Translate

Thursday, August 11, 2016

නුඹෙ සෙවනට සෙනෙහසින්



 නුඹෙ සෙවනට සෙනෙහසින්
 
ලා සඳ පායා නැගෙන රැයේ...
නිසසල හැඟුමක වෙලෙන පැයේ..
සිතින් සැනෙකින් සොයා එන්නෙමි
නුඹෙ සෙවනට සෙනෙහසින් ප්‍රියේ..

දහසක් මල් වැසි වස්සානේ
උතුරා ගලනා පෙම් පහසේ
සිතුවිලි සිහිනෙට ගෙනැත් තියන්නෙමි
නුඹෙ සෙවනට සෙනෙහසින් ප්‍රියේ..

කින්නර පෙම් ආදර පුවතේ
පෙම්බර ඔය හදවත පතුලේ
දහසක් පැතුමන් පතාන එන්නෙමි
නුඹෙ සෙවනට සෙනෙහසින් ප්‍රියේ..
 


No comments: