Translate

Friday, August 26, 2016

මංගල රාත්‍රිය..

මංගල රාත්‍රිය..


සඳ මඬල රෑ අහස දිදුලවා නැගෙනවා
තරු දෙනෙත මොනවදෝ මුළු රෑම සොයනවා
මතකයක වග නොදැන සිතුවම්ද අඳිනවා
මගෙ නොවන මගෙ හදට ඔහු හොරෙන් එබෙනවා..

පෙර දිනය අත ගත්ත ඔහු කවුද බලනවා
හඳුනන්න මුළු හිතම රවට්ටන් ඉන්නවා
මුදු පැලැඳ පෝරුවෙන් සිහිනයකි හිතෙනවා
මට අහිමි මගෙ කොපුල් ඔහු සෙමින් සිඹිනවා..

ළැම ලෙහා මුදු හාදු දෙතොලඟින් වහිනවා
හිරි වැටුන මගෙ දෙනෙත කඳුලකින් තෙමෙනවා
කිරි කෝඩු මගෙ හැඟුම් විළිසරව දැනෙනවා
මගෙ නොවන මගෙම වත හැඟුම් පිරි මදිනවා..

රැකගත්ත සිහින ගොඩ හෙමි හෙමින් මැකෙනවා
නුඹෙ නමට දිය යුත්ත මම ඔහුට පුදනවා
ඉවසන්න මට නොහැකි දුක් සුසුම මියෙනවා
මට අහිමි මගෙ පැතුම ඔහු නමන් ලියනවා..

ඇඳි සේල වත උනා සිසිල වත ඉඹිනවා
නුඹෙ දැනුන ඒ සුවඳ මොහු ලඟත් තියෙනවා
නුඹ ලඟදි ඉඳුල් වුනු දෙතොල් පෙති සැලෙනවා
මගෙ නොවන මගෙ සතුට යළිත් මට පෙනෙනවා..

පිරුවටය රතු පාට ඇති එලෙස සිතනවා
නුඹ උන්නු ඒ මතක ආයෙ මං එවනවා
දැන නොදැන අප උන්නෙ මිරිගුවක දැනෙනවා
මට අහිමි මගෙ හිතම ඔහු මත්තෙ නැහෙනවා..

තේරුනා නම් ඉතින් බලා නොයිඳ blog එක Follow කරලා share පාරක් දාපල්ලා.... 



No comments: