පාරවන මතකයක්
බිඳක් උණුසුම දැනී ආ නෙත
පතුල සිඹ එන කඳුළැලී
සිතක් බෝ දුර සිහින ගඟුළක
සෙනෙහෙ දිය කර අරුමැසී..
නොමඳ අරුමය දැනෙන ප්‍රේමය
අගක මුල මැද පටලැවී
සඳට අහසට මලට සුවඳට
කියන ගතු නම් අඩු නැතී..
වසත් කාලය ගියෙන් මග හැර
හැඟුම් හැඬුමන් පුබුදතී
යලිත් එන වග වසන්තය හෙට
හදට නොහැඟුනු කරුණකී..
No comments:
Post a Comment