මේ හිතට ඔයා ලඟයි..."

"ම්ම් ඒත් පව් පිරෙනා ඔහොම කිව්වම..ඉස්සරත් ඔයා මගෙම වෙන්නැති කියලා හිතෙනවා වෙලාවකට...."

"මේ අහස් ගව්වෙන් එහා ලෝකෙකට ගියත්.......මේ පොලෝ බැම්මේන් යට ලෝකෙකට ගියත්...මගෙ අයියා පැටී මාව හොයාගෙන එනවා කියලා මං දන්නවා.....ඒකයි මං බය නැතුව මේ හිර ගෙයක් වගේ ගේ ඇතුලට වෙලා ඉන්නේ...."

"මට ඔයාව ඕනි රත්තරනේ....මේ හුස්ම ගන්නේ ඔයා හින්දා...මේ හුස්ම ඔයා...ඔයා නැතුව මට මේ ලෝකෙ ඉන්න බෑ රත්තරන්...."

"ඉතින් අපි අපේනේ..."

"ම්ම්ම්........පැංචියෝ....."

"ම්ම්ම්ම්ම්....."

"සිංදුවක් කියන්නකෝ...."

"අම්මෝ බෑ පව්....."

"ඇ.....කාටද...?"

"මේ කීයක් හරි හම්බකරන් කන ගායිකාවන්ට අනා...."

"ඇ...ඒ මොකද.."

"මං ගයන්න පටන් ගත්තොත් ඉතිම් ඒම තමා..."

"අනේ මැට්ටි......"

"අයියා පැටී කියන්නකෝ එකක්..."

"අනේ මට බෑ...."

"අනේ අනේ කියන්නකෝ ඉතින්...."

"මට සිංදු කියන්න බෑ..."

"බොරු නංගි ඔය කියන්නේ මූ සමස්ත ලංකාත් ගිහින් තියෙනවා..."

"අනේ පලයන්කො අහකට...."

"කවුද ඒ රාජිත අයියද....?"

"ම්ම් ඒ පිස්සා තමා...."

"කෝ දැන්...."

"අන්න ගියා එලියට..."

"ආ දැන් සමස්ත ලංකා ශූරි පසිඳු වේදිකාවට ගෙන්නමුකෝ..."

"අනේ මැට්ටියෝ දැන් බෑමයිེ..."

"අඬනවෑ...."

"අනේ අප්පා..."

"කියන්නකෝ...මගෙ සත්තලන්නේ..."

"ම්ම් හැබැයි ටිකයි ඇ..හිනා වෙන්න ඔට්ටුත් නෑ....

"හලි කීන්නකු...."

ආදර මල් වල

පාට කියන්න
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ

මීදුම් පිණි පොද 
දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා 
සමනල් සිහිනය පිපුනා
දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිට බලා සිටිනවා

මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනව
අඳුර මැදින් එන්න සදලියේ

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැගිලා
මාලති යායක හැගිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා(ගායනය: කසුන් කල්හාර)




"හෙලෝ.........නින්ද ගියාද කෙල්ලට...ඕකනේ කිව්වෙ මුලින්ම...."

"අනේ නෑ අයියා පැටී..ලස්සනයි ගොඩාරියක්..ඉවර කලේ අපරාදේ.."

"ආ දවසම සිංදු කිය කිය ඉන්නද කියන්නේ...."

"ම්ම් ඒ උනත් කමක් නා..අහන් ඉන්න ආසයිනේ....."

"ඔයත් එකක් කියන්න ඉතිම්....."

"රන්වන් පාටයි සමනලයා
සෝස මලේ පැණි බීලා ගියා....."

"අනේ මගෙ මැට්ටි....."

"හී සෝයිනේ..."

"සෝයි සෝයි....ඩ්‍රීම්ස්ටාර් යන්න ඊලඟ පාර...."

බොහෝ වේලා සතුටින් කතා බහ කරමින් සිට සෙනෙහසේ හද පිරි වින්දනයත් සමගම යලි රාජිත හා සඳුන් සමග එකතු විනි...

"ඉවරද මල් කැඩිල්ල..."

"වෙලාව යනවා දැනෙන් නෑ බං...එලියට ඇවිත් බලද්දි තමා තේරුනේ..."

"මොකෝ මල්ලි ඩ්‍රින්ක්ස් එකක්වත් දාමුද..."

"අනේ බෑ සඳුන්....ඩ්‍රින්ක්ස් නැවත්තුවා..."

"හෑ...ඒ කවද්ද බොල...."

"මේ දැන් ඉඳන් බං...සිරාම..."

"ආ එහෙනම් ගෝල්ඩ්ලිෆ් එක තනියම ගැහුවැකි....."

"ඕක නැවැත්තුවේ නෑ යකෝ තාම...මෙන්න මෙහෙ දියම්....."

"මටත් හරි කම්මැලියි මල්ලි..."

"ගෙවල් පැත්තෙ යනවා නම් ගිහින් එන්න සඳුන්...."

"මල්ලිට තනියම ඉන්න දෙන්න බෑනෙ..."

"ආ ඒක අවුලක් නෑ මේ රාජිත ඉන්නවනේ.."

"එහෙනම් අවුලක් නැද්ද..?"

"නෑ සඳුන්...පිස්සුද...?"

"හරි එහෙනම් මං ගිහින් එන්නම්..පරෙස්සමින් ඉන්නලා..."

"හරි...පරෙස්සමින් යන්න සඳුනුත්..මේ සිද්ධ උන දේවල් අක්කට කියන්න යන්න එපා ප්ලීස්..."

"හරි මල්ලි හරි...."

"මොකෝ බං බුවා මූඩ් ගහලා වගේ...."

"අනේ මන්ද..අපි වැරදි දෙයක් කිව්වෙ නෑනේ..උඹ මොකුත් කිව්වද..."

"නෑ බං පිස්සුද..සිරාවටම ඌට පාළු ඇති...හුරුත් නෑනේ අපිව.."

"හ්ම්...යමන් ඔහොමම කඩේට ගිහින් කාලා එමු..."

රාත්‍රී අහාරයද රැගෙන නිවසට පැමිණ වේලාසනම නින්දට වැටුනේ තරූටද ඉක්මනින්ම නින්ද යාම නිසාය...

රාත්‍රියේ බිහිසුනුම සිහිනයකි...රාජිත හා මා බස් නැවතුම්පොලේ සිටියදී ට්‍රේලර් වර්ගයේ බයික් දෙකක් පැමින රාජිතට වෙඩි තබා පලා යනු දැක බියෙන් "රාජිත රාජිත..." යනුවෙන් මොර දුන්නෙමි....

"ඒ ඒ...පසිඳුවෝ...." රාජිතගේ කට හඬින් පිබිදුනු මා රාජිතව දැඩිව බදාගත්තේ සිහිනයේ බියකරු බව නිසාමය..

"මොකද බං.....හීනයක්වත් දැක්කද..?"

"හ්ම්ම්...ඔව් බං...මහම මහ නරක හීනයක් ඒක..."

"මොනවද දැක්කෙ..."

"උඹට කරදරයක් වෙනවා..."

"ආහ් ඒක තමයි මගෙ නම කියලනේ කෑ ගැහුවේ..ගනන් ගන්න එපා බං...මේ දවස් වල උන දේවල් හැටියට ඕවා පේන එක අරුමයක් නෙමෙයි බං..."

"හ්ම්ම්...කෝකටත් උඹ අද වැඩට යන්න එපා..."

"ඇ...... අයෙ යන්නෙම නෑ බං වැඩට..."

"ඇයි බං.."

"අර සඳුන් හිටපු හින්දා ඊයෙ කිව්වේ නෑ...ජොබ ඉවරයි බං...."

"බොසාට මං කතා කරන්නද..?"

"එපා බං..වෙන එකක් හොයාගමු...හෙමීට..."

"හ්ම්ම්...පාන්දරත් වෙලා බං....ටී එකක්වත් ගහමුද..."

"ඉඳින්...මං හීටරේ ගහලා එන්නම්...."
රාජිත පිළිබඳව ඇති වූයේ දුකකි..මං හින්ද උඹට ගොඩක් කරදර...මෙච්චර දෙයක් වෙලත් උඹ මාව අතෑරියෙ නෑ..මං ගොඩක් පින් කරලා ඇති උඹ වගේ යාලුවෙක් ලැබෙන්න...

"මොනාද බං කල්පනා කරන්නේ..."

"මොකුත් නෑ බං...ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න.."

"ඉස්සෙල්ලා හොඳටම හොඳ කරගනින්කො තුවාල ටික..ඊට පස්සෙ සෙට් වෙලා හොයමු..."

කාලය අපව පසු කරමින් වේගයෙන් ඇදෙයි..විටෙක සතුටද විටෙක සිනහවද උරුම කරමින් ජීවිතය දිනෙන් දින ගත කරයි...අක්කාගේ දැඩි පෙරැත්තය හමුවේ වුවද මව්බිමෙන් පිටතට යාමට සිත නොදුන්නේ කාරණා දෙකක් නිසාය...ඒ තරුෂි හා ආදරය අතැර දුරකට යාමට සිත නොදීම සහ රාජිත වැනි මිතුරෙකු තනිකර දමා යාමට කිසි සේත්ම නොහැකි නිසාය...

දිනෙන් දින දළුලන ආදරය... ඒ අපමණක් වූ හැඟීම් ගොන්න එක් පසෙකින් සිත තුටින් පුරවද්දී අනෙක් පසින් අක්කා මව සහ පියා වෙන්ව යෑම සිතට මහත් දුකක් ගෙන දුන්නේය..සඳුන් හා තාත්තා දහසක් අවවාද දුන් අතර අම්මා කලේ කඳුළු සැලීම පමණි... "පුලුවන් තරම් ඉක්මනට එන්න මගෙ පුතේ...." ඇය ගුවන්තොටුපලේදි අයැද සිටියේ එපමණකි..." පොඩී පරෙස්සමින් ඉන්නවා හොඳද....රාජිත ඔය රණ්ඩු වලට එහෙම යනව නෙමෙයි...දෙන්න පරෙස්සමට ඉන්න..." ඒ අක්කාය....

"උඹට upset නේහ්..උඹටත් යන්න තිබ්බේ...."

"ඔව් බං...මොනවා උනත් අම්මා තාත්තා නැතුව කොහොම ඉන්නද මන්දා බං..."

"උඹලගෙ ගෙදර කුළියට දීලා අපි අපෙ දිහා යන්..."

"මොකටද බං ඒ අම්මට කරදර කරන්නේ.."

"මොන කරදරයක්ද බං..අම්මා තමයි ඔය idea එක දුන්නෙත්...."

"හ්ම්ම් එහෙනම් එහෙමවත් කරමු.."

"මං හිතුවේ මස්සිනාකාරය කා(ර්) එකවත් දීලා යයි කියලා..."

"හිහ්...ඒ උඹ දන්න තරම තමයි...අවුලක් නෑ බං...දුකේදි සැපේදි හිටිය බයික් එක තියෙනවනේ..."

"ඔව් බං..අනුන්ගෙ දේවල් කොහොමත් ඕනි නෑ..."

"හ්ම්ම්....දැන් ජොබක් හොයාගන්න ට්‍රයි එකක් දෙමු..."


•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••

Read More ->>