~~~සාංකාව~~~
රන්වන් කරල් සඳ දියවර සිඹින වෙලේ
සිහිනෙන් රැයක මට තනිකම දැනුනි පැලේ
සුවඳින් නගේ නුඹෙ උණුහුම සොයන කලේ
නුඹ නිදි නැතුව මග බලමින් ඇද්ද පිලේ..
හැමදා උදේ මම ගෙදරට එන ගානේ
කාටත් හොරෙන් නළලත සිඹිනා ගානේ
පපුවට තුරුළු කර නිදිගත් විට යහනේ
හේනේ වෙහෙස මම නිව්වා නුඹ සෙවනේ...
පාළු රැයට නුඹ හට තනිකම් සෝකයි
හේනට වඩා වැඩියෙන් දුක මට ඒකයි
සංකාවකට ගෙට එන බඹරුන් බෝමයි
මගෙ හිත කිළිටි කර ගන්නට මට ලෝභයි..
Susantha Abeyvickrama

No comments:
Post a Comment