Translate

Thursday, August 4, 2016

සිහිනයකි දෑස් ලඟ 17

•••••••••••••••••••••••••••

     සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - තිස් හත්වන දිගහැරුම - ¥

ජීවිතයේ සිදු වුනු ක්ෂණික වෙනස්කම් මධ්‍යයේ මෙතරම් දුරක් ඒමට හැකියාව ලැබී ඇත්තේ මේ ආදරයෙන් දුන් ධෛර්‍ය බවට කිසිදු සැකයක් නොමැත.. ඒ සුසුම් සර, ගත දැවටෙන වාරයක් වාරයක් පාසා සිරුරේ දුවන රුහිරු බිඳු හා මුසුව හදවත තුලට දැනෙන්නේ ආදරයේ මිහිරයි.. සැබැවින්ම ආදරයද එක මත් වීමකි.. එය ඇබ්බැහි වීමකි..



"නැන්දලා දැන් එන්න වෙලානේ අයියා පැටී..."

"හ්ම්ම් ඔව්..ලොරියෙනෙ ගියේ.. මේ වෙද්දි එන්න ඕනි.."

"බැංකුවේ සෙනග ඇති..."

"හ්ම් කෝ ඉන්නකෝ මං රාජිතටවත් කියන්නම්..."

"එපා........"

"ආ...ඇයි..."

"මෙහෙම ඉන්න දෙන්න...ඔයාගෙ සුවඳ විඳගන්න දෙන්න..."

"නෝටි කෙල්ල..."

"ඔයාගෙනේ.."

"ම්ම්....මගෙ විතරමයි.."

"පසිඳුවෝ..,
.
.ආහ් සොරි සොරි...." ඈතක සිට දිව ආ රාජිත එක් වරම කඩා පැන්නේ තරූ මා වතට තුරුළුව සිටින වෙලේමය.. එක් වරම සිදු වූ සිදුවීමෙන් තිගැස්සී ලැජ්ජාවෙන් ඇය ගෙතුලට දිව්වාය..

"අඩෙ සොරි බං දැක්කේ නෑ..."

"හරි හරි මොකෝ උනේ මේ බෙරිහන් දෙන්න.."

"කුසුම්ට මං කිව්වා..."

"නෑ..හ්... ඉතින් ඉතින්... කෙල්ල මොකද කීවේ...
.
.
අනේ යකෝ කෙල්ලෙක් වගේ ඇඹරෙන් නැතුව කියපන්කො..."

"අම්මගෙන් අහන්න කිව්වා..
.
.
.
මොකද යකෝ හිනා වෙන්නේ.. ජෝක් නෙමේ.. සිරාම කිව්වා..."

"හි හි ඉතින් යකෝ ඕක කියන්නද උඹ මෙච්චරලා ඇඹරුනේ.... හිනාව නවතින් නෑ බං...." ඒ සිනා හඬ ඇසී තරූද දිව ආවේ සිනාව තවමත් වාවාගත නොහැකි වීම නිසාය...

"ක්‍රාස්.." හඬ නංවමින් බොරළු පාරේ වේගයෙන් ආ රියක් ගේට්ටුව අසළ නතර වූයේ එවේලේම වාගේය... රාජිතත් මාත් එක වරම මිදුලට බැස්සේ එය කුමක්දැයි බැලීමටය...

"අයියේ.....දුවන්න......." පියල් කෑගසමින් ඉදිරියට පැමිණියේය..කිසිවක් වටහා ගත නොහැකිව ඒ මේ අත බලන අතර තුරේ තවත් වාහන කිහිපයක්ම නිවස ඉදිරිපිට නැවැත්වීය... පියල් බෙහෙවින් පහරකෑමකට ලක්ව ඇති බව පෙනෙන්නට වූයෙන් ඉදිරියට පැන ඔහුව අල්ලාගත්තේය...

"බුදු අයියේ දුවන්න...අර යක්කු...."

"ෂ්..ෂ්.. මං බලාගන්නම්... රාජිත, මල්ලිව ගෙට අරන් පලයන්..." ඔහුගේ තුවාල දුටු නිසාම සිතට ආ ආවේගයෙන් කඩුල්ල දෙසට ඇදුනෙමි...

"උදේෂ්... උඹෙ හපන්කම් මෙහෙ දාන්න එන්න එපා..මෙව්වා ගම්... නංගි මා එක්ක ආවෙ එයාගෙ කැමැත්තෙන්.. දෙයියන්ගෙ නාමෙට අපිට පාඩුවෙ ඉන්න දීපන්..." ගේට්ටුව කඩා දමමින් ඉදිරියට පැමිණි සහචරයින්ගේ ග්‍රහනයෙන් මිදී වැටෙහි පොල්ලක්ද කඩාගෙන අනතුරු අඟවමින් පැවසුවෙමි... එවිටම අවට සිටි ගම්මානයේ හිතවතුන්ද පොලු කිහිපයක් සමග ගෙවත්තට පැන මා පිටු පසින් සිට ගත්තේය.. ඉදිරියෙන් නවතා තිබූ වාහනයේ දොර හැරිනි... "දෙයියෝ සාක්කි හැරී...මං හිතුවෙ උදේෂ් කියලා..."

"අනේ තාත්ති මගෙ මහත්තයට මුකුත් කරන්න එපා ප්ලීස්..." තරූ හැරී මහතා ඉදිරියට දිව ගියේ ඔහුගෙන් මට අනතුරක් වේ යැයි බියෙනි..

"Shut up you ediot.." යැයි හඬ තලමින් හැරී මහතා ඉදිරියට එන තම දියණියට කම්මුල් පහරක් ගැසුවේය.. ඇය එකෙණෙහිම සිහිසුන්ව වැටෙද්දී මා ඉදිරියට දිව ගියෙමි..

හැරී ජයවර්ධන තම ඉනෙහි තිබූ කුඩා පිස්තෝලයක් ගෙන අහසට වෙඩි තබන්නට වූයෙන් උදව්වට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දුවන්නට විය.. රාජිත පැමිණ මා අත අල්ලා පසු පසට ඇදගත්තේ ඔහු හට මා මුවා කරගනිමින් ය..

"මේ බලපන්..මං උඹට මොකුත් නොකර යන්නේ ඒකෙන් මගෙ කෙල්ලට කරදරයක් නොවෙන්න.. ඒත් උඹ කෑ ගහල අඬ ගැහුව උදේෂ් එනකන් ඉඳපන්.. මාරයා ලඟට යන්න..."

"මගෙ කෙල්ල මට ඕනි මහත්තයෝ.. ඒ කෙල්ලට මං නැතුව ඉන්න බෑ.."

"ඒක මං බලාගන්නම් පාහරයෝ.. උඹ අයෙ මේකිව හම්බ වෙන්න උත්සහ කරොත් උඹත් එක්කම මේකිවත් මරලා දානවා.. අන්න ඒක හොඳට මතක තියාගනින්.."

"මාව මැරුවට මගෙ ආදරේ මැරෙන් නෑ සර්..පුළුවන් නම් මාව මරලා යන්න.. කෙල්ලට සිහිය ආව ගමන් කෙල්ලට ඒක දැනිලා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ලෑස්ති වෙලාම ඉන්න සර්..."

"උඹව මං මරන් නෑ.. උඹව මරන්න ආසාවෙන් එකෙක් එවන්නම්.. සමාදානෙ සැතපියන් ඊට පස්සේ.. ඒකෙනුත් බේරිලා උඹ මගෙ කෙල්ල හොයන්න පිටත් උනා කියලා දැනගත්තත් මේකිව මරල දාලා උඹව හොයාගෙන මම එනවා..."

"ප්ලීස් සර්... මං සර් ඔයා ඔයාගෙ දුවට ආදරේ කරනවට වැඩිය ආදරෙයි මගෙ රත්තරන්ට.. යන්‍තන් දැන් සේරම ලස්සනට කරන්න පටන් ගත්තේ සර්..."

"නොදකින්, හිඟන්නා.. උඹට පුලුවන්ද යකෝ මගෙ දුවට එක ෂැම්පු බෝතලයක් අරන් දෙන්න.. උඹත් එක්ක මොන කතාද බල්ලෝ.. උඹ ඊලගට තියෙන හැම අඩියක්ම හිතල බලලා තියපන්... මොකද උඹේ හැම වැරැද්දකටම ඔය උඹ වටේ ඉතුරු වෙලා ඉන්න උන්ට තමා වග කියන්න වෙන්නේ.. Mind it...."

"එපා සර්...මට මගෙ කෙල්ලව ඕනි...
.
.
දෙයියනේ එපා මිනිහෝ.. උඹ සතෙක්ද..?
රාජිත...
රාජිත" තරූව රැගෙන යාම වැළැක්වීමට ඉදිරියට පනිද්දීම හැරී සිය පිස්තෝලය ගෙන රාජිත ට වෙඩි තබා වියරුවෙන් සිනා සෙමින් වාහනයක නැග යද්දී කිසිවක් කරකියා ගත නොහැකිව බිම වැටී සිටි රාජිත අසලට දිව ආවෙමි..


"රාජිත..කතා කරපන්කෝ වස්තුවේ..රාජිත..අනේ රාජිතයෝ..
. මල්ලි ලොරිය ගනින්...."

"අයියේ අක්කා.."

"ඒකට වඩා මේක දැන් ප්‍රශ්නේ.. උඹ ලොරිය ගනින්..."

"ලො....ලොරිය ටවුමෙ අයියා..අර යක්කු අම්මවයි මාවයි වෑන් එකේ දාගෙන ආවේ...."

"මොකක්.. ෂිට්... කාගෙද වාහනයක් තියෙන්නේ ලඟ..."

"ඉන්න අයියේ මං දුවලා ගිහින් අරන් එන්නම්..."

"දුවලා පලයන් ඉතින්...." වෙඩි උණ්ඩය රාජිතගේ දකුනු උරය පසාරු කරගෙන ගොස් ඇත.. කුමක් කරන්නද කියාවත් නොසිතෙන මොහොතක හැඳ සිටි කමිසය ගලවා නොනැවතී ලේ ගලන තුවාලය මත තබා තද කලෙමි.. අවට සියල්ලන්ම මොහොතකින් යලිත් එක් විය.. රාජිතගේ මව සිහිසුන්ව ඇත.. පියල්ගේ නැන්දා හටද පහර දී ඇති බව පෙනුනි.. රාජිත බදා හඬන කුසුම් දෙස බලමින් ඇයගෙ නැගණියද කඳුළු සලන අයුරු ගම්මුන් ඔහේ බලා සිටියි...

"බලාගෙන ඉන්නේ ප&$ද.. මොනවා හරි කරපල්ලකෝ යකුනේ.. බය වෙන්න එපා රාජිත..උඹට මොකුත් වෙන්න දෙන්නෙ නෑ මං.. අල්ලගෙන හිටපන්..උඹට මොකුත් වෙන්න දෙන් නෑ මං...." මොහොතකින් පියල් අත් ට්‍රැක්ටරයක් රැගෙන ආවේ මෙම ගමෙහි කිසිදු හෝ පෞද්ගලික වාහනයක් නොමැති නිසා ය..

"හොයාගන්න නෑ අයියේ..මේකෙ යන් අල්ලපු ගමේ එකක් තියෙනවා.."
කිසිදු වචනයක් නොකියා ම රාජිතව ඔසවන් අත් ට්‍රැක්ටරයට නැග ලඟම රෝහල වෙත යාමට සැරසුනි...

"ලඟම හොස්පිටල් එක කොහෙද..."

"මොකක්ද අයියේ ඇහුවේ..?"

"යකෝ ලඟම ඉස්පිරිතාලෙ මොකක්ද..?"

"ආ මේකෙ සද්දෙට ඇහෙන් නෑ කිලෝ මීටර් 15කට එහා තියෙන්නේ..ඒකෙ ඇම්බියුලන්ස් එකක් තිබ්බා..."

"මෙහෙ නෙමෙයි ඉස්සරහා බලාගෙන ඕකේ උපරිම වේගෙන් යමන්..." ගැස්සි ගැස්සී කඩොතුලු මාර්ගයේ වේගයෙන් ට්‍රැක්ටරය ඇදෙද්දී රාජිත වේදනාවෙ හඬ නගන්නට විනි.. පසු පස නැගි ආ ගමේ දෙදෙනාගේද උදව්වෙන් රාජිතව නොසෙල්වා තබා ගැනීමට ට්‍රක්ටරයේ මැද හිඳගෙන කකුල් උඩ තබා ගතිමු...

"බය වෙන්න එපා කොල්ලෝ.. මගෙ පණ හරි දීලා උඹව බේර ගන්නවා.."

"අයියේ ඉස්සරහින් කොළඹට යන ලොරි යනවා...ඒකක් අල්ලගන්න පුලුවන් උනොත් නම් හරි..."

"මොකක් හරි කමක් නෑ එන වාහනේකට හරස් කරපන්.. ඉතුරු හරිය මං බලාගන්නම්..."
අවාසනාවට මෙන් එවේලේ කිසිදු වාහනයක් හමු නොවුනි.. කිලෝ මීටර් 15ව පුරාම අත් ට්‍රැක්ටරයෙන් යන්නට සිදු වීම නිසා රාජිතගේ තත්වය බර පතල විනි..රෝහල තුලට ඇතුලු වූ විගස රාජිතව ඔසවා ට්‍රොලියක තබා ගෙන ශල්‍යාගාරය වෙත දිව්වේ දොස්තර වරුන්ට ද හඬ තලමිනි...

"ඩොක්ටර්...ඩොක්ටර්...."

"හරි හරි සර් කලබල වෙන්න එපා ඩොක්ටර් එනවා.." ශල්‍යාගාරයේ දොර විවෘත කරමින් හෙදිය පැවසුවාය..

"අනේ මිසී ඉක්මන් කරන්න.."

"කෝ කෝ ඔයාල එලියට යන්න දැන්.. මොකද උනේ මේ ලෙඩාට..?"

"ව්..වෙඩි වැදුනා ඩොක්ටර්.."

"What...? අයිසේ මේක Police case එකක්... මුලින් ගිහින් පැමිණිලි කරලා එනවා..."

"ඩොක්ටර් බේත් කරන්න පටන් ගන්න..ගොඩක් ලේ ගියා සර්..මං දැන් රෝහල් පොලීසියේ පැමිණිලි කරන්නම්.."

"හ්ම් ... Ok... දැන්ම යන්න..."

දොස්තරවරයාගෙන් සමුගෙන පියල් සමග ගොස් සිදු වූ සියල්ල රෝහල් පොලිස් නිළධාරියාට පවසා පැමිණිල්ල සටහන් කලේය..

"අයිසේ තමුසෙලටත් විසේනේ.. කලු ගල් වල ඔලුව ගහගන්නවද ඕයි.."

"සර් සර්ගෙ රාජකාරිය කරන්න.. අපි ඒක බලාගන්නම්.. ඔයා පැමිණිල්ල ලිව්වනේ.. කොතනද අත්සන් කරන්න ඕනි..." පැමිණිල්ල දමා එහි කොපියක්ද රැගෙනවිත් රෝහලට බාර දෙන අතර තුරේ වෛද්‍යවරයාගෙන් කැඳවීමක් ලැබුනි..

"ඇ..ඇයි ඩොක්ටර්...කොහොමද මගෙ යාලුවට..."

"තත්වය ටිකක් බරපතලයි..ගොඩක් ලේ ගිහින්.. ලේ දෙන්න කවුරු හරි හොයාගන්න..අපිට සර්ජරි එකක් කරන්න තරම් මෙහෙ පහසුකම් මදි..ඒ නිසා ඔයාලා එයාව මාතර හොස්පිටල් එකට අරන් යන්න.. මං ඇම්බියුලන්ස් එක ඇරේන්ජ් කරලා දෙන්නම්.."

"තෑන්ක්ස් ඩොක්ටර්..මගෙ යාලුවට කරදරයක් වෙන එකක් නෑ නේද..?"

"කියන්න අමාරුයි..මොකද තවම බුලට් එක ඇඟ ඇතුලේ.. පුලුවන් තරම් ඉක්මනට ලේ දෙන්න කවුරු හරි හොයාගන්න A+ තියෙන කෙනෙක්ගෙන්..."

"ඩොක්ටර් මගෙ A+ ... මගෙන් ගන්න.."

"හරි එහෙනම් ඔය ලමයා ගිහින් නර්ස්ට කියලා චෙක් කරගන්න... ඔයා එන්න මා එක්ක මං ලියකියවිලි හදලා දෙන්නම්..."

"හරි ඩොක්ටර්... මල්ලි උඹ නර්ස්ගෙන් චෙකප් එක කරගෙන වරෙන්..මං ගිහින් එන්නම්..."

මිතුදමේ ගැඹුර තේරුම් ගත් නිසාමදෝ වෛද්‍යවරයා ඉතා කාරුණිකව සියළු වැඩ කොටස ඉක්මනින්ම නිම කර දුන්නේය.. ගිලන් රථයේ ම රාජිත හට ලේ දීමට සලස්වා හෙදියක් සමගම මාතර රෝහල වෙත පිටත් විය..

"මොකක්ද මල්ලි ප්‍රශ්නේ..."

"ගමේ ප්‍රශ්නයක් මිස්.." ගමන් ගන්නා අතරතුර හෙදියගේ ප්‍රශ්නවලට උඩින් පල්ලෙන් පිළිතුරු දෙමින් රෝහල වෙත ලඟා වන තෙක්ම බුදුන් දෙවියන් වැඳ රාජිතව බේරා දෙන්නැයි යැද්දේය..

පාර පටු වුවද රාජිතගෙ තත්වය බරපතල වීම නිසා ඉතා වේගයෙන් ඇදුනු ගිලන් රථය විනාඩි හතලිහකින් මාතර රෝහල වෙත ලඟා විය...සියලු ලිපි ලේඛන නිසි පරිදි සකස් කර දී තිබීම නිසා ඉතා ඉක්මනින්ම රාජිතගේ සැත්කම ඇරඹීය...

"මොකක්ද අයියේ මේ උනේ.."

"කරුමේ බං කරුමේ..කොච්චර දුවලා බේරෙන්න හැදුවත් මෙතන කොටලා තියෙන එකෙන් කරුමෙන් බේරෙන්න බෑ.."

"අක්කි..."

"ඒකි මං නැතුව මොහොතක්වත් ඉන්නේ නෑ..ඒකයි මගෙ පපුව කෑ ගහන්නේ..මට හිටිය එකම හයිය මේකා.. මගෙ අත් දෙක කපලා දාලා හැරී මගෙ කෙක්ලව අරන් ගියේ..."

"දැන් ආයෙ අක්කිව අපිට දකින්න ලැබෙන් නැති වෙයිද අයියේ.."

"මට බෑ මගෙ ආත්මාර්ථයට මගෙ ලඟ ඉන්න අයව බිල්ලට දෙන්න... අනේ අහින්සක නැන්දා.. ඒ අහින්සකයො බිල්ලට දීලා තවත් පව් පුරවගන්න බෑ මල්ලි මට..උඹලව බිල්ලට දෙන්න බෑ මට..

"අනේ අඬන්න එපා අයියේ..මටත් ඇඬෙනවා.."

"ෂ් ෂ් ෂ් ෂ් ෂ් silence ළමායි...මෙතන කෑ ගහන්න එපා..එලියට යන්න..ප්ලීස්..." හෙදියකගේ තරවටු වාග් මාලාව හමුවේ තවත් අසරණ වූ දෙදෙනම රෝහලෙන් පිටතට පැමිණ බාහිර රෝගි අංශයේ පුටුවක වාඩි ගත්තෙමු...
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••


No comments: