Translate

Tuesday, August 16, 2016

a little dream



හරි පරිස්සමට තියාගන්න
අර පරිස්සමට නෙලාගත්ත
මගේ ආදරේ...
සින්නක්කර ලියාගන්න
මතු දිනකට වෙන් නොවෙන්න
අපේ ආදරේ...

කට කැඩිච්ච පද හදන් ඉන්න
හැමටම පිළිතුරක් දෙන්න
හවස් යාමයේ
බඩ වැටිය පුරා දුව පනින්න
පුංචි පුතෙක් මටත් දෙන්න
ආදරේ පිරේ...

නිල් මැණික් බාගෙ සරසවන්න
රනින් මාල හැඩ බලන්න
නැතත් අත මිටේ
පණ තියෙන තුරා බලාගන්න
නැතුවම කඳුළැල් සැලෙන්න
සෙනෙහෙ හද තියේ..




No comments: