නැවතුම්පලක් නැති ඇය බස් නැවතුමෙය
දෑසත් අහිමි ඇය අත පොඩි දරුවෙකිය
උරුමය දුකක් වුනු දිවියක පෙළහරය
මවකගෙ කඳුළු කිරි සෙනෙහසකට යටය..
දිවි මං පෙතයි මග මාවත අත පාලා
සිඟමන් යදියි බිළිඳිය රැකවල් ලාලා
නොදකින මුවග කිරි කැටි සිනහව ඉල්ලා
සුරතල් කරයි ඈ මගෙ පැටියා කියලා..
පියා ගෙනෙයි දුව කණකර අන්දන්න
සොයා ආවොතින් මගෙ දුව එහි යන්න
එපා මගේ දුක දෙවියනි පල දෙන්න
සිනා සිසි මගෙ දූ දැන් නිදියන්න..
No comments:
Post a Comment