Translate

Friday, August 19, 2016

සිහිනයකි දෑස් ලඟ 20

•••••••••••••••••••••••••••
    සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••
¥ - විසිවන දිගහැරුම - ¥



පොලිස් නිළධාරියාගේ නික්ම යාමෙන් පසුව එතැනම රැඳී සිට ඉදිරියට කුමක් කරන්නේද යන්න කල්පනා කලෙමි.. සිතූ ලෙස ඉටු නොවූ පැතුම් ගොන්න මරණාසන්නව ඇති සෙයක් දැනේ.. දෑතින් ඔලුව බදාගෙන ඉකි හඬ සඟවාන කඳුළු පිට කලේ රැඳී උන් ස්තානයේ තවත් කිහිප දෙනෙක් රැඳී සිටීම නිසාය..
කිසිදු පවුකමක් නොකල හදවත් දෙතැන වෙන් වී හඬා වැලපෙද්දී ආදරය යන පූජනීය වූ සිත්තම කෙරෙහි විස්වාශය, මෙය දෙස බලා හිඳින්නන්ගෙන් ඈත් වුවත් පතාගෙන ආ යැයි විස්වාසයෙන් ඇදහූ කුළුඳුල් ප්‍රේමය ජීවිතයම කරගත් අප වැනි පෙම්වතුන් නම් සුසුම් පෙල මියෙනතෙක් ලෝකයක් සමග හෝ සටන් වදිතියැයි යන හැඟීම හද පත්ලටම දැනිනි.. කඳුළින් සේදි ගොස් කැලැල් ඉතිරි වූ මුහුණ වතුරින් දොවාගෙන යලි රෝහල කරා ඇදුනේ පොලිස් නිළධරයාගෙ මතයට අනුව ක්‍රියා කරමි යන අදහස ඇතුවය...
රෝහලට පැමිණ රෝහලේ ප්‍රධානියා හා එකඟතාවයකට එළැඹ රාජිත පෞද්ගලික රෝහලක් වෙත මාරු කෙරිණි.. නිවැසියන් කිසිවෙකුටක් උනු සිද්ධාන්ත කිසිවක් නොපවසාම සියලු කටයුතු නිම කොට පියල් හා පවුලේ සැම නිවසට පිටත් කර හැරියෙමි...
"තවම නංගි ගැන විස්තරයක් නැද්ද බං..."
"ම්ම්හ්..."
"පවු අහින්සකී, පොලොවෙ පස් කනව ඇති..උඹ නැතිව ඒ කෙල්ලට ජීවත් වෙන්න බෑ බං..හෙට උදේම යමන් එහෙ..මාත් එන්නම්.."
"බලමු... දැන් හතටත් කිට්ටුයි..මට එලියට යන්න වෙයිද දන් නෑ..මෙහෙ ලඟ ඉන්න දෙන් නෑ බං..නර්ස්ලා ඉන්න නිසා..."
"හරි එහෙනම් උඹ පලයන්.. ඒත් කොහෙද නවතින්නේ.. අපරාදේ උඹටත් යන්න තිබ්බේ අම්මලා එක්කම.."
"ඒක අවුලක් නෑ... මම රූම් එකක් ගන්නම්...එහෙනම් උඹ පරෙස්සමින් හිටපන්..මං හෙට උදේම එන්නම්.. බුදු සරණයි රාජියෝ... පරෙස්සමින් හිටහන්...."
"මේ බලපන් පසිඳු...."
"ම්ම්ම්ම්? "
"උඹ ඉන්න මූඩ් එක මට තේරෙන් නෑ.. කියපන්, උඹ මොකක් හරි මෝඩ වැඩක් කරන්න නේද ඔය අර අදින්නේ.. උඹ තනියම කෙල්ල බලන්න යන්නද හදන්නේ...?"
"පිස්සුද බං.. ඇගට ටිකක් අමාරුයි.. කොහෙට හරි ගිහින් ටිකක් නිදාගත්තම හරියයි...."
"උඹ ගැන මම තරම් දන්න වෙන එකෙක් නෑ බං... මගෙ හිත මට බොරු කියන් නෑ.. ප්ලීස් බං.. මෝඩ වැඩක් නම් කරන්න එපා.."
"නෑ බං නෑ.. මං හෙට උදේ එන්නම්... පරෙස්සමින් හිටපන්...."
"අනේ මන්දා.. උඹ දැන් මටත් බොරු කියනවා... මොනා කලත් මොනා උනත් උඹට මං ඉන්නවා... ඒක අමතක කරන්න එපා... මොනා හරි කාලම නිදාගනින්..."
රාජිතගෙන් සමුගෙන රෝහල ඉදිරිපිට ඇති කුඩා බස් නැවතුමට පැමින මුල්ලකට වී හිඳ පියල් ගෙනැවිත් දුන් දුරකතනයට සිම් කාඩ් පත දමා සකසා ගතිමි.. අතෙහි හුරුවට මෙන් අංක දහය දෑස් පියාගෙනම එබුවෙමි..
"Hello... Who's speaking? "
"අම්මෙ මම... පසිඳු..."
"ඔය ලමයට මං කිව්වනේ කෝල් ගන්න එපා කියලා..." තරූගෙ මව හඬ පහත් කොට රහසින් මෙන් පැවසුවාය..
"මං කොහොමද මගෙ කෙල්ල ගැන බලන්නෙ නැතුව ඉන්නෙ අම්මේ ඒ මගෙ පන.."
"දැන් ඔයා පරක්කු වැඩියි දරුවෝ... මටය කියල කරන්න පුලුවන් දෙයක් නෑ.."
"ඒ කිව්වේ..."
"දුවලගෙ අප්පච්චි දුවව ඇමරිකා එක්කන් ගියා... එහෙ දූගෙ නැන්දගෙ ලඟ නවත්තන්න.."
"අනේ දෙවියනේ... ඇයි ඔය ගොල්ලෝ මේ තරම් නපුරු.. ඇයි අහින්සක අපිව වෙන් කරන්නේ මෙහෙම.."
"අපෙ කැමැත්තෙන් කරගත්තුවා නෙමෙයිනේ ඕවා...දැන්වත් මගෙ කෙල්ලට පාඩුවේ ඉන්න දෙනවා.. ඔය මාස තුනට කෙල්ලට වෙලා තියෙන දේ දැක්කා මං.. එහෙම දුක් විඳින්න දරුවො හදලා නෑ ජයවර්ධන පරම්පරාවේ...."
"මහ ලොකු පරම්පරාව... ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන එකද පරම්පරාව, දරුවන්ගෙ කැමැත්තට පිටින් දෙමවුපියන්ගෙ කැමැත්තට බලෙන් ජීවත් කරන එකටද ඔය පරම්පරාව කියන්නේ.. පිලි ගන්නවා ඔව් මට හැම්බේකන් චිකන් කවන්න මිල මුදල් තිබ්බේ නෑ.. සතියට දෙපාරක් ෂොපින් එක්කන් යන්න ක්‍රෙඩිට් කාඩ් තිබුනෙ නෑ.. ඒත් ඔහෙලා ලඟ ලීටර් ගණනින් හෙලපු කඳුළු කැට මිලි ලීටරයක්වත් මං ලඟ ඉද්දි වැටෙන්න දුන්නෙ නෑ.."
හිතේ ආවේගයෙන් කතා කරන්නට ලැබුනේ එපමණකි.. අනෙක් පසින් දුරකථනය විසන්දි විනි.. ඉක්මන් වූවා වැඩි යැයි සිත කියද්දී නැවතත් ඇමතුම සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගියේ දුරකථනය ක්‍රියා විරහිත කර ඇති නිසාවෙනි.. හිතේ එකම බලාපොරොත්තුවක් හෝ රැඳී තිබුනේ නම් ඒ බලාපොරොත්තුවද දිය වී ගියේය.. තරූ දැන් ඇත්තේ මව් රටින් ඈතක බව දැන දැනම ඔවුන් හා ගැටීම දැන් අනවශ්‍ය යැයි වැටහුනු හෙයින් සඳුන්ගේ සගයා වූ පොලිස් නිළධාරියාට ඇමතුමක් ලබා ගත්තෙමි..
"අයියේ මම පසිඳු.."
"ආ කියපන් මල්ලි..අවුලක්ද..?"
"නංගිව USA යවලා..."
"අම්මට සිරි.. කවුද කිව්වේ.."
"එයාගෙ පෝන් එකට ගත්තම අම්මා කිව්වේ..."
"හ්ම්..සොරි බං.. අපි කියල මොනවා කරන්නද..? "
"හිතා ගන්න බෑ අයියේ.. හුස්ම ගන්නත් අමතක වෙලා මොකුත්ම හිතා ගන්න බෑ මට.."
"උඹ කොහෙද ඉන්නේ දැන්...?"
"හොස්පිටල් එක ඉස්සරහා"
"ඒකත් එහෙමද..? මං දැන් ඩියුටි ඉන්නෙ කොල්ලෝ.. එන්නවත් විදියක්..."
"ඒකට කමක් නෑ අයියේ..මං දැනුත් රට යන්නම ඕනිද..?"
"කෙල්ල රට යැව්වයි කියලා උන් උඹව අතාරින් නෑ බං.. ඒක මං හොඳටම දන්නවා.. මං හෙට උදේ එන්නම් හෙටම වැඩ සේරම කරන් එහෙමම උඹව කටුනායකට දාන්නම්.."
"මට නම් දැන් ජීවත් උනත් එකයි නැතත් එකයි අයියේ... ඒත් මං නිසා මං ලඟ ඉන්න එකෙක්ටවත් කරදරයක් වෙන්න ඉඩ තියන්න බෑ.. මං යන්නම්.."
"හරි හෙට උදේ වෙනකන් රෝලක් ගහපන්.. මං එන්නම්..ok.. Bye.."
බස් නැවතුම්පලේ හිඳ ගැනීමට සාදා ඇති සිමෙන්ති ආසනයේ ම කකුල් දිග හැර බිත්තියට හේත්තු වී දෑස පියා ගත්තෙමි...දැන් සිදු කල යුතු වන්නේ කිසිවකුට කරදරයක් නොවන සේ ඈතට යාමය.. දන්නා කාලයේ සිටම, යමක් වැටහෙන කාලයේ සිටම ලඟම සිටි සහෝදරයකුටත් එහා ගිය බැඳීම හෙට දිනෙන් අත හැර දමා යා යුතුය..වේදනා දෙන දෑස් අතරින් රාජිත වෙනුවෙන් ගලා ගිය කඳුළු නැවත් වීමට උත්සහ නොකලෙමි.. වෙන් වී යා යුතුමය.. ඒ අහිතකට නොවන වග සියල්ලන්ගේම යහපතට වග ඔහුත් තේරුම් ගන්නා බව ස්තීරය.. එහෙත් එය පවසන්නේ කෙසේද...?
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••


No comments: