Translate

Friday, August 26, 2016

සිහිනයකි දෑස් ලඟ

•••••••••••••••••••••••••••
      සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••
¥ - විසි එක්වන දිගහැරුම - ¥



රාත්‍රිය ගත වන්නේ ඉතා සෙමිනි.. නින්ද අසලකවත් නැත.. සිතෙහි සැනසීම අඳුරු වලාවකින් වැසී ගොසිනි.. රාජිත හා කුඩා කල මතකයන් සිහි වන වාරයන්හිදි දෙනෙත තෙමෙද්දි කෑ ගැසීමට සිතුනු වාර අනන්තය.. තරූගෙ මවගෙ දුරකථනයද තවමත් ක්‍රියා විරහිතය.. ඇගේ යෙහෙලියගේ දුරකථන අංකය නොමැති වීම කණගාටුවට කරුණකි..එහෙත් රටින් පිටවීමට පෙර ඇයවද කෙසේ හෝ මුණ ගැසීමට ඉටා ගත්තෙමි..
විව්ධ වාහන ශබ්ධ හා පහන් එලි මධ්‍යයේ රාත්‍රීය පහන් වන තුරු නින්ද නොපැමිණියෙන් සිත මෙන්ම ගතටද විඩාවක් දැනෙමින් පැවතින.. යන්තම් එලිය වැටී උදෑසන කඩවල් විවෘත කරද්දී බස් නැවතුම්පලෙන් එලියට බැස අසල කඩයකට වැදී මුහුණ කට සෝදාගෙන තේ කෝප්පයක් පානය කලේ සිගරට්ටුවක්ද දල්වාගෙනමය..
ලෙඩුන් බැලීමට රෝහල් ගේට්ටුව විවෘතවද්දී රාජිතට උදෑසන ආහරයට ඉඳි ආප්ප මුලක්ද රැගෙන මහත් වූ දෙගිඩියාවෙන් යුතුව රෝහල කරා ගමන් කලෙමි.. ඇතුලු වන විටත් රාජිත පිබිදී ක්‍රියාශීලීව සිටීම සිතට සතුටක් ගෙන දුන්නේය..
"උඹ කොහෙද නැවතුනේ ඊයේ..?"
"මේ ලඟ..."
"මං හිතුවෙ ඊයෙ තෙහෙට්ටුවෙන් හිටපු නිසා උඹට උදේ ඇහැරෙන් නැතිවෙයි කියලා...."
"ඒකත් හරියට නින්ද ගියේ නෑ බං.. කොහොමද දැන් උඹට..?"
"දෙයියන්ගෙ පිහිටෙන් දැන් නම් තුවාල රිදෙන් නෑ බං.. අපරාදෙ අයෙ මේකට ආවේ... අරකෙම තව දවසක් හිටිය නම් ටිකටුත් කපාන යන්න තිබ්බා.."
"එහෙම හරි යන් නෑ ඕක හොඳටම හොඳ කරන් මිසක් යන්නෙ නෑ..."
"මේවා කඩනෙ බං...මොකටද නිකන් සල්ලි වියදම් කරගෙන..."
"ඒක මං බලාගන්නම්..මේ.... ඒක නෙමේ බං... උඹට කාරනයක් කියන්න තියෙනවා..."
" මොකක්ද...?"
"මං ටික කාලයක් තනියම කොහෙට හරි යන්න හිතුවා...."
"මේ උඹ..? තනියම..?"
" හ්ම්ම්... හිත නිදහස් කරගන්න ඕනි බං..."
"හරි..... ඒත් ? අනේ මන්දා... එතකොට මම...?"
"උඹ නැන්දලත් එක්ක වැඩ ටික බලාගෙන ඉඳපන්... මං.... මං එන්නම් පුලුවන් උන වෙලාවක..."
"හරි ඒත් උඹ කොහෙටද යන්නේ...?"
"මං අම්මලා ගාවට යනවා...."
" මොකක්...? ඕස්ට්‍රේලියා..."
" හ්ම්ම්"
" හ්ම් හ්ම් උඹේ කැමැත්තක්.. මට තේරෙනවා උඹේ තත්වේ.. ඒත් ඉස්සර මේ වගේ ප්‍රශ්නෙකදී හිටපු පසිඳු නෙමෙයි උඹ.... උඹ දැන් බයගුල්ලෙක් වෙලා.."
"ටික කාලයයි බං.. මං ආපහු එනවා..."
"උඹ ආපහු ආවත් එන්නේ පරාජිත පොරක් විදියටනේ.. උඹ දැමටමත් පැරදුම බාරගෙන... උඹ ඉස්සර පසිඳු නෙමේ..මොකක්ද උඹට උනේ.."
"ප්ලීස් බං... මට දැන් තනියමයි ඉන්න ඕනි.. තේරුම් ගනින්..."
"දැන් කවදද යන්නේ.. ?"
"අද රෑ..."
"එ..ඒ කියන්නේ උඹ..?"
"ඔක්කොම හදිස්සියේ උනේ බං.. සඳුන්ගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් යන්න හදාගත්තේ.."
"අනේ පලයන් බං යන්න.. සේරම ලෑස්ති කරන් තමයි මට කියන්න ආවේ..අපරාදෙනේ ගිහින් කෝල් එකල් දෙන්න තිබ්බේ.."
"අනේ රාජි තරහ ගන්න එපා බං.. උඹ නැතුව මටත් ඉන්න බෑ..ඒත් මේ අවස්තාවෙ මේක නොකර බෑ.. මාව තේරුම් ගනින්..."
"හය හතර තේරෙන කාලේ ඉදන් මෙච්චර ලං වෙලා සහෝදරයො වගේ ඉඳල එක පාරටම උඹ ඔහොම තීරයක් ගත්තේ ඇයි කියන්න මං දන් නෑ..ඒත් උඹ හිතන් නැතුව තේරුමක් නැතුව දෙයක් කරන් නෑ... ඒක මං දන්නවා... උඹ උඹේ ජීවිතය හදාගනින්.. එන්න හිතුන දවසක වරෙන් මාව බලල යන්න... උඹ පටන් ගත්තු වැඩේ මං කරගෙන යන්නම්.. උඹ කවද හරි එනකන් එතනම ඉන්නම්.."
"අනේ ප්ලීස් අඬන්න එපා බං... මං යන්නෙ හැමෝගෙම හොඳට.. මං... මං පුලුවන් ඉක්මනට ආපහු එනවා උඹල ලඟට....."
"අර අහිංසක කෙල්ල උඹ නැතුව ඉඳියිද බං... අපි ගැන හිතන්න කලින් උඹව විශ්වාස කරන් උඹවම පතාගෙන ආව කෙල්ල ගැන හිතපන්.."
"තරූ ලංකාවෙ නෑ.."
" මොකක්..?"
"හ්ම්ම්.."
"කවුද කිව්වේ..."
"නංගිගෙ phone number එකට මං ගත්තා.. අම්මා answer කලේ.."
"ඉතින්..."
"එයා තමා කිව්වේ..."
"ෂිට්.... ඇයි බං අපිටම මෙහෙම වෙන්නේ..."
"හ්ම්ම්...මේ දකින්නෙ හීනයක්ද, මේ තරම් සතුටක් දෙන්න දෙවියන්ට වැරදිලාද කියල හිතුනා
ඒත් දැන් , ඇස් පියන් රිදෙනකන් කඳුලු වැටෙද්දී, මගෙ වටේ ඉන්න අයව කරදරේ වැටෙද්දී, වැරදුනේ දෙවියන්ට නෙමෙයි, වැරදුනේ මට කියලා හිතෙනවා... ආයෙ අමතක නොවෙන්නම මතක ගොඩක් එක්ක මම සදහටම තනි වුනා.."
"පිස්සු කියවන්න එපා බං... උඹට කවුරු නැතත් මේ මම ඉන්නවා.. මං දන්නවා ඒ අඩුව මකන්න මේ ලෝකෙ කාටවත්ම බෑ කියලා.. ඒත් උඹ තනි වුනා කියලා නම් හිතන්න එපා.... පලයන්.. උඹට ඇති තරම් කාලයක් ගනින් උඹේ ඔය හිත හදාගන්න.. ඒත් උඹ ආපහු වරෙන්.. මේ රාජිතයා ඉන්නවා උඹත් එක්ක..."
"හ්ම්....මං එනවා.. උඹට මං පොරොන්දු වෙනවා.. තෑන්ක්ස් උඹ මාව තේරුම් ගත්තට.."
"හරි... දැන් කීයටද flight එක....?"
"ඒක දන් නෑ... ඒත් මට දැන්ම යන්න වෙනවා.... නැන්දලා එනකන් ඉන්න වෙන්නෙවත් නෑ රාජිතයෝ..."
"එහෙමද...? හරි ඒක මං බලාගන්නම්... එහෙනම් පිටත් වෙයන්.. ගිහින් ලියුමක්වත් එවපන් බං... නෑ එක්කො එපා..අරුන්ව මට සැකයි...මට අක්කගෙ number එක ලියල දීලා පලයන්.. මං පුලුවන් වෙලාවට කෝල් එකක් ගන්නම්..."
"හ්ම්ම්.... එහෙම හොඳයි.."
"හරි රත්තරන්... කොල්ලෝ පරිස්සමින් හොඳද... බුදු සරණයි උඹට.... පුලුවන් ඉක්මනට වරෙන් හොඳද..."
"හ්ම්ම්.. බුදු සරණයි උඹටත්.. අම්මගෙන් සමාව ඉල්ලුවා කියපන්... මං එනවා.. ආපහු එනවා... එතකල් පරෙස්සමින් ඉඳපන්.. ඔය තුවාලෙ සනීප වෙනකන් මොකුත් වැඩක් කරන්න යන්න එපා..මං සල්ලි ටිකක් උඹෙ පොතේ දැම්මා... ඒක පිරිමහගනින් ඕක හොඳ වෙනකන්...."
"අනේ ඒවා ඕනි නෑ බං.... ඉක්මනට ආපහු පරණ පසිඳු එක්ක වරෙන්...ඒ ඇති.."
රාජිතගෙන් වෙන් වූයේ හිතකින් නොවේ.. එහෙත් මේ මානසිකත්වයෙන් යුතුව ඔවුන් හා එකට රැඳී සිටීමෙන් ඔවුන්ට කරදරය... සඳුන්ගේ යහලුවා පැවසුව පරිදි ජයවර්ධනලාගෙන් කරදර වුවද පැමිණිය හැකි නිසා මේ තාවකාලික වෙන් වීම සුදුසු යැයි සිතා රෝහල් භූමියෙන් පිටතට පැමින පොලිස් නිලධාරියා හට ඇමතුම ලබා ගත්තෙමි....

•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••
 sorry friends  මේ දවස් වල අසනීපෙන් ඉන්නේ.. ඒකයි පරක්කු....



No comments: