Translate

Thursday, August 11, 2016

සත්තමයි මියැදේවි..



 සත්තමයි මියැදේවි.. 
 
සුළන් ඇබිත්තක්වත් නැති තාරකා රාත්‍රියේ..
සඳ මඬලෙන් පාර අසන්..
පාළු සිතුවිලි හැඩ කරන්..
කල්පනා සිහිනයක සැරිසරමි..
ඇහැරන්න එපා ඇවිදින්....
සත්තමයි මියැදේවි..

දඟ කරන කෝල ඇස් දිහා බලන්..
සඳ එළිය අස්සේ මාවම හොයන්..
පපුවට ලංකරන් හෙමි හෙමින්..
සුසුම් සොයන්නම් හොවාගෙන ආදරෙන්...
ඇහැරන්න එපා ඇවිදින්...
සත්තමයි මියැදේවි..

සිනා සලන හිරිකඩ පින්නෙන්..
දොවා නළලත හැඩ කරන්..
තියන්නම් මුදු හාදුවක් දෙතොලඟින්..
ආදරේ පිවිතුරුයි වස්සානයක මනරම්...
ඇහැරන්නෙපා ඇවිදින්..
සත්තමයි මියැදේවි..
 
 


No comments: