Translate

Saturday, August 13, 2016

My Dream



සයුරු තෙර.. රැළි නගයි වෙරළ සිඹ නිදැල්ලේ
සිහින නෙක.. රැය පෙලයි නිදි වරන් ඇසිල්ලේ
නුඹම එන.. මතකයයි ආදරෙන් නෙත් සඳැල්ලේ
මගෙම පන.. නුඹ තමයි තුරුළු වෙමු කැදැල්ලේ

පැතුම් පෙළ.. හද සලයි මාරුතෙන් පියල්ලේ
හැඟුම් රස.. බෙදා දෙයි සඳ එළිය ලකල්ලේ
සිහින් සර.. පිය නගයි අපේ ජීවිත මුළුල්ලේ
සිහිනයකි.. මම දකිමි, නුඹ තමයි සියල්ලේ..

මතු දිනෙක.. මගේ ලෙයයි නුඹ නමින් තොටිල්ලේ
පියෙකු යැයි.. සත්තමයි කඳුළ නෙතු අගල්ලේ
පය තබන.. පියවරයි මා හොවන් ඇඟිල්ලේ
රැක ගනිමි.. නුඹ මගෙයි ජීවිතය මුළුල්ලේ

-සුසන්ත අබේවික්‍රම-



No comments: