Translate

Thursday, August 4, 2016

සිහිනයකි දෑස් ලඟ 18





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - දහ අටවන දිගහැරුම - ¥

"දැන් අපි මොකද කරන්නේ අයියේ...."

"මොනවා කරන්නද.. ඇයි අපිටම වෙන්නේ..."



"අයියේ පොලීසියෙන් මොනා හරි කරයි..අපි පැමිණිල්ලක් දැම්මනේ..."

"හිහ් මොන පිස්සුද බං... මේක ඉහල උසාවියේ පැමිණිලි කරත් වැඩක් නෑ..ඒ ඔක්කොම යටයි සල්ලි වලට.. ඒත් උන්ට අමතකයි උඩ දෙවියො කියලා කෙනෙකුත් ඉන්නවා කියලා.."

"අනේ මන්ද අයියේ..අක්කට කතා කරන්න විදියක් නැද්ද...?"

"හිටහන්කෝ... අම්මගෙ නම්බර් එකට අරන් බලමු..." තරූගේ තත්වය කෙසේදැයි දැන ගැනීමටවත් ඇත් නම් එය හිතට යම් සහනයකි.. තරූ මුලදී කතා කල ඇයගේ මවගේ දුරකතනයට ඇමතුමක් ගැනීමට රෝහල් පිළිගැනීමේ නිලධාරිනිය අසලට පැමිණියෙමි....

"මිස්..කෝල් එකක් ගන්නද...? පොඩි හදිස්සියක්..."

"ම්ම් ok ගන්න.."

"Thanks miss..." එහි සිටි නිලධාරිනියගේ කාරුණිකත්වයට හිස නමා ස්තූති කරමින් ඇමතුම ලබා ගත්තෙමි...

"හෙලෝ...." අනෙක් පසින් ගැහැණු කට හඬක් ඇසිනි... ඒ තරූගෙ මව විය යුතුය..

"අ....අම්මේ....ත..තරූ ඉන්නවද...?"

"කවුද මේ ළමයා... තරූ කියලා කෙනෙක් මෙහෙ නෑ..."

"අනේ අම්මේ ප්ලීස්.... මම පසිඳු..."

"අහන්න ළමයෝ...මගෙ දරුවට ආදරයක් තියෙනවා නම් ආයෙ ගන්න එපා..පුතාගෙ හොඳට කියන්නේ.. ඔයා කලේ වැරැද්දක්.. ඔයා ජීවත් වෙනවා හිතද්දිත් මට පුදුමයි.. මං මේ කතා කරපු එක කාටවත් නොකියා ඉන්නම්.. කොහෙට හරි ගිහින් හොඳින් ඉන්න බලන්න.. ආයෙ මේ පැත්තකටවත් එන්න එපා..."

"මගෙ පණ ඔහෙ තියලා මං ජීවත් වෙන්නේ කොහොමද අම්මේ..."

"මෙච්චර වෙලා කිව්වේ තමුන්ගෙ හොඳට.. අහන්න බැරි නම් මේ නරුමයින්ට අහු වෙලා මැරිලා යනවා..අයෙ මේකට ගන්න එපා...බායි..."

"අනේ..අම්මේ අම්මේ... මගෙ තරූට කොහොමද කියන්න...ප්ලීස් ඒක විතරක් මට කියන්න.."

"ආව වෙලේ ඉඳන් කාමරේ වහගෙන අඬනවා... සතියක් අඬයි.. මාසයක් අඬයි.. එච්චරයි.. ඊට පස්සෙ කෙල්ලට අලුත් ජීවිතයක් හදලා දෙන්න අපිට පුලුවන්... ආයෙ ගන්න එපා මේකට..." දුරකථනය විසන්ධි විය.. රිසීවරය දුරකථනයෙන් තැබීමට පවා අමතකව දෙනෙතින් කඳුළු වර්ෂා ඇද හැලෙන්නට වූයේ කිසි දිනෙක කඳුළු දියෙන් නොතෙමේවායි සිතූ කම්මුල් අද නිමක් නොමැතිව තෙමී යන වග ඇසුනු නිසාය...

"මහත්තයා කතා කරලා ඉවර නම් පෝන් එක තියන්න..." නිලධාරිනියගේ හඬින් පියවි ලොවට පිවිස යලි පියල් උන් තැනට පැමිණියෙමි...

"මොකක්ද අයියා ආරංචිය...."

"පවු මගෙ කෙල්ල.. අඬනවලු..."

"කවුද කතා කලේ..."

"අම්මා..."

"එයාට කියලා මොනවත් කරගන්න බැයිද..?"

"ම්ම්හ්.. එයා කියනවා මාසෙන් තරූ මාව අමතක කරයිලු... පිස්සු කෙල්ලගෙ පිස්සු අම්මා... මට මගෙ කෙල්ලව අමතක උනත් ආත්ම හතක් ගියත් කෙල්ලට මාව අමතක වෙන් නෑ බං...ඒක මේ අහස පොලොව තියෙන තාක් කල් ඇත්තක්..."
ඇයට එසේ කල නොහැක.. ඇයට මෙන්ම මටද එය කල නොහැක.. හිමි වීම ආදරය නම් අද ලොව ආදරය ඇත්තේ කෙතරම් සීමිතවද.. ආදරය යනු හිමි කර ගැනීමම නොවේ.. එය භාවනාවක් මෙනි... පරිත්‍යාගයෙන්, අහිමි වීමෙන්, දුක නම් සදාතනය... එහෙත් ආදරයෙහි නිමාවක් වන්නේ නැත.. දුක තුලද ආදරය ඇත්තේය... එහෙත් ඇය නොමැති කල සුසුම් ලන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිය.. වේදනාබර පැය කිහිපයෙන් ලද මනස පුරා තැලුම් තුවාල තුලින් රාජිතගේ ඉරණම කෙසේ වේදැයි සිතා බැලිය නොහැක.. රාජිත යනු මමයි... මම යනු රාජිතයි.. එලෙසින් බැඳී සිටි අප, අද ඔහුට සිදු වුන විපත දෙස බලා දෙඅත් බැඳ සිටීමට සිදු වීම.... මෙය නම් දෛවයේ කුරිරු සරදමක්මය..

"අයියේ ඩොක්ටර් අඬ ගැහුවලු.. යන්ද...?" පියල්ගේ හඬින් පිබිදී දෑස් පිස දමා නැගිට වෛද්‍ය වරයා දැකුමට ගියෙමි..

"කොහොමද ඩොක්‍ටර් යාලුවට..."

"බුලට් එක නම් අයින් කලා පසිඳු.... සිහිය නෑ තවම.. සිහිය එනකන් කිසිම වාර්ථාවක් දෙන්න බෑ.. පොඩ්ඩක් ඉවසලා බලමු.."

"ගොඩක් අමාරු නෑ නේද ඩොක්ටර්...?"

"මේකයි හදවතට අඟල් තුනක් උඩින් බුලට් එක ගිහින් තියෙන්නේ..හැබැයි ඒකෙන් අපිට කියන්න බෑ සේරම නෝමල් කියලා.."

"ඒ මගෙ එක් කුස නූපන් සහෝදරයා ඩොක්ටර්.. ඌ වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා මම.. කියන්න ඩොක්ටර්.. දැන් අපි මොනවද කරන්න ඕනි...."

"දැන් ඉතින් බලාගෙන ඉන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නම් නෑ... පසිඳුලා කෑවද ?"

"නෑ තවම..ඩොක්ටර් කොහොමද මගෙ නම දන්නේ.."

"අයියෝ මං හිතුවේ මේ වෙද්දි මතක් වෙන්නැති කියලා.."

"සොරි ඩොක්ටර් මේ situation එකත් එක්ක මතක් වෙන් නෑ මොකුත්.."

"Its ok its ok පසිඳු...මම නයෝමිගෙ හස්බන්ඩ්... අපි මීට කලින් වතාවක හමු වෙලා තියෙනවා..ඔයාට වඩා මට රාජිතව මතකයි..."

"නයෝ...මී............"

"ඔයාලගෙ ෆයිනෑන්ෂල් හෙඩ්..."

"ආහ් නයෝමි මිස්..අ ආ දැන් මතකයි රාජිත...."

"හඃ හා ඔය මතක් උනේ.. Leave it... යන් මාත් එක්ක..මොනා හරි කාලා වොෂ් එකක් දාගෙන එමු.."

"සොරි සර්... මං රාජිත ගාව ඉන්නම්.. මට ඌව දාල යන්න බෑ..."

"Ok as your wish... මං අහලා තියෙනවා ඔය දෙන්නගෙ friendship එක ගැනත්... එහෙනම් ඔය දෙන්නා ඇතුලට ගිහින් රාජිත ලඟ ඉන්න... ආ ඊට කලින් මොනව හරි කාලා උඩට ගිහින් වොෂ් එකක් දාගෙනම ඇතුලට යන්න.. විෂ බීජනේ.." වෛද්‍ය වරයාගෙ උදව්වට ස්තූති කරමින් පැමිණ පියල් සමග කැන්‍ටිමෙන් තේ කෝප්පයක් පානය කලෙමි..

"කවුද අයියේ ඒ අඳුනනවද..?"

"හ්ම්ම්.. අපෙ කලින් ජොබ් එකේ සෙක්ෂන් හෙඩ්ගෙ හස්බන්ඩ්.. පාර්ටියකදී මීට් වෙලා තියෙනවා.. රාජිත එක්ක ප්‍රශ්නෙකුත් දාගත්තා.. මොනව උනත් ඒවා හිතේ තියාගන් නැතුව කරපු උදව්වට පින් සිද්ධ වෙනවා ඒ මනුස්සයට..."

"අපිට ඇතුලට යන්න දෙයිද..?"

"බලමු...ඩොක්ටර් කියලා යන්න ඇති සමහර විට.. මූණ අත පය ටිකක් සෝදගන්න තිබ්බා නම් හරි..."

"ඊට කලින් අයියට සර්ට් එකක් ගන්න වෙයි.."

"දෙයියනේ.. මං ඉන්නේ බැනියම පිටින්මනේන්නම්..". ඇඳ සිටි කමිසයෙන් රාජිතගේ තුවාලයට තැබූ බවද අමතකව ගොස් මේ පැය කිහිපය පුරාවටම උඩු කය බැනියමකින් පමණක් සිට ඇත... පියල් සමග අසලම පිහිටි සාප්පුවකින් ටී ෂර්ට් එකක් ගෙන මුහුණ අත පය සෝදාගෙන හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පැමිණුනි..

ඇල්පෙනිත්තක් වැටෙන ශබ්ධය වුවද ඇසෙන තරමට නිහඬ කාමරය තුලින් ආවේ විටෙක එහි තිබූ යන්ත්‍ර තුලින් නැගෙන බීප් හඬ පමණි... උඩු කය නග්නව පපුව පුරා සුදු වෙලුමි පටි බැඳුනු නිසලව සිටින රාජිත දෙස බලද්දීම නෙතට කඳුළක් ඉනුවේ හැම වෙලේ කුමක් හෝ කියමින් දුව පැන සිටි ඒ දඩබ්බර යෞවනයා නිසලව සිටින අයුරු දැකය...ඉකි ගැසිනි.. කෙලින් සිටීමට වාරු නොමැතිව කාමරයේ බිත්තියට හේත්තු වී බිම හිඳ ගත්තෙමි.. පියල්ද දෙනෙතේ කඳුළු පුරවා ගනිමින් මා අසලින් වාඩි වූවේය..

"බලපන්... කොහොම හිටිය එකෙක්ද...?"

"උන්ව අතාරින්න නරකයි අයියේ..."

"හැරී.... ඌ මහ තිරිසනෙක්..රාජිතට මොකක් හරි උනොත් ඕකව මං මරනවා.." කෝපයෙන් තොල් සපා ගත්තද ඉදිරියට කුමක් කරන්නේද යන්න සිතා ගත නොහැක...කෙසේ හෝ රාජිත සුව වූවොත් ඇතිය.. ඉන් පසු කල යුතු සියල්ලක්ම ඥාතින්ගෙන් ඈතට ගොස් සිදු කල යුතුය..

"අයියේ...."

"රාජිත....දෙයියනේ.... ඩොක්ටර්... ඩොක්ටර්.... ඩොක්ටර්ට අඬගහපන්...."
එක වරම "බීප් නාදය වැඩි වෙමින් රාජිත විටින් විට ගැස්සී යද්දි කෑ ගසමින් රාජිත වුන් ඇඳ අසලට දිව්වෙමි....


හුස්ම ගැනීමට අපහසුතාවයෙන් ගැහෙන රාජිතව බදා ගනිමින් වෙලුම් පටි ලිහිල් වීමට නොදී තද කලෙමි.. පියල් දිව ගොස් වෛද්‍ය වරයෙකු කැඳවන් එද්දී රාජිත සාමාන්‍ය තත්වයට පැමිණෙමින් තිබුනි...

"හා දැන් ඔය ගොල්ලෝ එලියට යන්න..." වෛද්‍ය වරයාගෙ විධානයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයෙන් එලියට පැමිණ නයෝමිගේ සැමියා වන වෛද්‍ය නාලක මහතාට ඇමතුමක් ගත්තේ පිළි ගැනීමේ කවුන්ටරය වෙත ගොස් ය...

"හෙ හෙලෝ ඩොක්ටර්... මම පසිඳු..."

"ඔවු කියන්න පසිඳු.. මොකක්ද උවමනාව.."

"සර් රාජිත..රාජිතට අමාරු උනා..."

"What..? එහෙම වෙන්නේ කොහොමද...? ඔහොම ඉන්න විනාඩි පහෙන් මම ඔතන..."

අනේ තිස් තුන් කෝටියක් දෙවියනේ.. මගේ පන අරන් මගෙ අඹ යාලුවා, මගෙ සහෝදරයගේ ජීවිතේ බේරලා දෙන්න දෙවියනේ...

"අඬන්න එපා අයියේ... ලොකු අයියට මුකුත් වෙන්නෙ නෑ..."

සියක් දෙනෙක් යන එන ස්ථානයේ කඳුළු සලමින් දෙවියන් යැද්දේ යන එන කිසිදු පිරිසක් ගැන අවධානයකට නොගෙනමය... මද වේලාවක් ගත වුනු තැන වෛද්‍ය නාලක මහතාගෙ පැමිණීමෙන් යම් තාක් දුරට සහනයක් ලැබිනි..

නාලක මහතා විත් පැය භාගයකට පමණ පසු හදිසි ප්‍රතිකාර ඒකකයේ දොර විවෘත කෙරිනි..

"ඩොක්ටර්.."

"අම්මේ..ඔන්න පසිඳු දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ..දැන් බය වෙන්න කිසිම දෙයක් නෑ.. තුවාලේ ටිකක් වේලෙනකන් පොඩි වේදනාවක් තියෙයි..."

"මොකක්ද ඩොක්ටර් වෙලා තිබ්බේ.."

"පොඩි කෑල්ලක් තව තිබිලා තියෙනවා... ස්කෑන් රිපෝට් වලට අහු නොවුන...දැන් හරි don't worry...?"

"කතා කරන්න පුලුවන්ද..?"

"ම්ම් ඕකේ... හැබැයි වැඩිය මහන්සි කරවන්න එපා..."

කඳුලින් තෙත් උනු කම්මුල් පිසදා සිනාවක් මවා ගනිමින් හදිසි ප්‍රතිකාර ඒකකය තුලට ඇතුල් උනෙමි...කලින් දී තිබුනු ඔක්සිජන් නලය ඉවත් කොට යන්ත්‍රද ඉවත් කොට තිබීම නිසා සිතට සහනයක් දැනුනි.. මා දැකීමෙන් ප්‍රීති වූ සිනාවකින් සංග්‍රහ කල රාජිත දිගා වී සිටි සයනයෙන් ඉස්සෙන්න්ට උත්සහ කලේය..

"ඔහොම ඉඳින් වැඩිය දඟලන්න එපා...."

"මොකද උනේ කියලා හිතා ගන්න බෑ කියහන්කෝ..කෝ නංගි.."

"ඒවා අවුලක් නෑ.... උබට අමාරුවක් නෑ නේද...?"

"නෑ බං..පොඩ්ඩක් රිදුන් දෙනවා ඒක ගානක් නෑ.. මේ ඒක නෙමෙයි අර තඩි නයෝමිගෙ මිනිහා නේද බං ඇවිත් ගියේ..."

"හිහ් උඹ ඌව මතකයි නේහ්..මට අඳුනගන්න බැරි උනා..පස්සෙ ඌම කිව්වා..."

"අම්මට සිරි...එදා ඕකත් එක්ක දාගත්ත කේස් එකේ හැටියට මං හිතුවෙ දුටු තැන එන්කවුන්ටර් කරයි කියලා..."

"බීපුවම ඔහොම තමයි බං කවුරුත්... මොලේ තියෙන මනුස්සයන්ට ඕවා තේරෙනවා..සේරම බීව වෙලේට විතරයි කියලා...
මං ගිහින් උඹට සුප් එකක්වත් අරන් එන්නම්...පියල් උඹ මෙතනම ඉඳපන් හොඳේ...." තෙහෙට්ටු ගතියක් හා මලානික මුහුණ හේතුවෙන් ඇඟෙහි ශක්තිය හීන වී ඇති බව සිතී ආහාරයට යමක් ගෙන ආ යුතු බව හැඟිනි.. ඒ හැරෙන්නට ඔහුගේ මුහුණ බලා බොරුවක් කීමට ශක්තියක්ද නොවීය..

රෝහලෙන් පිටතට පැමිණ අවන් හලකින් සුප් එකක් මිලදී ගෙන රාජිතට ඇඳ ගැනීමට කමිසයක් හා සරමක් මිලයට ගත්තෙමි.. වෙනත් අවශ්‍ය දෑ පියල් නිවසට යවා ගෙන්වා ගත හැකිය..
අත්‍යවශ්‍ය කළමනා ආදිය ද රැගෙන රෝහල් ශාලාවට ඇතුලු වී රාජිත සිටි හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පැමිණි විට දක්නට ලැබුනේ රාජිත සයනය මත හිඳ කඳුළු සලන අයුරුයි...

"මේ මොකද බං.. උඹට නැගිටින්න හොඳ නෑ.."

"නංගිව ඇයි අරන් යන්න දුන්නේ බං.." රාජිතගේ එම ප්‍රශ්නයට නිරුත්තර වූවෙමි.. රාජිත දෙස බලනු වෙනුවට අප්‍රසන්න බැල්මකින් සියළු විස්තර පවසා ඇති පියල් දෙස බැලීමි..ඔහු බිම බලා ගත්තේ වරද තේරුම් ගෙනදැයි ද නොගෙනදැයි ද පවා නොසිතා යලි රාජිතව සයනයේ දිගා කරවීමි..

"පියල් දැන් ඔයා ගෙදර යන්න.. අම්මලා බය වෙලා ඇති..
දැන් සේරම හොඳින් කියන්න..
ඔක්කොම ඔයාලගෙ ගෙදර නිදාගන්න.. හෙට වාට්ටුවට දායි සමහර විට..ඒවට බඩුත් අරන් එන්න..ආ මේක තියාගන්න.."

"හරි අයියේ සල්ලි නම් ඕනි නැහැ..ලොරිය මේ ලඟ තියෙන්නේ..මං ගිහින් උදේම එන්නම් අම්මලත් එක්ක..." ප්‍රතික්ෂේප කලද මුදල් ඔහුගේ අතෙහි තබා ඔහු පැවසූ දෙයට හිස වනා රාජිතගේ හිස කෙලින් වන සේ කොට්ටයක් තබා පුටුවක් ගෙන ඔහු අසල හිඳගතිමි..

"ම්ම්.. වරෙන් මේකෙන් ටික බොමු..."

"උඹ කොහොමද ඔහොම ඉන්නේ කියපන්කෝ.. කෙල්ලට උඹ නැතුව ඉන්න බෑ පසිඳුවෝ.. පලයන් ගිහින් එක්කන් වරෙන්..."

"ඒවා පස්සෙ බලාගමු..මුලින් මේ සුප් එක බීලා හිටින්..."

"මට ඕනි සුපක් නෑ බං... ඇයි මට හංගන්නේ.. හැරීට එක පාරක් බැරි නම් දහ පාරක් වෙඩි තියන්න කියපන්.. බය වෙයිද බලන්න.. උඹ ගිහින් එක්කන් වරෙන්..."

"හැරී මහ ලොක්කෙක් නෙමෙයි බං.. ඒත් මං තනියම නෙමෙයි ඉන්නේ.. උඹ, නැන්දලා දෙන්නා, පියල්, නංගිලා දෙන්නා.... තේරුම් ගනින්.. මට පවුලක් තියෙනවා.. මේක මගෙ පවුල.. අපෙ ආත්මාර්තයට වඩා උඹලගෙ ජීවත් වීම ගොඩක් වටිනවා බං...මෙතන මං නොයිද නංගි හිටිය නම් එයත් කියන්නේ මේකම තමයි බං.."

"මට තේරෙන් නෑ බං...මාව මැරෙන්න තිබ්බේ මේවා දකිනවට වඩා...."

"මගෙන් කුණුහරුප අහගන් නැතුව මෙන්න මේක බීපන්....මට උඹලව ඕනි.. නංගිවත් ඕනි... වෙන්න තියෙන දෙයක් වෙයි.. ඒත් උඹලව නැති කර ගන්න එක අඩියක්වත් ඉස්සරහට තියන් නෑ මම..."

දැඩි පෙරැත්තයෙන් ගෙන ආ සුප් වලින් බාගයක් රාජිතට පොවා හෙදිය පැමිණ දී ගිය බෙහෙත්ද පොවා ඔහුට නින්ද යන තුරු පුටුවට වී සිටියෙමි.. රාජිත මා පැවසූ දෙයට අමනාපව මෙන් කිසිවක් නොකියා සිටියේ ඔහුටද කල හැකි කිසිවක් නොමැති නිසාමය..
පැය භාගයකින් පමණ පසු රාජිත නෙත් පියාගත් නිසා ඔහුගේ පෙරවනය සකස් කර විදුළි බුබුළු නිවා දමා පුටුවේම හිඳ සයනය මත හිස තබා ගත්තේ ඇති වූ මානසික මෙන්ම කායික විඩාවද සංසිදුවා ගැනීමටය...


 
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..

•••••••••••••••••••••••••••••••••••••••



No comments: