Translate

Saturday, September 3, 2016

පාළු හිතේ තනිය


පාළු හිතේ තනිය


පෑල දොරින් අඳුර ඇවිත් හැන්දෑවට ගෙට එබෙද්දි
හීන් සැරෙන් හිත් පොඩියට සාංකාව ගොඩවදිද්දි
පුංචි පුංචි හීන අතර මතකය උඩු හිත දුවද්දි
පාළු හිතට තනිය වඩියි යාන්තමට ඇහැ පියෙද්දි

හමනා මුදු සුලං පොදෙන් රැයක සිසිල ගෙනන තරම්
ගාවම හිතෙ නුඹ රන්දා හදක් සුසුම් හෙලන තරම්
රෑ යම නෙතු පියන් වසා සිහින නුඹව සොයන තරම්
දන් නෑ නුඹ සත්තකින්ම මං නුඹ ගැන හිතන තරම්

ඈත දුරින් ගත වෙන් වී හිටියත් සිත ලඟින් මගේ
පේන දුරක නැති වාඩුව තනිකමකින් පෙලයි සිතේ
සංසාරෙක පතන් ඇවිත් හිටියත් තව දෙමං සලේ
මියැදෙන්නෙත් නුඹෙ නමටයි සත්තයි මේ පැතුම හදේ


No comments: