පාරෙ බස් රියේ ගමන් ගන්නා තරුණියෙකි..
එම බසයේම ගමන් ගන්නා තරුණයෙකි..
තරුණිය දෙස ඉතා ඕනෑකමින් බලාසිටි
එම තරුණයා ඉතා තැම්පත් විලාසයෙන්
තරුණියට කතා බහ කර පුංචි කොළයක
මෙසේ ලියා දුන්නේය..
ගමනින් නුඹේ හැඩ වැඩ නම් හරිම අගෙයි
වදනින් නුඹේ කට හඬ මා සවන් පිනයි
හිතනම් මගේ ඔය හදවත ඉල්ලන්නයි
හැකි නම් නගේ මගෙ පන ටික නුඹ නමටයි..
(071???????)
තම දුරකථන අංකයද ලියා තැබූ ඔහු මීළඟ නැවතුමෙන් බැස ගියේය..
ඊට පසු දින එම බස් රථයටම නැගි ඔහු
ඇගෙන් ප්‍රතිචාරයක් නොලැබීම පිළිබඳ
කනස්සල්ල පල කලේය..එවිට ඈ බස් රථයෙන් බැසීමට සූදානම් වූ ඔහු අත
කොල කැබැල්ලක් තැබීය..
යුහුසුලුව නිවසට පැමිණි ඔහු එය කියවා
බැලීය.එහි තිබුනේ මෙසේයි..
යන ගමන් වල කාට
සිනා මල් පිදු වාට
මං අයිති වෙන කාට
නුඹ ඔහොම බැලුවාට..
හැඩ හිතක් කවි කාර
මගෙ වෙලා හැඩ කාර
මං ඉතිං කට කාර
බැන්දනේ කර කාර..
සිහිනයෙන් දුටු වාම
දුක දැනෙයි නැතු වාම
සඳ මගේමයි තාම
ආදරෙයි හැම දාම..
මගෙ අතින් හැඟු නාද
නුඹෙ වරද පෙනු නාද
දුකක් හෙම දැනු නාද
සමාවක් දෙන වාද..
අනේ ඉතිං ඌ මක් කියන්නද..
( සුසන්ත අබේවික්‍රම )
-don't copy...its my style-
No comments:
Post a Comment