Translate

Saturday, August 20, 2016

සෑම රිදුමට..සමා දෙන්නම් යලිදු නොම වෙන්..නුඹව ඕනා..




ඈත මෑතට..දුවන හිරිකඩ පිණි ලෙසින්..අතු අග තියෙනා..
සීත සෘතුවට..සිනාසීගෙන නුඹත් උන්නා නම්..මගේ ලග රැඳිලා..
කීවා නැහුනට..නුඹට බැඳි සිත ආදරෙන්..කොහේදෝ ඇදෙනා..
රෑට සිහිනෙට..පපුවට මත ඔය මුහුන තියන්..ඉඳන් මට පෙනෙනා..

නීල තරුකැට..ගෙනත් සරසා හැඩ බලන්..ලස්සනම මැවෙනා..
ඈත අහසට..තතු කියා හෝ මේ ලෙසින්..ගනිමි ඉල්ලා..
පෑව සෙනෙහෙට..පෙනෙන නොපෙනෙන දුර හිඳන්..මාව පෙන්නා..
සෑම රිදුමට..සමා දෙන්නම් යලිදු නොම වෙන්..නුඹව ඕනා..

පාන සිනහවට..කඳුල තුල නැගෙන දෙකොපුලෙන්..දෝත ගන්නා..
මීන දෙනයනට..එබීගෙන බලන ආදරෙන්..දෙතොල සිඹලා..
දෑත ගෙන ලයට..එක් වෙලා දැනෙන සිසිලෙසෙන්..නුඹව නම්මා..
හීන වල පාට..නුඹ සමග මම බෙදන්..හිඳිමි සැමදා..



No comments: