Translate

Thursday, August 11, 2016

පුංචි කතාවක්..



පුංචි කතාවක්..

සිතුවිලි අහුරක් අහසට විසි කර
සඳ වට තරු රෑනක් ඇන්දා
පැතුමන් දහසක් නුඹ මට දිගුකර
හදවත මත සෙනෙහස බැන්දා..

දිගුනෙත පෑ සිරි හැඟුමන් කැටි කර
පෙම් කවි පද දහසක් ලිව්වා
දිනයක ආසිරි පතමින් සිහිනෙක
දෑඟිලි එක්වන සැටි දුටුවා..

හැඩ නැති ඝනඳුර විසකුරු වෙස් ගෙන
දෙදෙනා හොඳ හැටියට හැඬුවා
නොමියෙන සෙනෙහස හිත යට ඇති දැන
ආදරයෙන් යලි එක් වූවා..
 
 


No comments: